සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අමාගේ සුහද හමුව දා.. සේයාරුව ඉස්සුවේ තරියා සොයුරාගෙනි

"ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ"  ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් යන්න අදහස් කෙරෙයි. මොහොතක් සිතන්න අප දිවියේ දී මොනතරම් ප්‍රියයන් පිරිසක් අපෙන් වෙන් වී ඇති ද?.ඒ ඒ වෙන් වීමි වල දී වෙන් වීමේ ස්වභාවය අනුවද දැනෙන දුක උස් මිටි වෙයි යන්න මගේ හැගිමයි.
මේ කෙටි සටහන ලියැවෙන්නේ ද ඉතාමත් කෙටි කාලයක ට පමණක් හමු වූ ඒත් එම පැය කීපය තුළ හොඳ හිත ලෙංගතුකම මැනවින් දැක් වූ සහෘදිනියක් වෙනුවෙනි.

ඇය අමා.... මුල්ම වරට ඇය මට හමුවන්නේ මුහුණු පොතේ සැරි සරද්දී ය. ඒ හමුවට ද මාසයක තරම් වත් කාලයක් ගොස් නැත. ඒ මුල්ම හදුනාගැන්මෙන් පසුව වුව අප දෙදෙන අතර පේලි කිපයක චැටක් මිස ඉන් ඔබ්බට ගිය පයුරු පාසානමක් ද නොවී ය. එහෙත් එම පුංචි කතා බහ වුව නිම වන්නේ දැඩි සහෝදරත්වයක් හදවත් තුළ ඇති කරමිනි. 

ඇය කොහේ සිට මා අමතන්නේ දැයි මුලින් මා දැන සිටියේ ද නැත. මා සිතා සිටියේ ඇය නුවර පැත්තේ සිට මුහුණු පොතට ගොඩ වදිනා බවකි. ඇය මට අඟවා තිබුණේ ද එවන් චිත්‍රයකි. 

පසුගිය පෙබරවාරි 20 වැනි දා හදිසියේම ඇය මුහුණු පොතෙන්   මා ඇමතුවා ය. අයියේ මම ඉන්නේ විදෙස් ගතව. මේ 27 ලංකාවට එනවා. 28 වැනි දින මා මගේ මුහුණු පොතේ යාලුවන් ටික හමුවෙන්න හිතාගන ඉන්නවා. එදාට ඔබත් නොවැරදීම එන්න.

මෙය මට තරමක ප්‍රහේළිකාවකි. මේ ලණුවක් වත් ද?. 
තව කවුද එන්නේ එදා ට.. මගෙන් පැණයක්...
මා දන්නා මිතුරන් 4දෙනකුගෙ නම් එහිදී කියැවිණි. තරමක් කුකුස නිවී ගියද මගේ පිළිතුර වුයේ උත්සාහ කරන්නම් යන්නයි.
කොහොම හරි එන්න බලන්න ඔබ එන එක මට ගොඩක් වටිනවා.. යළිත් ඇය පවසයි.

අනතුරුව මම ඉහත නම් කියැවුණු මගේ මිතුරන් අමතා සොයා බැලීමි. ඔවුන්ට ද එම පණිවුඩය ලැබී ඇත. තවත් ක්‍රම මගින් මේ සත්‍යයක්මදැයි සැක හැර දැනගතිමි.

ඒ අනුවය මා පසුගිය 28 වැනි දා ඇයගේ සුහද හමුවට එක්වන්නේ..මා එහි යන විටද දන්නා මෙන්ම නොදන්නා මිතුරන් පිරිසක්ම එහි පැමිණ තිබිණි. තැනද සුන්දර විය. එම සුන්දර සාද නිකේතනයේ හිමිකරු වුයේ ද මුහුණු පොතේ ජනප්‍රිය තරුණයෙකු වූ සජිව ජයරත්නය. 

එදින දවස ඉතාමත්ම සුන්දරව ගෙවී ගියේ අලුත් මිතුරු මිතුරියන් රැසක්ම හදුනා ගැනීමෙනි. අමා ද එදින පැමිණි සිටි සියලුම දෙනා සමග ඉතාමත් සුහදව කතා බහේ නිරත වෙමින් සතුටින් කාලය ගෙවා දැම්මා ය. එහෙත් ඇගේ දැස් යට මොදුව තිබෙන කඳුළ මම හොඳින් දුටුවෙමි. එහෙත් මේ සොඳුරු මොහොතේ ඇගෙන් ඒ ගැන විමසන්නට ද බැරිය.

අවසන අපේ සමුගැන්මේ හෝරාව එළැඹිනි. අමා බොහොම ස්තුතියි. ඔයා නිසා අලුත් යාළුවන් බොහොමයක් හදුනා ගන්න ලැබුණා. ඉතින් අපි ආයෙත් හමුවෙමු...

නෑ අයියේ මං 27 ලංකාවට ආවා (28) අද ඔයාලත් එක්ක සතුටින් හිටියා.. අනිද්දා මං ආයිමත් යනවා. මට ඉන්නේ පණ වගේ මේ යාළුවෝ ටික විතරයි..වෙව්ලන කට හඬන් ඇය පවසද්දි දෑස් කෙවෙනි තුළ දිදුළන කඳුළ සගවන්නට ඇයට නොහැකි විය.

මට ද කීමට කිසිම දෙයක් නැත. දුවණිය ඔබට සුබ ගමන්.. පසු පස නොබලා මම එතැනින් ඉවත් වීමි.

ඔබ මේ සටහන කියවන මොහොත වන විය ඇය ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන්නට බොහෝ දුරට ඉඩ ඇත.
ඇයට සුබ ගමන් කියන්නට ද අවස්ථාවක් නොමැත..පැය කීපයකට පමණක් දුටු අමා වෙනුවෙන් මේ සටහන තැබෙන්නේ හදවතේ මොදුවන දැඩි කම්පනයක් සමගිනි. 
හරියටම මගේ සොයුරියක් වෙන්ව යනවා වැනි හැගුමකින් මසිත බර වී ඇත.

අමා සුබ ගමන්... ඔබ තබන සෑම පියවරක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. ඔබට නොවරදිනු ඇත.. සුබ අනාගතයක්.


91 comments:

  1. Replies
    1. අමා යා නමින් මුහුණු පොතේ ඉන්නේ..

      Delete
  2. සුබ ගමන් අමා එදා ඒ දවස නම් කවදාවත් අමතක වෙන් නෑ ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මා ඔබව අදුන ගත්තෙත් එදා අමා නිසා තමා

      Delete
  3. අමා???

    බ්ලොග් ලියන අමාද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රීමිස් නමින් ඇයත් බ්ලොගක් ලිව්වා අමා යා නමින් මුහුණු පොතේ ඉන්නවා

      Delete
  4. kawda me ama?.mama danne nahane!


    -M.nishan

    ReplyDelete
    Replies
    1. මට ඔබවත් හදුන ගන්න අමාරුයි නිෂාන්

      Delete
  5. මා ඇය මෙන්ම ඔබවද හඳුනන්නේ නැහැ. නමුත්, කතාව දුක්බරයි. නොදැක්කද, නොහැඳුනුවද ඇයට මාද සුභ පතමි....

    ReplyDelete
    Replies
    1. අප නොහැදිනුවත් බ්ලොග් හරහා ඉතා හොදින් දන්නවා නේ.ස්තුතියි නිර්මලා

      Delete
  6. මුල හරිය දැක්කම හිතුනේ වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා එවන් හැඟීමක් ඒ දෝ කියලා. ඒත් පොස්ටුව කියෙව්වම ඒ අදහස නැතිවෙනවා නේද.

      Delete
    2. මටත් හිතුනේ එහෙමමයි....

      Delete
  7. හුගක් ලගින් ඇසුරු කරපු අයගෙන් වෙන් විම දුකක්
    සුබ ගමන් අමා

    ReplyDelete
    Replies
    1. මේ පැය කීපයක් විතරක් දුටු කෙනෙක් ගැන

      Delete
  8. සෑම හමුවීමකටම වෙන්වීමක් තියෙනවලුනේ..... ඒත් මං නම් එහෙම කැමති නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙනවනං කෙතරම් හොදද මලයා.

      Delete
  9. අර මූණූ පෝතේ ඔය ගමනට ගිය කීප දෙනෙක් දාලා තිබ්බ පොටෝ වලින්නම් අමා කියන අක්කව බලාගත්තා,, මගෙනුත් සුබ ගමන්,,ආයෙමත් එයි එයා ඔයාලව බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා දකින්න ඇතිනේ මං මෙතැනට ඒ එකක් වත් ගත්තේ නැ දරුවෝ.

      Delete
  10. හ්ම්ම්..අඩේ එදත් අපේ නලීන් අයියා සින්දුවක් එහෙම කිව්වද?

    ReplyDelete
    Replies
    1. එදා නං මලයෝ සින්දු ගොඩක්ම කිව්වා තමා.. කොංගෝවකුත් තිබුණනේ.

      Delete
  11. Naliyatath love mandama hadilada koheda.

    ReplyDelete
    Replies
    1. ඇනෝ හරියට පෝස්ට් එක කියවල නෑ වගේ.. කියවලා බලන්නකෝ.

      Delete
  12. මොකක්ද බන් මේ ලියලා තියෙන්නේ.... මම හිතුවේ ඒකි මළා කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කෙනාව මං දැක්කෙ එදාම තමා මාතලන්.. / මං 27 ලංකාවට ආවා (28) අද ඔයාලත් එක්ක සතුටින් හිටියා.. අනිද්දා මං ආයිමත් යනවා. මට ඉන්නේ පණ වගේ මේ යාළුවෝ ටික විතරයි../මේ වදන් ටික මගේ හිතට තදින්ම වැදුණා. ඒකයි මෙහෙම එක්ක් ලිව්වේ.

      Delete
    2. මාතලන් හෙන ගැහුව වගේ කියලා :ඩී

      මට හිනා යනව ඕයි.. නවත්ත ගන්න බැරෝ !!!!!!!!!

      Delete
    3. මාතලන් ඔබේ මේ වචන ටිකට මම අද කී වතාවක් හිනා උනාද.ඔබගෙ මවට පින්.මේ වගෙ වාචාලයකු :) මෙ බිමට බිහි කලාට.

      Delete
  13. මම ඔච්චර ජනප්‍රියද නලින් අයියේ ? ?

    හැබැයි අමා යා නංගි නම් මුහුණු පොතේ මම දැක්ක එක කුසෙන් ඉපදුනේ නැති උනාට මගේම සහෝදරියක් වගේ නංගියෙක්. හදවතින්ම මමත් සුබ පතනවා එයාට . කරන කියන හැමදේම හරියනං අමා නංගියෝ

    ReplyDelete
  14. ඔව් මලේ මට හිතෙන්නෙත් ඒ විදියටම තමයි...

    ReplyDelete
  15. හානේ.... මෙහෙම කතා අහන්නත් සතුටුයි. ඒ වගේ හමුවීම් මුණුපොතෙන් වෙන්නේ හරි කලාතුරෙන්නේ. අනික නොහදුනන හොද යාළුවෝ.....
    මාත් අමාට සුභ පැතුවා ඕන්......

    ReplyDelete
    Replies
    1. අදහන්නත් අමාරුයි නේද කතාව...

      Delete
  16. අපි නොදන්නවා උනාට ඔන්න අපිත් සුභ පතනවා සුභ ගමන් කියලා...........

    ReplyDelete
    Replies
    1. හරි මලේ මේ පෝස්ටුව තව දිනකින් විතර අමාත් දකියි..

      Delete
  17. මං නං අමා නිසා නෑවා ඈ.....

    ReplyDelete
    Replies
    1. පූල් එකේ බාල්දියෙන් නෑව තමා ඇයි මලේ මාත් නෑවනේ...මතකත් නෑ හරියට

      Delete
    2. apima inna ona ithin kattiyawa nawala ganna.

      Delete
  18. අමා.... නොදනිමි. ඒත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියා පතනවා. නලින් අයියා මේ කියන විදිහට ඇය හොඳ යෙහෙලියක් වෙන්න ඇති. ඒකයි වෙන්වීම තදින් දැනෙන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මම ඇය දකින්නේ එදාමයි.ඒත් පැය කීපයකට විතරයි.සමු ගන්න මොහොතේ ඇය කියු මේ දේ තමා මට තදටම වැදුනේග.// මං 27 ලංකාවට ආවා (28) අද ඔයාලත් එක්ක සතුටින් හිටියා.. අනිද්දා මං ආයිමත් යනවා. මට ඉන්නේ පණ වගේ මේ යාළුවෝ ටික විතරයි..//

      Delete
    2. hoda hadawath adura ganna mohothak athine.e wenwimanam godak dukbarai.

      Delete
  19. ඇත්තටම නලීන් අයියා මුල හරිය දැක්කම මටත් හිතුනෙ වෙන දෙයක්

    හැම හමුවීමකම වෙන්වීමක් තියෙනවා කියනවනෙ.මටත් හිතුන ඒ අමා අක්කිව අදුරගන්න.ඒත් ඒයා හුගාක් දුර ගිහින්නෙ..

    අයියා ඔයා ලස්සනට ලියලා තියෙනවා..හිතට දැනෙන්ම...

    ReplyDelete
    Replies
    1. මෑත කාලීනව මගේ හදවත සසල කළ සිදුවිමක් මෙය හිමා..මට තාම දුකයි ඒ දරුවා ගැන.. වසර ගනනාවක් විදෙස් රටක සිට ඇවිත් තමන් නුදුටු මිතුරු මිතුරියන් පිරිසක් සමග සතුටින් දිනක් ගත කර දින දෙකකින ආපසු ගිය ඇය ගැන මට දුකයි. මට හිතෙනවා ඇය නොකි කතාවක් තිබූ බවත්..

      Delete
  20. මටත් මුලින් හිතුනෙ ඔය මාතලන් කියපු දේ තමයි. මමත් ඒත් දුවගෙන ආවා මේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් හිතෙනවා මං වැරදි විදයකට ලියලි කියන එක සහෝ

      Delete
  21. සමහර යහලු යෙහෙලියෝ ඉන්නවා.. කිසිදාක නොදැක්කත් හරියටම දැන හඳුනාගත් දවසට හිතෙන්නේ මුලු ජීවිත කාලෙදිම හොදින් දැන හදුනාගත්තා වගේ හැගීමක්. ඒවෙලාවට හිතෙන්නේ ඇයි අපි කෙටි කාලයකට විතරක් හමුවුනේ කියල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තනේ දයා මං ඔබ වැනි ප්‍රවිණයෙකුට ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ

      Delete
  22. මුලින්ම හිතුවේ වෙන දෙයක් , දෙතුන් පාරක් කියෙව්වා අගක් මුලක් හොයාගන්න අන්තිමට කමෙන්ට් දැක්කම තේරුනේ එහෙම කණගාටු සිද්දියක් නෙමේ කියලා.....

    අමා කියන්නේ හොද යාලුවෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම...

    ReplyDelete
    Replies
    1. පැය කිපයකට දැක්ක දයාර්ද යෙහෙළියක් මලේ..

      Delete
  23. හිත හොද කෙල්ලෙක් වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම මට දැනුනේ නැත්නම් මෙවන් දෙයක් ලියැවෙන්නේ නැ සොයුරිය

      Delete
  24. මාතෘකාව දැක්කම මට හිතුණේ වෙන දෙයක්.. ඒත් පෝස්ටුව කියෙව්වාම ඒ අදහස නැති උණා. හොඳ මිතුරන් කෙනෙකුට හම්බ වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. ඒ අතින් ඔබත්, ඇයත් දෙදෙනාම වාසනාවන්තයි...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම අරුන්දති...ඇය අපට නොකිව් කතාවක් තියනවා කියලා මට හැගුනා.ඇයගේ හමුව මට සදා මතකයක්.

      Delete
  25. මටත් හරියට ඇගට වැදුන... කවුද අයියේ ඇත්තටම අමා කියන්නේ.

    සුබ ගමන් අමා අක්කේ... පරිස්සමෙන්.... බලාපොරොත්තු ඉටු කරගෙන... නිරොගීව ජිවත් වෙන්න සුබ පතනවා ..... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලේ... ඇඟටම වැදුන නිසා තමයි මේ පෝස්ටුව ලිව්වේ..ඇය අමා යා නමින් මුණු පොතේ ඉන්නවා.

      Delete
  26. හැම දේකම දෙපැත්තක් තියෙනවා කියන්නේ මේක තමයි. ගොඩාක් වෙලාවට නරක තැනක් කියලා හඳුන්වන මූණුපොතෙත් හොඳ අය ඉන්නවා. එහෙම නේද යාළු....?

    ReplyDelete
    Replies
    1. එය පැහැදිලිව ඔප්පු වුණු තැනක් තමා මේ. මේ දියණිය ලංකාවට එන්නෙම එයා සමග හිතවත් මුණු පොතේ මිතුරන් හමුවන්න.

      Delete
  27. ඇත්තටම නියම පාටිය. අමා ඔබට ස්තූතියි !!

    ReplyDelete
    Replies
    1. මමත් අනේක වාරයක් ඇයට තුති පුදනවා. බොහො හිත හොද පිරිසක් හදුන්වාදිම ගැන මලයෝ

      Delete
  28. ඉස්සර එක දිගට ලියපු කෙනෙක් අමා කියන්නේ. මට මතකයි එයාව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රීම්ස් නමින් බ්ලොග ලියලා තියෙන්නේ එයා තමා.

      Delete
  29. ලියලා තියෙන විදියට මඤ්ඤං වෙනවනෙ.....

    "අමා" මටත් යාන්තම් වගේ මතකයි....

    ReplyDelete
    Replies
    1. ලියා තිබෙන විදිය අප්සෙට්ද සුමියෝ...

      Delete
  30. ඇයි ඉතින් එයා ගියපු එකට දුක්වෙන්නේ.. මට නම් මේක තේරුම් ගන්නම බෑනේ නලින් අයියේ.. එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?

    ReplyDelete
    Replies
    1. මා ඇය ගැන පුද්ගලිකව කිසිම තොරතුරක් නොදනිමි. එහෙත් ඇගේ හැගුම් ප්‍රකාශනය තුළ මා දුටු දේ හා මෙරට ගත කළ දින තුන තුළ ඇය මුණ ගැසුණේ මේ මිතුරන් පමණක් වීමත් තුළයි මා මේ සටහන තැබූයේ..

      Delete
  31. නලී;අමාගේ >>දෑස් කෙවෙනි තුල දිදුලන කඳුල<<මිතුරු/මිතුරියන්ගෙ වෙන්වීම නිසාද නැත්නම් ඇයට උරුම සැගවුන කඳුලු කතාවක් තියෙනවද?කොහොමත් "සුභ අනාගතයක් අමා".[චින්තනයේ එක නොවේ :) :) ]

    ReplyDelete
    Replies
    1. මට නම්,මද පමණට පොඩ්ඩක් වැඩි උනාම කතා කරද්දී වචන ටැපෙලෙනව.නලින්ට ලියද්දි එහෙම වෙලාද මන්ද :)?.

      Delete
    2. මා ලියූ සටහනේ නියම තැන ග්‍රහණය වුණේ ඔබට කියලයි මට හිතෙන්නේ කෙන්ජි.

      Delete
  32. දැක්කම හිතුනෙ වෙන දෙයක්.. හපොයි වචන එලියට දාද්දි පරෙස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. හරියට සේරම ලිපිය කියෙව්වනං එහෙම හිතෙන්න විදියක් නෑ වන වදුල.

      Delete
  33. සිරාවට නලීන අයියේ මුල් ටික කියවද්දි මගේ හිතට මොකද්දෝ අමුතු හැගීමක් ආව.... ඇත්තම කිවුවොත් දුකක්... නමුත් ඔක්කොම කියෙවුවහම ඒ භය නැති උනා... නමුත් දුකයි... ඇයි කියල නම් දන්නෙ නෑ...

    අමා යා... ඔබට සුභ ගමන්.... ඉක්මනට ආයිමත් නලීන් අයියව සහ අපිව ( බ්ලොග් අවකාශයේ අපි ) හමු වෙන්න එන්න කියල ආරාධනා කරනව...

    ReplyDelete
    Replies
    1. ඇය තව දින කීපයකින් බුකියට බ්ලොග් ලෝකයට ඒවි . ස්තුතියි ඔබට.

      Delete
  34. යකෝ මාත් එක්ක චැට් කරන අමා නේද?

    මේකි මට එන්න කිව්වෙ නැහැනේ !

    ReplyDelete
    Replies
    1. @ sAm (සෑම්)
      මෙතන රහස නලින්ගෙ,ලියවිල්ල/කියවිල්ල/මද පමණට ගැනීම සහ ගීත ගැයීමේ හැකියාව.දැන් කාලෙ කොල්ලන්ට ඔය හැකියාවල් නැහැනෙ :).

      Delete
    2. අයියෝ සෑම් එදා ඔයත් හිටියනම් ජොලිම තමා.
      @ කෙන්ජි - අපට වඩා අද පරපුර දක්ෂයි.

      Delete
    3. නැතුව නැතුව නලී :).

      Delete
    4. ane samiyo boru kiyanna epa bola.chat history bala..man wande nathi tika witharai.

      Delete
  35. Replies
    1. අමා යා මුහුණු පොතේ ඉන්නවා..

      Delete
  36. හ්ම්ම්... මාත් දන්නෙ නෑ.. ඒත් සුභ පතනවා!

    ReplyDelete
  37. අමා ආයෙමත් මූණු පොතෙන් හමු වෙයිනේ . දුක් වෙන්න එපා .නොදුටු අමා , ඔබට සුභ ගමන් !

    ReplyDelete
  38. මමත් අමාට සුභ ගමන් කියනවා..!!!

    ReplyDelete
  39. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  40. අමාට අඩු ගානෙ මේව බලල හීනියට වචනයක් කොටන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ketuwa ketuwa,awurudu ekahamarakata passei dakke man meka.

      Delete
  41. මන් එයා නෙමේ අයියේ ,,මුලින් ඔයා අමායා ගැන අහද්දී මන් හිතුවා විහිළුවක් කියලා .. එයාගේ ජිවිතේ සතුටින් පිරෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා අයියේ

    ReplyDelete
    Replies
    1. ඇය ගිහින් දැන් මාස ගණනාවක් වෙනවා ඔමායා.. ඒත් ඇය ගැන කිසිම තොරතුරක් තාම නෑ.මහුණු පොතට එන්නෙත් නෑ.

      Delete
  42. awurudu ekahamarakata passe dakka me post eka nisa lassana mathakayak aluth una ayemath.mage jiwithe godak lassana dawasak eka.e dawasa lassana une oyala nisai.eka thawath lassana mathakayak kaanna me wage blog ekak liwwa oyatath godak pin aiye.e wagema mta wish keruwa hamotama godak sthuthi.

    ReplyDelete
    Replies
    1. හම්මේ මෙහෙමවත් දැක්ක එකම මදෑ.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT