සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ අංක 18 තැන පිහිටි නිවසේ මිදුලට අද (8) අලුයම තරමක් විශාල උල්කාපාතයක් කඩා වැටී ඇත. මෙම පාෂාණය තරමක් දියවෙන සුළු එකකි. එවැනි පාෂාණයක් තමා දුටු පළමු අවස්ථාව මෙය බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න කියයි.


උල්කාපාත කොටස්




මහාචාර්ය වරයා  පරික්ෂණ කරමින්





මෙය කිලෝ ග්රෑම් 10-20 අතර අවම බරකින් යුත් පාෂාණ වර්ගයකි.

මෙය ධූමකේතුවක කොටස් නොවන බවත්, පාෂාණ වර්ගයේ උල්කාපාතයක් විය හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා මෙම උල්කාපාතය වැටුනු ස්ථානයට පැමිණ රේඩියේෂන් මීටරයක් යොදාගනිමින් එම ස්ථානය පරීක්ෂා කළ අතර, උල්කාපාත යැයි සැක සහිත නියැදියන්හි එම අවස්ථාවේ විකිරණශීලීත්වයක් (චුම්බක ශක්තියක්)නොමැති බව තහවුරු කළේය.

නමුත් ඊයේ 07 දිනයේ දී ඇල්ෆා සෙන්චරින් නැමති උල්කාපාත වර්ෂාවක් ඇදහැලී ඇති බව පෙන්වාදුන් ජයරත්න මහතා, එය කුඩා වර්ෂාවක් බවත්, මෙම උල්කාෂ්ම ඊට සම කළ නොහැකි බවත් සඳහන් කළේය.

විශේෂයෙන් මෙය ලෝහමය(යකඩ) උල්කාපාතයක් නොවීම නිසා අධික වර්ෂාවත් සමග වි‍ශාල සාධක ප්‍රමාණයක් සේදී ගොස් ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මීට වසර 02කට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයට මෙවැනි උල්කාෂ්මයක් වැසි නැති දිනෙක වැටී තිබුනු බව පැවසූ මහාචාර්යවරයා, එය කුඩා කණාමැදිරි එළි මෙන් දිළිසී පිච්චුනු ස්වභාවයෙන් දක්නට ලැබුනු බවත් කීය.

කෙසේ වුවද මෙහි රසායනික සංයුතිය පරීක්ෂා කිරීමෙන් පසු මෙය පිටසක්වලින් පැමිණි එකක්ද, එසේත් නැතිනම් මෙරට ඛණිජවලින් සැදුනු එකක්ද යන්න සනාථකරගැනීමට හැකියාව ඇතැයි ද ඒ මහතා පැවසීය.

දැනට අදාල උල්කාෂ්මයක් යැයි සැක සහිත සාම්පල කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා සතියක කාලයක් ගතවිය හැකි බවත්, විශ්ලේෂණය කිරීමට මාසයක් පමණ ගතවිය හැකි බවත් මහාචාර්යවරයා සඳහහන් කළේය.

මීට පෙර මේ අයුරින් දියවුණු පාෂාණ හමු නොවීමද යම් සැකයකට හේතුවක් බවද මෙහිදී අනාවරණය විය.

අදාල නිවැසියන් මෙම පාෂානය වැටුනු ස්ථානයෙන් ඉවත්කිරීම නිසා එහි පරීක්ෂණකටයුතුවලට යම් හානියක් සිදු වී ඇති බව පැවසූ චන්දන ජයරත්න මහතා, මෙවැනි සැක සහිත යම් පාෂාණයක් දුටුවහොත් වහාම එම ස්ථානය බේසමකින් වසා නූලක් ඇද ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එය උල්කාෂ්මයක කොටසක් විය හැකි බව කියන ඔහු විද්‍යාගාර පරීක්ෂණ සඳහා එම කොටස් ලබා ගත්තේය. ඒවායේ විකිරණශීලීතාවක් හෝ යකඩ හෝ නැති බව ඔහු කියයි.
බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ සී ගුණතිලක මහතාගේ මිදුලට මේ ආගන්තුක පාෂාණය වැටී ඇත.

පරීක්ෂණ කණ්ඩායම් එහි  යන විට මෙම පාෂාණ කොටස් කුණුගොඩට දමා තිබිණි.

47 comments:

  1. යන්න ඕනේ අපේ මිදුලෙත් තියද බලන්න.. @යමින්

    ReplyDelete
  2. පාෂාන පරික්ෂනය කරන්න ඕන වෙලාව පරක්කු වෙලා නෙව

    ReplyDelete
    Replies
    1. ගල් ගැන පරීක්ෂණවලට වෙලාවක් ඕන ද දේශකයා.

      Delete
  3. අනේ ඔව්වැ ප්‍රතිපල අපට නොකිය එකනේ වැඩේ.. දැන් කිදොහාක් ඔව්වා කඩාං වැටුණද... කෝ අහවල් අහවල් අය ඇවිත් සැම්ප‍ල් ගෙනිච්චාට වැඩක් උනැයි. අපිට දැන ගන්න කිව්වොත් මොකැ අපි යනවා නේ කඩු කිණිසි අරන් පිටසක්වලයෝ අල්ලන්ට...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විමසිල්ලෙන් ඉන්නේ විස්තර ඉදිරියේ දී දමන්නං.

      Delete
  4. උල්කාත් වැටෙනුයේ අපේ නිවෙස්වලටමනේ....!

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ හරියෙද දන්නවනං එනවනේ තේ එකක් හෝ බීලා යන්න.

      Delete
  5. හුටා...හෙට ඉදන්වත් කුඩයක් අරං එලියට බහින්න ඕනි..

    ReplyDelete
    Replies
    1. කුඩේ අරන් තනියම යනවා එහෙම නෙමේ ඔන්න

      Delete
  6. වැරදිලාවත් යන එකක් වැටියන්කො අපේ මිදුලකට ! චික් ...

    ReplyDelete
    Replies
    1. එහෙනං වෙනි අයියට වෙන වැඩක් නැතිවෙයි. අර හොම්බ දිග කැමරාව අරං වටේම දුවයි.

      Delete
  7. සෙල්ලම් නෑ ඔලුවකට එහෙම වැ‍ටුනනම්.

    ReplyDelete
    Replies
    1. මේව වැටෙන්නෙත් කවුරුවත් නැති වෙලාවටමනේ..

      Delete
  8. පරික්ෂන කරන්න යනකොට පාෂාන කුනු ගොඩට දාල කියන්නෙ අපෙ මිනිස්සුන්ගෙ දැනුවත් බව තමයි.

    ReplyDelete
  9. ගල් වරුසා හැම තැනම...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලයා බලන්න ඔයාටයි අනුෂ්කටයි එරෙහිව මොනතරම් ගල් වරුෂා එනවද කියලා.

      Delete
  10. මහාචාර්ය චන්දන ජයරත්නත් සුලෝහිතෙයෙක් තමයි, නලීන්.

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා කාටද ආඩම්බර..

      Delete
  11. ඇයි වදේ දැන් දැන් මේ ලෝකෙ විතරක් නෙවි විශ්වයේ අවධානයටත් ලංකාව ලක්වෙලානේ. මට හරි ආඩම්බරයි හසන්ත, හරි ආඩම්බරයි. :)

    ReplyDelete
    Replies
    1. ඕකනේ හසන්ත මහත්තයෝ මං නිතරම කියන්නේ...........

      Delete
  12. අපේ ගෙදරට වැටුනේ නැහැනේ

    ReplyDelete
  13. සික්! පේපර් එක හදන එකාගේ ඔළුවට වැටුනේ නෑනේ!

    ReplyDelete
  14. ෂික්..බත්තරමුල්ලට වැටුන ඒකේ තව චුට්ටල් ඉස්සරහට ඇවිත් පැලවත්තේ මගෙ ඇනෙක්සියෙ මිදුලේ වැටුන නම් මොකද...

    ReplyDelete
    Replies
    1. පැලවත්ත පැත්තෙං යන වෙලාවක එන්නංකෝ ඔය පැත්තටත් ගොඩ වදින්න

      Delete
  15. පිටසක්වලයො අපිට ගල් ගහල මරන්නයි හදන්නේ දැං.. මෙව්ව ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණ..

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු විරෝධී වැඩක්.. ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න කරපු වැඩක් .. විදේශ බලල් අතක්..

      Delete
  16. අනේ ඔව්වා එකක් වැටෙන් නැනේ අරකගේ ඇගට

    ReplyDelete
  17. අනේ මංදා පාට පාට වැහි එහෙන් වහිනවා. මෙහේ උල්කාපාත කඩා වැටෙනවා.අනේ කාලේ වනේ වාසේ..

    ReplyDelete
    Replies
    1. මේවා අබුද්දස්ස කාලේ වැඩ තමා

      Delete
  18. අපේ ගෙදරටත් වැටුනානම් මගේ මුණත් තහඩුව ටි.වී. එකෙන් පෙන්න ගන්න තිබ්බා....හික්..... :)

    ReplyDelete
    Replies
    1. එවන්නද කැමරා කෘ එකක් දැන්මම.

      Delete
  19. එක පාරට අම්මි, තාත්ති, නංගි සහ අපේ උන්දෑ ගැන බයක් දැනුනා...

    ReplyDelete
  20. මම නම් කියන්නේ අර චන්ද්‍රිකාවේ කෑල්ලක් කියල

    ReplyDelete
  21. මාර ෂීන් අප්පා දැන් වෙන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. ලංකාව දැන් හෙනම සුපිරි පොට් එකක් වෙලා නේ..

    ReplyDelete
  23. හප්පට සිලි..පහුගිය දවස්වල අපි බැලුව උල්කාපාත වැටෙන හැටි.හැබැයි ගේ මිදුලට නං කඩාගෙන වැටුණෙ නෑ එකක්වත්.අපරාදෙ..))

    ReplyDelete
  24. පිටසක්වලින් ඇවිල්ලා ගල් ගහලද දන් නෑ නෙහ්...... :D

    ReplyDelete
  25. කිලෝ දහයක් විස්සක් කියන්නේ සෙල්ලන් ද.. රෑට එලියට යනකොට හෙල්මට් එකක් වත් ගෙන යන්න ඕනේ. පරීක්ෂන් ප්‍රතිපල දැන ගත්තොත් කියන්න නලින් අයියා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT