ජෛව විවිධත්වයකින් හා සුන්දරත්වයකින් යුතු බලපිටිය මාදු ගඟ දකුණු ආසියාවේ තුන්වැනි රම්සා තෙත්බිම ලෙස ප්‍රකටය. ඈත අතීතයේදී මාදු ගඟ දූපත් 64කින් ස්පර්ශය ලබා ඇතත් මේ වන විට දූපත් 44කට සීමා වී තිබේ.
ගඟ බඩ අසිරිය නිවාඩු නිකේතනය සහ
කැප්ටන් බෝට්ටු සේවාවේ අධිපති චන්දන ප්‍රදීප්
|
ලොව දක්නට නොලැබෙන දුර්ලභ ඝණයේ කඩොලාන වර්ග, සංචාරක කුරුළු විශේෂ, සමනල වර්ග, ක්‍ෂීරපායින්, විසිතුරු මසුන් වර්ග, උභයජීවීන් ආදීන් ගෙන් පිරී ගිය සුන්දර මාදු නදිය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුව මගින් අභය භූමියක් ලෙස නම් කර ඇත.
මාදු ගඟේ සුන්දරත්වයෙන් මුසපත් වන දෙස් විදෙස් සංචාරකයන්ට එහි සුන්දරත්වය රිසිසේ අත් විඳින්නට අවස්ථාව උදා කර දෙන්නේ බලපිටිය කැප්ටන් බෝට්ටු සේවයේ අධිපති සහ ගඟබඩ අසිරිය සංචාරක හෝටලයේ හිමිකරු චන්දන ප්‍රදීප් මහතායි.
ගඟබඩ අසිරිය සංචාරක හෝටලයේ පිවිසුම |
ගාලු කොළඹ මහා මාර්ගය ඔස්සේ පැමිණෙන විට බලපිටිය මහ පාලම අසල කැප්ටන් බෝට්හවුස් නමින් ඉදි කළ මහා තොරණින් ඇතුළු වන විට ප්‍රතාපවත් පෙනුමකින් හෙබි නාවික ඇදුමකට සමාන ඇදුම් කට්ටලයකින් සැරසී විශාල උඩු රැවුලක් සහිත තේජාන්විත පුද්ගලයෙකු අහිංසක සිනාවෙන් ඔබ පිළිගනු ලබයි.
මාදු ගඟේ පාවෙන අවන්හල |
දුපත් ගැන තොරතුරු ඇතුලත් පුස්තකාලය |
කැප්ටන් බෝට් සර්විස් පිවිසුම |
පාසල් ජීවිතයෙන් සමුගත් පසුව බයිසිකල් රේස් පදින්න ආශාවක් ඇති වුණා. ඒ කාලේ මගේ දෙමාපියන්ට එතරම් මුදල් තිබුණේ නෑ. ආශාවට ගෙදර තිබුණ බයිසිකලයෙන් අවුරුදු උත්සවවල පාපැදි තරග වලට ඉදිරිපත් වී ප්‍රථම ස්ථාන රැසක් ලබා ගත්තා. එදා ප්‍රසිද්ධ බයිසිකල් සවාරියක් වන ගාලු සවාරිය පැදලා ප්‍රථම ස්ථානය ද හිමි කර ගත්තා.
අවුරුදු 24 දී විදේශ රටක නෞකාවක නාවිකයෙකු ලෙස සේවය කරන්න ලැබුණා. අවුරුදු 12 ක් නාවික ක්‍ෂේත්‍රයේ විවිධ අංශවල තනතුරු දරමින් සේවය කළා. නාවික ජීවිතයේදී රටවල් ගණනාවක සංචාරය කිරීමටද හැකි වුණා. එම රටවල සංචාරය කිරීමේදී සංචාරක ක්‍ෂේත්‍රය පිළිබඳ දැනීමක් ලබා ගත්තා.
1998 නාවික රැකියාවෙන් ඉවත්වී චන්දන සිය ව්‍යාපාරයක් ආරම්භ කරන්න කල්පනා කරමින් සිටි අවදියේ කුඩා කල සිට ඇසුරු කළ නලින් ඉන්දික නම් මිතුරකු සමග මාදු ගඟේ බෝට්ටුවෙන් යද්දි ග්‍රීසියේ දුපත් ප්‍රදේශයකදී ලද සෞන්දර්යාත්මක අත්දැකීම් ඔහුට සිහිපත්ව තිබේ.
එම මතකයත් සමගම දෙස් විදෙස් සංචාරක ගත සිත බැඳ තබා ගන්නට මාදු ගඟේ දූපත් අවට අසිරිය ඉහළින්ම සමත් වෙනවාට කිසිම සැකයක් නැති බව පසක් කරගත් ඔහුගේ සිතේ සංචාරක ව්‍යාපාරයක් ගැන මුල්ම බීජය හටගෙන ඇත්තේ එදාය. ළඟ තිබුණු මුදල් ටිකෙන් බලපිටිය මහ පාලම අසලින් අඩි 20ක් පළල අඩි 60ක් දිගකුඩා බිම් කඩක් මිලට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.
මූලිකව මාදු ගඟ පිළිබඳ සම්පූර්ණ දැනීමක් පොත පතින් සහ මාදු ගඟ සම්බන්ධ අවබෝධයක් තිබු වැඩිහිටියන්ගෙන්ද ඔහු ලබා ගෙන තිබේ. මුලින්ම බෝට්ටු හතරකින් ඔහු සංචාරක බෝට්ටු සේවාව ආරම්භ කළ අවදියේ සිටියේ සේවකයන් හතර දෙනෙකි.
සිය ව්‍යාපාරයේ සාර්ථකත්වය උදා කර ගත් ආකාරය විස්තර කළ චන්දන මහතා මුල් කාලයේ සංචාරකයන් ගෙන්න ගන්න විශාල කැපවීමක් කළා. සංචාරක ආයතනවලට ගිහින් දැනුවත් කළා. ගාලු පාර ළඟට වෙලා මාදු ගෙඟ් යන්න කතා කළා. මේ ආකාරයට දැනුවත් කිරීමත් සමග දේශීය විදේශීය සංචාරකයන් ඇදී එන්න පටන් ගත්තා.
මේ වන විට සංචාරක බෝට්ටු 40ක් පමණ තියෙනවා. පැමිණෙන දේශීය විදේශීය හැම සංචාරයෙකුටම මාදු ගඟේ නැරඹීමට සුන්දර ස්ථාන, කඩොලාන පද්ධතිය, මත්ස්‍ය වර්ග පිළිබදව, කුරුළු වර්ග, උභය ජීවීන්, දුපත් ආශ්‍රිත කර්මාන්ත ආදි සියල්ල පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරනවා.
ඒ වගේම දේශීය විදේශීය හැම සංචාරකයෙකුටම බෝට්ටු සංචාරයේදී ආරක්ෂක කබා ලබාදීමත් සංචාරයේදී සුන්දර නදියේ පරිසරයට කිසිදු හානියක් සිදු නොකරන ලෙසත් උපදෙස් දෙනවා. පැමිණි දේශීය හා විදේශීය සංචාරකයන් මාදු ගඟේ සුන්දරත්වය අනෙක් සංචාරකයන්ට දැනුවත් කිරීම නිසා විශාල සංචාරකයින් පිරිසක් මාදු ගඟ නැරඹීමට දිනපතා පැමිණෙනවා.
පැමිණෙන හැම සංචාරකයෙකුටම අවශ්‍ය ආහාර ඕනෑම වෙලාවක කැමති ආකාරයට ලබා ගැනීමට ගඟ බඩ වලව්ව නමින් හෝටලයක් කැප්ටන් බෝට් හවුස් ආයතනය ආසන්නයේම ඉදි කර තිබෙනවා. එම හෝටලයේ පාවෙන අවන්හල්, පිහිනුම් තටාකයක්, නවාතැන් ගැනීමට කාමර, විවේක ස්ථාන ආදි පහසුකම් රැසක් තිබෙනවා.
මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට මගේ බිරිඳ චම්පිකා වසන්ති ද සොයිසා විශාල සහයක් ලබා දෙනවා. මේ වන විට හතළිහක් පමණ සේවක පිරිසක් මා ළඟ සේවය කරනවා. ඒ සියලු දෙනා ඉතා සතුටින් සේවය කරන්නේ මේ සියලු දෙනා භාෂා දෙකම දැනුම ලබාදී තිබෙනවා. මේ රැකියාවන්ට අමතරව මාදු ගඟ ආශ්‍රිත ජනතාවත් අපේ සංචාරක බෝට්ටු සේවාව නිසා විශාල ආදායමක් උපයා ගන්නවා.
සංචාරක බෝට්ටු කර්මාන්තයේදී ගෙඟ් පරිසරයට හානියක් නොඑන විධියට සංචාරක බෝට්ටු සේවාව පවත්වා ගෙන යන්නේ. අපි මසකට වරක් සංචාරකයන් ගඟේ දමන අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ පිළිබඳ දැනුවත් කර පුවරු සවි කර තිබෙනවා.
ගඟේ පරිසරය ආරක්ෂා වුණොත් පමණයි අපගේ සංචාරක බෝට්ටු සේවාව සිදු කරන්න පුළුවන් වන්නේ. මාදු ගඟේ සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කර ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වැදගත් වන බවද ඔහු අවධාරණය කළේය.
විශේෂ ස්තුතිය මාදු ගඟේ සවාරියට මට ඇරියුම් කළ බලපිටියේ දිලීප් නිශ්ෂංක හිත මිතුරාට
ස්තුතියි෴ තොරතුරු වලට ....
ReplyDeleteබොහොම ස්තුතියි ලිපියට. මටත් එහි යන්න ආසාවක් ඇතිවුනා.සන්චාරයකට අවශ්ය සේරම කරුනු ඔබේ ලිපියේ තිබෙනවා. වැඩිදුර විස්තර දැනගන්න ඊ මේල් එකක් හරි දුරකතන අන්කයක් හරි තියෙනවද?
ReplyDeleteලස්සන තැනක් වගේ. මටත් යන්න ආසාවක් ඇති වුනා.....
ReplyDeleteමීට අවුරුදු 7-8 කට පෙර මමත් මාදු ගඟේ සිරි නරඹන්න ගිහින් තියනවා . ඒක හරිම සුන්දර අත්දැකීමක් . ඒකාලේ මෙතරම් දියුණුවක් තිබුනේ නෑ .
ReplyDeleteස්තූතියි තොරතුරු වලට . ආයෙම යන්න හිතෙනවා .
මරුනේ...වෙලාවක යන්න ඕන රවුමක් දාල එන්න..
ReplyDeleteඅනිවාර්යෙන්ම යන්න ඕනේ මෙතනටනම්....
ReplyDeleteමමත් මේ ආයතනයේ සේවය ලබාගෙන තියනවා. මේ ගොල්ල ගාව තියෙනවා එකපාර ගොඩක් දෙනෙකුට යන්න පුළුවන් ලොකු බෝට්ටුවක්. මාදු ගඟ නොබලපු දෑස් මක්කටෙයි කියලා හිතෙනවා අනිවාර්යයෙන්ම බැලිය යුතු තැනක්.
ReplyDeleteෂාහ් සුපිරි ප්ලේස් එකක් නොවැ ..
ReplyDeleteආසයි යන්න. මේ පාර ගියාම යන්න උත්සාහ කරන්න ඕනේ. ස්තූතියි නලින් අයියට.
ReplyDeleteමලේ ලඟදී විල්පත්තුවත් රම්සා තෙත් බිමක් හැටියට නම් කළා. දැං ලංකාවෙ රම්සා තෙත් බිම් 6 ක් තියෙනවා. (බුන්දල, ආනවිලුන්ඳාව, මාදු ගඟ, වාන්කලේ, කුමන, විල්පත්තුව). ඉදිරියෙදි උතුරේ තව කීපයක්ම නම් කරයි.
ReplyDeleteවිල්පත්තුව රැම්සා තෙත් බිමක් හැටියට නම් කරපු එක සුබ ආරංචියක්. හැබැයි ඒක මැද්දෙන් පාරවල් කපන එක තමයි නරක ආරංචිය.
Deleteමේ පැත්තේ නම් යන්නම ඔනා වගේ..... කිතුල්ගල යන්න උන්නා.. එක හරි.. එහෙමනම් ඊලගට මාදු ගග... ස්තුතියි නලින් අය්යා..
ReplyDeleteපාරිසරික අතින් වටිනා තැනක්. /*අපි මසකට වරක් සංචාරකයන් ගඟේ දමන අපද්‍රව්‍ය ඉවත් කරනවා.*/ මේක නම් හොඳ වැඩක්. ඒ වගේම බලන්න යන අයත් එවැනි ස්ථාන අපවිත්‍ර නොකරන්න වගබලා ගන්න ඕන.
ReplyDeleteකොළඹ හෝටල් වලට වගේ අනිවාර්ය අවම මිලක් තීන්දු වෙලා නැද්ද මේවයේ?
ReplyDeleteකැප්ටන්ගෙ උඩු රැවුල නියමයි!!!
නැත එතැනදි ගන්න සේවාවන් අනුව තමයි මිල නියම වන්නේ... කොහොම වෙතත් සුන්දර අද්දැකිමක් ලබන්න හැකියි.
Deleteකැප්ටන් ප්‍රදීප් චන්දන අපේ ඩොක්ට චන්දන ප්‍රදීප්ගේ කවුරු හරිද දන්නෑ....
ReplyDeleteහොද විස්තර ටිකක්.. ලංකාවට ආවම රවුමක් දාලා එන්න යන්න ඕන..
ReplyDeleteසුන්දර මිනිසෙකුගේ මතකයන් සමඟ එක කර ඇති කරුණු වැදගත් මෙන්ම කෙනෙකුට යන්න හිතෙන විදියට ගොනු කර ඇත.මම මාතර විත් තවම එහි යන්න නොලැබිම ලැජ්ජාවට කරුණක්ද මන්දා.ස්තුතියි නලින් අයියේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නංගි මාදු ගඟ ...මාතර නොවේ..! බලපිටියෙ...අම්බලන්ගොඩ
Deleteඅහ්හ් මරුනේ... කියවද්දී යන්න ආසාවක් ඇති උනේ... දවසක යන්ට ඕනා..
ReplyDeleteකිට්‍ටුව පාත හිටියත් තාම යන්න බැරි උනා...!
ReplyDeleteලස්සන තැනක්. කියපු විස්තර අහලා ගිහින් බලන්න ආසාවක් ඇති උණා. ස්තූතියි නලින් තොරතුරු වලට
ReplyDeleteමම නම් වැඩිය ට්‍රිප් යනවා හොරයි මොකද මට \ඇවිදින්න යනකොට නින්ද යනවා
ReplyDeleteලංකාව පුරා ඇවිද්දත් තවම එක දවසක්වත් යන්න බැරි වුණ තැනක් තමයි මාදු ගඟ. මේ ගඟ උඩින් එහා මෙහා ගියත් එහි අසිරිය විඳගන්න බැරිවුණා..
ReplyDeleteපට්ට ප්ලේස් එකක් වගේ ඈ! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකක්ද මේ රම්සා තෙත බිමක් කියන්නෙ?
ReplyDeleteනලීන්, අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේවගේ චාරිකා සටහන්, මිසක් ප්‍රවෘති, පොත් විචාර වගේ දේවල් නෙවෙයි. අනේ ආපහු අර පරන නලීන් වෙයං. හැබෙයි අර කුරුල්ලා නම් ගෙනාවොත් ඌට වෙඩි තියනවා. :D
What is Ramsar
Deleteපරිසරය රැකගෙන මේ වගේ දේවල් කරනවනං සතුටු වෙන්න ඕන.
ReplyDeleteනියම විස්තරයක් නලීන්.
මගේ ජීවිතේ මම යන්න කැමති අපූරුම ස්ථාන දෙකෙන් එකක් තමයි මාදු ඟඟ...දෙවැනි ස්ථානය අම්බුලුවාව..ස්තූතියි නලින් අයියා මෙහෙම විස්තරාත්මකව දැනුවත් කලාට..
ReplyDeleteචමින්ද ගුණරත්න
මේ පාර දිගේ...
oba pudumakaara liviime hekiyawak eti rachakayek..itamat pahadili. sit badana sului obe siyaluma nirmanayan. seema lipiyakma patan gattot eya awasanaya dakvaama kiyawa nima kala yutu taram rasawatya. harawatya....praviinayan ha obat atara kisima wenasak mata soya gata nohakiya. samahara vita oba praviinayantat ihalin bawa pawasiya heka. suba petum maage.
ReplyDeleteස්තුතියි මිත්‍රයා...
Deleteඅපේ අම්මලාගේ මහ ගෙවල් වල ඉඳල හරිම ලඟයි. මම හැම පාරම මාදු ගඟේ යනවා හැබැයි කනගාටුවට කරුණ දැන් ගොඩක් පරිසරේ විනාස වෙලා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉස්සර වගේ නෙවෙයි
ReplyDeleteමාදු ගඟේ බෝට්ටු සවාරියක මාත් යෙදිලා තියේ,හරිම අපූරු බෝට්ටු ගමන නලීන් අයියේ,ඉස්තරම්.. ලිපියත් එක්කම ආයේ යන්න ඇත්නම්......
ReplyDeleteපරිසරය රසවිදින්න අය එය ආරක්ෂා කිරීමට වගබලා ගතයුතුයි. ඒ පරිසර සුන්දරත්වය අපේ මුතුන් මිත්තන් අපට උරුම කර දුන්නා සේම මතු පරපුරටත් දැක බලා ගන්න අවස්ථාව උදාකර දීම අපේ යුතුකමක් නොව වගකීමකි.
ReplyDelete.
This comment has been removed by a blog administrator.
ReplyDeleteමේ ඉහත කමෙන්ට් එක දාල තියෙන්නේ ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ කියන ගොබ්බ නපුංසකයා..කරුණාකරලා මට මීට විරුද්ධව ගතහැකි නීත්‍යාණුකූල ක්‍රියාමාර්ග දන්වන්න..මා එක්වරක් පැමිණීලි කලා ඔහුගේ අඩවිය පමණක් අක්‍රීය කරලා තිබුනා..මේ ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ නැමැත්තා දිගින් දිගටම නා නමින් ගෙන යන මේ මඩ ව්‍යාපාරය තුලින් ඔබ යම් අපහසුතාවයකට පත්විනි නම් ඊට කනගාටුව ප්‍රකාශ කරමි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete