samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


 මේ සටහන තැබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.

Feminism

මෙලොව කාන්තාවන් නොසිටියේ නම් පිරිමින්ගේ තත්ත්වය කෙබඳු වේවිද යන්න සිතාගන්නටද අපහසු බව සම්මානනීය ලේඛක මාක් ට්වේන් වරෙක පැවසුවේය. තවත් සම්මානනීය ලේඛිකාවක වූ වර්ජිනියා වුල්ෆ් පැවසුවේ ඉතිහාසයේ බොහෝ තැන්වල නිර්නාමික අය, නම් සඳහන් නොවන අය සිටිත් නම් ඒ කාන්තාවන් කියාය.


 “දැරියකට අධ්‍යාපනය ලබා දෙන්න. ඇය නිසි ආකාරයෙන් ලෝකයට හඳුන්වා දෙන්න. ඇය කිසිවකුට බරක් නොවී ස්වාධීනව නැඟී සිටිනු ඇත.” එසේ පැවසුවේ තවත් සම්මානනීය ලේඛිකාවක වූ ජේන් ඔස්ටන්ය.
මේ මාසයේ දෙවැනි සතිය ඇතුළත ඔබට කාන්තාවන් ගැන විවිධ පුද්ගලයන් පැවසූ විවිධ දෑ නැවත නැවතත් කියවන්නට අසන්නට ලැබෙනු ඇත. ඒ මේ මස අට දා තවත් වතාවක් සුපුරුදු පරිදි ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන හෙයිනි. ලෝකය අද පුරුදු පුහුණු වී තිබෙන්නේ යමක් සැමරෙන දාට පමණක් ඒ පිළිබඳ මහ ඉහළින් කතාබහ කරන්නටය. නොයෙකුත් මතවාද කරළියට ගෙන එන්නටය. එහෙත් ඒ කිසිවක් ප්‍රායෝගිකව ඉෂ්ට සිද්ධ කරන්නට කැපවන අය ලොව අවමය.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් වරෙක ප්‍රකාශ කළේ ‘කාන්තා අයිතිවාසිකම් සඳහා වූ සටනේ වැඩි කොටස ජයග්‍රහණය කර අවසන්ය’ කියායි. එහෙත් මෙම  ලිපිය සකසද්දී අපට සිතුණේ මාග්‍රට් තැචර් මැතිනියගේ එම ප්‍රකාශය සත්‍ය තරමටම අසත්‍යද බවය.
මෙම කලාපයේ පළවන ‘ඉන්දියාවේ දාමිනී’ ලිපියෙන් කියැවෙන්නේ කාමාතුරයන් සදෙනකුට ගොදුරුව මරණයට පත්වූ වෛද්‍ය ශිෂ්‍යාවක ගැන පමණක් නොවේ. මේ වන විට ඉන්දියාවේ හිස ඔසොවමින් තිබෙන ස්ත්‍රී දූෂණ සංස්කෘතිය ගැනද ඉන් කියැවෙයි. තවත් ලිපියකින් කියැවෙන්නේ දික්කසාදය ඉල්ලා සිටි පමණින් සැමියා ගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ ඉරාන බිරියක පිළිබඳ දුක්මුසු කතාන්දරයයි. ‘ළමා මනාලියකගේ උදාන ගීතය’ යනුවෙන්ද ලිපියක් මෙවර කලාපයේ වෙයි. ලක්ෂ්මී සර්ගරාට එසේ උදාන ගී ගැයීමේ හැකියාව ලැබුණද එම ලිපියෙන් හෙළිවන්නේ ඉන්දියාවේ යුවතියන්ගෙන් 47% කට තවමත් වයස අවුරුදු 18 සපිරෙන්නට පෙර යුග දිවියට ඇතුළු වීමට සිදුවී ඇති බවය.
ඉපැරැණි සම්ප්‍රදායන්, නූගත් බව, දරිද්‍රතාව හා පසුගාමී මතවාද තවමත් කාන්තාවට බිඳලිය නොහැකි සිරකුටි බවට පත්ව තිබේ. එම බිඳ හෙළීම් එක අතකට කාන්තාවනට පමණක් කළ හැක්කක් නොවේ. ඒ අඳුරු සිරකුටි බිඳ හෙළා පීඩිත කාන්තාවන් වෙත ආලෝකය ලබා දීම සමස්ත සමාජයන්හි මෙන්ම ලෝකයේද යුතුකම හා වගකීම වී තිබේ.
කාන්තාවන් වෙනුවෙන් ඉටුවිය යුතුවූ යුතුකම් හා වගකීම් කාන්තාවන් අතින්ම පැහැර හැරෙන බවද අද දැකගන්නට ලැබී තිබේ. ඉපැරැණි සම්ප්‍රදායන් හා පසුගාමී මතවාද ආදියේ සිරවී පීඩා විඳි මවුවරුන් තම දියණියන්ද එම අපායටම හෙළන්නට තැත් කිරීම කොතරම් ඛේදජනකද?
අමෙරිකාවේ රාජ්‍ය ලේකම් තනතුරට පත් පළමු කාන්තාව වූ මැඩ්ලෙයින් ඕල්බ්‍රයිට් පැවසුවේ ‘අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ’ කියාය.
පුරුෂාධිපත්‍යය ගැන පමණක්ම හඬ නඟමින් සිටිනවාට වඩා කාන්තාවන් මැඩ්ලෙයින් ඕල්බ්‍රයිට් ගේ කියමන පිළිබඳ ද සිත් යොමු කිරීම වටී.

දැන මුතු මාර්තු කලාපය වෙනුවෙන් ලියූ කතුවැකියයි මේ ඔබ කියවුයේ.


87 comments:

  1. 1185327_292680690872895_767373673_n

    කාන්තාවො ගැන කතා කරන්න ගිහින් මම අනන්තවත් කතා අහගත්තා ලංකාවේ මහා පුරුෂයන්ගෙන් :/

    අපි තාමත් පසුගාමියි

    කොච්චර කතා කළත් වැඩක් නැත (හැම විටදීම නොවේ)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අයියෝ ඕව ගනන් ගන්න එපා සිත්තරියේ

      Delete
    2. blank

      කාන්තාව ගැනද බටහිර ස්ත්‍රීවාදය ගැනද?කාන්තාව පිළිබද අධ්‍යන කියල කියන්නෙ මාතෲත්වය ,ස්ත්‍රීත්වය හෙලා දැකලා පෙරදිග සමාජ ව්‍යුහය බිද දැමීමයි.මිලියන ට්‍රිලියන ගනන් එන් ජී ඕ සල්ලි ඒ සදහායි
      කාන්තාව ගැන කතා කරනවා කියන අය පවුලෙන් වියුක්ත කාන්තාවක් ගැන කතා කරන්නෙ
      විවාහය කියන්නෙ වෛවාහික දාස භාවයක්ලු.මාතෲත්වය සංස්කෘතික මිත්‍යාවක්ලු
      මේවමේ කාන්තාව නොවෙයි වීදි ගණෛකාවන් ගැන කතා කිරීමක්

      Delete
  2. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    හ්ම්ම්...කාන්තා නැගිටීමයි වැදගත්! තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි නම්.... ඒ අයිතිය ලබා ගැනීමට පසුගාමී වන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අද බේද අඩුයි.. හැකියාවට තැන ලැබෙනවා. ඒ ලැබෙන තැන රැකගන්නත් දැන ගත යුතුයි.

      Delete
    2. blank

      කාන්තාවන් බටහිර ස්ත්‍රීවාදය වැලද ගත්තොත් සමාජය සුන්නද්දූවිලිවෙලා යයි

      Delete
  3. 10394628_676026559113735_7918253746596240164_n

    මෙහෙමනේ කාන්තාවක් නැගී සිටින්න ගියාම බහුතරයක් කාන්තාවොයි පිරිමියි දෙගොල්ලොම එකතු වෙලා ඒ කෙනාට වල කපනවනේ.
    පිරිමි නම් කැමති නැත්තේ එයාලගේ ආධිපත්‍ය ය නැති වෙන නිසා.
    කාන්තාවෝ මොකට අකමැති වෙනවද මන්දා..ඉරිසියාව නිසා වෙන්න ඇති කියල මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      //පිරිමි නම් කැමති නැත්තේ එයාලගේ ආධිපත්‍ය ය නැති වෙන නිසා.//
      ඔයාට ශුවර්ද
      //කාන්තාවෝ මොකට අකමැති වෙනවද මන්දා//
      මේක නම් අපටත් හිතාගන්න අමාරුයි දැන් දැන් වෙන දේවල් වල හැටියට.

      Delete
    2. blank

      පිරිමි නම් කැමති නැත්තේ එයාලගේ ආධිපත්‍ය ය නැති වෙන නිසා.//ප්‍රමුදි තමන්ගෙ අන්තවාදය කෙලින්ම කීම ගැන සතුටුයි

      Delete
    3. 10394628_676026559113735_7918253746596240164_n

      ඔව් අහල දැකල තියෙන දේ වල හැටියට ලොකු ෂුවර් එකක් තියෙනවා.

      Delete
  4. real-human-brain-660x4381

    මට නම් හැමදාම කාන්තා දිනය!!!

    සර්වජන චන්ද අයිතිය කාන්තාවටත් ලැබුනාම සමාජයක කාන්තාවන් නියෝජනය හැමදාම පිරිමින්ට වඩා බහුතරයක් වූ නිසා ප්‍රශ්නය විසඳේවි කියලා තැචර් හිතුවා ද දන්නෑ. අනික එයා කිව්වෙ එංගලන්ත සමාජය ගැන පමණක් දැයි කියාත් සැකයි.

    ස්විට්සර්ලන්තයේ සමහර කැන්ටන් වල කාන්තාවන්ට චන්ද අයිතිය එපා කිව්වා. ඔවුන් අදත් චන්දය ප්‍රකාශ කරන්නෙ නැහැ.

    ඉන්දියාවේ සහ චීනයේ නුදුරු අනාගතයක වැඩියෙන් පිරිමි නියෝජනයක් සමාජයේ දකින්නට ලැබෙනවා, ගැහැණු දරුවන් කළලයේ මිලියන ගණනින් නැති කරන හුරුව පැතිර ගිය නිසා. ඉතින් ඒකෙන් ගෑණුන්ට වැඩියෙන් හොඳක් වෙයි ද, චීනයට වඩා වෙනස් විදියකට ඒක ඉන්දියාවට බලපායි ද, නැත්නම් ගෑණු හිඟය නිසා පිරිමි ගෑණුන්ට වඩා හොඳින් සලකන්න පටන් ගනීවි ද?

    සිරස්තලය නම් නියමයි. එහෙම තැනක් නැත්නම් හදන්න ඕනි!!!!!!!!

    ReplyDelete
  5. 11312781_909946182385043_9158189637692344954_o

    මගෙ අප්පේ කාන්තාවෝ...

    මට බයයි බං !

    ReplyDelete
  6. blank

    මෙතන කොමෙන්ට් කරල තිබෙන අය සුපුරුදු පරිදි ගිරව් වගේ අන්තවාදී අදහස් වපුරල තිබෙනවා.මේ අය බටහිර ස්ත්‍රීවාදය පිලිගන්නවද?පවුල විනාශ කරන්න ඕන කියන එක,ගර්භනීභාවයට මවුකිරිවලට වන්දි ගන්න ඕන කියන එක අනුමත කරනවද?
    ඒ වගේම සියලු ලිංගික සබදතා දූෂන බව කියන කැතරින් ඇෂ්ටන්ල ගැන මොකද කියන්නෙ
    ස්ත්‍රීවාදය කියන්නෙ පිරිමින්ට වෛර කිරීමම තමයි
    ජෙනී මුරේ පුංචි සතුරෝ කියල හැදින්වූවේ ඇගේ කුඩා පුතුන්

    බටහිර ස්ත්‍රීවාදීන්ගේ මාන්සිකත්වය තේරුම් ගන්න මම එකක් කියන්නම්.පිරිමි දරුවන්ට කිරිදීම සතුරාන්ට අවිදීමක් ලෙස හදුන්වන ස්ත්‍රීවාදීන් සමාජය ලිංගික වශයෙන් බෙදීමක් කරනවා නේද?

    මාතෲත්වය හෙලා දකින ස්ත්‍රීත්වය හෙලා දැක කාන්තාව පවුලෙන් වියුක්ත කරන්න හදන මේ අන්තවාද්ය ට රුකුල් දෙන්නෙ ඇයි

    හැමදාම පාලුගෙයි වලන් බින්ද
    මේ වෙනකම් මාධ්‍ය මාෆියාව සගවාගෙන සිටි මේ ප්‍රශ්න ගැන කොමෙන්ට් කරල තිබෙන ස්ත්‍රීවාදීන් මොකද කියන්නෙ
    ලිපිය ප්ලකරල තිබෙන ස්ත්‍රීවාදියා මොකද කියන්නෙ.ඔහුගෙ මව ස්ත්‍රීවාදියෙක් වුනානම් අද ඔහු කුඩුකාරයෙක්

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොකද්ද අප්පා ඔයා හැමතැනම මේ ස්ත්‍රීවාදයක් පටලවා ගන්නේ...

      නිකම් හිතන්න... ඔය බටහිර ස්ත්‍රීවාදය කියන එක පොඩ්ඩක් ඔයාගේ ඔළුවෙන් පැත්තකට කරලා ටික වෙලාවලට...

      අපි පත්තරේ ආටිකල් දෙකක් කියවනවා... උදාහරණයක් විදියට...

      එකක් දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් තවත් කාන්තාවක් හා සම්බන්ධකමක් පවත්වලා ඒක එළි උන කතාවක්... අනිත් කතාව දරුවො ඉන්න අම්මා කෙනෙක් තවත් පිරිමියෙක් එක්ක සම්බන්ධතාවත් පවත්වලා කියාල එළි උන කතාවක්..

      මේ කතා දෙක අපේ ලංකාවේ සමාජයේ වැ‌ඩි දෙනෙක් බලන්නේ දෘෂ්ඨි දෙකකින් නේද.... කරපු වැරැද්ද එකම උනත් පිරිමියාගේ වැරැද්දට අඩු බරකුත් ගැහැණීයගේ වැරැද්දට වැඩි බරකුත් දෙන විදියට නේද මේ සමාජය හැඩගැහිලා තියෙන්නේ... ඒක වැරදි නැද්ද .... දෙන්නම මිනිස්සු නේ.. මිනිස්සු නේද වැරදි කරන්නේ.. එහෙනං ඇයි ගැහැණීයක් කියලා ලොකු බරක් තියන්නේ ගැහැණීයට...

      මේ මම කිව්ව දේ වැරදි ද .. ?

      ඔයා ඔය කියන බටහිර ස්ත්‍රීවාදය සහ මේ ආසියාතික රටවල් වල තියෙන තත්වය වෙනස්.. ඒක පැහැදිලිව පේනවා ඔයා ඔය ඉදිරිපත් කරන කරුණු වලින්ම... මෙහෙ ඉන්න ගෑණුන්ට තියෙන්නේ තමන් ‘ මිනිස්සු ” හැටියට පිළිනොගැනීම නිසා ඇති වෙන තත්ව..

      තමන් කැමති රස්සාවක් කරන්න, තමන් කැමති කෙනෙක් කසාද බඳින්න , තමන් කැමති අධ්‍යාපනයක් ලබන්න, තමන් කැමති ජීවන තත්වයක් ඇති කරගන්න, මරු කෑල්ල, මාර බඩ්ඩ, සූ සූ ගෑමවල්, විසිල් පාරවල් නැතුව පාරක බැහැලා යන්න, අනිසි ලිංගික අතවර නැතුව පොදු ප්‍රාවාහන සේවයක් භාවිතා කරන්න, ලිංගික අතවරයකදි ඒ ගැන පැමිණිලි කරන්න ඉඩක් ලැබෙන්න, තමන්ට සාධාරණයක් ලබා ගන්න නීතියේ පිහිට පතන කොට තව දූරටත් මානසිකව අතවර වලට පත් නොවී සාදාරණය ඉටු කර ගන්න.... නිදහසේ හිතන්න, නිදහසේ කතා කරන්න, නිදහසේ ජීවත් වෙන්න... මේවයි මේ රටවල් වල ගෑණුන්ට තියෙන ප්‍රශ්න... නැතුව ළමයි හදලා උන්ට කිරි ටික නොදී ඉන්න මෙහෙ ඉන්න අම්මලට ඕනේ නෑ... පිරිමි ළමයි ඉපදුනාම මරලා දාන්න කියන සමාජයක් මෙහෙ නෑ..

      කොටින්ම බටහිර ස්ත්‍රීවාදය කියන, ඔයා ඔය කියන දේ ගැන මේ රටේ ඕනෙ නම් සීයට දශම ගානක පිරිසක් අහලා ඇති.. එච්චරයි...

      Delete
    2. FB_IMG_1561654098205

      This comment has been removed by the author.

      Delete
  7. 1+-+Copy

    >>‘ඉන්දියාවේ දාමිනී’ ලිපියෙන් කියැවෙන්නේ කාමාතුරයන් සදෙනකුට ගොදුරුව මරණයට පත්වූ වෛද්‍ය ශිෂ්‍යාවක ගැන...<<
    ලංකාවේ මාසෙකට සිදුවෙන මේ ජාතියෙ සිද්ධි ප්‍රමාණය මේ ලඟදි මම කොහේදිද කියෙව්වා. විශවාස කරන්න බැරි සංඛ්‍යාවක්.

    >>ලෝකය අද පුරුදු පුහුණු වී තිබෙන්නේ යමක් සැමරෙන දාට පමණක් ඒ පිළිබඳ මහ ඉහළින් කතාබහ කරන්නටය. නොයෙකුත් මතවාද කරළියට ගෙන එන්නටය. එහෙත් ඒ කිසිවක් ප්‍රායෝගිකව ඉෂ්ට සිද්ධ කරන්නට කැපවන අය ලොව අවමය.<<

    Think globally. Act locally.කියනවනේ. අපි අද ඉඳලා "කෑල්ල", "බඩුව", කියන වචන පාවිච්චි නොකර ඉම්මුද හැකි හැම අවස්ථාවෙදිම වත්.

    ReplyDelete
    Replies
    1. photo+%284%29

      මේක නම් හොද වැඩක් මමත් කවුරුහරි ඔහොම කියනවා ඇහුනොත් අහනවා ඔයාගෙ කෙනෙකුට එහෙම කවුරුහරි කියද්දි මොකද හිතෙන්නෙ කියලා..ලගම කෙනෙක් නම් මම අහනවා මට ඔහොම කියනවා ඇහුනොත් ඔයාලට මොකද හිතෙන්නෙ කියලා... ඒවයින් ගොඩාක් ගෑණු ලමයින්ගේ හිත රිදෙනවා.. ඒ කෑල්ල නැත්නම් බඩුව පිරිමින්ට නැගිටින්න, එයාලගේ ජීවිතේ ලස්සන කරන්න පැත්තක ඉදන් කොයි තරම් දෙවල් කරනවද කියල පිරිමින්ට තේරෙනවා අඩුයි..

      Delete
    2. blogger_logo_round_35

      ඇත්තටම ඩූඩ්.. මං අපේ මල්ලිලා එහෙම ඔය වචන කිව්වම අහනවා ඇයි එහෙම කියන්නේ කියලා.. උන් කියනවා ජොලියට කියලා.. ඉතිං ඒ වෙලවට පැහැදිලි කරලා දුන්නම එයාලා ජොලියට විහිළුවට කිව්වට එයාලා ආදරය කරන කෙනෙක්ගේ හිත ‌ඒකෙන් රිදෙනවා කියලා තේරෙන්‌ෙන් නැද්ද කියලා වැඩි දෙනා පිළිගන්නවා.. පුංචි දේකින් හරි පටන් ගන්න පුළුවන් නම් අන්න එක් තමයි වැදගත්...

      Delete
    3. blank

      This comment has been removed by the author.

      Delete
    4. blank

      අපිට ඕන පත්තරේක ආටිකල් මධ්‍යස්තව කියවන්න පුලුවන් සමාජයක්.හරි මොකක්ද වැරදි මොකක්ද කියල මිසක් යමක් කළේ පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියල නොවෙයි බලන්න ඕන.කලුඟඟට ළමය විසික් කළාම ඒක අනුමත කරන්නයි,හොර මිනිහත් එක්ක එකතුවෙලා කසාද මිනිහ මරපුවම ඒක සාධාරණීකරනය කරන්නයි,මහගෙදර තුල්සි ගෙ මිනීමැරුම් බලල තමන්ගෙ ළමයි මරන්නයි කිසියම් කාන්තා පිරිසක් පෙළඹෙන විට ඒ ක්‍රියා කාන්තාවන් විසින්ම හෙළා දකිනවානම් මේ ප්‍රශ්නෙ මෙතනින්ම ඉවරනෙ

      කාන්තාවක් යම් අපරාධයක් කළොත් ඒක සාධාරණීකරනය කරන්න හේතු හොයල ඒ වැරැද්දම පිරිමියෙක් කළොත් එල්ලුම්ගහඑල්ලුගහ ගේන්න ඕන කියන සමාජයක්නෙ තියෙන්නෙ.කාන්තාවක් පිහියෙන් ඇන මිනිහෙක් මරයි කියල ප්‍රවෘත්තියක් තිබෙනවා කියල හිතන්න .මේක කියවන කෙනා පිහියෙන් අනින්න හේතු මොනවද කියල මේක ලිහිල් කරන්නනෙ බලන්නෙ

      පුරාන නීතිදායකයො ස්ත්‍රී පුරුෂයන් වෙන් කළේ එකට තිබ්බාම එකම විදියට සලක්න්න බැරි නිසයි.ඒක අදට ගැලපෙන්නෙ නෑ
      ඒත් වැරැද්ද වැරැද්ද විදියට දකින සමාජයක් අපට ඕන

      දැන් බලන්න මේ ලිපියම "කාන්තාවන්ට උදව් නොකරන කාන්තාවන්ට අපායක් ඕනලු" එතකොට පිරිමින්ට උදව් නොකරන කාන්තාවන්ට අපායක් එපාද?
      හැම විටම කාන්තාවක් තවත් කාන්තාවකගේ පැත්ත ගත යුතුද?
      ඔයත් ගෑනියක් නේද? මගෙ පැත්ත ගන්නකො කියල කියන්න තවත් කාන්තාවකට පුලුවන්ද?
      මේක ලිංගභේදවාදී අදහසක් නොවෙයිද?

      Delete
    5. blogger_logo_round_35

      //කාන්තාවක් යමපරාධයක් කළොත් ඒක සාධාඅරණීකරනය කරන්න හේතු හොයල ඒ වැරැද්දම පිරිමියෙක් කළොත් එල්ලුගහ ගේන්න ඕන කියන සමාජයක්නෙ තියෙන්නෙ.//

      කවුද එහෙම කියන්නේ... මේ සමාජයේ තියෙන ප්‍රශ්නේ තමයි එතනදි ගෑණියෙක් හින්දා වැඩි බරක් ඒ පැත්තට තියන එක.. ගෑනුම උනත්... හපොයි මෙහෙමත් ගෑණියෙක් කියලා... යම්කිසි හේතුවක් තියෙනවා නම් ඒ ගැන හොයලා බලනවා තමා.. ඒත් මට නම් පේන විදියට අපේ සමාජයේ ඉහලට එන්න දඟලන කාන්තාවන්ව වැඩිපුරම විවේචනය කරන්නෙ සම්ප්‍රදායික මත කරපින්නා ගත්ත අපේ ගෑණුමයි කියලා....

      මං අහලා තියෙන ජනප්‍රියම කතාව.... පිරිමියෙක් ලෝකේ වටේ ගිහිල්ලා ආවත් කිරෙන් නාවලා ගෙට ගන්න පුලුවන්.. ගෑණියෙක්ට එහෙම බෑ .. කියන එක.. ඕක අන්තිමට මට කිව්‌ෙව් ලෝයර් නෝනා කෙනෙක්...

      Delete
    6. blank

      කවුරුත් එහෙම තමයි කියන්නේ.ඒකෙ වැරැද්දක් දකින්නත් බෑ.ඒ වාගෙම අපරාධ වලට මූලිකම හේතුව ගෙවල්වල ඉන්න ගෑනු පිරිමින්ව ඒ සදහා පෙළඹවීමයි.පිරිමිකම කියන්නෙ මෝඩකමක්,කටු ඔටුන්නක් පිරිමි ගොන් වහන්සෙල මේ කටු ඔටුන්න දාගෙන ඕනම එකකට බෙල්ල දෙනවා

      පත්තර අරන් බලන්න කාන්තාවක් අපරාධයක් කළාම ඒක සාධාරණීකරනය කරන්න තර්ක කීයක් ගේනවද කියල.

      මම නම් කියන්නෙ කවුරු වැරැද්දක් කළත් වැරදියි.නමුත්
      පිරිමින්ට මොනතරම් අපහාස මාධ්යවල කරනවද?කවුද ඒවට විරුද්ධ වෙන්නෙ.පිරිමි කියන්නෙ හොරකම් වංචා අපරාධ කරන පිරිසක් ලෙස මාධ්‍යවල කියනවා.නමුත් ගෑනියෙක් ගැන එහෙම කිව්වොත් කාන්තා සංවිධාන රට එක මලගෙයක් කරනවා නේද?
      අපිට සාකු නෑනෙ අපි හොරකම් කරන්නෙ නෑ කියල දබසක් යනවා මේ කියන්නෙ හැම පිරිමියම හොරෙක් කියන එකනෙ
      ඒ වාගෙම ටෙලිනාට්‍යවල මොනතරම් පිරිමින්ට අපහාස කරනවද
      ඒවගෙ පිරිමි චරිත කම්මැලි අපචාරාත්මක දුෂ්ට චරිත .කවුද මේවට විරුද්ධ වෙන්නෙ ඒව හරිද?

      Delete
    7. blogger_logo_round_35

      ///ගෙවල්වල ඉන්න ගෑනු///

      ගෑණු ගෙවල් වල ඉඳිය යුතුයි කියලද ඔයා කියන්නේ... ?

      //ගෙවල්වල ඉන්න ගෑනු පිරිමින්ව ඒ සදහා පෙළඹවීමයි//

      ඔයා ඇත්තටමද මේ ටික කිව්වේ...? එහෙනං ඉතිං මට හිනාවෙනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නෑ.... දැන් කවුද මෙතන, මොකක් හරි එකක් ගැන අන්තවාදී...?

      Delete
    8. blank

      ගෑනු ගෙවල්වල සිටියයුතුයැයි මා කියන්නේ නෑ.නමුත් රැකියාවක් කළත් ගෙදර කලමනාකරන ප්‍රධානියා අම්මායි.ඒත් හැම කාන්තාවක්ම වගකීමෙන් ක්‍රියාකරන්නේ නෑ.අපරාධ දෙස බැලුවාම ඒවා ට පිරිමින් පොළඹවා ඇත්තේ කාන්තාවන් බව පැහැදිලියි.නීති ක්ෂෙත්‍රයේ අත්දැකීම් තිබෙන කෙනෙකුගෙන් අහලා බලන්න.මම පුද්ගලිකවමත් මේක දන්නවා.ගම්වල රන්ඩු දබර ගැනයි මෙතන කතා කලේ

      Delete
    9. blank

      @ හිරූ

      ලොකේ ගොඩක් රටවල නීතියේ ස්වාභාවය තමයි. එකම වැරැද්දක් කරපු ගෑනු කෙනෙකුයි පිරිමි ගෙනෙකුයි ගත්තොත් බොහෝ වෙලාවට ඒ ගෑනු කෙනාට හම්බවෙන දඬුවම පිරිමි කෙනාට සාපේක්ශව අඩුයි.

      Delete
    10. blank

      මට නම් තෙරෙන්නේ නෑ කෑල්ල කියන වචනේ වැරැද්දක්. එකේ තේරුම තමයි තමන්ගේ අනිත් කොටස එහෙම නැත්තම් ඉතුරු බාගේ කියන එක. ඒ කියන්නේ කොල්ලගේ ඉතුරු බාගේ කොල්ලෙක් සම්පුර්න වෙන්නේ කෑල්ල නිසා. තේරුම බැලුවහම නම් කිසිම වැරැද්දක් නෑ. ඒක නිසා girl friend ට හරි වෙනට එක්කෙනාට හරි මගේ කෑල්ල කිව්වට වැරැද්දක් නෑ. එකෙන් තමන්ව සම්පුර්ණ කරනවා කියන අදහසක් දෙන නිසා.

      බඩුව ගැනැත් යමක් කියන්න ඕනි. බඩුවක් කියන්නේ සල්ලි වලට ගන්න පුලුවන් සල්ලි දුන්නොත් ඔනිම කෙනෙක්ගේ අතට යන දෙයකටනේ. කොහොම උනත් කොල්ලො කාට හරි බඩුවක් කියලා කියන්නේ ඒ කෙල්ල ගැන අප්‍රසාදයෙන්. හරියට කෙල්ලෙක් අරූ මහ වනචරයෙක් කියනවා වගේ.

      Delete
    11. 12832864909625

      එහෙනම් නිකන් පාරේ යන කෙල්ලන්ටත් කෑල්ල, බඩුව කියලා කියන්නේ ඇයි ?

      Delete
    12. blank

      ඔව් එහෙම කියන එක වැරදියි. හැබැයි girl friend කෑල්ල කිව්වට වැරැද්දක් නෑ.

      Delete
  8. FB_IMG_1561654098205

    අපේ කාන්තාවන් මීට වඩා ඉදිරියට පැමිණිය යුතුයි. තාමත් ඉතාම පසුගාමි තත්වයකයි ඉන්නේ. වංගුමි නාට්‍යමය ගුණයට වඩා ආදර්ශමත් චරිතයක් කර ගන්නේ ඒ නිසයි. හැබයි ඒ අයගේ පසුගාමීත්වය ගැන පුදුම වෙන්න දේකුත් නෑ. පිරිමි ඉන්නෙත් ගල් යුගේ නිසා.. ඒත් බ්ලොග් ලියන සොලිඩ් කෙල්ලෝ කීප හෙනෙක් හෝ සිටීම ඉතාමත් සතුටට කරුණක්... නියම ළිපිය නලියා....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්ත මාතලන්... ඒත් කාන්තාවන්ව පස්සට අඳින්‌ෙන් වැඩිපුරම මේ සමාජය කියලා මට හිතෙන්නේ... සමාජයට ගෑණු පිරිමි දෙගොල්ලොම අයිතියි... පසුගාමී තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන අය දැකලා සතුටු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිකමට ඉන්න අයත් ඉන්නවනේ... හි හි...

      පවුල කියන්නේ ලොකු බැඳීමක් ලාංකීය සමාජයේ.. අදටත් පිරිමියෙක්ට වඩා ගෑණියෙක් යමක් කරන්න හෝ කියන්න හෝ හිතන්න වත් කලින් ඒකෙන් පවුලට වෙන ආනිසංස ගැන හිතන්න ඕනේ සමාජයක් තියෙන්නේ... තාත්තා කෙනෙක් අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියලා කීම සහ අම්මා කෙනෙක් අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියලා කියනකොටම එතන ලොකු වෙනසක් තියෙනවා නේද කියන ටෝන් එකේ පවා බොහෝ වෙලාවට.... ඒක වැරදි දෙයක් නේද... මේ මානසිකත්වය වෙනස් වීමයි කළ යුතු... ගැහැණීය කියන්නෙත් පිරිමි හා සමාන මානුශීය අවශ්‍යතා සහ අයිතිවාසිකම් තියෙන “ මනුස්සයෙක්” කියලා තේරුම් ගත්ත සමාජයක මේ ප්‍රශ්න ඇති වෙන එකක් නෑ කියලා මට හිතෙනවා...

      Delete
    2. FB_IMG_1561654098205

      ඒක නේන්නම් මමත් කියන්නේ. ඔහොම හිතන්නෙ ඔය ගොල්ලොනේ.. අපි එහෙම හිතන්නේ නෑ... අනික් උන් හිතන එවා ගැන හිතන්න ගියොත්.. හැමදාම එකම තැන. මම දැක්කා ඩලස් මහත්තයත් කියලා තියෙනවා... අපේ තියෙන ප්‍රධානම දුර්වල කම අළුත් දෙයක් වැළඳගන්න පමාවෙන එක කියලා.. මම කියනවා ඒක නෙමෙයි හේතුව. අපේ අය අළුත් දේවල් වලට බයයි කියලා..

      Delete
    3. blogger_logo_round_35

      ඔයා අපි කියන ජාතියේ අය ඇති ඕන්නම් 10% වැඩිපුරත් තිබ්බොත් මේ සමාජයේ මාතලන්.. අදටත් වැඩිපුර පිරිමි කැමති නෑ තමන්ගේ ගෑණි තමන්ට වඩා වැඩි පඩියක් ගන්න රස්සාවක් කරනව‌ට ලංකවේ.. එහෙම අය ෆුල් ට්‍රයි එක දෙනවා ඉක්මණට ළමයෙක් හදලා දීලා, ඒ වගකීම් ටික බිරිඳට පටවලා, ඒ පිට පටවලා රස්සාවෙන් අස් කරගන්න.. බො‌ෙහාම සුළු පිරිසක් විතරයි ඉන්නේ තමන්ගේ වයිෆ් තමන්ට වඩා තත්වයෙන් ඉහල තැනක ඉන්නවා කියලා ආඩම්බරයෙන් කියන.. මං හිතන්‌ෙන් ඒක ආධිපත්‍යය ගැන ප්‍රශ්නයක් කියලා...

      Delete
    4. FB_IMG_1561654098205

      ඔහොම හිතන අය හැමදාම පරාදයි කෙල්ලේ. එහෙම හිතන්නෙ නැති අය තමයි, ආර්ථිකව මෙන්ම මානසිකවත් දියුණු වෙන්නේ.. ඔයාලටත් එහෙම වෙන්න පුළුවන්...

      Delete
    5. 10394628_676026559113735_7918253746596240164_n

      අනික බලන්න මම ගියේ බාලිකා පාසලකට.හැමදාම අපිට කියනවා ඔයාල තමා අනාගත අම්මලා.ඒ නිසා අරහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියල.
      පිරිමි ඉස්කෝල වල කවදාවත් කියනවද ඔයාල තමා අනාගත තාත්තලා ඒ නිසා මේ විදිහට හැසිරෙන්න කියල...?

      Delete
    6. blank

      ඔබ නියම ස්ත්‍රීවාදිනියක් බව පේනවා.ස්ත්‍රීවාදය කියන්නේ ස්ත්‍රිය මානසිකව පිරිමියෙක් කිරීමයි.අම්මාගෙ හා තාත්තාගේ කාර්යභාරය වෙනස්.ඔබලාට ඕන සියලු ගෘහ වගකීම් වලින් මිදිලා පවුලෙන් වියුක්ත වෙන්නයි.මව සහ දරුවා අතර සම්බන්ධය බිදින්නයි.

      Delete
    7. FB_IMG_1561654098205

      @ ප්‍රමුදි
      ඒ බැමි හා සම්ප්‍රදාය කඩාගෙන යන කාන්තාව තමයි දිණුම්...

      Delete
    8. blank

      එහෙම වුනොත් සමාජය ගාලකඩා ගත්ත හරක් ගාලක් වෙයි.සමාජය සුන්ද්දූවිලි වේවි.ඔබතුමාට ප්‍රශ්නයක් නැද්ද?කාන්තාවන් පවුල් වගකීම් වලින් බැහැර වෙන එක මානව සංහතියේ අවසානය වේවි

      Delete
    9. FB_IMG_1561654098205

      @ ස්ත්‍රීවාදය
      මා ඔබේ මහත්මා කමට ගරු කරමි. නමුත් ඔබට මා කිව යුතු සියල්ල කියා ඇත. ඒ ඔබගේම අඩවියේයි. ඉන් එහා කිව යුතු කිසිත් නැත. එම මත වල කිසිඳු වෙනසකුදු නැත.

      Delete
    10. blank

      // තාත්තා කෙනෙක් අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියලා කීම සහ අම්මා කෙනෙක් අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා කියලා කියනකොටම එතන ලොකු වෙනසක් තියෙනවා නේද කියන ටෝන් එකේ පවා බොහෝ වෙලාවට.... //

      මේකනම් පැහැදිලිවම බොරු තර්කයක්. මේවගේ එවගෙන් ගොඩක් වේලාව්ට බැනුම් අහන්න පිරිමියා තමයි.

      Delete
  9. blank

    @ හිරු
    හිරුගෙ කතාවට මම 100%ක් එකඟයි.වැරැද්ද වරැද්දමයි.ඒක ගැහැනියක් කළත් පිරිමියෙක් කළත් වැරදියි.පිරිමියාගෙ වරදට අඩු බරකුත් ගැහැනියගේ වරදට වැඩි බරකුත් දමන එක වැරදියි.හැබැයි එහෙම වෙලා තිබෙන්නේ කාන්තාව සමාජයේ පදනම නිසයි.යම් කාන්තාවකට ඉහලට යන්න ඕන නම් ඊට අවසරය අවශ්‍යයි.නමුත් බහුතරයක් කාන්තාවන්ට පිරිමින් හා ආර්ථික තරගයක් නෑ.පිරිමියාට එරෙහිව කාන්තාව බලගැන්වීම කියන්නෙ පවුල් විරෝධී මතයක්

    හිරු අපූරු දෙයක් කියල

    මේවයි මේ රටවල් වල ගෑණුන්ට තියෙන ප්‍රශ්න... නැතුව ළමයි හදලා උන්ට කිරි ටික නොදී ඉන්න මෙහෙ ඉන්න අම්මලට ඕනේ නෑ... පිරිමි ළමයි ඉපදුනාම මරලා දාන්න කියන සමාජයක් මෙහෙ නෑ.. //

    ඇත්ත තවම නෑ.බටහිර වාගෙ එහෙම තත්වයක් ඇති කරන්නනෙ ස්ත්‍රීවාදීන්ට අවශ්‍ය.එකම බොරුව සියවරක් කීවම ඇත්ත වෙනවා වාගෙ ,ආමන්ත තරහවුනා ගාමන්ට් එක පාඩුවුනා ඒ නිසා පබාව පාර්ලිමේන්තු යවන්න ඕන කියන අපේ බුද්ධිමත් කාන්තාවන්ට බ්‍රේන් වොශ් එකක් දාන එක ස්ත්‍රීවාදීන්ට අමාරු නෑ

    බලන්න බටහිර රටවල මේ වගෙ තත්වයක් ස්ත්‍රීවාදීන් ඇති කරල තිබෙනවා.ඒ රටවල ආගමික සංස්ථාවන් බලවත්ව සිටි කාලයේ කෙනෙක් කියන්න පුලුවන් අපේ බටහිර රටවල පල්ලිය බලවත් වික්ටෝරියානු සදාචාරය තිබෙනවා.ඔය ස්ත්‍රීවාදීන්ට කරන්න පුලුවන් දෙයක් නෑ කියල.ඒත ඒ රටවල ස්ත්‍රීවාදීන් බලවත් වෙලා ලිංගික වශයෙන් බෙදුනු නරුම කාලකන්නි සමාජයක් ගොඩනගලා.දැන් ඒක ආපහු හරවන්න බෑ

    හිරු කියන එක හරි තවම මේව අපේ රටට ප්‍රශ්න නොවෙයි
    නමුත් අපි කතා කරන්නෙ හෙට දවස ගැන.ජෙනී මුරේලා,ජෙසී බර්නාඩ්ල,ස්ටෙන්හයිම්ල හෙට දවසේ ලංකාවේ බිහි නොවේවිද?

    අපේ සමාජ සංස්ථා බිදගෙන මුලු සමාජ ව්‍යුහයම සුන්ද්දූවිලි කරල ස්ත්‍රීවාදය සුනාමියක් ලෙස ආවොත් අපි කළ යුත්තේ මතුවුන මුහුදු පතුලේ අසිරිය බලන්න වෙරල දෙසට යන එකද?නැත්නම් ආරක්ෂා වෙන එකද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ///පිරිමියාට එරෙහිව කාන්තාව බලගැන්වීම කියන්නෙ පවුල් විරෝධී මතයක්//

      පිරිමියාට එරෙහිව කතාවක් නෑ නේ මෙතන.. මෙතන තියෙන්නේ ගැහැණියට මනුශ්‍යයෙක් විදියට ඇති අයිතිවාසිකම් ලබා දීම ගැන කතාවක්... අද තියෙන තත්වයේ හැටියට දෙන්නම රැකියාවක් කරන්නේ නැතුව පවුලක් නඩත්තු කරනවා කියන්නේ පුදුමාකාර විඳවීමක්... පවුලක් කියන්නේ මවක් පියෙක් සහ දරුවෙක් විතරක් නෙවෙයි.. සාමජයේ කොටසක්.... පිරිමින්ට ළමයි හදන්න බෑ... ගෑණු තමයි ළමයි හදන්න ඕනේ.... ඒ ඇරෙන්න පවුලක් විදියට එකිනෙකාගේ යුතුකම් තියෙනවා ඉටු කරන්න.. ඊටත් අමතරව තියෙන සාම්ප්‍රදායික මත එක්ක තමයි ආසියාතික කාන්තාව දුක් විඳින්නේ..

      ඔයා කියන අවදානම තියෙනවා කියන එක මම පිළිගන්නවා.. නමුත් මට එක දෙයක් හිතෙනවා.. මේ යන විදියට කාන්තාව තවදුරටත් පීඩාවට පත්වෙන්න තත්වය තිබ්බොත්, අද ඉන්දියාවේ වැදූ ගෙයිම ගෑණු දරුවන් මරා දානවා දෑවැදි දෙන්න වෙන නිසා වගේ, පිරිමි ගැන ඇතිවෙන වෛරය හින්දා පිරිමි ළමයි මරන්න උනත් ආසියාතික ගැහැණිය පෙළඹෙන්න ඉඩ තියෙනවා... මොකද තාමත් ආසියාතික රටවල තියෙන්නෙ කාන්තාව පුදුමාකාර පීඩනයකට, යටත් භාවයකට පත් කරන සමාජයක්...

      ඔය හැමදේටම වඩා අවශ්‍ය අවබෝධය... පවුලක් කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්ත පවුලක පීඩනයක් තිබුනත් ඒක අඩු ම්ටටමක තියෙන්නේ.. නමුත් එතන ගැහැණීයක්, පිරිමියෙක් නෙවෙයි දරුවෙක්ගේ අම්මෙක් තාත්තෙක් කියන හැඟීම සහ මේ මගේ සැමියා, මේ මගේ බිරිඳ , අපි දෙන්නටම මේ වගකීම් යුතුකම් එක හා සමානව තියෙනවා කියන හැඟීම තියෙන තැනක මේ කතන්දර ඇති වෙන්නේ නෑ...

      අපි බටහිර රටවල කරන හැම දේම කළ යුතු නෑ... එයාලා අද වෙන කොට දියුණු තත්ව වල ඉන්නවා උනත්, එයාලා කරන හැම දේම හරි නෑ නේ.. ඒවට උදාහරණ තියෙනවා... ඉතිං අපි කරන්න ඕනේ ඒවට බයේ මෙහෙ සම්ප්‍රදායන් වල හිර කරගෙන, ගතානුගතිකත්වයේ ඉන්න එකද, නැත්තම් එයාලා වරද්දගත්ත තැන් ගැන කල්පනාවෙන් ඉඳලා අපි හරියට ඒ දේ කරගන්න එකද...

      නිකම් හිතන්න.. ලිංගික අධ්‍යාපනය බටහිර රටවල යම් තැනක වරද්ද ගත්තා... ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන අතරම දෙමවුපියන්, සල්ලි හොයන්න ළමයින්ගෙන් ඈත් උන නිසා අද ඉන්න සමාජයේ ළමයි අවුරුදු 12 වෙනකොට ඩේටින් පටන් ගන්නවා... අද එයාලා ඒකේ වන්දිය ගෙවනවනේ.. අවුරුදු 18 අඩු තනි මව්වරු කොච්චර ඉන්නවද... අපිත් අද ලිංගික අධ්‍යාපනය දිය යුතුයි කියන තැන ඉන්නවා.. හැබැයි අපිත් අරගොල්ලෝ වරද්ද ගත්ත තැනම වරද්දගත යුතු නෑ නේද... එයාලා වරද්දගත්තේ අම්මලා තාත්තලා දරුවන්ගෙන් ඈත් උන එකෙන් නම් අපි කරන්න ඕනේ ලිංගික අධ්‍යාපනය නොදී ළමයි මානසිකව පිස්සෝ කරවනවට වඩා, එහෙමත් නැත්තම් ළමයි ගෙවල් වල හිරකරගෙන පරණ විදියටම “ අම්ම නිදා ගෙන ඉන්නකොට කොකෙක් ඇවිත් ඔයාව අම්මා ළඟට දාලා ගියා” කතාව කියලා දීලා ළමයි මෝඩයෝ කරවන එකට වඩා, ලිංගික අධයාපනය දෙන ගමන් ළමයි ගැන වැඩි පුර හොයලා බලන දරැවන් ගැන වගකීමක් සහිත දෙමවුපියෝ වෙන එක නේද...

      යම් දෙයක් යම් තැනකදි වැරදුනා කියලා ප්‍රොසෙස් එකම නැවැත්විය යුතු නේ නේ.... වැරදිච්ච තැන ඊළඟ පාර හදාගන්නවා මිසක්...

      Delete
    2. blank

      ඔය කියන විදියෙ පීඩනයක් අපේ අම්මලාට තිබුනෙ නෑ.අපේ ආච්චිල නම් ගෘහිණියන් ඔවුන් ගෙදර වැඩපල කරගෙන හිටියා ඔවුන් ඒක වෛවාහික දාසභාවයක් ලෙස දුටුවෙ නෑ.අපේ අම්මල රැකියා කරපු අය .ඒ ගොල්ලො කිසිම පීඩනයකින් නොවෙයි ඉන්නෙ.ඇත්තෙන්ම සිංහ ධේනුවො වගේ කාටවත් බය නැතිව.මම දන්න අදුරන කොයි කාන්තාවත් එහෙමයි.

      හිරු පිළිගන්නවද ජෙසී බර්නාඩ්ලගෙ ,ජෙනී මුරේලගෙ ස්ටෙන්හයිම්ලගෙ තව නම් ලැයිස්තුවක්ම කියවන්න පුලුවන් පිරිමි විරෝධී අන්තවාදය ඒ කියන්නෙ හැම වැරැද්දකටම මුල පිරිමියා ඌ විනාශ කළ යුතුයි යන්න වැරදියි කියල.ඒ වගේම සැමියාට සහ පුතුන්ට එරෙහිව පවුලේ කැරලිකාර චරිතයක් බවට කාන්තාව පත් කරන එක වැරදියි කියල

      හිරු කියවල තිබෙනවාද 1970,1960 ගනන්වල ඇමරිකාවෙ යුරෝපෙ ස්ත්‍රීවාදීන් ගෙ ලිපි.අහල තියෙනවාද ඒ කතා.දැන් බටහිර ස්ත්‍රීවාදීන් කිරිදීමට ගර්භනීභාවයට වන්දි ඉල්ලනවලු.මොකද්ද මී කාලකන්නි ලෝකෙ?

      අපේ රටවල ස්ත්‍රීවාදීන් මෙහෙයවන්නෙ බටහිර රටවලින් නෙ.ඉතින් මොකක්ද සහතිකය අපේ රටවලුත් බටහිර අගාධයට නොවැටෙයි කියල.
      වැඩිම මුදල් ප්‍රමානයක් සංසරණය වෙන්නේ ස්ත්‍රීවාදය සදහායි.ඒක 1995 බෙයිජින් සමුලුවේ තීරණයක්

      මම නම් කියන්නෙ බටහිරින් මෙහෙයවන ස්ත්‍රීවාදය හරහා බටහිර හැම ජරාවක්ම මෙහාට එනවා.හැබැයි අපේ අම්මලා අක්කලා නංගිලාට ඔය හිරුලාගේ ඊනියා පීඩනයක නම් නෑ.ඒත් මොල හේදීම හරහා ස්ත්‍රීවාදීන්ට ලොකු විනාශයක් කරන්න නම් පුලුවන් වේවි.මොකද වැඩමුලු පාඨමාලා එහෙමත් පවත්වනවා.මේ මානසික මත්ද්‍රව්‍ය උපක්‍රමශීලීව ලබා දීමක් දැන් කෙරෙන්නේ ඒකට

      Delete
    3. blogger_logo_round_35

      ඔයාගේ අම්මලට තියෙන්න නැතුව ඇති.. ඒ ඇස්පනාපිට අපේ අම්මලට තිබ්බා... මගේ ආච්චිලට තිබ්බා... එයාලා දාස භාවයක් විදියට සැලකුවේ නැති උනාට ඇත්තටම ඔවුන් ට සමාජයේ තිබ්බ පිළිගැනීම එච්චරයි... ළමයි වදපන්, උන්ව හදපන්, තාත්තා, මිනිහා පුතා කියන විදියට හිටපන් කියලා කුස්සියේ මුල්ලට කරලා තිබ්බ ආච්චි කෙනෙක් මට ඉන්නේ... අද වෙනකොට ඇවිදගන්න බැරව, එක්තැන් වෙලා ඉන්න, අපේ ඔලුව අතගාලා අනේ පුතේ උඹලා වගේ ඉගෙන ගන්න තිබ්බනං මාත් රස්සාවක් කරලා කාටවත් බරක් නොවී ජීවත් වෙනවානේ කියලා දුකින් කියන කෙනෙක්... තව එක්කෙනෙක් අවුරදු 16දි කසාද බැඳලා අවුරුදු 30දි දරුවෝ 6 දෙනෙක් එක්ක තනි වෙලා, එදා ඉඳලා අබුඩාබි වල බැලමෙහෙවර කම් කරලා ළමයි ලොකු මහත් කළාට පස්සේ, ලකාවට එනකොට දරුවෝ ඔක්කෝම කසාද බැඳලා ඉන්නවා දැකලා, ළමයින් එක්ක ගත කරන්න කාලයක් නැති උන එක ගැන කල්පනා කරලාම පිස්සු හැදිලා මැරිලා ගියා...

      ඔයා කියන්නේ දැන් ඉන්න පරම්පරාවටත්, එන්න ඉන්න පරම්පරා වලටත් ඔය වගේ ජීවිත ගත කරන්න කියලද...? මම ඒකට එකඟ නෑ...

      සිංහ ධේනුවෝ...? කවුරු ගැනද ඔයා කියන්නේ.... ? 8 වසරට වෙනකම් ගෙදර ඉන්න කෙල්ලන්ව ඉස්කෝලේ ඇරපු, කොල්ලන්ට පිටරට ඇරලා උපාධි අරන් දුන්න සමාජයේ සිංහ ධේනුවෝ ගැනද...?

      සිංහ ධේනුවෝ උනේ මේ රටවල මේ සම්ප්‍රදායික මත වලට විරුද්ධව, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැඟී හිටපු කාන්තාවෝ... එහෙම කියලා ඒ එක්කෙනෙක් වත් මිනිහාව දරුවන්ව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැරවේ නෑ..

      පුලාන් දේවී තමන් පුංචි දරුවෙක් කාලයෙදි කසාද බන්දලා දලා , මෙලෝ දෙයක් නොදන්න වේදනාවක් දීලා කරපු දේට තමන්ගේ සැමියාගෙන් පලිගත්තා..

      ඔයා හිතන්නේ නැද්ද අදටත් අපේ සමාජයේ විවාහය, ලිංගික ජීවිතය ගැන මෙලෝ හසරක් නොදන්න ගෑණු ළමයි කසාද බන්දලා දීලා, ඔය කිව්වා වගේ වැඩ වෙනවා කියලා...

      මම ආයිත් කියන්නේ මම කතා කරන්නේ පිරිමි විරෝධී අන්තවාදයක් නෙවෙයි.. මම කතා කරන්නේ ගෑණියෙක්ට, ගෑණු ළමයෙක්ට “ මනුශ්‍යයෙක්“ විදියට සලකන සමජයක් ඇති වෙන්න ඕනේ කියලා... ඉතිං ඕකට ඇයි ඔච්චර බය.... මේ තව කාලාන්තරයක් ගියාම ඔයා ඔය කියන තත්වය ඇති වෙයි කියලද..?

      මට කියන්නේ තියෙන්නේ තව දුරටත් මේ පීඩනය මෙහෙමම තිබ්බොත් ඔය තත්වය ඇත්වෙයි කියන එක... එහෙම නැතුව තවමත් පිරිමින්ට මිනිස්සු, තමන්ගේ ආදරණීයයෝ කියන තත්වය එක්ක ඔය මං කියන දේ සිද්ධ උනොත් ඔය ඔයා කියන දේ සිද්ධ වෙන්නේ නෑ...

      ///හැබැයි අපේ අම්මලා අක්කලා නංගිලාට ඔය හිරුලාගේ ඊනියා පීඩනයක නම් නෑ///

      හිනාවෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ... ඔයාගේ අක්කලා නංගිලා ප්‍රයිවට් බස් වල ගිහින් තියෙනවද.... පාරට බැහැලා කඩේකට ගිහින් තියෙනවද... ගිහින් ඇවිත් ගෙදර ඇවිත් කියලා තියෙනවද අනේ අද මට බස් එකේදි මිනිහෙක් ජැක් ගැහුවනේ.... පාරේ හිටපු ත්‍රීවීල් කාරයෙක් විසිල් ගහලා, කුණුහරුප කියලා ත්‍රීවීල් එක මඟේ ඇඟට කැපුවනේ කියලා...

      ඔන්න ඔය දේවල් ගැන මම කියන්නේ...

      අනිත් එක මොකද්ද ඔයා ඔය කියන ස්ත්‍රීවාදයයි මම කියන දේ මොකද්ද කියන එකයි තේරුම් ගන්න බැරි නම් ඉතිං මම කතා නොකර ඉන්නම්...

      Delete
    4. blank

      ඔබ ආච්චිලාගේ පිළිගැනීම ගැන කතා ඔය කියන කාලෙ සීයලාගෙ පිළිගැනීම මොකක්ද? ඒ අයත් දරදඩු සමාජ රාමුව තුල ලැග්ග තැනම ලැගල හිටියා.මිනිහ අරක්කු බොන තැන්වල ගෑනු මිනිහට බයේ ඉන්න ඇති.ඒක ස්ත්‍රීවාදයට අදාල නැහැනෙ.ඒක හැමෝම විරුද්ධ වෙන දෙයක්නෙ.ඒ අතරම ගෑනු පිරිමින්ට කඩා පනින ඒව ඒ නිසා ප්‍රශර් හැදිල මින් මිනිස්සු මැරෙන ඒව ගැන කවුරුත් කතා කරන්නේ නෑනෙ.මොකද කටේ හයිය අතින් ගෑනු මිනිස්සුන්ට වඩා ඉදිරියෙන්.ශරීර ශක්තිය පිරිමියාට ලැබෙන කොට සොබාව ධර්මෙන් කටේ බලේ ගෑනිට දුන්නා


      තාත්තා මිනිහා පුතා කියන විදියට ඉන්න කියලා නම් කතාවක් මම ඇහුවාමයි.ඉන්දියාවෙ ඍග් වේද යුගයෙ බමුනොනම් එහෙම කිව්වාලු.හැබැයි මේකෙන් එකක් පැහැදිලියි ස්ත්‍රීවාදය ඔබට අම්මලාගෙ උරුමයක් ලෙසම ලැබිලා.ඒක ලංකාවෙ විශේෂ තත්වයක් ලෙසයි මම දකින්නේ.හැම කාන්තාවම පිරිමි විරෝධී වෙන්න ගියොත් පිරිමි දරු උපත් සීග්‍රයෙන් අඩුවෙලා සොබා දහමේ ලිංග නිර්න අනුපාතයත් වෙනස් වේවිනේ

      කෙල්ලන්ව ඉස්කෝලේ ඇරපු, කොල්ලන්ට පිටරට ඇරලා උපාධි අරන් දුන්න සමාජයේ සිංහ ධේනුවෝ ගැනද.///

      මම මුලින් හිතුවාට වඩා ඔබ පිරිමි විරෝධී බව මේකෙන් කියවෙනවා.මම එහෙම දෙයක් මගේ කොමෙන්ට් එකේ කිව්වේ නැහැනෙ.මම කිව්වෙ පවුලේ යහපත සදහා සැමියා ඉක්මවමින් හෝ ඔහු සමග දබර කර හෝ බලවත්ව සිටීම.මගෙ අම්මාත් එහෙමයි.ඇය කාටවත් බය නෑ.හැබැයි ඇගේ අරමුණ දරුවන්ගේ යහපතයි.අපේ පවුල ගත්තොත් එහි නියම ප්‍රධානියා අම්මායි.ඇය මට වඩා මගේ සහෝදරියට කිසිම විශේෂත්වයක් දක්වන්නේ නෑ බටහිර ස්ත්‍රීවාදී ක්‍රමයට.මට මේව ටයිප් කරද්දි හිනාත් යනවා.හැම දරුවෙකුටම උගන්වනවා.ඒකයි ක්‍රමය.ඔබට පිරිමින් ගැන වෛරයක් තිබෙන නිසා ඔබට පුතෙක් ලැබුනොත් ඔහුගේ ජීවිතය නන්නත්තාරයි

      වැඩියෙන්ම සියදිවි නසා ගන්නේ පිරිමි.වැඩියෙන්ම අපරාධවලට ලක්වන්නේ පිරිමි.වැඩියෙන්ම පොලිස් ප්‍රචන්ඩත්වයට මූන දෙන්නේ පිරිමි.එහෙමනම් කෙනෙකුට කියන්න පුලුවන්නෙ පිරිමින් ජීවත් වෙන්නේ පීඩනයක් යටතේ.සමාජය පිරිමි විරෝධී කියලා.ඕක මහ මෝඩ තර්කයක් බව තේරෙනවා නේද?

      ජැක් ගහන ඒව ගැන පාරතොටේදි වෙන ප්‍රශ්න ගැන ඔබ කියනවා.ඔබ දන්නවාද ස්ත්‍රීවාදයට එරෙහි අය තමයි ඔය වාගේ දේවල් වලට මුලින්ම විරුද්ධ වන්නේ කියා.මට අද වගේ මතකයි .ගිය අවුරුද්දේ ජනවාරියේ මම නිකම් කතා බහ කරල විතරක් තිබෙන ගෑනු ළමයෙක් නිසා මිනී මැරෙන සයිස් එකේ රන්ඩුවකට ගියා.ආයෙ නම් ඒ වගෙ මෝඩ වැඩ මම කරන්නෙ නෑ.හැබැයි මගේ නංගිට කවුරුහරි කඩප්පුලි කතාවක් කිව්වොත් නම් කරන දේ මම දනිමි.

      ඔබ ඔය කියන කාන්තා ප්‍රශ්න වලට හැමෝම විරුද්ධයි.එතනදි අපි ඔබත් සමගයි.නමුත් අපි විරුද්ධ ස්ත්‍රීවාදය ඕක නොවෙයි.ඔබ 1960,1970 ගනන්වල ඇමරිකාව ප්‍රධානව ඇතිවූ පිරිමි විරෝධී ස්ත්‍රීවාදයත් එහි ප්‍රතිපලයක් ලෙස අභාවයට යන බටහිර ලෝකයත් ගැන දන්නේ නැද්ද?කාන්තාව පව්ලේ පදනමයි.ස්ත්‍රීවාදීන් පහර දෙන්නේ මේ පදනමටයි.කාන්තාවන් රැකියා කළ යුතුයි.නිවසේ වැඩ උයන පිහන ඒවා ඇයටතනියම කරන්න බෑ.සැමියා ඇයට.ඒවා හවුලේ උදව් කළ යුතුයි

      අන්තර්ජාලයේ තිබෙනවා බටහිර ස්ත්‍රීවාදීනෙගේ ලිපි,දේශන,ගබ්සාවේ සිට සම\ලිගිඅතය,මෑතක සිට කිරිදීමට හාගර්භනීභාවයට වන්දි ගැනීම වාගෙ දේවල් අන්තර්ජාලයේ තිබෙනවා.මමත් ඒවා දනගත්තෙ අන්තර්ජාලයෙන්.

      ඇමරිකාවෙ රැඩිකල් ස්ත්‍රීවාදීන් පිරිමි කලල තෝරා ගබ්සා කිරීම ගැනත් යෝජනා කරනවා.පිරිමි ළදරුවන්ට කිරිදීමට හා ඔවුන් හදාවඩා ගැනීමේ වැඩ වලින් ඉවත් වන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලන කල්ලි තිබෙනවා.මේවා ඇමරිකාවට සීමාවූ කුඩා කල්ලි බවත් කිවයුතුයි.යුක්‍රේනයේ ටොප්ලස් විරෝධතා අහල තිබෙනවා නේද?ඒවත් මගෙ බ්ලොග් එකේ විතරක් තිබෙන ඒවද?
      විශ්ව විද්‍යාලවල කරන මාතෲත්වයට එරෙහි පාඨමාලා ගැන මොකද කියන්නේ

      Delete
    5. blogger_logo_round_35

      මට ඇත්තටම තරහා යන්නේ පිරිමි විරෝධි අදහස් එන්නේ ඔයා වගේ අය එක්ක කතා කරනකොට.. නැත්තම් මේ බ්ලොග් අවකාශෙම ඉන්නවා මාත් එක්ක හොඳින් කතා කරන පිරිම අය නම්....

      //ඔබට පිරිමින් ගැන වෛරයක් තිබෙන නිසා ඔබට පුතෙක් ලැබුනොත් ඔහුගේ ජීවිතය නන්නත්තාරයි//

      හි හි... අනේ ඔයා මොනවා කියනවද කියලා ඔයාම දන් නෑ අප්පා... ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා.. හඳ දිහා බලන්න...

      ඔයා මේ ඉරට බයේ බිම්ගේක ගුලි වෙලා ඉන්න දඟලන කෙනක් වෙන්න ඕනේ... මතකද ඔයා මගේ බ්ලොගේ එකේ ඔය ටික කියපු වෙලාවේ මං ඔයාගේ බ්ලොග් එකට ගියා කියලා කිව්වා.. ඔයා ඔය කියන දේට විරුද්ධ අය කොච්චර ඉන්නවද කියලත් නෙට් එකේම තියෙනවා නේද.. ඉතිං ඇයි ඔයා බය වෙලා...

      අද මේ‌ දේ ට පක්ෂව කතා කරන අපි උනත් ඔයා ඔය කියන දේ වගේ තත්වයක් ඇති උනොත් ඔයාට කියන දේට පක්ෂව කතා කරනවා.. නමුත් එහෙමයි කියලා අද සමාජයේ තියෙන වැරදි ටික හදාගන්න කතා කරන එකත් නොකර හිටියම කොහොමද.... ?

      ඔයා දැන් මටත් කියයි මම ස්ත්‍රිවාදියෙක් කියලා... මම ‌මේ කරන කියන දේ වලින් කාටවත් හොඳක් මිසක් නරකක් නෑ.. ම‌ෙග් දරුවෙක්ට කරදරයක් නැතුව පාරේ බැහැලා යන්න, තමන්ට අවශ්‍ය විදියේ ජීවිතයක් ගත කරන්න, තමන්ට සුදුසුකම් කියෙන රස්සාවක් තමන්ගේ කැමැත්ත පරිදි කරන්න ඉඩ තියෙන සමාජයක් හැදෙනවා දකින එකයි මගේ කැමැත්ත.. ගැහැණීයක් පිරිමෙයක් කියලා නොකතා ඒ දෙන්නම එක වගේ මිනි්සසු විදියට සලකන සමාජෙක මගේ ළමයි ඉන්නවා නම් මම හරිම කැමතියි... ඒ ගැන මම කියන දේ ස්‍ත්‍රිවාදී කියලා ඔයා කියනවා නම් මට කියන්න තියෙන්නේ ඒ ගැන මම ඉහටත් උඩින් සතුටුයි කියලා....

      Delete
    6. blank

      ඔබටත් පිරිමින් ගැන යම් ප්‍රමානයක වෛරයක් තිබෙන බව පේනවා ඒත ඔබ නදිනි අබේනායක හා ප්‍රමුදි තරම් දරුණු නැතැයි මගේ යටි හිත කියනවා.ඔබ තුල ඇති වෛර සිතිවිලි ඉවත් කර ගන්න
      ඔබට කියන්න තිබෙන්නෙ මෙච්චරයි දීපිකා ප්‍රියදර්ශනී මෙනවියගෙ ගීතයක කොටසක් මට මතක් වෙනවා

      ''නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ"
      ගෑනු පිරිමි කියල හිතන්නෙ නැතිව මනුස්සයො කියල ප්‍රශ්න දෙස බලමු
      හැබැයි කාන්තාවන් බලහත්කාරෙන් පුරුෂකරනය කරනවාටනම් අපි කැමති නෑ මැතිණිය.තරහ වෙන්න එපා ඒ ගැන
      පැය 24 ම ගෙයින් පිට ඉන්න කාන්තාව කියන සංකල්පයට අපි කැමති නෑ
      කාන්තාවන් රැකියා කළ යුතුයි ඒත් ඇයට නොගැලපෙන රැකියා සහ හැසිරීම් තිබෙනවා.
      ගෑනු ළමයෙක් බලන්න බෝනික්කන්ට තමයි කැමති.බෝනික්කන් නලවන්න කවන්න පොවන්න කැමති.ඒ තමයි සොබා දහම කාන්තා සිරුර හැදී ඇත්තේ යම් දෙයකට.පිරිමින් එක්ක යුද්ධ කිරීම හරිම අස්වාභාවික අදහසක්.

      බලන්න බටහිර බ්‍රා බර්නින් ෆෙමිනිස්ම්,ඇන්ටි මේල් ෆෙමිනිස්ම් වගෙ දේවල්.බටහිර ස්ත්‍රීවාදීන්ගෙ භයානක අදහස් කියවන්න.ඇඟ ලොමු දැහැගැන්වෙනවා නේද?

      Delete
  10. blank

    හිරු ඔබ ආසියාතික කාන්තාවක් නිසයි .මේක අහන්නෙ කාන්තාවක් නිසා ඔබට මම ගරු කරනවා. කරුනාකර පිළිතුරු දෙන්න මැතිණිය.


    හිරු පිළිගන්නවද ජෙසී බර්නාඩ්ලගෙ ,ජෙනී මුරේලගෙ ස්ටෙන්හයිම්ලගෙ තව නම් ලැයිස්තුවක්ම කියවන්න පුලුවන් පිරිමි විරෝධී අන්තවාදය ඒ කියන්නෙ හැම වැරැද්දකටම මුල පිරිමියා ඌ විනාශ කළ යුතුයි යන්න වැරදියි කියල.ඒ වගේම සැමියාට සහ පුතුන්ට එරෙහිව පවුලේ කැරලිකාර චරිතයක් බවට කාන්තාව පත් කරන එක වැරදියි කියල

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම ඔය නම් ටික ඇහුවෙත් ඔයාගේ ඔය බ්ලොග් එක කියවලා.. මට නම් විකාරයක් විතරයි ඒ අදහස පවා... ඉතිං මට අවශ්‍යතාවයකුත් නෑ ඒ වගේ විකාර අදහස් ගැන කතා කරන්න... එච්චරයි ඉතිං මට කියන්න තියෙන්නේ...

      මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.. ඔයා කියන ඔය ස්ත්‍රිවාදය නෙවෙයි... මේවා ස්ත්‍රීවාදය ගැන ප්‍රශ්නයක් නෙවෙයි.. මේ කිසි කෙනෙක් කතා කරන්නේ නෑ ඕවා.. මෙතන තියෙන්නේ ගෑහැණියත් පිරිමියා හා සමානවම “ මනුස්සයෙක් ” කියලා පිළිගන්න කියන එකයි... මේ කතා කරන මට මේවා කාතා කළා කියලා එන් ජී ඕ වලින් සල්ලි දෙන්නේ නෑ...

      Delete
    2. blank

      ඒ විකාරය අපේ ඉර හද යට තිබෙන අන්තර්ජාලයේ සර්ච් කළ හැක්කක්.එවැන්නක් ගැන කතා කිරීම ගැන මටත් වේදනාවක්.මෙහෙම ස්ත්‍රීවාදීන් ඉන්න ලෝකෙ ඉපදීම තමයි දුක

      Delete
    3. 10394628_676026559113735_7918253746596240164_n

      ලෝකේ පැවැත්මට ගෑණු පිරිමි දෙගොල්ලොම ඕනි.
      / පිරිමි විරෝධී අන්තවාදය ඒ කියන්නෙ හැම වැරැද්දකටම මුල පිරිමියා ඌ විනාශ කළ යුතුය/
      මේවා නම් විකාර අදහස්.එතකොට කොහොමද ලෝකෙට පැවැත්මක් තියෙන්නේ...?
      වෙන්න ඕනි හිරු අක්ක කියන දේ..

      Delete
    4. blank

      @ප්‍රමුදි
      හිරු කියන ඒවගෙන් 99% කටම මමත් එකඟයි.සුලු මතභේදයක් විතරයි තිබෙන්නෙ .ඒ මතභේදයට පදනම් වෙලා තිබෙන්නෙ කාන්තාව පවුලෙන් සම්පූර්නයෙන්ම ඉවත් කරල මව සහ දරුවා අතර සම්බන්ධය බිද දාල කාන්තාව පුරුෂකරනයට ලක් කරලා මානසිකව ගෑනියෙකුත් නොවන පිරිමියෙකුත් නොවන අමුතු සතෙක් කරන්න බටහිර ස්ත්‍රීවාදීන් දරන ප්‍රයත්නයටයි.අපිට ඕන ස්ත්‍රීත්වය ආරක්ෂා කරන්නයි,පවුල් සංස්ථාව රකින්නයි

      නමුත් ප්‍රමුදි ඇමරිකාව ප්‍රධානව ඔය විකාර අදහස් වලට යම් සමාජ පිළිගැනීමක් ලැබිලා.ඇමරිකානුවාගෙ අස්වාභාවික ජීවන රටාව ඊට හේතු වෙන්න ඇති ඩෙස්මන්ඩ් මොරිස් කීව වාගෙ.කිරිදීමට හා ගර්භනීභාවයට වන්දි ගැනීම ගැන අදහස් ලංකාවටත් ආව.ඒ නිසා කැලේ කොටි නෑ කියල ජීවත් වෙන්න බෑ.බටහිර ස්ත්‍රීවාදය දැන් ෆෙමිනාසි නට්සි ස්ත්‍රීවාදය ලෙස එහි විරුද්ධවාදීන් විසින් හදුන්වනවා..ඒ පහත හේතු නිසා
      සමාජ ජීවිතයේදී පුරුෂයන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම
      ලිංගික කාර්යයේදී පුරුෂයන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම

      පිරිමි දරුවන් සදහා ගර්භනී නොවන ලෙස කාන්තාවන්ට උපදෙස් දීම

      පිරිමි දරුවන්ට කිරි නොදෙන ලෙස ඉල්ලීම මේ සදහා අපූරු හේතුවක් දී තිබුනා ඒනම් සතුරන්ට අවි දීමක් බව.ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් ශක්තිමත් වීම ගැනත් පවසා තිබුනා

      ස්ත්‍රීවාදියා පොදුවේ දරුවන් හදා වඩා ගැනීමට එරෙහි වන අතර ෆෙම්නාසියා පිරිමි දරුවන් පමනක් හදන්නට වෙහෙස වීම හෙලා දකී.

      බටහිර ලෝකය විශේෂයෙන් ඇමරිකාව කවර අන්තයක් කරා යන්නේදැයි සිතේ.ඇමරිකාව යනු පැරණෛ පතපොතේ ඇති අවීචි,ලෝකුඹු,රෞරව වැනි මහා නරකාදියක් බව පෙනේ.එහි ජීවත් වන්නේ පන පිටින් අපාගත වූ අයයි

      Delete
  11. Jacqueline%2BFernandez+%2820%29%5B1%5D%5B1%5D

    අපොයි මේ මාතෘකාව කතා කරන්න ගන්න හැමවෙලේම පුරුෂ පාර්ශවය අපිට බනින්න ගන්නවනේ අපි පුරුෂ විරෝදී කියලා.
    ඒත් මේ ලියලා තියෙන දේවල් වලට මම එකඟයි.
    ස්තූතියි නලින් අයියට..

    ඇත්තටම ඔයා කොහොමද මේ තරම් ලියන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. blank

      විද්වත් බ්ලොග්කරුවෙක් වන නලින්ට ස්තුති කළ යුතුයි.

      ඇයි මගේ කොමෙන්ට් ගැන අගය කිරීමක් නොකරන්නේ.කට්ටියක් වටවෙලා මට ගහන කොට අඩුගානෙ දුකක් වත් නැද්ද?
      මම කියන්නෙ බොරුද? මම මේක කරන්නෙ කිසිම වාසියක් බලාගෙන නොවෙයි.සමාජයට යහපතක් කරන්නයි

      ඔබ මම කියන දේ අනුමත කරනවානම් කරුනාකර කොමෙන්ට් කරන්න.කාන්තාවක් මට පක්ෂව කොමෙන්ට් කරනවා කියන්නේ මට මාර හයියක් යෝධ බලයක්

      Delete
    2. blogger_logo_round_35

      ආචාර්ය තුමනි,
      මේ සියලු කමෙන්ට් දෙස විමසිල්ලෙන් සිටින්නට නොහැකි වීම ගැන සමාව දෙන සේක්වා.. අධික වැඩ සමුදායක් මැදය මා මේ කර්තව්‍ය යේ නියැලෙන්නේ.. මහත්මා ලීලාවෙන් මේ සංවාදයට ඒක් වු සහෘද ඔබ සැම මා අගය කොට සලකමි.

      Delete
  12. ds

    නලීන්, ඔය ස්ත්‍රීවාදයක් මතු කරල කාන්තාව තවත් අසරණ කරන්නේ පිරිමියාමයි. මොකද පොර බයයි නියම කාන්තා නියෝජනයක් ඇති වූ දාක මිනිහගේ අගය අඩු වෙනව කියන එක. ඒකට කව්ද කැමති. අකමැත්තෙන් උනන් කියන්න වෙනවා කාන්තාවට සම තැන හෝ අයිතිය නොවෙයි ලැබිය යුත්තේ, මනුෂ්‍යයයෙක් වශයෙන් පිරිමියාටද හිමි තැනයි. එතනදි ඉහල පහල යන්නේ පිරිමියාද ගැහැණියද කියන එක නෙමෙයි අවශ්‍ය, දිනන්නේ කව්ද කියන එකයි. ඔය කාන්තා දින අරව මේවා මහිලා සමිති දාලා කරන්නේ කාන්තාව තවමත් කොන්වෙච්චි ජාතියක් බව ගැහැණියගේ සිතේ පැලපදියම් කිරීමටයි.. ඕං දේශකයාගේ කාන්තා දින පණිවිඩය

    ReplyDelete
    Replies
    1. blank

      ඔබ කියන දේට මම එකගයි.මම බ්ලොග් එකෙන් කියන්නෙත් ඔය කතාව තමයි

      Delete
  13. DSC00156

    මේ ලිපිය ගැන කරුනු කීපයක් තියෙනව කියන්න. පළමුවැන්න තමයි මේ මතෘකාව ගැන හැම කාන්තා දිනයටම කතාකරන විදිහට ඔහේ අලංකාර වචන යොදාගෙන බටහිර කාන්තාවාදයට මතවාදී ජනප්‍රියතාවයක් තිබෙන බවට ඇති විශ්වාසය අනුව ලිපිය ලියා තිබෙන බවයි. අනෙක් කාරනය නම් කාන්තාවන්ට බලපාන ප්‍රශ්න තිබෙන බව සැබෑවුවත් මේ ප්‍රශ්න සියල්ල සාධාරන ප්‍රශ්නද යන්නයි. සේරටම වඩා වැදගත් කරුණ වන්නේ මෙවැනි මාතෘකා ගැන කතා කරනවිට ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ ජීවවිද්යාත්මක් හා මනෝවිද්යාත්මක සාධක ගැනත් ස්ත්‍රී පුරුෂ භාවය හා බැඳුනු කුහකත්වයන් මොනවාද ගැනත් උඩින් පල්ලෙන් නොව පැහැදිලි පුලුල් අවබෝධයක් තිබියයුතුය යන්නයි. මෙතන නියායාත්මකව කාන්තාවන්ට බලපාන ප්‍රශ්න ඉදිරිපත් කර ඇති ආකාරය තරමක් දුරට සාධාරන නමුත් ප්‍රශ්න වලට විසඳුම පැහැදිලි නැත. මේ කිසිදු කාන්තා ප්‍රශ්නයකට බටහිර කාන්තාවාදය ඔස්සේ පිලිතුරු සෙවියනොහැක එසේ කිරීම එක් ලෙඩකට ප්‍රතිකාර කොට නැති ලෙඩ ගනනාවක් අලුතෙන් හදා ගැනීමකි. කාන්තාවාදයට අනුව ප්‍රශ්න සියල්ලට පිලිතුර වන්නේ කාන්තාවන්ට ස්වභාවිකව පිහිටන ස්ත්‍රීත්වයා නැතිකර බලෙන් පුරුෂකරණය කිරීමයි. අපට අද අවශ්ය වන්නේ මේ ප්‍රශ්න වලට බටහිර ඔලමොට්ටල විසඳුම් නොව රටට ගැලපෙන මතවාද මත පිහිටා මෙහි ඇති ප්‍රශ්නයත් නැති ප්‍රශ්නත් වෙන්කරගෙන අපට ආවේනික විදිහට අපට බලපාන සමාජ ගැටලු අප විසඳා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. blank

      දුලන්ත ඔබේ පැමිණීම මට හයියක්.මේ මොහොතේත් චැනල් කීයකම ස්ත්‍රීවාදී වැඩසටහන් යනවා.හැම රූපවාහිනී චැනලයකම ගෑනු පිරිමින්ට දෙස් දෙවොල් තියනවා,ශාප කරනවා විලාප තබනවා.මේ මාස් පුරාවටම මේක තියේවි.කොච්චි මිරිස් අඹරන ඒවා පොල්ගහන ඒව පලි ගහන ඒව බලන් ඉන්න බැරුව තමයි නෙට් එකට ආවෙ

      Delete
    2. blogger_logo_round_35

      ඔබ මේ ලිපියේ තියෙන කරුනු වලට ඉතා හොඳින් පිලිතුරු දී තිබෙනවා. කාන්තාවිමුක්තිවාදය මෙතනදි ප්‍රශ්න සේරටම විසඳුම විදිහට පෙන්නන අයට විශේෂයෙන්.

      Delete
  14. DSC00156

    @මාතලන්
    උඹේගල් යුගේ කියන්නෙ මොකටද කියන එකයි, උඹලගේ නූතන යුගය මොනවගේ එකක්ද කියන එකයි පොඩ්ඩක් පැහැදිලි කළානම් හොඳයි. මොකද උඹල වගේ ටිකක් මහන්සි වෙන්න අකමැති පිරිමියෙක් විදිහට හිතන්න බැරි මානසික අබ්බගාතයන් ඒ තත්වය සාධාරණීකරණය කරගන්න අනෙක් මිනිස්සුන්ට ගල් යුගයෙ එවුන් කියල අවමන් කිරීම අපි කොතෙකුත් දැකල තියෙනව. ඉතිහාසය පුරාවට ජීවී ලෝකය තුල ලිංගිකත්වය කියන සාධකය ස්වභාවධර්මයට අනුව නිසි විදිහට විකාශනය වෙලා ඉදිරියට ඇවිල්ල තියෙනව. ඒක උඹල වගේ ගොන් නාම්බො කොච්චර දැඟලුවත් වෙනස් කරන්න බෑ.

    ReplyDelete
  15. DSC00156

    තොටිල්ල පද්දන අත හරියන්නෙ තොටිල්ල පද්දන්න මිස ලෝකෙ පාලනයට නෙවෙයි. නමුත් මෙහෙම දෙයක් තියෙනව ලෝකෙ පාලනය කරන පිරිමින් හැමෝම කෙදිනක හෝ තොටිල්ල තුල නැලවෙමින් කුඩාකල මවගේ සෙනෙහස අත්විඳපු අයයි. ඔවුන්ගේ ලොව පාලනය කිරීමේ සාර්තකත්වයට ඔවුන්ගේ මවුවරුන් කාන්තාවන් හැටියටත් මවුවරුන් හැටියටත් තම් දරුවන් හදාවඩාගැනීමට ප්‍රමුකත්වයක් ලබාදීම වැදගත් කාරුනක් වූවාට සැකයක් නැත. එබැවින් ලොව පාලනය කරන ඉහ මොළයක් ඇති පිරිමින් හැමවිටම සැබෑ මාතෲත්වය අගය කරයුතු විනා පිරිමින් කරන සියල්ල කිරීමට යන ගෑනුන්ට උඩගෙඩි දෙමින් මිනිස් සමාජයටම වින කිරීම නොකළයුතුය. එය එදා ඔවුන් ළදරු වියේදී තොටිල්ල පදවපු මවුවරුන්ටද කරන නිග්‍රහයකි.

    ReplyDelete
  16. DSC00156

    @ස්ත්‍රීවාදය
    මේවනවිට මධය හෑම එකකම කන්න්තාවාදය මුල්කරගෙන පිරිමින්ට දෙස්දෙවොල් තැබීම පුදුමයට කරුනක් නෙවෙයි. මේක හෑම කාන්තා දිනයකටම හා ඒ ආසන්න දින වල සිරිතක් ලෙස සිදුවන්නක්.

    ReplyDelete
  17. DSC00156

    කාන්තාවන් කරන්න ඕනේ හැකිතාක් පිරිමින් කරන කරන දේ කරන්න නොයා තමන්ටම සුවිශේෂී විදිහට හිතල කාන්තාවන්ටම විශේෂ වන ක්‍රියාකාරකම් පද්ධතියක් ගොඩනගාගැනීමයි. ඉහමොළයක් ඇති පිරිමින් කළයුත්තේ ඒ සඳහා නියම ස්වභාවික ස්ත්‍රී හැඟීම් දැනීම් තිහිබෙන කාන්තාවන්ට නිසි සහයෝගය ලබාදීමයි.

    ReplyDelete
    Replies
    1. 10394628_676026559113735_7918253746596240164_n

      ඔබේ අදහසට එකඟයි මමත්.විය යුත්තේ ඒකයි.
      වෙන්නේ නැත්තෙත් ඒකයි.

      Delete
  18. DSC00156

    @Pramudhi
    ඔබ යමක් පටලවගෙන වගෙයි තියෙන්නේ. මෙතන කාන්තාවන්ට තමන් පිරිමින් නොවන බවත් ඔවුන්ට ස්වභාවිකව පිහිටා තිබෙන ස්ත්‍රීත්වය හා පිරිමින්ගේ පෞරුෂත්වය අතර පරතරය කුමක්ද යන්නත් ගැන නිසි වැටහීමක් ඇතුව ඒ ගැන වඩා සංවේදීව කටයුතු කිරීමේ හැකියාවත් ඇත්නම් කවුරුවත් ඔවුන්ට වල කපන්නේ නැත. මෙතන මුලු සමාජයම අවුල් කර තිබෙන්නේ බටහිර කාන්තාවාදය වැලඳගෙන කාන්තාවන් තම ස්ත්‍රීත්වයද අත්හරිමින් පිරිමින් කරන සියල්ල කිරීමට යන මල මූසල කමයි. තමන් කාන්තාවන් බව තේරුම් නොගෙන පිරිමින් කරන කරන දේ කිරීමට යෑමේදී එසේ කරන අයට සමාජය තුලින්ම ජනනය වන ප්‍රශ්න වලට මුහුනදීමට සිදුවීම මිනිස් සමාජය ක්‍රමවත්ව ගොඩනගා තිබෙන පිරිමින් හා කාන්තාවන්ගේ වරදක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. 10394628_676026559113735_7918253746596240164_n

      මෙහෙමයි මම කිව්වා අදහස ඔබත් තේරුම් අරගෙන නෑ.
      පොඩි කාලේ ඉඳන්ම ගැහැණු පිරිමි කියල තියෙන අනවශ්‍ය බෙදීම ගැනයි මම කියන්නේ.
      එහෙම නැතුව කාන්තාවන්ට නිසි තැන නෑ කියල පිරිමි කරන හැම දේම කරන්න කියන එක නෙවේ.පිරිමි බොනවා කුඩු ගහනවා කියල ගෑණු ඒවා කරන්න යන්න ඕනි නෑ.පිරිමි නෙවේ කවුරු කලත් ඒවා වැරදි.
      පිරිමි වටේ යනවා කියල පිරිමින්ට හොඳ නම අපිටත් එහෙම කරන්න හොඳ වෙන්න ඕනි කියන එක නෙවේ මම කියන්නේ.වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕනි.
      ඇත්තම කිව්වොත් අර ස්ත්‍රීවාදී ද කවුද කෙනා කියන මලදාන නම මට තේරෙන්නේ නෑ.
      මගේ මතය ගෑණු ශක්තිමත් වෙන්න ඕනි ගෑණු විදිහට මිසක් පිරිමි කරන්න යන හැම දේම කර කර නෙවේ කියන එක.

      Delete
    2. blank

      ප්‍රමුදි ඔබේ අදහස් වලට මමත් 100% ක් එකඟයි.දුලන්තත් කියන්නෙ ඒකම තමයි. පවුල් විරෝධී,පිරිමි විරෝධී යක්ෂාවශේෂ වූ බටහිර ස්ත්‍රීවාදයට එරෙහිවයි.බටහිර කිව්වාට මේ අස්වාභාවික එවුන් වැඩිහරියක්ම ඉන්නේ ඇමරිකාවෙ

      අපි කැමති නැත්තෙ පවුලෙන් වියුක්ත කාන්තාව කියන සංකල්පයටත් මව සහ දරුවා අතර සම්බන්ධය කෘතිමව බිද හෙලීමටත් කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය ගෑනුකම විනාශ කිරීමටත් පමනයි

      Delete
    3. blank

      දැන් දුලන්තටයි ස්ත්‍රීවාදයටයි තව හිටියා කෙනෙක් සුජිත් නිෂාන්ත කියලා කෙනෙකුත් ඌ මේ වාදය දැකලා නැති හැඩයි. ඔයාලට ඕන දැන් හැමදාම ඔහේලගේ ඇගට යටවෙලා ඉන්න ගැණුද.

      Delete
  19. DSC00156

    @ Pramudhi
    //ඔබේ අදහසට එකඟයි මමත්.විය යුත්තේ ඒකයි.
    වෙන්නේ නැත්තෙත් ඒකයි.//

    මේක මෙහෙම වෙන්නේ මුලු සමාජය පුරාම තියෙන ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයේම විවිධ් මට්ටමේ කුහකකම් නිසා. ඇත්තටම ඒව එන්න එන්නම වැඩිවෙලා මිසක් අඩු වෙලා නෑ.

    ReplyDelete
  20. DSC00156

    @ Pramudhi

    //ගෑණු ශක්තිමත් වෙන්න ඕනි ගෑණු විදිහට මිසක් පිරිමි කරන්න යන හැම දේම කර කර නෙවේ කියන එක.//

    මේ කතාවනම් මමත් පිලිගන්නවා. මොකද පිරිමින් තමන්ගේ සුවිශේෂත්වයන් ගොඩනගාගන්න ආකාරයට කාන්තාවන් තමන්ගේ සුවිශේෂත්වයත් ගොඩනගා ගතයුතුයි. ඇත්තට මේ කාරනය මත සමාජයේ සමබරතාවය ආරක්ෂා වීම මිනිස් සංහතියේම දිගුකාලීන පැවැත්මට වැදගත් කාන්තාවන් ඔවුන්ගේ ප්‍රගතිය කියල බලෙන් පුරුෂකරණය කරන්න ගියොත් වෙන්නේ ඒ සමබරතාවය නැති වෙලා සමාජය අස්ථාවර වෙන එක.ඔය කාන්තාවිමුක්තිකාමීන්ට කිසිදිනක සාර්ථක සමාජයක් හදන්නත් බෑ, පුලුවන් එකම දේ මිනිස් සංහතියෙම පැවැත්ම කෙටි කරන්න විතරයි.

    ReplyDelete
  21. blank

    ගැනුන්ගේ පාඩුවේ ගැනුන්ට ඉන්න නොදී මේ මොන විකාර අදහසක්ක මේ සමාජගත කරන්න හදන්නේ ස්ත්‍රිවාදියා. මේහෙම දේවල් ලංකාවේ ගැනු දන්නෙත් නැ මෙයා තමා මේ බලෙන් පටවන්නනේ.

    ReplyDelete
  22. lotus_flower-300x225

    අවම තරමින් ළමා දුෂණ වලට දඬුවමක් දිගන්න බැරි රටක මට නම් මේවාට කතා කරනවට වඩා කට ගලක උලා ගැනීම වටි .

    ReplyDelete
    Replies
    1. FB_IMG_1561654098205

      ගිය වසරට වඩා මේ වසරේ 90% කාන්තා හිංසනය වැඩිවෙලා. මෙතන ඇමරිකන් බයිලා කතාකරණවා. සම්ප්‍රදාය කරේ තියාගෙන නොයන කෙල්ලො කීප දෙනෙක් බ්ලොග් ළෝකෙත් ඉන්නවා. මල් කඩන දහසක් දෙනා අතරේ. එහෙම කීප දෙනෙක් හෝ ඉන්න එක ආඩම්බරයට කරුණක්.

      Delete
    2. blank

      ඔය වාර්තා වලින් 50%ක් ම බොරු.නීති විකෘතියක් නිසා සංඛ්‍යාතමක වඩිවීමක් ඇති.කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වුනත් කෙල්ලගෙ දෙමවුපියො පොලීසි ගියාම ඒක අපචාරයක් ලෙස සදහන් වෙනවා.මගෙ ලිපියක තිබුනා සාක්ෂි සහිතව මේව බොරු බව ඔප්පු කරලා

      Delete
    3. blank

      ගිය අවුරුද්දේන් සිදු වුනු ළමා අපචාර වලින් 75%ක්ම අවුරුදු 16 අඩු ළමයින්ගේ කැමැත්තෙන් සිද්ධ වුණු ඒවා.

      Delete
  23. DSC00156

    @Anonymous
    ගැනුන්ගේ පාඩුවේ ගැනුන්ට ඉන්න නොදී මේ මොන විකාර අදහසක්ක මේ සමාජගත කරන්න හදන්නේ ස්ත්‍රිවාදියා. මේහෙම දේවල් ලංකාවේ ගැනු දන්නෙත් නැ මෙයා තමා මේ බලෙන් පටවන්නනේ.

    ස්ත්‍රීවාදය ගැන දන්නේ නැත්තේ ඔයගොල්ලන්ගේ, අපේ ආච්චිඅම්මලා. දැන් ඉන්න ගෑනු මේ සේරම දන්නව විතරක් නෙවෙයි. මේ විකුර්ති මතවාදය දැනුවත්ව වියාප්ත කරනවා පිරිමින් ගොනාට අන්දවන ගමන්.

    ReplyDelete
  24. blogger_logo_round_35

    මේ ලෝකේ හැමෝටම ස්වභාවයෙන්ම වාසි අවාසි දෙකම තියනවා. පිරිමියෙක් වීමේ වගේම ගැහැනියක් වීමේ වාසි අවාසි දෙකම තියනවා. ගැහැනියක් වීමේ වාසි තෙරුම්ගත්ත ගැහැණුන් සතුටින් සාර්ථක ජීවිත ගතකරනවා. සමහර අය ජීවිත කාලෙම මේ දේ තේරුම්ගන්නේ නැ. හේතුව ගැහැනුන්ට අවාසි, පිරිමින්ට වාසි ලෝකයක් විතරයි ඒ ගොල්ල දකින්නේ

    ReplyDelete
  25. blogger_logo_round_35

    මට නිකං බයයි බයයි වගේ :\

    ReplyDelete
  26. blogger_logo_round_35

    @දිලුම්,

    බය වෙන්න එපා බං. ඉන්න ටිකේ ආතල් එකේ හිටපන්..

    ReplyDelete
  27. DSC00156

    @ හිරු
    //ඔයා අපි කියන ජාතියේ අය ඇති ඕන්නම් 10% වැඩිපුරත් තිබ්බොත් මේ සමාජයේ මාතලන්.. අදටත් වැඩිපුර පිරිමි කැමති නෑ තමන්ගේ ගෑණි තමන්ට වඩා වැඩි පඩියක් ගන්න රස්සාවක් කරනව‌ට ලංකවේ.. එහෙම අය ෆුල් ට්‍රයි එක දෙනවා ඉක්මණට ළමයෙක් හදලා දීලා, ඒ වගකීම් ටික බිරිඳට පටවලා, ඒ පිට පටවලා රස්සාවෙන් අස් කරගන්න.. බො‌ෙහාම සුළු පිරිසක් විතරයි ඉන්නේ තමන්ගේ වයිෆ් තමන්ට වඩා තත්වයෙන් ඉහල තැනක ඉන්නවා කියලා ආඩම්බරයෙන් කියන.. මං හිතන්‌ෙන් ඒක ආධිපත්‍යය ගැන ප්‍රශ්නයක් කියලා... //

    පිරිමියෙකුට මහන්සි වෙලා වැඩක් පලක් කරන්න හැකියාවක් තියෙන්නම ඔනේ. ඒ වගේම ගෑනියෙකුට ළමයි හදාගන්න, බලාගන්න හැකියාවකුත් තියෙන්නම ඕනේ. මේ දෙකම එකවගේ වැදගත් සමාජයක් රටක් හදන්න රස්සවයි පඩියයි කියන අදහසට වඩා.

    ReplyDelete
  28. DSC00156

    //අනෙක් කතුනට උපකාර නොකරන කාන්තාවන්හට අපායේ සුවිශේෂි ස්ථානයක් වෙන්ව තිබේ’ කියාය.//

    මේ ප්‍රකාශය අපැහැදිලිය. අනෙක් කතුන් කියන්නේ කවුරුන්ද? එසේම අනෙක් කතුන්ට උදවු නොකරන කතුන් කවුරුන්ද? කාන්තාවන් මූලිකව සමාජයේ කොටස් දෙකක හඳුනාගත හැක. ඉන් එක් කොටසක් කාන්තාවන්ට පමණක් සුවිශේෂී ස්ත්‍රී අනන්යතාවයක් ගොඩනගාගන්නට කැමති එමෙන්ම එයින් තෘප්තිමත් වන පිරිසයි. අනෙක් කොටස එසේ කාන්තාවන්ට සුවිශේෂී අනන්යතාවයක් හදාගැනීමට අකමැති විශේෂයෙන් පිරිමින් කරන සියල්ල කිරීමට දඟලමින් ලිංගිකත්වය හා බැඳුනු සියලු සමාජ ගොඩනැගීම් කරදරයක් හැටියට සිතන පිරිසයි.
    කතුන්ට උදවු නොකිරීම ලෙස මෙහි හඳුන්වා තිබෙන දෙයනම් අර බටහිර කාන්තාවාදය අනුගමනය කරන ගෑනියෙකුට සුවිශේෂී පිලිවෙලකට ජීවත් වීමට අකමැති කාන්තාවන්ට ගෑනු හා පිරිමි ලෙස එකිනෙකාගේ විශේෂත්වයන් හා සම්බන්ධ සමාජ ගොඩනැගීම් බිඳදැමීමට, අනෙකුත් ස්ත්‍රීත්වයේ සුවිශේෂී බව ඉස්මතුකරගනිමින් දිවිගෙවන කාන්තාවන්ගෙන් ඒ සඳහා උදවුවක් නොලැබීමයි. සැබවින්ම මෙය අපායේ සුවිශේශී ස්ථානයක් හිමිවියයුතු තරමේ දෙයක් නොවෙයි. එය පැහැදිලිවම වියයුත්තකි. එසේ බටහිර කාන්තාවාදයට උඩගෙඩි නොදෙන කාන්තාවන් සමාජයට කරන්නේ යහපතකි ඔවුන්ට ඒ සඳහා පිනත්වියයුතුය.

    ReplyDelete
  29. blogger_logo_round_35

    Dulantha : ඔබ මේ ලිපිය හා එහි අන්තර්ගතය ගැන අනගි විග්‍රහයක් කර තිබෙනවා. ඒයට බෙහෙවින් ස්තුතියි. මෙයත් සිරිතක් ලෙස කාන්තා දිනයට පාඨකයා අන්ධ කරන ආකාරයට කාන්තාවිමුක්තිවාදය පදනමට ගෙන ඊට පක්ෂව දාපු ලිපියක්.

    ReplyDelete
  30. blogger_logo_round_35

    මෙතන කාන්තාවන් ගැන බොරු ස්ත්‍රී කරුණාවක් මවාගෙන කතා කරන බොරු බකපණ්ඩිතයන් කාන්තාවන්ට උචිත ආකාරයේ සමාජ හැඩගැසීමක් තිබෙන මෙන්ම පුරුෂ අනුකරණ නොකරමින් ගෑණියෙක් විදිහට හිතල තමන්ගේ හරි වටිනාකම ඒ විදිහට තියාගන්න උත්සහ කරන අයට කොතෙකුත් ගරහනව. ඒ වගේම අපහාස උපහාස කරනව. කොටින් කිවුවොත් ඒ විදිහේ කාන්තාවන් හින්සාවටත් පීඩාවටත් ලක්කරන්න කාන්තාවිමුක්තිවාදය අනුගමනයකරන බොරු කාන්තාවිමුක්තිවදිනියන් හා ඔවුන්ට සහය දෙන කුහකත්වයෙන් මනස පුරවගත් පිරිමින් ඉතා කැමතිය.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔබේ පැමිණිම ගැන සතුටුයි.. හොද සංවාදයකට ඉඩ විවාතයි.

      Delete
  31. blank

    ප්‍රතිවාදියා ඔබ පැමිනි බව දැන මා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා.ඔබට අපට වඩා කලා හැකියාවක් තිබෙනවා.ඔවේ කතා විලාසය සුදනන්ගේ කන් වලට මී පැනි මෙන්ද දුදන ස්ත්‍රීවාදීන්ගේ කන්වලට යවුල් පහරවල් වාගෙයි.මමත් දුලන්තත් ස්ත්‍රීවාදීන් සමග වාද කළා.මේ සංවාදට මුලින්ම ඔබ ආවානම් මේ මිනිස්සු මෙලහට යහමගට අරන්

    ReplyDelete
  32. IMG_20190902_075227

    කාන්තා හිංසනය වැඩි වෙන්නෙ සමහර වේලාවට ඒ අයගේම වරදින් මයි කියලත් හිතෙනවා. මොකද කටවල් ඇරියහම අම්මේ බලන්න එපායැ. ඉතින් මේ දේවල් සමහර පිරිමි ඉවසන්නේම නෑ නේ. හැම පැත්තෙන්ම තැලෙන නිසාද ,මන්දා දැන් ලමයි හරිම වෙනස්. අපේ ගමේ පැත්තක ගිහින් බලන්න ඕනෙ. දන්නෙ නෑ කාන්තාවක් කියන වචනේ වටිනාකම. දරුවන් හදන්න දන්නෙ නෑ. ඇයි අම්මෙක් උනේ කියල දන්නෙ නෑ. ඉතින් කාගෙ වරදද? පිරිමියාටම ඇගිල්ල දික් කරල හරියන්නෙ නෑ. මේ කියන්නෙ සමහරු ගැනයි. හැමෝම මේ තත්වෙ නෑ. මම ගිය සතියේ පරීක්ෂණයකට කළුබෝවිල රෝහලට ගියා. අවුරුදු දාහතරක දියණියක් හිටියා බබෙක් ලැබෙන්න. ඈ හැමෝටම කියනවා ඒ කොල්ලා එයාව බබා ලැබෙන්න කියලා ඉන්නබව දැන අත් හැරියා කියලා. ඈට අඩුමාසෙන් බබා ගබ්සාවෙන්න ඇවිත්. භාරකාරයෙන් නෑ. රෝහලටත් ප්‍රශ්ණයක් ඈ. කාගෙද ? වරද. දෙමාපියන් නෑ බලන්න. හරිම අසරනයි. මේවට පිළිතුරු කොහොම හොයන්නද නලින් මල්ලි.

    ReplyDelete
  33. blank

    දියණියන් විකුණාගෙන කන මවුවරුන් ගැන අනෙකුත් ගැහැනුන් ලිංගිකව සූරා කමින් ඔවුන්ව විකුණාගෙන කන මැඩම් ලා ගැන ප්‍රතිවාදියා හෝ මෙහි comment කළ කිසිවකු අසා නැතිසේය.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT