සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]




ඔබේ බිරිය හා සාප්පු සවාරියේ යෙදීම ඔබට ප්‍රියජනක අත්දැකීමක් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම මෙම ලිපිය කියවන්න.
ඔබ ඔබේ බිරියත් සමඟ මේ වන විට කී වරක් සාප්පු සවාරියේ යෙදී තිබෙනවාද? ඒ සෑම අවස්ථාවකදීම ඔබට ලැබුණේ කවර ආකාරයේ අත්දැකීමක්ද? අවංකව කියන්නේ නම් එය එතරම් ප්‍රියමනාප අත්දැකීමක් නොවන බව ඒකාන්තයෙන්ම අපි දනිමු. බිරියත් සමඟ සාප්පු සවාරියේ ගොස් මුදල් ඉතිරි කරගත හැකි විවිධ ක්‍රම 10 ක් අප සොයා ගතිමු. බිරිය හා ඊළඟ සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර මෙම ලිපිය කියවුවහොත් ඔබට පසුතැවිලි වන්නට සිදු නොවනු ඇත.

(1) ‘නිවැරැදි’ දිනයක් තෝරාගන්න.
මෙහි දී නිවැරැදි දිනයක් යනුවෙන් අදහස් කරන්නේ ඔබේ සාක්කුවට වාසිදායක දිනයකි. ඔබේ බිරියගේ කලෙකින් හමු නොවූ මිතුරියන් සාප්පු සවාරියේ යන දිනය සොයාගැනීමට ඔබ සමත් විය යුතුයි. එවිට ඔබේ බිරිය සාප්පු සවාරියට වඩා කලෙකින් හමු නොවූ මිතුරියන් සමඟ කතාබහ කිරීමට වැඩි උනන්දුවක් දක්වනු ඇත.
(2) ප්‍රමාදවීමේ උපක්‍රම භාවිතා කරන්න.
සාප්පු සවාරියේ යෙදීමට ඔබේ බිරිය තෝරාගන්නා සාප්පු සංකීර්ණයට වේලාසනින්ම නොයාමට සැලකිලිමත් වෙන්න. එය වසන වේලාව පිළිබඳ ඔබ දැන සිටින්නේ නම් වේලාව කළමනාකරණය කර ගැනීමට ඔබට හැකිය.
(3) ඔබේ මුදල් පරිහරණය ගැන සැලකිලිමත් වෙන්න.
නියමිත සීමාව ඉක්මවීමට ආසන්න කෙඩිට් කාඩ්පත් පමණක් රැගෙන යන්න. ඔබේ ඒ.ටී.එම්. කාඩ්පත අමතක වීමකින් නිවසේ තබා පැමිණ ඇති බව බිරියට ඒත්තු ගන්වන්න.
(4) බිරිය කලබලයට පත් කරවන්න.
ඔබේ බිරිය යම්කිසි ඇඳුමක් තෝරාගැනීමෙන් පසුව එහි මිල පරීක්ෂා කරන්න. අනතුරුව එහි මෝස්තරය හෝ නිමාව අවතක්සේරුවට ලක් කරන්න. තෝරා ගැනීමට අපහසු වන ආකාරයට හොඳම ඇඳුම් කීපයක් ඇය හමුවේ තබන්න. එක් ඇඳුමක් තෝරා ගැනීමට හැකිතාක් කාලය වැය කිරීමට බිරිය පොලඹවන්න.
(5) ප්‍රමාදය සතුටට හේතුවකි.
බිරියට පැවසූ සවාරියේ යෙදීමට අවශ්‍ය සාප්පු සංකීර්ණය වෙත යාමේ ගමන් මාර්ගය සඳහා අධික වාහන තදබදයක් සහිත මාර්ගයක්ම තෝරා ගන්න. එය සාර්ථක නොවුවහොත් ඔබේ මිතුරකුට දුරකතන ඇමතුමක් දෙන්න. පසුව වෙනත් ස්ථානයක ඉතා හොඳ ‘තොග අවසන් කිරීමේ සේල්’ ස්ථානයක් ඇතැයි මිතුරා කියූ බව බිරියට පවසා එය සෙවීමට කාලය වැය කරන්න. පසුව මිතුරාට බැන වැදී බිරියට අවශ්‍ය සාප්පු සංකීර්ණය වෙත ප්‍රමාද වී යාමට ඔබට හැකිය.
(6) ඔබේ අවශ්‍යතාවකට බිරිය හවුල් කරගන්න.
වෙළෙඳ පොළට ආ නවතම ලැප්ටොප් පරිගණකයක් හෝ ජංගම දුරකතනයන් පිළිබඳ උනන්දු වී එය සෙවීමට ඔබේ බිරියත් හවුල් කරගන්න. පසුව වෙළෙඳ සැලේ අලෙවි සහායකයන් සමඟ එම ලැප්ටොප් හෝ ජංගම දුරකතනයේ ඇති නවීනතම පහසුකම් පිළිබඳ සාකච්ඡා කරමින් ඇති තරම් කාලය වැය කිරීමට ඔබට හැකිය. ඒ සාකච්ඡා සඳහා බිරියත් හවුල් කරගන්න.
(7) ඔබ යන සාප්පු සංකීර්ණයටම හිතවත් පවුල් කීපයක් ගෙන්වා ගන්න.
මෙය ඉතා සූක්ෂමව කළ යුතුයි. ඔවුන් එම සාප්පු සංකීර්ණයට පැමිණෙන වේලාවටම ඔබත් එහි සිටිය යුතුයි. පසුව සාප්පු සංකීර්ණය තුළට යාමට පෙර ඔවුන් සමඟ මොහොතක් ගත කරන්න. අනපේක්ෂිතව හමුවීමේ සතුට දනවන ආකාරයෙන් ඔබ රඟපෑමට දක්ෂ විය යුතුයි. ඔවුන් සමඟ විනෝද ගමනක් යාමට යෝජනා කරන්න. ඔබේ බිරියවත් හවුල් කරගෙන එවැනි විනෝද ගමනක් සඳහා සුදුසු ස්ථාන සාකච්ඡා කරන්න. මෙමඟින් සාප්පු සවාරිය ඔබට අවශ්‍ය ප්‍රමාණයට කෙටි කරගත හැකිය.
(8) බිරියට තෑග්ගක් දෙන්න.
ඔබේ බිරියට සාප්පු සවාරියේ යාමට අවශ්‍ය දිනයට පෙර ඇයට ඇය අකමැතිම වර්ණයේ ඇඳුමක් තෑගි කරන්න. පසුව සාප්පු සවාරියේ යන ගමන් එය මාරු කර ගැනීමට යෝජනා කරන්න. ඒ සඳහා අවශ්‍ය තරම් කාලය වැය කරන්න.
(9) අතිශය කාර්ය බහුල සාප්පු සංකීර්ණ වෙත යන්න
ඔබ දන්නා අතිශය ජනාකීර්ණ සාප්පු සංකීර්ණ වෙත ඔබේ බිරිය රැගෙන යන්න. හොඳම හා වටිනාම ඇඳුම් ඇත්තේ ජනාකීර්ණ සාප්පු සංකීර්ණවල බව ඇයට අවබෝධ කරවන්න. අධික තදබදය හේතුවෙන් ඔබේ සාක්කුවට වැඩි හානියක් ගෙන දෙන අන්දමට ඇඳුම් තෝරා ගැනීමට ඇති ඉඩකඩ ඉන් ඇහිරේ.
(10) සෙනඟ අතරේ මග හැරෙන්න
මීට පෙර සඳහන් කළ උපක්‍රම කිසිවක් සාර්ථක නොවන්නේ නම් ඔබට දිය හැකි අවසන් උපදෙස මෙයයි. සාප්පු සංකීර්ණයට ඇතුළු වී මොහොතක් ගතවීමෙන් පසුව මේ උපක්‍රමය අත්හදා බැලීමට ඔබට හැකිය. ඊට පෙර ඔබේ ජංගම දුරකථනය බිරිය අතට පත්කිරීමට වග බලා ගන්න. ඔබ ඇත්තටම සෙනඟ අතරේ මඟ හැරුණු බව තහවුරු කිරීමට සාප්පු සංකීර්ණයේ ප්‍රචාරක පද්ධතිය හරහා ඇයට නිවේදනයක් නිකුත් කරන්න. ඇයට සොයා ගැනීමට තරමක් අපහසු යැයි සිතන ස්ථානයකදී හමුවීමට යොදා ගන්න.
ෆවුස් මොහොමඩ්
‘ගල්ෆ් ටුඩේ’ ඇසුරිනි

44 comments:

  1. මගේ මහත්තයා නම් කරන්නේ ඔය ඇති ඔය ඇති කියලා කවුන්ටරේ ලඟටම මාව ඇදගෙන එන එක he he ඔය වගේ ඒවා දාන්න එපා නලින් අපි පවු නැද්ද ?

    ReplyDelete
  2. උඹනං ගුටි කනවා අද ගෑනුන්ගෙන්...

    ReplyDelete
  3. අපි නම් සාප්පු සවාරි යන්නෙ බොහෝම නිදහසේ...තනියම...හි හි හී

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ඕව හරියයි.

      Delete
  4. ඕව නලින් අපේ අය එක්ක හරියන්නෙ නැහැ.විශේෂයෙන් කර උසට දුවෙකුත් හිටියොත් වෙන්නෙ කන්න ගුටි:).ඕක ගැලපෙනව ඇති ඔය සගරාව පලවන රටවලටනම්.දවසේ විස්තර දානව මිසක් හොද කතාවක් දාන්න අදහසක් නැතෙයි:).

    ReplyDelete
    Replies
    1. හොඳ දෙයක් ලියන්න නම් නිදහසේ හිතන්න ඕන කෙන්ජි. වෙලාව හොයාගන්න අමාරුයි. දවසේ වැඩිම පැය ගානක් යන්ත්‍ර වගේ හිරවෙලා ඉන්න ගමන් තමයි මෙහෙමවත් දෙයක් දාන්නේ.

      Delete
  5. Replies
    1. නැත්තං ඔයාලා අවි අමෝරයි මට

      Delete
    2. මාත් එක්ක නිදිවදින්න (මෝඩ බව සහ තදබල අමාරුව)

      Delete
  6. මෙව්ව කරන්න ගියොත් වෙනදට වඩා කුණක් කන්න වෙනව කියන එක මටනම් බඩේ බත්ටික වගේ ෂුවර්...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සත්තයි ප්‍රත්‍යක්ෂයි අද්දුටුයි..

      Delete
  7. මේ ඔක්කෝම මතක තියාගෙ බොරු කොරනවාට වැඩිය හොදයි අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්නම කන එක :D

    ReplyDelete
  8. ව්‍යංගයෙන් කියන්නේ බිරිඳව කඩේ යවන්න කියලා වගේ නේද...?

    ReplyDelete
  9. මේවා ප්‍රායෝගිකද මංදා...
    ඩබල් උනත් සිංගල් වගේ ඉන්න කොල්ලෙක් නිසා අවුලක් නෑ.....

    ReplyDelete
    Replies
    1. අනුෂා ඉන්නේ ඉන්දියාවෙනේ ඒ හින්දා කරදරයක් නැ තමා.

      Delete
  10. අපි අහුවෙවී ඕවට කිවලු....

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ හැදිමිටේ දිග තියන අය නෙමෙයිනේ

      Delete
  11. හනේ හනේ..... නලින් අයියා කාගෙන් හරි ගුටි කනවා මේවා දාලා......
    අපි නම් තනියම තමා යන්නේ සාප්පු සවාරි....

    ReplyDelete
    Replies
    1. දෙන්න එක්ක යන දවසකුත් එයිනේ..

      Delete
  12. වැඩේ මචං අපේ ගෑණු මේවගෙ උපක්‍රම වලට අහුවෙන්න තරම් මෝඩ නෑ.

    මම මේ පහුගිය නිවාඩුවෙදි පොඩ්ඩක් ඉඳගත්තා ඔය මෙගා ස්ටෝර් එකක ඇතුලෙ පඩි පෙලේ. මෙතනින් යන එන පිරිමි කී දෙනෙක් මාත් එක්ක ඈත තියාම හිනාවෙලා ලඟට ඇවිත්, "පිස්සු හැදෙනවා නේ?", "එපාවෙනවෙනවා නේ, මචං?" වගේ වාක්‍ය කියලා යනවා. මගේ පුතා සෑහෙන එන්ජෝයි කලා. සමහර පිරිමි වයිෆ්ලට මාව පෙන්න පෙන්න යනවා.

    මම ඔය ගැන පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන නිසා වැඩි විස්තර පසුවට.

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ටුව එනතුරු බලා සිටිනවා....
      මට මැවිලා පේනවා ඩූඩ් එතැන උන්න විදිය..

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එළ එළ නිර්මලා...දැන් ඔයා කවදාවත් මේ ගැටවලට අහුවෙන්නේ නෑ. මට ෂුවර්.

      Delete
  14. මේ දසවැදෑරුම් සූත්‍ර අපි ද හදුනාගනිමු. ඔබ කළේ මහඟු මෙහෙවරක්. කවදා හෝ අපිටත් අතිශය වැදගත් උපදෙස් මාලාවක්.
    මෙතන සූත්තර 10 යි තියෙන්නේ. නමුත් කාන්තාවන් සූත්තර 64 ක් දන්නවා.
    (විහිළුවක්)

    ReplyDelete
  15. වටී වටී වටී.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. කියෙව්වේ නෑ.. ඊට කලින් අහන්න දෙයක් තියෙනවා...

    බඳින්න කලින් කඩවල් ගානේ ෂොපිං එක්කන් යන්න තියෙන ආසාව බැන්ඳට පස්සේ නැති වෙන්නේ ඇයි...?

    බිරිඳක් තමන්ගේ සැමියා එක්ක ෂොපිං යන්න කැමති හේතු කීපයක් තියෙනවා... එකක් තමයි තමන්ව අගය කරන කෙනෙක් එක්ක පරණ මතකයන් අලුත් ගන්න ගමන් ගමනක් යන්න තියෙන ආසාව.. දෙවනි එක තමන්ට ආස හිතෙන දෙයක් ඒවා තමන් ව‌ෙග්ම අගය කරන කෙනෙක් එක්ක බෙදා ගන්න... තව එකක් තමයි සැමියා ඇඳුමක් තෝරලා දීලා “ ඔයාට මේක ලස්සනයි” කියලා කියනවා අහන්න ආස කරන එක.. ඔය ව‌ෙග් පුංචි පුංචි හේතු ගොඩක් තියෙනවා.. නැතුව තනියෙක් ගිහින් ඇඳුමක් ගන්න කාටද බැරි.....

    ඒකට අපේ පිරිමි කරන්නේ ගිය වෙලේ ඉඳන් “ ඇති දැන් ඔය.. යං යං ” ගාන එක... නැත්තම් කිට්ටු කරන්න බැරි ඇඳුමක් පෙන්නලා “ මේක නම් ඔයාට හොඳයි ” කියලා විහිළු කරලා හිත රිද්දන එක... ඒ වෙලාවට හිතෙනවා මොන මඟුලකට මේ මිනිහත් එක්ක මේ ගමන ආවද කියලා.... ඇඳුම්, බඩු ගැනිල්ල පැත්තක තියලා ගෙදර යන්න හිතෙනවා...

    මාස දෙක තුනකට සැරයක් බිරිඳ එක්ක ෂොපිං ගිහින්, ඒ පැය දෙකද තුනද ආදරෙන් ගත කරන්න පුළුවන් එක මඟ අරින්න ‌මේ ව‌ෙග් හේතු හදාගන්න පිරිමි එක්ක කො‌ෙහාමද අප්පා සන්තෝසෙන් පවුල් කන්නේ... ඒ ඇදුම්, බඩු ගන්නේ තමන් ලස්සනයි කියලා සැමියාගෙන් අහගන්න තියෙන උවමනාවට මිසක් වෙන මොකටවත් නෙවෙයිනේ.. ගෑණු කොච්චර පවු ද කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට...

    ඔන්න මේ පෝස්ට් එක උඩින් පල්ලෙන් කියෙව්වම මට හිතුන දේ...

    ReplyDelete
  17. දිගු පිළිතුරකට වෙලාව මදි... එපා වෙන්නේ කාලේ කන එක හා තේරීම් වල ඉවරයක් නැති කම හිරුවො...වැඩ කරන ගමන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හරියට පිරිමි කාලෙ කන වැඩ කරන්නෙම නෑ වගේ.. කම්පියුටරේ එල්ලිලා ඉන්න එක... ටීවී එකේ එල්ලිලා ඉන්න එක.. යාලුවෝ එක්ක සෙට් වෙලා රෑ වෙනකම් ගෙදර නෑවිත් ඉන්න එක... හි හි..

      හරි හරි .. දන්නවා වැඩ කියලා... අවුලක් නෑ... හි හි

      Delete
  18. මේක තාත්තලාට පමණයිද?? ඕක කරන්න බෑනේ,, යද්දි අපි තුන්දෙනාමනේ යන්නේ(අම්මයි,තාත්තයි,මමයි),, ඒ නිසා මේ වැඩේ හරියන්නේ නෑ,, :D මටත් ආවාසියිනේ එතකොට

    ReplyDelete
  19. නලින් අයියා මේ පාර කන්න යන්නේ අපේ කාන්තා පාර්ශවයෙන්.

    ReplyDelete
  20. මොකක්ද නලීන් අය්ය මේ කරපු වැඩේ... හම්බ වෙයි දැන් ගෙදර උන්දැගෙනුත්.. අපේ මනුස්පයනම් ඔහොම ගියාම මම පෙන්නන පෙන්නන හැම එකම ලස්සනයි කියනවා.. පස්සෙ අරගෙන අදිනකොට අහනවා හරිම කැතයි ඕක නම් අදින්න එපා කවදද ඕක ගත්තේ කියල...

    ReplyDelete
  21. නලින්ගෙ ගෙදර සාමාජිකත්වය තාම තියනවද?

    ReplyDelete
  22. මෙව්වා මහ අමානුෂික වැඩ

    ReplyDelete
  23. ඔය එකක්වත් හරියන්නෙ නෑ අපේ හාමිනේ එක්ක නං.. මං ඔහේ කොල්ලත් එක්ක කොහාට හරි වෙලා ඉඳගෙන ඉන්නවා ඇතිවෙනකල්.. ඔය සන්ජෙක්ට් එක ගෙන අපිට වඩා එයල බොහොම දැනුවත්

    ReplyDelete
  24. බැන්දම බලන්න බැරිය නේද? මාව නම් ෂොපින් ඇදන් යන්න ලේසියට බැරිවෙයි :D

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. හොඳම ක්‍රමය තමයි බිරිය සමඟ පුළුවන් තරම් සාප්පු නොයා ඉන්න. :)
    නැත්තං නැන්දම්ම-නෑන එක්ක යවන්න.

    ReplyDelete
  27. නලීන් තාම යහතිං ඉන්නවද මේක දැම්මට පස්සෙ. :D

    ReplyDelete
  28. මේ දේවල් කරලා ගෙදර ආවම ගුටිකද්දී කවුද බේරාගන්නේ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT