samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



g+(1)
අමාලි,
හම්
............................
කතරගම අපි
අතර මංවුනා
වගෙ
හම්


g+(3)

කිරිවෙහෙර ලග පොලිසියෙන්
අපි වැරදි කරලා නෑ
ඇයි බය වෙන්නෙ.....
හම්
අපෙන් මල් ගන්න,
අපෙන් මල් ගන්න,
අපෙන් මල් ගන්න,
මල් හතක් පනහයි,
පිංකමක් අපි කරමු 
මල් අරන්,
හාල් කිලෝවක් ගනිවි ඇය
හම්
සුදු පාට දිය බුබුල
කිරිපාට සද
එළිය
මල් සුවද හැම තැනම
සිල් අරන්
සමහර අය
ලස්සනයි
හම්
අමාලි.... මල් පිපිලා නෑ
පුප්පලා 
අපි රැවටිලා කාලයට 
නොවේ පිපුනේ
අකාල මල්
.......................................
පිපේන් නැති
අපි පුප්පපු මල්
පුජකරමු,
හම්
මුමුනමින් 
ඇය කියයි
කොත් කැරෑල්ල මත හිදන්
සතර වරම් දෙවිවරුන්
අපි වදින
අපි පුදන
අපි කියන දේ අසයි............
ගොඩහපු මල් අතර
පරවුන මල්
අපි වගේ............
අපි පුප්පපු 
අකලට
පුප්පපු
අපේ සිතුවිලි
වගේමල්
පරවුන මල්
..................................

චන්දන ලියනාරචිචි








13 comments:

  1. Untitled-1.

    // අමාලි.... මල් පිපිලා නෑ
    පුප්පලා
    අපි රැවටිලා කාලයට
    නොවේ පිපුනේ
    අකාල මල් //


    // කොත් කැරෑල්ල මත හිදන්
    සතර වරම් දෙවිවරුන්
    අපි වදින
    අපි පුදන
    අපි කියන දේ අසයි............
    ගොඩහපු මල් අතර
    පරවුන මල්
    අපි වගේ............
    අපි පුප්පපු
    අකලට
    පුප්පපු
    අපේ සිතුවිලි
    වගේමල්
    පරවුන මල්//

    මේ පද නම් වෙනදා වගේම ගැඹුරු අදහසක් එක්ක අපූරුවට ගලපලා..

    (ඔක්කොමත් හරි චන්දන " අමාලිව " බස්සෙක් කරලනෙ..හ්ම් හ්ම් හ්ම්ම් )

    ReplyDelete
    Replies
    1. 31999_132872540056416_3560510_n

      මට අමාලිගෙන් හැමදාම ඇහුනේ ඒ වචනේ නම්, මේ රටේ හැම ගැහැණු ළමයෙකුටම තමන්ගේ ලෝකය තුල අඩුපාඩු රැසක් තියෙනවා කියලා
      දැනේන කොට කටක් ඇරලා උත්තර දෙන්න බෑරි තරමට ඇය හැම විටම අසරණ නම් මේ වචනය තිරිසන් බස්සෙකුගේ විතරක් නොවේ ළිහිණි .අමාලි හොයන දකින් ලෝකය ඇතුලේ ඇයත් අසරණයි.

      Delete
  2. blogger_logo_round_35

    O.o අමුතුයි, අපූරුයි, ලස්සනයි...

    ReplyDelete
  3. 1+-+Copy

    අපි පුප්පපු අකාල මල්!

    ReplyDelete
  4. Anu

    අමුතුයි හැබැයි කලාත්මකයි...

    ReplyDelete
  5. IMG_20200528_222338

    මරු මරු.... පිපෙන්න කලින් පුප්පපු මල්....

    ReplyDelete
  6. robin

    මල් කෙල්ලෝ මල් විකුනන්න උදේ ඉදන් කොච්චරක්නම් වෙහෙසෙනවද නේද ,ඇත්තටම පවු අප්පා ...

    ReplyDelete
  7. Jacqueline%2BFernandez+%2820%29%5B1%5D%5B1%5D

    ලස්සනයි...
    හම් කියන්න්නේ ඇයි ආ..?? :D

    ReplyDelete
    Replies
    1. 31999_132872540056416_3560510_n

      හම් කියන්නේ ඇයි කියලා පුංච් කුමාරි හාමි මම ළිහිනිට කිව්වා බලන්න හම්..............ළිහිනිට දිපු පිලිතුර

      Delete
  8. IMG_1112

    හැමදාම දකින වෙලාවකට කන්කරච්චලයක් වෙන තව වෙලාවකට ඔවුන්වම අනුකරණය කර සමච්චලයට ලක් කරන මල් කෙල්ලන්ගේ නොදුටු පැත්ත.
    වෙනස් මානයකින් හිතීම ගොඩක් වටිනා දෙයක්.

    ReplyDelete
  9. ds

    ඔව් කවි හොදා ඒත් ඔය මල් පිප්පීමත් අහිංසක නොවු ව්‍යාපාරයක්..

    ReplyDelete
  10. %E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%922

    // ගොඩහපු මල් අතර
    පරවුන මල්
    අපි වගේ............//

    ජීවිතේ අපිට හැමදාම පිපිලා ඉන්න ලැබෙන්නෑ..හැබැයි ඒ වගේම පරවුනු මලක් වුනත් නැවත පිපෙන්න හැකියි..ජීවිතේ අරුමය එයමයි..

    ReplyDelete
  11. blogger_logo_round_35

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT