බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ අංක 18 තැන පිහිටි නිවසේ මිදුලට අද (8) අලුයම තරමක් විශාල උල්කාපාතයක් කඩා වැටී ඇත. මෙම පාෂාණය තරමක් දියවෙන සුළු එකකි. එවැනි පාෂාණයක් තමා දුටු පළමු අවස්ථාව මෙය බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න කියයි.
උල්කාපාත කොටස් |
මහාචාර්ය වරයා පරික්ෂණ කරමින් |
මෙය කිලෝ ග්රෑම් 10-20 අතර අවම බරකින් යුත් පාෂාණ වර්ගයකි.
මෙය ධූමකේතුවක කොටස් නොවන බවත්, පාෂාණ වර්ගයේ උල්කාපාතයක් විය හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මහාචාර්යවරයා මෙම උල්කාපාතය වැටුනු ස්ථානයට පැමිණ රේඩියේෂන් මීටරයක් යොදාගනිමින් එම ස්ථානය පරීක්ෂා කළ අතර, උල්කාපාත යැයි සැක සහිත නියැදියන්හි එම අවස්ථාවේ විකිරණශීලීත්වයක් (චුම්බක ශක්තියක්)නොමැති බව තහවුරු කළේය.
නමුත් ඊයේ 07 දිනයේ දී ඇල්ෆා සෙන්චරින් නැමති උල්කාපාත වර්ෂාවක් ඇදහැලී ඇති බව පෙන්වාදුන් ජයරත්න මහතා, එය කුඩා වර්ෂාවක් බවත්, මෙම උල්කාෂ්ම ඊට සම කළ නොහැකි බවත් සඳහන් කළේය.
විශේෂයෙන් මෙය ලෝහමය(යකඩ) උල්කාපාතයක් නොවීම නිසා අධික වර්ෂාවත් සමග විශාල සාධක ප්‍රමාණයක් සේදී ගොස් ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මීට වසර 02කට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයට මෙවැනි උල්කාෂ්මයක් වැසි නැති දිනෙක වැටී තිබුනු බව පැවසූ මහාචාර්යවරයා, එය කුඩා කණාමැදිරි එළි මෙන් දිළිසී පිච්චුනු ස්වභාවයෙන් දක්නට ලැබුනු බවත් කීය.
කෙසේ වුවද මෙහි රසායනික සංයුතිය පරීක්ෂා කිරීමෙන් පසු මෙය පිටසක්වලින් පැමිණි එකක්ද, එසේත් නැතිනම් මෙරට ඛණිජවලින් සැදුනු එකක්ද යන්න සනාථකරගැනීමට හැකියාව ඇතැයි ද ඒ මහතා පැවසීය.
දැනට අදාල උල්කාෂ්මයක් යැයි සැක සහිත සාම්පල කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා සතියක කාලයක් ගතවිය හැකි බවත්, විශ්ලේෂණය කිරීමට මාසයක් පමණ ගතවිය හැකි බවත් මහාචාර්යවරයා සඳහහන් කළේය.
මීට පෙර මේ අයුරින් දියවුණු පාෂාණ හමු නොවීමද යම් සැකයකට හේතුවක් බවද මෙහිදී අනාවරණය විය.
අදාල නිවැසියන් මෙම පාෂානය වැටුනු ස්ථානයෙන් ඉවත්කිරීම නිසා එහි පරීක්ෂණකටයුතුවලට යම් හානියක් සිදු වී ඇති බව පැවසූ චන්දන ජයරත්න මහතා, මෙවැනි සැක සහිත යම් පාෂාණයක් දුටුවහොත් වහාම එම ස්ථානය බේසමකින් වසා නූලක් ඇද ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එය උල්කාෂ්මයක කොටසක් විය හැකි බව කියන ඔහු විද්‍යාගාර පරීක්ෂණ සඳහා එම කොටස් ලබා ගත්තේය. ඒවායේ විකිරණශීලීතාවක් හෝ යකඩ හෝ නැති බව ඔහු කියයි.
බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ සී ගුණතිලක මහතාගේ මිදුලට මේ ආගන්තුක පාෂාණය වැටී ඇත.
පරීක්ෂණ කණ්ඩායම් එහි යන විට මෙම පාෂාණ කොටස් කුණුගොඩට දමා තිබිණි.
යන්න ඕනේ අපේ මිදුලෙත් තියද බලන්න.. @යමින්
ReplyDeleteතොප්පියක් දාගන ම යන්න
Delete+1
Deleteපාෂාන පරික්ෂනය කරන්න ඕන වෙලාව පරක්කු වෙලා නෙව
ReplyDeleteගල් ගැන පරීක්ෂණවලට වෙලාවක් ඕන ද දේශකයා.
Deleteඅනේ ඔව්වැ ප්‍රතිපල අපට නොකිය එකනේ වැඩේ.. දැන් කිදොහාක් ඔව්වා කඩාං වැටුණද... කෝ අහවල් අහවල් අය ඇවිත් සැම්පල් ගෙනිච්චාට වැඩක් උනැයි. අපිට දැන ගන්න කිව්වොත් මොකැ අපි යනවා නේ කඩු කිණිසි අරන් පිටසක්වලයෝ අල්ලන්ට...
ReplyDeleteඒ ගැන විමසිල්ලෙන් ඉන්නේ විස්තර ඉදිරියේ දී දමන්නං.
Deleteඋල්කාත් වැටෙනුයේ අපේ නිවෙස්වලටමනේ....!
ReplyDeleteඔයත් ඒ හරියෙද දන්නවනං එනවනේ තේ එකක් හෝ බීලා යන්න.
Deleteහුටා...හෙට ඉදන්වත් කුඩයක් අරං එලියට බහින්න ඕනි..
ReplyDeleteකුඩේ අරන් තනියම යනවා එහෙම නෙමේ ඔන්න
Deleteවැරදිලාවත් යන එකක් වැටියන්කො අපේ මිදුලකට ! චික් ...
ReplyDeleteඑහෙනං වෙනි අයියට වෙන වැඩක් නැතිවෙයි. අර හොම්බ දිග කැමරාව අරං වටේම දුවයි.
Deleteසෙල්ලම් නෑ ඔලුවකට එහෙම වැටුනනම්.
ReplyDeleteමේව වැටෙන්නෙත් කවුරුවත් නැති වෙලාවටමනේ..
Deleteපරික්ෂන කරන්න යනකොට පාෂාන කුනු ගොඩට දාල කියන්නෙ අපෙ මිනිස්සුන්ගෙ දැනුවත් බව තමයි.
ReplyDeleteඒක ඇත්ත දේශ්.
Deleteගල් වරුසා හැම තැනම...
ReplyDeleteඒකනේ මලයා බලන්න ඔයාටයි අනුෂ්කටයි එරෙහිව මොනතරම් ගල් වරුෂා එනවද කියලා.
Deleteමහාචාර්ය චන්දන ජයරත්නත් සුලෝහිතෙයෙක් තමයි, නලීන්.
ReplyDeleteදන්නවා දන්නවා කාටද ආඩම්බර..
Deleteඇයි වදේ දැන් දැන් මේ ලෝකෙ විතරක් නෙවි විශ්වයේ අවධානයටත් ලංකාව ලක්වෙලානේ. මට හරි ආඩම්බරයි හසන්ත, හරි ආඩම්බරයි. :)
ReplyDeleteඕකනේ හසන්ත මහත්තයෝ මං නිතරම කියන්නේ...........
Deleteඅපේ ගෙදරට වැටුනේ නැහැනේ
ReplyDeleteඅනේ හෙටම වැටියන්
Deleteමොනව හරි ළඟ වගේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒ වගේ තමා..
Deleteසික්! පේපර් එක හදන එකාගේ ඔළුවට වැටුනේ නෑනේ!
ReplyDeleteහික් හික්..
Deleteකො අනේ
ReplyDeleteෂික්..බත්තරමුල්ලට වැටුන ඒකේ තව චුට්ටල් ඉස්සරහට ඇවිත් පැලවත්තේ මගෙ ඇනෙක්සියෙ මිදුලේ වැටුන නම් මොකද...
ReplyDeleteපැලවත්ත පැත්තෙං යන වෙලාවක එන්නංකෝ ඔය පැත්තටත් ගොඩ වදින්න
Deleteපිටසක්වලයො අපිට ගල් ගහල මරන්නයි හදන්නේ දැං.. මෙව්ව ජාත්ත්‍යන්තර කුමන්ත්‍රණ..
ReplyDeleteආණ්ඩු විරෝධී වැඩක්.. ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න කරපු වැඩක් .. විදේශ බලල් අතක්..
Deleteඅනේ ඔව්වා එකක් වැටෙන් නැනේ අරකගේ ඇගට
ReplyDeleteකොකගෙද අටං
Deleteඅනේ මංදා පාට පාට වැහි එහෙන් වහිනවා. මෙහේ උල්කාපාත කඩා වැටෙනවා.අනේ කාලේ වනේ වාසේ..
ReplyDeleteමේවා අබුද්දස්ස කාලේ වැඩ තමා
Deleteඅපේ ගෙදරටත් වැටුනානම් මගේ මුණත් තහඩුව ටි.වී. එකෙන් පෙන්න ගන්න තිබ්බා....හික්..... :)
ReplyDeleteඑවන්නද කැමරා කෘ එකක් දැන්මම.
Deleteඑක පාරට අම්මි, තාත්ති, නංගි සහ අපේ උන්දෑ ගැන බයක් දැනුනා...
ReplyDeleteමම නම් කියන්නේ අර චන්ද්‍රිකාවේ කෑල්ලක් කියල
ReplyDeleteමාර ෂීන් අප්පා දැන් වෙන්නේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ලංකාව දැන් හෙනම සුපිරි පොට් එකක් වෙලා නේ..
ReplyDeleteහප්පට සිලි..පහුගිය දවස්වල අපි බැලුව උල්කාපාත වැටෙන හැටි.හැබැයි ගේ මිදුලට නං කඩාගෙන වැටුණෙ නෑ එකක්වත්.අපරාදෙ..))
ReplyDeleteපිටසක්වලින් ඇවිල්ලා ගල් ගහලද දන් නෑ නෙහ්...... :D
ReplyDeleteකිලෝ දහයක් විස්සක් කියන්නේ සෙල්ලන් ද.. රෑට එලියට යනකොට හෙල්මට් එකක් වත් ගෙන යන්න ඕනේ. පරීක්ෂන් ප්‍රතිපල දැන ගත්තොත් කියන්න නලින් අයියා.
ReplyDelete