මේ අපේ මාතෘ භූමියයි |
කච්චතිව් සංචාරයේ තොරතුරු අඛණ්ඩව ඉදිරිපත් කරන්නට සිතා සිටියත් මොබිටෙල් ඩොංගල් උන්නැහේ මට ඒකට ඉඩක් තිබ්බේ නෑ.. පූනෑවෙන් පස්සේ එක දිගට සිග්නල් නැති කමත් සිග්නල් තිබ්බ සමහර තැන්වල පවා බ්ලොගට ලොග් වෙන්න ගිය කාලය ඉතා දීර්ඝ වූ නිසාත් ඒ වෑයම අතහැර දමන්නට මට සිදු විය.
ඉතින් අතරමග දකින කියන දේවල් බලා හදා ගනිමින් අපි කන්කසන්තුරේ නාවුක හමුදා කඳවුරට එන විට වෙලාව සවස 6 පහු වුණා විතරයි වගේ.. එහි දි අප එකිනෙකාගේ නවාතැන් සඳහා යොමු කැරුණු අතර හරියටම රාත්‍රී 7ට යළි අප රැගෙන යන්නට වාහන පැමිණෙන බව නාවුක හමුදා මාධ්‍ය අංශයෙන් දැනුම් දුන්නා..
ගතේ වෙහෙස යන්නත් එක්ක නා කියා ගෙන සුදානම් වන විට අප රැගෙන යන්නට වාහන පැමිණියේ වෙලාවේ විනාඩියකදු එහා මෙහා නොකර ය. නඩයේ සියල්ල රැගත් රිය ඉගිලී ගියේ ඓතිහාසික දඹ කොළ පටුන මායිමේ පිහිටා ඇති අග්බෝ නාවුක කඳවුර වෙතටයි. එහි අප වෙනුවෙන් උතුරු නාවික අඥාපති තුමන් සංවිධානය කළ මනරම් සාදයකි.
උත්තර වෙරළ තීරය හරහා හමා එන සිහිල් සුළං සමග එම මනස්කාන්ත වෙරළ තීරයේ අප මැදියම් රැය වන තුරුම විනෝද වූයෙමු. පසෙක ගිනි මැලයකි.. වටේටම දැල්වුණු විලක්කු ය. තව පෙදෙසකින් මියුරු සංගීතය දෙසවන් පුරා මිහිරියාවක් ඇතිකරවයි. තව බොහෝ වේලාවක් මෙතැන රැදෙන්නට හිත කීවත් හෙට පාන්දර 3ට අවදි විය යුතුය. ඒ කච්චතිව් බලා ගමන් ඇරඹීමට ය. අපට මිහිරියාව ගෙන දුන් නාවුක සොයුරන් සැමට තුති පුදමින් මැදියම් රැයේ යළිදු අප නවාතැන් කරා පැමිණියෙමු.
වේලාවේ කිසිදු ඇද පළුද්දක් නැතිව හරියටම පාන්දර 3ට අපේ උදේ තේ එක ලැබිණි. ගමනට සූදානම් වෙන්නට පැයක කාලයක් ලැබිණි. අප රැගත් රිය හරියටම පාන්දර 4 වන විට කන්කසන්තුරේ ජැටියට සේන්දු විය. අපේ නඩයේ පිරිස 40කි. අප කච්චතිව් කරා රැගෙන් යන්නට සූදානමින් සුපිරි අධි වේගී ඩෝරා යාත්‍රා දෙකක් ජැටියේ නැංගුරම් ලා තිබිණි.
සාමාන්‍යයෙන් මගි ප්‍රවාහන නෞකාවකට හෝ බෝට්ටුවකට මෙහි සිට කච්චතිව් දක්වා යාත්‍රා කරන්නට පැය 3යි විනාඩි හතළිහක් ගතවෙයි. එහි ගොස් එන්නට අය කරන මුදල රුපියල් 600කි. දුර ප්‍රමාණය නාවුක සැතපුම් 56කි.
හරියටම 4.10ට මා රැගත් ඩෝරාව දියඹ දෙබෑ කරමින් ඇදෙන්නට විය.
ඩෝරා යාත්‍රාව යනු පසුගිය යුද සමයේ ත්‍රස්තයන්ට එරෙහිව දැවැන්ත මෙහෙවරක් කළ සුවිශේෂී ප්‍රහාරක යාත්‍රා විශේෂයකි. එහි ඇතුළත වෙනමම ලෝකයකි. ඒ ගැන විස්තර කිරීම ආරක්ෂක රහස් හෙළිදරව්වක් යැයි සිතෙන බැවින් ඒ ගැන නොලියමි.
සියල්ල සූදානම්ය. අපේ ගමන ඇරැඹිණි..අදහාගත නොහැකි වේයගකි ඩෝරාවට ඇත්තේ.
මා අසා දැනගත් පරිදි එය අධිවේගී මගේ වාහනයක් ධාවනය කරන වේගය මේන් දෙගුණයකට ආසන්නය. හාත් පස කට්ට කරුවලය. එහෙත් ඩෝරාවේ යටි මෙහෙයුම් මැදිරියේ නිලධාරීන් නම් පට්ට දහවලක දකිනවාටත් වඩා හොදින් හාත්පස දෙස විමසිල්ලෙන් නරඹයි.(මෙහි මෙහෙයුම් මැදිරි දෙකක් ඇත) පියවි ඇසට නොපෙනන තරම් දුරක සැතපුම් ගණනාවක් ඈත එපිටින් යන පුංචි ඔරුවක දසුන් පවා ඔවුන් ඉතා සමීපව නරඹයි. යුද්ධය නැතත් එහි පාලක නාවුක නිලධාරිහු තාමත් නිරන්තර විමැසිල්ලෙනි.
ඒ හැම එකක්ම කුමන යනාවක් ද යන්න ඔවුන් නිරන්තර තහවුරු කොට ගනියි.. අවට කිසිවක් නොදකින පට්ටම කරුවලේ විනාඩි 55ක් ගමන් කළ තැන ඩෝරාවේ වේගය අඩාළ කොට මහ සයුර මැද එක වර නතර කරන ලදී. ඇතින් යන්තම් විදුලි එළි දිස්වෙයි. ඒ කච්චතිව් දුපතේ ය. දුපතට කිලෝමීටර් 2ක් පමණ දියඹට වන්නට ඩෝරාව නැංගුරම් ලෑවේ එතැනින් එහාට යන්නට තරම් පහසුකම් කච්චතිව් දූපතේ නොමැති බැවිනි.
තවත් විනාඩි ගණනාවකදී අප සිටින දෙසට වෝටර් ජෙට් නම් ප්‍රහාරක බෝට්ටු දෙකක් සේන්දු විය. දැන් තමයි අමාරුම කාරිය. ඩෝරාවේ සිට වෝටර් ජෙට් බෝට්ටුවට මාරුවිම.ගැඹුරු මුහුද මැද මේ නම් අතිශය බියකරු වැඩකි. එහෙත් පුහුණු නාවුක සොයුරන් ගේ අත්වාරුව නිසාවෙන් එයද ජය ගන්නට අපට හැකි විය.
එහි නැගී විනාඩි 10ක තරම් කාලයක දී එනම් හරියටම 5.15ට අපි කච්චතිව් දූපතට ගොඩ බැස්සෙමු. මේ අනුව අපේ මුහුදු ගමනට වැය කොට ඇත්තේ පැයක පමණ කාලයකි.දූපතට ඇතුළුවන තැනම පිළිගැනීමේ පුවරුවකි.. ශ්‍රී ලංකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු යන වැකිය එහි විය.
ශ්‍රී ලංකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු |
ඒ වන විටත් ඉන්දු ශ්‍රී ලාංකිය බැතිමතුන් 5200ක් මේ උත්සවය වෙනුවෙන් දුපතට පැමිණ තිබිණි. හරියටම උදේ 6ට පල්ලියේ පූජාවන් ඇරැඹි අතර අප දුපත සිසාරා යමින් අපේ උරුමයේ අභිමානය වින්දෙමි.
දහවල් 10.30 පමණ වනතුරු දූපතේ ගත කළ අප යළිදු පෙර ආකාරයෙන්ම වෝටර් ජෙට්ටුවක නැගී සයුර මැද නවතා ඇති ඩෝරාවට පැමිණ යළි කන්කසන්තුරයට පැමිණියෙමු.
අප රැගෙන යන්නට වෝටර් ජෙට් සූදානමින් |
ගැඹුරු මුහුද මැද අප එනතුරු ඩෝරාව නවතා ඇත |
අමාරුම කාරිය ඩෝරා එකට මාරුවන එක |
ඩෝරා යානය ඇතුළතම දසුනක් |
ඩෝරා යාත්‍රාව උපරිම වේගය ගත් අවස්ථාවක් |
සියල්ල තිතට වෙලාවට මේ කංකසන්තුර ජැටියට අප පැමිණෙමින් බස් රියද සූදානමින් |
කච්චතිව් දූපතට හිරු උදාවෙමින් |
මම මෙහේ ගිහින් නැති වුනාට අපේ තාත්තා ගිහින් තියනවාද කොහිද? මේ පළවෙනි පින්තූරේ ළග එයා ඉන්න පින්තූරෙකුත් තියනවා මම ගාව
ReplyDeleteමේ අලිමංකඩ ස්මාරකය ශම්මි.
ReplyDeleteහොඳ විස්තරයක් නලින් අයියා. දූපතේ ෆොටෝ අඩුයි නේ. තව ලිපියක් තියනවද මේ ගැන.
ReplyDelete//ඩොංගල් උන්නැහේ// අලුත් නමකුත් අල්ල ගත්ත.. :)
දූපත ගැන වෙනම ලියන්නම් මලයා කොළඹට ආවාම තාම යාපනේ ඉන්නේ
Delete"ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවුණු සියල්ලන්ම මට විරුවන් ය. එම විරුවන්ට මේ මොහොතේ මාගේ උත්තමාචාරය." ඒ අරමුණෙන් සේවය කළ සියල්ලන්ටම සදා ජයවේවා!
ReplyDeleteඔය පැත්තෙ ප්‍රයිවට් බෝට්ටු වලින් සැරිසරන්නට ඉඩක් ලැබෙනවා ද නලීන්?
මෙහේ බෝට්ටු සේවා පවත්වාගන යන්නේ පුද්ගලික අංශය තමයි. ඒත් නාවුක හමුදාවේ අධීක්ෂණය යටතේයි. කච්චතිව් ජන ශූන්‍ය දූපතක්. මේ මංගල්‍ය දින දෙකට විතරයි සාමාන්‍ය ජනයාට සැරිසරන්න ඉඩ ලැබෙන්නේ. අනෙක් කාලයන්ට එහි ධිවරයන් ගැවසෙනවා පමණයි. පල්ලිය පමණයි ස්ථිර ඉදිකිරීමකට ඇත්තේ
Deleteස්තූතියි.
Deleteදූපත ගැන දාමුකෝ එහෙනම් හැකි ඉක්මනට
ReplyDeleteදාන්නම් මචෝ
Deleteනලීන්, ලෝකයේ තිබෙන බොහොමයක් යුද අවි, යුද ගුවන්යානා, යුද නැව් ගැන , මෙවැනි බ්ලොග් එකක ලිවීමෙන් කිසිදු රහසක් හෙළි නොවේ. සිදුවන එකම දෙය සිංහලෙන් කියවන පාඨකයා දැනුවත් වීම පමණයි. කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකට මේවා ගැන දැනගන්නට අවශ්‍යනම් ඔවුන් මුලින්ම අන්තර්ජාලයෙන් කරුණු සොයන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම එවැනි සංවිධාන කරන්නේ තමන්ට යුද/දේශපාලන ආධාර දෙන රටවලට ගොස් මේවා ඉගෙන ගැනීමයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් මේ ඕනෑම අවියක්, ගුවන් යානයක්, නාවික යාත්‍රාවක් ගැන ඉතා පහසුවෙන් කරුණු ලබාගන්න පුළුවන්. ඉතින් සිංහල පාඨකයාට පමණක් අසාධාරණයක් වෙන්නේ. රහසිගත තොරතුරු මේවා නෙවෙයි. ලංකාවේ මෙවැනි යාත්‍රා කීයක් තියනවාද? තිබෙන්නේ මොන නාවික කඳවුරු වලද? ඒවා දෛනිකව කරන රාජකාරි මොනවාද? මුර සංචාර කරන වෙලාවල් මොනවාද? එවැනි යාත්‍රාවක් කොටු කරගෙන පහර දියහැකි අවස්ථා මොනවාද? වැනි කරුණුයි.
ReplyDeleteඅපේ නාවික හමුදාවේ නැති සුපර් ඩෝරා මාක් 3 යාත්‍රාව ගැන මෙතනින් බලන්න
ඩෝරා නිෂ්පාදනය කරන ඊශ්‍රායලය විසින්ම අන්තර්ජාලයේ පළකර තිබෙන විස්තර
මෙතනින් බලන්න
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබ හරි විචාරක තුමණි, නමුත් මා කළේ නාවුක හමුදා නිලධාරින් විසින් මගෙන් කරන ලද ඉල්ලිමක් ඉටු කිරීම පමණයි.එම යටි මෙහෙයුම් මැදිරියේ යන්න අවස්ථාව දුන්නෙත් මට පමණයි. ඒ විශ්වාසය කඩ කිරීමත් හොඳ නෑනේ. එතැන ඇති රේඩාරයේ සිට නයිට් විශන් කැමරාවේ ආධාරයෙන් මෙහෙයුමක් කෙරෙන විදිය පවා මා දැක ගත්තා.ලිංකු දෙකට ස්තුතියි.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteහැබැයි ගැඩවිලෝ. ඔයටික නමක් ගමක් ඇතුව කිව්වනම් තමයි හොඳ
Deleteස්තුතියි!
ReplyDeleteදූපතේ තොරතුරු දැක ගන්න ආසාවෙන් බලාසිටිනවා.
ස්තූතියි නලින්... කවදාහරි දකින්න ඕනෙ..
ReplyDeleteනියම පොස්ට් එක නලීන් අයියා... පට්ට ට්‍රිප.. යන්න ආසයි... කවද හරි යනව...
ReplyDeleteදාන්න බලන්න කච්චතිවු ගැන විස්තරේ...
ReplyDeleteඅපිට කොහෙන්ද නේවී අනුග්‍රහ...?
හරි යාලුවනේ ඉක්මනින්ම දාන්නම් ඒ ගැන විස්තරය.
Deleteනලින් අයියා මටනම් ඊරිසියයි බං...අපිට කවදා යන්න හැකිවේවිද..?
ReplyDeleteඇයි එහෙම කියන්නෙ වී යාට යන්න පුළුවන්.
Deleteමට ඉතිං මේ රස්සාවට පිං සිදුවන්න ඇවිදින්න අවස්ථාව ලැබිලා තියනවා.
Deleteවීර පොකුර කියන එක නම් ඇත්ත. කොහොමද අප්පා වෙලාව හොයාගන්නෙ? අපිටත් කියමුකො. චාරිකා සටහන නම් ලස්සනට ලියල තියනෙවා. ඒ පැත්තට ඉර උදාවෙන හැටි බලන්න ලගදිම යනවා.
ReplyDeleteඑළම තමා ගිහින් බලන්න වටින තැන් බොහොමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම් සුන්දර මතකයක් වේවි!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ලඟ දී දිනයක යාපනය බලන්න යන්න සිතාගෙන සිටිනවා. එහි මාගේ හිතවතියකද සිටින බැවින් උපකාර ලබා ගත හැකි වේ යැයි සිතනවා.
ReplyDeleteඅප හට බයක් සැකක් නැතිව ශ්‍රී ලංකාව පුරා අද ඇවිදින්න පුළුවන්. එක රටක්, එක කොඩියක් ඇත්තෙන්ම එහි ගෞරවය රණවිරුවන් සියලු සියලු පාර්ශවයන් වෙත එකසේ ලැබිය යුතුයි. එය ශ්‍රී ලාංකීය ජන හදවත් තුළින් මැකී නොයන බව මට හොඳින් විශ්වාසයි.
යන්න නිර්මලා අනිවා බලන්න ඕන තැන් බොහොමයි ඒ පැත්තේ. මාදගල් කීරමලේ කන්දරෝදේ දඹකොළපටුන වැනි තැන් වලටත් යන්න.
Deleteඔව් මාත් බලං හිටියේ ලයිව් අප්ඩේට් වේවි කියල කමක් නෑ දුක තමා රංජනී. ඒකත් එහෙමයි.. නියම ගමනක් තමා. හැබැයි වැඩි වෙලාවක් ගත කරන්න ලැබිල නෑ වගේ. ඒක නිසා තමා ඔය හුගක් විස්තර අඩු..
ReplyDeleteඒක නෙමෙයි අර ඩෝරාවක ඇතුලේ දර්ශනයක් ගහපු පින්තූරේ තොප්පියක් දාගත්ත එකෙක් මොනාද කරන්නේ... මිනිහත් ඩෝරාවේ කොටහක්ද.... හිකිස්
සිග්නල් අප්සෙට් ගියා දේශකයෝ ඒකෙන් තමා වැඩේ අත් හැරියේ..අපි දුපතේ හිටියේ පැය 5ක් විතර කාලයක්.ඒ විස්තර වෙනම දාන්නම්.
Deleteඅපූරු ගමනක් නේ..මම නම් කවදාවත් මුහුදේ බෝට්ටුවක ගිහින් නෑ අප්පා. මම බයයි. ආ නලින් අයියේ...කොහෙ උතුර දකුණ කොහෙ ගියත් බෝතල්වලින් නම් අඩුවක් නෑ නේද...:)
ReplyDeleteජීවිතේට අද්දැකීමක් ගන්න මුහුදු ගමනකුත් යන්නම ඕනෑ ළිහිණි. මම නං මාලු අල්ලන ඔරුවලත් ගිහින් තියනවා. ඒක නම් අවදානම් ගමනක්.
Deleteලස්සන තැනක් වගේ..ලංකාවට අපු දවසක අනිවාර්රෙය්න් යනවා..
ReplyDeleteඅනිවා යන්න අවර්ජනා.. ලස්සන දේවල් බොහොමයි එහේ.
Delete