සුද්දා ශ්‍රී ලංකාවට කඩා වැදුණේ බොක්සිං වළල්ලේ නම ගත් චණ්ඩියකු ලෙස ය. ඔහු ගේ අභිප්‍රාය වූයේ හැකිතාක් කොල්ලකෑම හා හැකිතාක් “ෆන්” එක ගැනීම ය. එදා ශ්‍රී ලංකාව ඊට හොඳ පාරාදීසයක් විය. එහෙත් අද ඒ සූදු පොළ නැත. අද සුද්දාට ද මෙහි ඉඩක් නැත. ස්වාධීන ව හා ස්වතන්ත්‍රව තීන්දු – තීරණ ගනු ලබන නුතන විරුවන්ට නන්දසේන වික්‍රමාරච්චිගේ නවකතාවෙන් බොහෝ දේ උගත හැකි ය. සුද්දා ගැන ඉගෙනගන්න ධවල ස්වප්නය කියවන්න අපගේ නිර්දේශය එය යි.
“ඔවුන්ට රජවරු කී දෙනෙක් ඉන්නවා ද? හැමදාම කොහේ හෝ විහාර ස්ථානයෙක රජ කෙනකු අභිෂේක කරනවා. සිංහලයන්ට රජකු නැතිව කිසිවක් ම කරගන්නට බෑ. අන්තිමේ දී රජවරු රජවරු ම කා ගනී වි.”
- ධවල ස්වප්නය /10 පරිච්ඡේදය / 267 පිටුව
16 වන සියවසෙහි අගභාගයේ දී පමණ ආරම්භ වූ කන්ද උඩරට රාජ්‍යය හෙවත් මහනුවර රාජධානිය වැඩිකල් නො යාම පරිහානියට ලක් විය. එහි කැපී පෙනෙන ලක්ෂණය වූයේ උඩරට උරුමය හිමි ශක්තිමත් පෞරුෂයකින් හෙබි පිළිගත හැකි රජකු හෙවත් නායකයකු නොමැති වීම ය. ඉන්දීය සම්භවයකින් යුතු ප්‍රභූන් උඩරට නායකත්වය අල්ලා ගැනීම, දකුණෙන් සංක්‍රමණය වූ පුද්ගලයන් උඩරට දී අභිෂේක ලැබීම, ඉංගී‍්‍රසීන් මහනුවර ඉඩම් කොල්ලකෑම හා උඩරට රදළයන් අතර නිමක් නැති ගැටුම් ඇති වීමත් ඉහත කී හේතු - සාධකයේ අත්‍යන්ත ප්‍රතිඵල වේ. 18 වන සියවස වන විට එහි ආර්ථිකය, පරිපාලන ව්‍යූහය සාරධර්ම පද්ධතිය හා මහත් අභිමානය බින්දුවට ම පිරිහී තිබිණි. නන්දසේන වික්‍රමාරච්චි මහතා ඉහත කී විපරීත යුගය පසුබිම් කොට නවකතාවක් ලියා තිබේ. එය “ධවල ස්වප්නය” නම් වේ.
නූතන ප්‍රබන්ධ - කථා හෙවත් නවකතා පිළිබඳ අර්ථ දක්වන විචාරකයන්ගේ එක් විලාසයක් වන්නේ නවකතාව අවශ්‍යයෙන්ම එක්තරා කාල පරිච්ඡේදයක සමාජ - ආර්ථික යථාර්ථයන් හෙළි දරව් කළ යුතුය යන්න ය. එය ප්‍රමුඛ කොට සලකන විචාරක පැළැන්තිය ක් ද සිටී. ඒ අනුව ගතහොත් නන්දසේන මහතා 18 වන සියවසේ මැද භාගයේ කන්ද උඩරට ජීවන යථාර්ථයන් නිරූපණය සඳහා බලවත් පරිශ්‍රමයක යෙදී ඇති බව පෙනෙයි.
රොජර් ස්මිත් නම් සුදු ජාතික තරුණයා උත්සාහවන්ත කාර්යශූර ව්‍යාපාරිකයෙකි. ඔහු ලන්ඩනයෙන් නැව් නැඟ ගාලු වරායට සේන්දු වන්නේ ශ්‍රී ලංකාවේ කෝපි වගාවට සම්බන්ධ වී දියුණු වීම සඳහා ය. ඔහු තම ප්‍රධාන ඉලක්කය සම්පූර්ණ කර ගනී. එහෙත් ඔහුගේ සිහින බිඳ වැටේ. ඔහු කන්ද උඩරට ගල් තලාවක් මත ඉදිකළ අපූරු මාළිගාව මහවැලි ගංවතුරේ ගසාගෙන යයි. රොජර්ගේ රොමෑන්තික ලෝකයේ අග රැජන වූ කුමාරිහාමි කිසි කලෙක ඔහුගේ සහකාරිය නොවී ඈතට - ඈතට පාවී යයි.
එක අතෙකින් රොජර් ස්මිත් නම් ප්‍රධාන චරිතයේ රොමෑන්තික ලෝකයත් තව අතෙකින් ඔහු ව්‍යාපාරික ලෝකයේ දී මුහුණ දෙන කර්කශ ගැටුමත් එකවර නිරූපණය කිරීමට කතුවරයා ප්‍රයත්න දරයි. ඔහු; එනම් නවකතාකරුවා ;රාමෑන්තික ලෝකයේදී අතරමං වන අතර යථාර්ථවාදී ලෝකයේ දී සාර්ථක වන බවක් පෙනෙන්නට තිබේ. අප යථාර්ථවාදී ලෝකය ලෙසින් හඳුන්වනු ලබනුයේ රොජර් ස්මිත්ගේ ව්‍යාපාර ක්‍රියාවලියට සම්බන්ධ පසුබිම ය.
ධවල ස්වප්නය නවකතාව ඔස්සේ කන්ද උඩරට පැවැති යථාර්ථයන් කිහිපයක් හඳුනාගත හැකි ය.
(1) අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑමට එරෙහි ව උඩරට සිංහලයන් ගෙන යන අරගලයේ සැබෑ ස්වරූපය
(2) ඉංගී‍්‍රසි ධනපතියන් සිංහල සමාජය විශ්ලේෂණය කරන පිළිවෙළ
(3) උඩරටට කඩා වැදුණු විදේශික ව්‍යාපාරිකයන්ගේ නියම ස්වරූපය
(4 උඩරට සිංහලයන් බෙදී වෙන් වී ඇති ආකාරය හා ඔවුන්ගේ අමනකම්
1505 දී ලොරෙන්සෝ ද අල්මේදා නම් පෘතුගීසි නාවිකයා ශ්‍රී ලංකාවේ ගාලු වරායට ගොඩ බසින්නේ මහ මුහුදේ ඇති වූ කුණාටුවක් නිසා ය. එහෙත් ඔහු ශ්‍රී ලංකාවට වහ වැටෙන්නේ මෙහි පැවැති කුළුබඩු වෙළෙඳාම නිසා ය. මුස්ලිම්වරුන් සතුව පැවැති ශ්‍රී ලංකාවේ කුළු බඩු වෙළෙඳාම පැහැර ගන්නා පෘතුගීසීහු වැවිලි ක්ෂේත්‍රයට අත ගසන්නටත් ආගම ප්‍රචාරය කන්නටත් පටන් ගත්හ. පෘතුගීසීන්ගෙන් ඉක්බිති 1602 දී ශ්‍රී ලංකාවට ගොඩබට ලන්දේසීහු ඊට වඩා විධිමත් ලෙස ට කොල්ල කන්නට පටන් ගත්හ. මේ ජාතීන් දෙකට ම වඩා බලවත් වූයේ ඉංගි‍්‍රසිකාරයා ය. ඉංගී‍්‍රසි ජාතිකයා 1796 පටන් ක්‍රමානුකූල ලෙස ශ්‍රී ලංකාව සූරා කන්නට වූයේ විධිමත් හා ශක්තිමත් සැලැසුමකට අනුව ය. එම සැලැසුම ශ්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවටද පොදු විය.
ඉංගී‍්‍රසිකාරයා පෙරදිග ලෝකය ආක්‍රමණය කරන්නට පටන් ගත්තේ යුරෝපයේ හටගත් වෙළෙඳ ආධිපත්‍යය පිළිබඳ තරගයේ සාර්ථකම ජයග්‍රාහකයා ලෙස ය. ඔවුන්ගේ අරමුණු අතර රටවල් යටත් කරගැනීම එහි පාලනය එංගලන්ත කිරීටයට භාරදීම, වැවිලි ක්ෂේත්‍රය හා වෙළෙඳාම ඔස්සේ උපරිම ලාභ ලැබීම හා ඉංගී‍්‍රසි අධ්‍යාපනය පැතිරවීමත් විය. ඔවුන් විසින් සිංහලයන් ම්ලේච්ඡ ජාතියක් ලෙස සලකන ලදී.
“එකෙක් හරි මේ වත්තෙන් ගියොත් නඩු දානවා.කස පහර දීලා හිරේ දානවා.” - දොන් පීටර්
(07/පරිච්ඡේදය / 140 පිටුව)
“පලයල්ලා! පලයල්ලා! වැඩ කරපල්ලාකරදර කරන්න එපා. මම වෙඩි තියනවා”
-රොජර් ස්මිත්
(07/පරිච්ඡේදය / 141 පිටුව)
“නෑ..නෑ.. සිංහලයන් ගැන ආණ්ඩුව වග බලා ගනීවි. මේ රට අල්ලා ගැනීමේදීම ඔවුන් සමූල ඝාතනය කළ යුතුව තිබුණා. දැන් වුවත් ප්‍රමාද වැඩි නෑ.”
-ඇන්ඩර්සන්
මෙබඳු නවකතාවක් රචනා කිරීමේදී ඓතිහාසික තොරතුරු ගවේෂණය මෙන් ම ඒ ඔස්සේ ගොඩනඟනු ලබන උපකල්පන ද ඉතා වැදගත්ය. කතුවරයා ඉතා නිවැරැදි දෘෂ්ටියක පිහිටා තම සංවාද නිර්මාණය කර ඇති බව පෙනෙයි. නූතන සිංහල නවකතාකරුවන් අතර නැති සෙවිල්ලක් හා පරිශ්‍රමයක් නන්දසේන වික්‍රමාරච්චි මහතාට තිබේ. හර්මන් හෙස සිද්ධාර්ථ නම් කෙටි ගද්‍ය කාව්‍ය රචනා කිරීම සඳහා ඉන්දියාවේ සංචාරය කළේ ය. ශ්‍රී ලංකාවට ද පැමිණියේ ය. බෞද්ධ දර්ශනය හැදෑරුවේ ය. සාර්ථක නවකතාවක් සඳහා එඳු පරිශ්‍රමයක් අවශ්‍ය වේ.
මේ නවකතාවේ එන නාවික ගමන් පිළිබඳ විස්තර, වැවිලි ක්ෂේත්‍රය පිළිබඳ සංවාද, ඉංගී‍්‍රසීන්ගේ ව්‍යාපාරික පැළැන්තියේ ඉහළ සංස්කෘතිය පිළිඳ නිරූපණ පාඨකයා නැවුම් ලෝකයකට ගෙන යෑමට සමත් ය. කතුවරයා දැඩි සංයමයකින් යුතුව වාර්තා කරන ශෛලියකින් කතාව දිග හරී. ඔහු ඉහත කී සෑම ක්ෂේත්‍රයක්ම මැනැවින් අධ්‍යයනය කර ඇති බව පැහැදිලි ය. එම නිරූපණයන් ව්‍යාජ බවින් තොර ය. ධවල ස්වප්නය මෑත කාලයේ සිංහල නවකතා රැල්ලට වැටී නැත. එහි අත්දැකීම් නැවුම් අතර පාඨකයා තුළ කුහුලක් ද ඇති කරයි.
උඩරට සිංහලයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි ව ගෙන ගිය සටන සාර්ථක වූයේ නැත. පාවාදීම, කල්ලිවාදය, තාවකාලික ලාභ - ප්‍රයෝජන හා තාන්න - මාන්න ලබා ගැනීම නිසා අරගලයේ නායකයෝ පෝරකයට ගියහ. උඩ රැටියන්ගේ අධිමානය හා අසමගියත් ඊට හේතු විය. එහෙත් මේ සටනේ දී වීරයෝ බිහි වූහ. ඉහළ පැළැන්තියෙන් මෙන් ම පහළ පැළැන්තියෙන් ද වීරයෝ බිහි වූහ. එම සත්‍යය නවකතාකරුවා අතින් විකෘති වී නැත. දුම්බරයා හා සුරලා පහළ පැළැන්තියෙන් බිහි වූ විරුවෝ දෙදෙනෙක් වෙති. මොන පාවාදීම් සිදුවුව ඔවුන් සටන අත් හරින්නේ නැත. කුමාරිහාමි ඉහළ පැළැන්තිය නියෝජනය කළ රූමත් කුල කාන්තාවකි. ඇය කාරුණික ය. බුද්ධිමත් ය. ඇය රොජර් ස්මිත් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා බුද්ධිමත් පිළිවෙළකට ය. ඒ උඩරට ප්‍රභූ කාන්තාවගේ නියම පිළිවෙත ය. මේ සියල්ල මැනැවින් ගොනු කිරීමට කතුවරයා සමත් වේ.
ඉංගී‍්‍රසිකාරයා ශ්‍රී ලංකාව හැර නොයන්නේ වැවිලි ආර්ථිකයෙන් ලැබෙන ලාභය සේ ම ඔවුන්ගේ ජීවිතය විඳීමට අවශ්‍ය නිහඬ පාරාදීසය ද ;මහි ඇති නිසා ය.
මහනුවර රාජධානිය ඒ අතින් ප්‍රධාන වේ. මහනුවර රාජධානියට අයත් වූ උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව, හේවැහැට යන කලාප පහ ද එහි වනය හා මහවැලි නදිය ද ඉංගී‍්‍රසිකාරයාට අවශ්‍ය සුන්දර වටපිටාව නිර්මාණය කර දී තිබිණි. රොජර් ස්මිත් එහි උපරිම ආස්වාදය ලබමින් මරීනාට දරුවකු ලබා දෙයි. කුමාරිහාමිට පෙම් කරයි. ජිනාගේ හිත රිදවයි. රොජර් නියම ඉංගී‍්‍රසිකාරයකු ලෙස ජීවිතය විඳියි. දඩයමේ යයි. ඔහුට තවත් ඇත්තේ එකම පරමාර්ථයකි. ඒ කෝපි වගාවෙන් ඉහළම ආදායම් ලැබීමය. 18 වන සියවසේ පමණ ශ්‍රී ලංකාවට කඩා වැදුණු ව්‍යාපාරික සුද්දන්ගේ තානය කතුවරයා හරියටම ග්‍රහණය කරගෙන තිබේ.
1948,1956,1972,2009 යනාදී ලෙසින් නිදහස පිළිබඳ විවිධ අවස්ථා ඉතිහාසඥයන් විසින් සටහන් කර තිබේ. එහෙත් දේශපාලන වශයෙන් හෝ ආර්ථික වශයෙන් හෝ පරිපූර්ණ නිදහසක් තවම අප ලබා නැත. නව අධිරාජවාදයේ රැහැන් පොටවල් තව ම අප වෙලාගෙන සිටී. ඒ අතර ඔවුන්ගේ යකුළු පහර ද හිටි හැටියේ අප හිසමතට පාත්වෙයි. මෙබඳු පසුබිමක් තුළ නන්දසේන වික්‍රමාරච්චි මහතාගේ නවකතාව අපට අලුත් ඉගැන්වීම් කිහිපයක් ඉදිරිපත් කරයි.
1 පැරැණි අධිරාජ්‍යවාදියාගේ නියම ස්වරූපය තේරුම් ගැනීම
2 18 වන සියවසේ ලෝක වෙළෙඳාම හා ඉංගී‍්‍රසිකාරයාගේ ජීවන රටාවන් හඳුනාගැනීම
3 උඩරට සිංහල ප්‍රභූ පන්තියේ බිඳවැටීම වටහාගැනීම
4 ඉංගී‍්‍රසිකාරයා ස්වදේශිකයන් මුළාවේ දැමීමට යොදාගත් උපායමාර්ග පෙන්වා දීම
ධවල ස්වප්නය නවකතාව ආරම්භ වන්නේ සිත් ගන්නා සුලු අවස්ථා නිරූපණයකින් ය. රොජර් ස්මිත් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර සර් එඩ්වඩ් ස්පෙන්සර් මුණ ගැසීමට යයි. ඔහු මත්පැන් අතහැර නිදහස් - සාමකාමී ජීවිතයකට හුරු වී සිටී. එහෙත් ශ්‍රී ලංකාවේ දී සූරාකමින් ජීවිතය විඳීමට යන රොජර් ස්මිත්ට ඔහු සිය පූර්ණ සහයෝගය ලබා දෙයි. ස්පෙන්සර් මහතාගේ රූමත් දියණිය දෙස ද කෑදර බැල්මක් හෙලන රොජර් එතැන් සිට සිය ගමන පිළියෙල කර ගනී. එහි එන සංවාද හා අවස්ථා නිරූපණයන් අපූරු ය.
නන්දසේන වික්‍රමාරච්චි මහතාගේ ප්‍රථම නවකතාව ලෙස “ධවල ස්වප්නය” හඳුන්වා දී තිබුණ ද මේ කෘතිය තුළ ආධුනික බවක් දක්නට නැත. එහි ඇත්තේ අලුත් ප්‍රවේශයක් හා පරිණත සාහිත්‍ය භාවිතයෙකි. කර්තෘගේ ඇතැම් යෙදුම් ද ඊට සාකෂ්‍යයක් ලෙස පවතී.
”මූනිස්සම්වලට සිදුරු නොවන සිරුරු නොමැති බව ඔහු ඉගෙන ගනීවි”
”කොළඹ එංගලන්තයේ ප්‍රාන්තයක් යැයි අපට සිතුණා”
”නෑ ඔහු ඇතැම්විට කියන්නේ කෝපි වත්තට වී සිටියේ නම්; තමා ද කෝපි ගසක් පමණක් විය හැකි බවයි.”
සමස්තයක් ලෙස ගත් කළ මේ නවකතාව නූතන යුගයේ පාඨකයාට අපේකම ගැන නැවත සිතා බලන්නට උත්තේජකයක් සපයයි. මෙය විශිෂ්ට නවකතාවක් යැයි හඳුන්වන්නට ඉක්මන් නො වන නමුදු සාර්ථක නවකතාවක් යැයි කියන්නට පසුබට නො වෙමු.
රන්ජන් අමරරත්න
අපේ පෝස්ට්වලට හැමදාමත් කමෙන්ට් දාන නදිනිත් බ්ලොග් එකක් පටන් ගත්තලු. මෙන්න ලිංකුව පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහින් එන්න. මෙන්න ලිංකුව
මෙම ලිපිය හෙට (6) දිනමිණ පුවත්පතෙන්ද කියවිය හැකිය.
මෙම ලිපිය හෙට (6) දිනමිණ පුවත්පතෙන්ද කියවිය හැකිය.
නිවාඩුවට ආවහම ගන්න ඕන පොත් ලිස්ට් එකට දාගත්තා ඕන් . .
ReplyDeleteදාල අත ගන්නත් නෑ දුකා ඇවිත් හරි සතුටුයි.
Deleteහෙ හෙ හේ අපි එහෙමයි . .
Deleteහොයාගෙන කියවන්න ඕන...තැන්කු වේවා...
ReplyDeleteහොඳ පොතක් මලයා
Deleteසා/පෙ දවස්වල පොත් කියවන එක සෑහෙන්න මග ඇරුණා.දැන් ආයෙමත් පුරුදු විදියට පොත්වලට ඇබ්බැහි වෙලා මම.
ReplyDeleteකියවන්නෝ දිනන්නෝ කියනවනේ දියණියේ... උසස් පෙළත් මතක තියාගන ඕන දෙයක්..
Deleteතොරතුරු වලට ස්තුතියි෴
ReplyDeleteමම යි ඔබට ස්තුති කරන්න ඕන අපට තාක්ෂණ දැනුම ගෙනත් බෙදා දෙනවට
Deleteමෙ දවස් වල පොත් වලට ද තැන?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
පොත්වලට මගේ ලෝකයේ මුල්ම තැන.. උදේට කොචිචියේ එන පැය 2 පොත් කියවන්න. හවසට ඒ පැය දෙක බ්ලොග් කියවන්න. ඔහොමයි මං කාලය හොයාගන්නේ.
Deleteඅරන් කියවන්න ඕන ලංකාවට ආවහම අනිවා ,ඔත්තුවට තැන්කු නලින්..
ReplyDeleteහොදයි හොදයි...
Deleteමේක නම් කියවලා බලන්න හිතුනා. ඔන්න මමත් පොතේ නම මගේ ලිස්ට් එකට දමා ගත්තා නලින් අයියා..
ReplyDeleteඔන්න අද ඔබ කැමති විදියේ විචාරයක් ළිහිණියෝ..
Deleteකියවන්න වටින පොතක් .මේ ලේඛකයත් මම ඒ තරම් හුරුපුරුදු කෙනෙක් නොවෙයි.විස්තරේ හැටියට නම් එල.මේ විදියෙ කතාවක් මට හුගාක් ඉස්සර කියවන්න ලැබුනා. රබර් ගෙනා හැටි ගැන.ඒ පොත පස්සෙ දවසක හෙව්වත් හම්බවුනේ නෑ.බුජ්ජම්පු කිය්යන චරිතය තිබෙන්නෙ ඒකෙ.බ්‍රසීලයෙ වැඩවසම් කොලනිකරනය ගැන කියවෙන්නෙ
ReplyDeleteඔබ මේ කියන්නේ ගසක කදුළු නම් අග්‍රගන්‍ය කතාව ගැන වෙන්න ඕන. මහාචාර්ය හේමපාලයන් නේ එය ලිව්වේ.
Deleteකියවන්න ඕන...ස්තුතියි
ReplyDeleteඑය ඔබේ කැමැත්තක්.
Deleteමම නොකියවමි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කියෙව්වේ නැතිවට කමක් නැ මේ විචාරයක් පමණයි.හටහංකෝ මලයා වල් කතාවකුත් දෙන්නංකෝ ළගදිම.
Deleteමෙහෙම දැක්කාමනම් කියවන්න ආස හිතුනට මම ඕක ගත්තොත් නම් කියවන එකක් නෑ,, හැබැයි කියවන්න පුළුවන්නම් වටිනවා..
ReplyDeleteකම්මැලියා හොර අලියා...
Deleteකියවන්න හිතුනා මේ පොත.බලමුකෝ.....
ReplyDeleteබලමුකෝ සමනළියේ..
Deleteපොඩි කාලෙ නම් පොත් වලින් තොර ලෝකයක් තිබුනෙ නෑ. ඒත් කවදාවත් පුස්ථකාල වලින් පොත් අරන් නෑ. තාත්ත ගොඩක් පොත් ගෙනත් දුන්න. එව්ව අහල පහල නංගිල මල්ලිලගෙ උපන්දින වලට තෑගි දුන්න. දැන් නම් ගෙදර පොත් 10ක් වත් නැතුව ඇති. වසර කිහිපයක ඉදන් පොත් මට මගහැරිල තිබුනෙ. නලී අයිය තමයි මාව ආයෙමත් පොත් කියවන්න පොලඹවන්නෙ ඇ.
ReplyDeleteහොද පොත් එකතුවකට දවසක ලැබෙන වටිනා කම කියා නිමකරන්න බැරිවෙයි.
Deleteමේ සැරේ අම්මලා එද්දි ගෙන්නගන්න ඕනි ලිස්ට් එකට දාගත්තා.... පොත් ගොඩාක් ගෙන්න ඕනි නිසා මන් කිව්ව මෙහෙ එච්චර අදින්න ඒවා ගේන්න එපා අපේ ඒවා අදිමු කියල, වැඩේ නරකයි නේද?
ReplyDeleteනලීන් අය්ය ගොඩාක් ස්තූතියි උදව්වට... මුලින් කෙරුන දිරිගැන්වීම් නැති උනානම් මේ වගේ දෙයක් කෙරෙන්නෙනෑ....
ඔබේ බ්ලොග හොදයි... එය හොඳින් පවත්වාගන යන්න...
Deleteම්ම්ම්ම්ම්ම්ම්..
ReplyDeleteහොයාගන්න ඕනා පොත..
හොඳ පොතක් හොයන විට මතකයේ තබාගන්න.
Deleteපොත නම් හොදයි.. ඒත් මෙහේ ඉදන් ඔවුවා හොයන එකනේ අවුල නලීන් අයියේ..
ReplyDeleteමම නං කියවන්නේ නෑ සුවර්.. හම්බඋනොත් ඇර.. මක්කටෙයි බොරු කියන්නේ...
ReplyDeleteoyita wada polite wenna igena gan..:D
Deleteඔය දේශකයගේ ජෝක් සහන්
Deleteමේ පොත හොයාගන්න ඕන.... සමුප්‍රදාය කියන දේ පොතකින් හරි කියවන්න තියන එක වටිනවා.
ReplyDeleteඒකනේ ගයියා...
Deleteමේ වගේ පොත් ගැන විස්තර දානවට ස්තුතියි.
ReplyDeleteස්තුතියි මලයා.. ඔබේ බ්ලොගත් දැන් ඉහළම තලයක. සුබ පැතුම් මලයා.
Deleteඔන්න බං කාලෙකට පස්සෙ පොතක් ගැන හොඳක් කියලා.
ReplyDeleteරොමෑන්තික කියලා වචනෙකුත් හදලා romantic වලට නේද? මම අහලා නෑ.
හොඳ දේට හොදයි නොකියා කොහොමද ඩූඩ්... විචාරයේ ස්වභාවය එයයි. විචාරය යනු තරහකට කරනා දෙයක් නොවෙයි.
Deleteමටත් පොත්වලින් තොර ලෝකයක් තිබුනෙම නෑ. පත්තර පිටුවකින් හදපු බෑග් එකක්වත් නොකියවා අතඇරියේ නෑ. ඒත් පහුගිය කාලේ ඒ හැමදෙයක්ම මග ඇරුණා. ආයෙමත් පොත් පත්තර කියවන්න පටන් ගන්න ඕන ළඟදීම. ආයෙත් පොත් ගන්න යන වෙලාවක ගන්න හිතාගෙන ඉන්න පොත් ලිස්ට් එකට මාත් දාගත්ත මේ පොතත්...
ReplyDeleteමාත් එසේමය චාම්ස්...මම නං තාම කියවනවා ලැබෙන හැම විවේකයකම.
Deleteතවත් පොතක්. හොඳා හොඳා
ReplyDeleteඑළ මලයෝ..
Deleteලස්සන පොතක් වාගේ. මේ දිනවල ජොඅනා කියවනවා නලින්.
ReplyDeleteකුමාර සිරිවර්ධනගේ සම්මානනිය පරිවර්ථනය...නියමයි ඒක..
Deleteහොයාගෙන කියවන්නවත් නැහැනෙ මට... ලංකාවට ආපු දාකට කියවන්න ඕන.. බොහොම ස්තුතියි නලින් විචාරයට...
ReplyDelete