සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




මේ වසර අවසන් වනවිට සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාරව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් යාපනය දිස්ත‍්‍රික් ජනතාව වෙනුවෙන් ඉදිකළ ..උතුරු ජනනි.. නව විදුලි බලාගාරය, අද පෙරවරුවේ විදුලිබල හා බලශක්ති ඇමතිනී නීතීඥ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ ආරාධනයෙන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරිණි.




මෙතෙක් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනිමින් යාපනය දිස්ත‍්‍රික් ජනතාවගේ විදුලි අවශ්‍යතා සපුරාලීමට සිදුවූ අතර ඒ වෙනුවෙන් ලංවිමට විශාල වියදමක් දැරීමට සිදුවිය. විදුලිබල ක්ෂේත‍්‍රය මුහුණපා ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම වෙනුවෙන් මිල අවම විදුලි උත්පාදන ක‍්‍රම වෙත අනුගතවීමේ සැලස්ම යටතේ දැවි තෙල් යොදාගනිමින් ක‍්‍රියාත්මක කෙරෙන මෙම නව විදුලි බලාගාරයේ එක් විදුලි ඒකකයක් වෙනුවෙන් වන පිරිවැය රු. 17.86 ක් වේ. මෙගාවොට් 24 ක ධාරිතාවයෙන් යුත් මෙම උතුරු ජනනි බලාගාරයේ වාර්ෂික විදුලි ධාරිතාවය ඒකක මිලියන 176 කි.  මෙමගින් ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව  රු. මිලියන 1350 ක මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇතැයි ගණන් බලා තිබේ. 

ලංකා විදුලිබල මණ්ඩලයේ මගපෙන්වීම යටතේ දේශීය සමාගමක් වන ලක්දනවි සමාගම මගින් පසුගිය වසරේ අපේ‍්‍රල් මස ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙම විදුලි බලාගාරයේ වැඩකටයුතු, මේ වසරේ ජනවාරි මස වනවිට නිමකිරීමට සමත් වි තිබේ. දේශීය ආයෝජන මත, දේශීය ඉංජිනේරු ඥාණයෙන්  ඉදිවූ මෙම  'උතුරු  ජනනි' නව විදුලි බලාගාරය සඳහා රු. මිලියන 3500 ක් වැයකර ඇතැයි ගණන් බලා ඇත. ඉන්ධන ගබඩා කිරීම, පිරිපහදු පහසුකම් ආදි අංගයන්ගෙන් සමන්විත මෙම නව බලාගාරය, පරිසර හිතකාමී අපද්‍රව්‍ය අපහරණ පද්ධතියකින්ද සමන්විත වේ. 

මෙම විශේෂ අවස්ථාවට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර, සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් මෙන්ම විදේශීය රාජ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.

No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT