අමාලි,
හම්
............................
කතරගම අපි
අතර මංවුනා
වගෙ
හම්
කිරිවෙහෙර ලග පොලිසියෙන්
අපි වැරදි කරලා නෑ
ඇයි බය වෙන්නෙ.....
හම්
අපෙන් මල් ගන්න,
අපෙන් මල් ගන්න,
අපෙන් මල් ගන්න,
මල් හතක් පනහයි,
පිංකමක් අපි කරමු
මල් අරන්,
හාල් කිලෝවක් ගනිවි ඇය
හම්
සුදු පාට දිය බුබුල
කිරිපාට සද
එළිය
මල් සුවද හැම තැනම
සිල් අරන්
සමහර අය
ලස්සනයි
හම්
අමාලි.... මල් පිපිලා නෑ
පුප්පලා
අපි රැවටිලා කාලයට
නොවේ පිපුනේ
අකාල මල්
.......................................
පිපේන් නැති
අපි පුප්පපු මල්
පුජකරමු,
හම්
මුමුනමින්
ඇය කියයි
කොත් කැරෑල්ල මත හිදන්
සතර වරම් දෙවිවරුන්
අපි වදින
අපි පුදන
අපි කියන දේ අසයි............
ගොඩහපු මල් අතර
පරවුන මල්
අපි වගේ............
අපි පුප්පපු
අකලට
පුප්පපු
අපේ සිතුවිලි
වගේමල්
පරවුන මල්
..................................
චන්දන ලියනාරචිචි
// අමාලි.... මල් පිපිලා නෑ
ReplyDeleteපුප්පලා
අපි රැවටිලා කාලයට
නොවේ පිපුනේ
අකාල මල් //
// කොත් කැරෑල්ල මත හිදන්
සතර වරම් දෙවිවරුන්
අපි වදින
අපි පුදන
අපි කියන දේ අසයි............
ගොඩහපු මල් අතර
පරවුන මල්
අපි වගේ............
අපි පුප්පපු
අකලට
පුප්පපු
අපේ සිතුවිලි
වගේමල්
පරවුන මල්//
මේ පද නම් වෙනදා වගේම ගැඹුරු අදහසක් එක්ක අපූරුවට ගලපලා..
(ඔක්කොමත් හරි චන්දන " අමාලිව " බස්සෙක් කරලනෙ..හ්ම් හ්ම් හ්ම්ම් )
මට අමාලිගෙන් හැමදාම ඇහුනේ ඒ වචනේ නම්, මේ රටේ හැම ගැහැණු ළමයෙකුටම තමන්ගේ ලෝකය තුල අඩුපාඩු රැසක් තියෙනවා කියලා
Deleteදැනේන කොට කටක් ඇරලා උත්තර දෙන්න බෑරි තරමට ඇය හැම විටම අසරණ නම් මේ වචනය තිරිසන් බස්සෙකුගේ විතරක් නොවේ ළිහිණි .අමාලි හොයන දකින් ලෝකය ඇතුලේ ඇයත් අසරණයි.
O.o අමුතුයි, අපූරුයි, ලස්සනයි...
ReplyDeleteඅපි පුප්පපු අකාල මල්!
ReplyDeleteඅමුතුයි හැබැයි කලාත්මකයි...
ReplyDeleteමරු මරු.... පිපෙන්න කලින් පුප්පපු මල්....
ReplyDeleteමල් කෙල්ලෝ මල් විකුනන්න උදේ ඉදන් කොච්චරක්නම් වෙහෙසෙනවද නේද ,ඇත්තටම පවු අප්පා ...
ReplyDeleteලස්සනයි...
ReplyDeleteහම් කියන්න්නේ ඇයි ආ..?? :D
හම් කියන්නේ ඇයි කියලා පුංච් කුමාරි හාමි මම ළිහිනිට කිව්වා බලන්න හම්..............ළිහිනිට දිපු පිලිතුර
Deleteහැමදාම දකින වෙලාවකට කන්කරච්චලයක් වෙන තව වෙලාවකට ඔවුන්වම අනුකරණය කර සමච්චලයට ලක් කරන මල් කෙල්ලන්ගේ නොදුටු පැත්ත.
ReplyDeleteවෙනස් මානයකින් හිතීම ගොඩක් වටිනා දෙයක්.
ඔව් කවි හොදා ඒත් ඔය මල් පිප්පීමත් අහිංසක නොවු ව්‍යාපාරයක්..
ReplyDelete// ගොඩහපු මල් අතර
ReplyDeleteපරවුන මල්
අපි වගේ............//
ජීවිතේ අපිට හැමදාම පිපිලා ඉන්න ලැබෙන්නෑ..හැබැයි ඒ වගේම පරවුනු මලක් වුනත් නැවත පිපෙන්න හැකියි..ජීවිතේ අරුමය එයමයි..
හිතන්න යමක් ඉතිරි කරලා........
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)