samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


0007අම්පාර කාර්තිව් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගසක් මත සිටි හදුන් දිවියෙකු නිසා ප්‍රදේශයේ ජනතාව බියට පත් වූහ. අනතුරුව ජිවි නිළධාරින් හට දැනුම් දිමෙන් පසු මහත් වැයමක් යොදා එම හදුන් දිවියා අල්ලා ගැනිමට වන ජිවි නිළධාරින් හට හැකි විය.රාත්‍රි කාලයෙදි වනයේ සිට ගම් වැදුන මෙම හදුන් දිවියා හට නැවත් වරක් වනයට යාමට නොහැකි විම නිසා දිවා කාලයෙදි මෙසේ ගසක් මතට වී සිටින්නට ඇති බව වන ජිවි නිළධාරින් පවසා සිටි.තිරික්කොවිල් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ළිඳකට වැටි සිටි හදුන් දිවියෙකුයෙකුද මෙම නිළධාරින් විසින් බේරා ගනු ලැබින.


0018

මෙසේ අල්ලා ගනු ලැබු හදුන් දිවියන් වනයට මුදා හැරිමට පෙර අම්පාර වනජිවි පශු වෛද්‍ය නිළධාරි ඩි.බි එන්. පුෂ්ප කුමාර මහතා විසින් පරික්ෂා කරණ ලදි.අඩි තුනකට ආසන්න දිගින් යුත් මෙම හදුන් දිවියන් අම්පාර බුද්ධංගල අභය භූමියට මුදා හරින් බව වන ජිවි සහකාර අධ්‍යක්ෂක ඩබ්..ලලිත් කුමාර මහතා පැවසිය.

0019

වන අඩවි සහකාර කිත්සිරි මෙවන් වනසත්ව නියාමක 
එම් .කරුණාරත්න ඒ. සමන්ත කුමාර උපුල් ප්‍රියංක රියදුරු මයිනල් යන නිළධාරින් විසින් මෙම හදුන් දිවියන් බේරාගැනිමට කටයුතු කරන ලදි

සේයාරුව චන්දන ලියනාරච්චි


25 comments:

  1. blogger_logo_round_35

    අනේ හුරතල් අප්පා... ^_^ ඒ වුනාට මෙයාලා හෙන වසයිලුනේ.. :/

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ශම්මියා පූස් ලොලිනියක් වගේ.

      Delete
    2. blank

      නලින් කැතයි හොඳේ.

      Delete
  2. 2023216-mount_fuji

    පළමු පින්තුරෙ විදියට තමා පාන්දර ජාමෙ අපි කවුරුත් ඉන්නෙ නලී :).හැබැයි කොට්ටෙ උඩ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එළ එළ පූසෝ හොයන වෙලාව...

      Delete
  3. new
    Replies
    1. blank

      මේ හිවල්ලු නෙවේ.

      Delete
    2. blogger_logo_round_35

      කිටි පරපුරේ ලොකු එකෙක් නේද මේ...

      Delete
  4. blogger_logo_round_35
  5. blank

    ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete
  6. blank

    ලංකාවේ ඉන්න බළල් පවුලේ දෙවැනි විශාලම සත්ත්වයා මට මතක හැටියට. ඌ කැලේට යවන්න කටයුතු කරපු එක නම් ලොකු දෙයක්. පහුගිය කාලේ ඔන්න ඔහොම ගමකට ආපු කොටියෙක් ව මරල දාල තිබුන.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ සේරටම හරියන්න ඔන්න පහළින් නියම වනජීවි නිලධාරියෙක් උත්තර දිලා තියනවා චන්දන.

      Delete
  7. 1+-+Copy

    මුන්ව අල්ලන්න ලං වෙන එක භයානක නැද්ද?

    ReplyDelete
    Replies
    1. Sam+2010

      මචං, වල් (හීලෑ නැති) සත්තු අල්ලන්න විවිධ ක්‍රම භාවිතා වෙනවා. අලි, කොටි, වලස්සු වගේ ලොකු සත්තු අල්ලන්න ඉස්සෙල්ලා නිර්වින්දනය හෝ අඩ නිර්වින්දනය කරනවා. ඒ සඳහා අදාල රසායනික බෙහෙත එන්නත් කරන්න වෙනවා.

      කුඩා සතෙක් හෝ සර්පයෙක් නම් තොණ්ඩුවක් භාවිතා කරන්න පුලුවන්. අඟල් බාගෙ බටයක් ඇතුලෙන් නයිලොන් ලණුවක් දෙකට නවලා යවලා එක පැත්තකින් එලියට ගත්තහම ඒවගෙ තොණ්ඩුවක් හදා ගන්න පුලුවන්. බටෙන් අල්ලගෙන තොණ්ඩුව සතාගෙ බෙල්ලට දාලා අනිත් පැත්තෙ ලණුවෙ කෙලවරවල් දෙකෙන් ඇදලා හිර කරලා සතාව පාලනය කරගන්න පුලුවන්. පොඩි සතෙක් නම් ප්ලාස්ටික් බකට් එකකට දාගෙන වහලා ඈතකට ගෙනිහින් දාන්න පුලුවන්. නයෙක් පොල‍ඟෙක් උනත් ඒ විදියට අල්ලලා ගෙනියන්න පුලුවන්. ඒ වගෙ සරල ක්‍රම තියෙද්දි හුඟක් අය කරන්නෙ පොල්ලක් අරගෙන ඔලුව තලලා කැලේට විසි කරන එක.

      Delete
    2. blogger_logo_round_35

      මේ පෝස්ටුව වෙනුවෙන් නියම කමෙන්ටුවක් දාල තියනවා අපේ ගාමිණි අය්යා. බොහොම ස්තුතියි.

      Delete
  8. blogger_logo_round_35

    සමරකෝන් මහත්මයගෙ විස්තරයට පොඩි ඌනපූරණයක් දෙන්නම්. මිනිස්සුන්ගෙ කෙළවරක් නැති කැලෑ/සතුන්ගේ වාසස්ථාන ආක්‍රමණයට ලක් වෙලා වැඩිපුරම කරදරයට පත් වෙන තව විශේෂයක් තමයි මෙයාලා. උතුරු-නැගෙනහිර පළාත් දැන් වේගයෙන් ජනාකීර්ණ වෙනවා කියන්න මේ සිද්ධි උදාහරණ. මේ ගැන හරි ප්‍රතිපත්තියක් රජයට නැති එක බොහොම කණාටුදායකයි.
    එහෙ විතරක් නෙවි, කොළඹ, කුරුණෑගල පැති වලත් මෙයාට ඉන්න හිටින්න තැන් නැති වෙන සයිස් එකක් තියෙන්නෙ. ජා-ඇල පැත්තෙ මෙයා චීප් බයිට් එකක් වෙලා කියලා තමා ආරන්චිය. ඔය කන්ස්ට්‍රක්ශන් සයිට් වල උන්න චීන්නු පුරුදු කරපු දෙයක් වෙන්න ඇති.. කොටු වෙච්ච සතෙක් ගැන ආරන්චියක් ලැබුනොත් කරුණාකරල වනජීවි එකට දැනුම් දෙන්න..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි ඩී.... ඔබත් වන ජීවි නිල දරුවෙක්ද? මෙතැනට පැමිණිම ගැන හරිම සතුටුයි

      Delete
    2. blogger_logo_round_35

      එහෙමම නෑ..පොඩි පොඩි සබඳතා තියේ.. :-)

      Delete
  9. blogger_logo_round_35

    අපේ ගමෙත් ඉස්සර දිවියෙක් අහුවෙලා ගහක බැදලා තිබුන.අපිත් බලන්න ගිය.දැක්කම අසයි.ඒ වුනාට ලගට ගියාම පනිනවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පූස් පවුලේ කවුරුත් ඔහොමමයි.

      Delete
  10. Anu

    මං මේ අපේ ගෙදර ඉන්න පූසෝ දෙන්න එක්ක ඉන්න බැරුව ඉන්නවා, මෙන්න අයිය මෙහෙ හඳුන් දිවියො ගැන කියෝනව... අනේ මට නම් බල්ලො බළල්ලු එක්ක බැරියෝ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇතුවත් බැරි නැතුවත් බැරි පූසෝ...කමන්ට් එකට එකෙන්ම ලයික්...අනූ..

      Delete
  11. 12832864909625

    අම්මෝ මුගේ සැර. උගේ හරිනම හඳුන් දිවියද? අඳුන් දිවියද

    ReplyDelete
  12. blogger_logo_round_35

    ඕ................ හදුන් දිවියො දැක්කමයි :O

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT