සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අද උදෑසන මා හමුවන්නට මොරටුව ඉන්ජිනේරු පීඨයේ සහෝදරයෝ දෙන්නෙක් ඇවිත් තිබුණා. ඒ සහෘදයන් ගේ දැස් තුළ වූ ආයාචනාත්මක බව නිසාම ඔවුන්ට කරන උපහාරයක් ලෙසයි මේ සටහන මෙතැනට එක් කරන්නේ.
කලක පටන් මෙරටට වින කටින දේශපාලන පක්ෂයක ඉත්තන් බවට පත් වූ අපේම රටේ තවත් සිසු කැලක් නිසා මේ ඉන්ජිනේරු සිසුන් විඳින ගැහැට ගැන ඇත්තටම කනගාටුයි.


මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා ජාතික තාක්ෂණික ආයතනය අතර ඇති ගැටුම් කඩිනමින් විසඳා විශ්වවිද්‍යාලය කඩිනමින් යළි විවෘත කරන්නැයි ඉංජිනේරු ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පාලනාධිකරියෙන් ඉල්ලීමක් කරයි.

මෙම ගැටලුව විසඳීමට ඇති එකම මාර්ගය ජාතික තාක්ෂණික ආයතනය විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් කර වෙනත් තැනක ස්ථාපිත කිරීම බවත් එම ශිෂ්‍ය සංගමය පවසයි.

‍ඉංජිනේරු සිසුන් හා එන්.ඩී.‍ටී. සිසුන් අතර පවතින මෙම ගැටුම 1994 වසරේ සිට ආරම්භ වු බවත් එය මේ වන විට ඉතා දරුණු මට්මට පැමිණ තිබෙන බවත් පවසන එම ශිෂ්‍ය සංගමය ඉංජිනේරු සිසුන්ට අවශ්‍ය වන්නේ දේශපාලන අවශ්‍යතාවයන්ගෙන් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාම බවත් කියයි.

තාක්ෂණ ආයතනයේ සිසුන් කිසියම් දේශපාලන අවශ්‍යතාවක් අනුව කටයුතු කරන බව පෙනී යන බවත් ඔවුන් ඉංජිනේරු සිසුවකුට බරපතල ලෙස පහර ‍දුන්නේ එම දේශපාලන අවශ්‍යතාවය අනුව බවත් ඉංජිනේරු ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

ඉංජිනේරු සිසුන්ට අවශ්‍ය දේශපාලන බලපෑම් වලට යටත් නොවී අධ්‍යාපන කටයුතු කර ගෙන යාම යැයි ද එම සංගමය අවධාරණය කරයි.

1994 දී එන්.ඩී.ටී. සිසුන් තමන්ට ලබා දෙන සහතිකයට අධ්‍යක්ෂකවරයාගේ අත්සන වෙනුවට උපකුලපතිතුමාගේ අත්සන ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ මෙම ගැටුමට මඟ පෑදී තිබෙන බවද එම ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. වරින් වර දුර දිග ගිය මේ ගැටුම ශිෂ්‍ය අරගලයක් දක්වා වර්ධනය වු බවත් පවසයි.



තාක්ෂණික ආයතනය වෙනම ස්ථානයක ස්ථාපිත කිරිම කඩිනම් කිරිම මඟින් ගැටලු අවම කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ඒ අනුව සිසුන් දෙපිරිසටම තමන්ගේ ගැටලු වෙන වෙනම විසඳා ගැනීමට ඉඩ ලැබෙන බවත් සංගමය ප්‍රකාශ කරයි.

7 comments:

  1. නිකම් කාලේ කනෝ විතරයිනේ බලන් ගියාම විස්වවිද්‍යාල සිසුවෝ කරන්නේ නේ..

    ReplyDelete
  2. ඔත්තොම ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙනත් ඒකවත් සමාදානෙන් වත් කරගන්න බැරි කාගේ කාගෙත් මහන්තතකමදෝ මන්දා?

    ReplyDelete
  3. විශ්වවිද්‍යාලිය සිසුන් හැටියට තේරෙන්නේ උසස් පෙළ කරන සිසුන් අතරින් අධ්‍යයාපනික පැත්තෙන් ඉහල මට්ටමේ ඉන්න ළමයි...මම නම් හිතන්නේ විශ්වවිද්‍යාල ළමයි මිට වඩා ආකල්පමය හා සදාචාරාත්මක අතින් ඉහල ඉන්න ඕන කියලයි..එත් අවාසනාවකට තාම ඒ මට්ටමට විශ්වවිද්‍යාල ළමයි ඇවිල්ලා නෑ..

    ReplyDelete
  4. එන්ඩිටී සිසුන් අහුවෙලා ඉන්න දේශපාලන පකෂය තමයි මේ හැමදේටම හේතුව. සහතිකය සම්බන්ධයෙන් උපකුලපති තුමාගේ අත්සන විතරක් නෙමෙයි, පාඨමාලා කාලය අවු. 3ක් කියන එක සහතිකයෙන් ඉවත් කිරීම දක්වා ඔවුන් අරගල කළා. ඔවුන් වි. විද්‍යාලයෙන් ඉවත් කිරීම සම්මත වෙලා දැන් අවුරුදු ගණනක්. එය කඩිනම් කිරීම පමණයි කළ යුතු.

    ReplyDelete
  5. ඔය ගැන මම කාලෙකට කලින් ලිව්ව ලිපියක් තිබ්බා, ඒ නම් පේරාදෙණි ගැටුම ගැන. ඒත් ඒක මෙතනටත් වලංගුයි. මෙන්න පාර.
    http://xandaraya.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  6. නලින් අයියගෙ සටහන නම් ගොඩක් අගෙයි..
    ඔය තාක්ෂණික ආයතනය දියගම ප්‍රතිස්ථාපනය කරන වැඩේ ඉක්මන් උනා නම් මෙ ප්‍රශ්නෙ ඉක්මනටම විසදෙනවනෙ. එහෙනම් විශ්වවිද්‍යාලය ඇතුලෙ එක එක්කෙනාට කඩේ යන දේශපාලන පෝස්ටර් ඇලවෙන එකත් සම්පුර්ණයෙනම නවතිනව..

    ReplyDelete
  7. හෆුයි, අපි ඔව්ව දන්නෙ නෑ. කාගෙ කාගෙත් මෙව්ව වල හුනු චුට්ට චුට්ට හරි ඇති. ඉගෙනගන්න එන උන් ඉගෙනගන්න එක විතරක් කරනව නම් ඔව්ව ඔහොම වෙන්නෙ නෑ කියන එක තමයි ඇත්ත.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT