සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


බින් ලාඩන් බිරියගේ දෙවුරෙන් අල්ලා තල්ලු කළා
රට වෙනුවෙන් වැඩ කළ මට අද යන එනමං නෑ
හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කළ අමෙරිකා නාවික හමුදා සීල් භටයා පෙරේදා සිය නිහඬතාව බිඳිමින් එම ඝාතනය සිදු කළ අයුරු අනාවරණය කර තිබේ. ඒ සමඟම දැන් විරැකියාවෙන් පෙළෙන තත්ත්වය යටතේ තමා මූල්‍යමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණදී ඇති බව ද ඔහු කියා ඇත.


එස්කුවයර් සඟරාවට දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ කොමාන්ඩෝ භටයා සිය අනන්‍යතාව රහසක් සේ තබාගෙන ඇතත් 2011 මැයි මස සිදුකෙරුණු බින් ලාඩන් ඝාතන ක්‍රියාවලියේ දී ඔහු ගේ භුමිකාව සම්බන්ධයෙන් සියලු තොරතුරු පළමු වරට අනාවරණය කර තිබේ.

මෙහිදී ඔහු සිය පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා කණස්සල්ල ද ප්‍රකාශයට පත් කර ඇත. එම අවස්ථාවේ බින්ලාඩන් වික්ෂිප්තව සිටි බවත් තමා අපේක්ෂා කළාටත් වඩා ඔහු උස් පුද්ගලයකු වු බවත් සීල් භටයා කීවේය.

පාකිස්තානයේ අබොටබාද් හි ලාඩන් සැඟවි සිටි නිවසේ තෙවැනි මහල වෙත අඳුරේම කොමාන්ඩෝ භටයන් ළඟාවීමත් සමඟ බින්ලාඩන් සිය බාලම බිරියගේ දෙඋරෙන් අල්ලා ඇය ඉදිරියට තල්ලු කළ බවත් ඔවුන් අසල ඒ. කේ. 47 රයිෆලයක් තිබුණු බවත් භ‍ටයා කීවේය.

"ඇය වෙඩි නොවදින කබායක් පැළඳ සිටියා ද යන්න හෝ දෙදෙනාම දිවි පිදීමේ අදහසින් ඇය තල්ලු කළා ද යන්න ‍හෝ මා දන්නේ නැහැ. එහෙත් ඔහු‍ගේ අතේ දුරින් ගිනි අවියක් තිබුණා. ඔහු අපට තර්ජනයක් බව මා දැන සිටියා.

ඔහුට පුපුරුවා ගැනීමක් පවා සිදු කරගන්නට ඉඩක් නොතබා ඔහුගේ හිසට වෙඩි තබන්න මට අවශ්‍ය වුණා. ඒ මොහොතේ ම ඔහුගේ නළලට මා‍ දෙවරක් වෙඩි තැබුවා. දෙවන වර මා වෙඩි තැබු‍වේ ඔහු බිමට පතිත වීමත් සමගයි.

ඔහු තමාගේ යහන අසල බිම වැටුණා. එවිට මා යළිත් ඔහු‍ට වෙඩි තැබුවා. ඒත් නළලටමයි. ඔහු මැරී සිටියා . සෙලවුණේවත් නැහැ . ඔහුගේ දිව එළියට ඇදී තිබුණා"යැයි භටයා කියා තිබේ. මේ විස්තරය ප්‍රකාශයට පත්කරන එස්කුවයර් සඟරාව නිර්නාමික සෙබළා, ප්‍රහාරකයා ලෙස හඳුන්වා ඇති අතර ඔහු විශ්‍රාම වැටුපක් ,සෞඛ්‍ය රක්ෂණයක් හෝ පවුලේ අයට අතිරේක ආරක්ෂාවක් නැති නිර්නාමික වීරයකු බවටපත්ව ඇතැයි පවසා තිබේ.

කෙසේවෙතත් මේ අනාවරණයන් සිදුව ඇත්තේ මීට කලින් බින්ලාඩන් වැටලීමට සම්බන්ධ වූ මැ‍ට් බිසොනෙට් නම් සීල් භටයා විසින් ඒ සම්බන්ධයෙන් පොතක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවය.

අමෙරිකාවේ විශ්‍රාම ගිය සෙබළුන් හෝ බුද්ධි අංශ නිලධාරින් හෝ ඔවුන්ගේ අත්දැකිම් ගැන ප්‍රකාශ නිකුත් කිරීමට කලින් සංවේදනීය තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා අදාළ අත් පිටපත් පෙන්ටගනයේ විමර්ශනයට ලක්කළ යුතු නමුත් එස්කුවයර් අනාවරණ එසේ ඉදිරිපත් කර නැති බව සඳහන්ය.

මේ නිසා අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සඟරා ලිපියෙන් නොකිවයුතු රහස් අනාවරණය වී ඇත්ද යන්න සොයා බලන බව පවසා තිබේ. එස්කුවයර් අනාවරණයට අනුව බින්ලාඩන් මෙහෙයුමට ගතව ඇත්තේ විනාඩි 15ක කාලයක් පමණි.

එහෙත් ප්‍රහාරකයන් රැගෙන ගිය හෙලිකොප්ටරයක් එහි කඩා වැටුණ අවස්ථාවේ සියල්ල අවසන් බවත් ඔවුන්ට ගොඩ යාමක් නැති බවත් සිතුණා යැයි භටයා කියා තිබේ. මෙහිදී සොරා ගන්නා මෝටරියකින් ඉස්ලාමාබාදයට පලායාම හා පාකිස්තාන හමුදාව පැමිණෙන තෙක් රැඳී සිටින්නට සිදුවෙතැයි සිතූ බව ද ‍ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් මෙහෙයුමෙන් පසු ජාලාල් බාද් කඳවුරකදී සී .අයි. ඒ. කාන්තා නිලධාරිනියක හමුවට තමා පමුණුවන ලද අවස්ථාවේ බින්ලාඩන් ගේ මළ සිරුර පෙන්වා මේ ඔබේ සගයා නොවේදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය හඬා වැ‍ටුණු බව ඔහු කීවේය.

එම අවස්ථාවේ තම උණ්ඩ කොපුවේ ඉතිරිව තිබුණු උණ්‍ඩ 27 සමඟ එම කොපුව සිහිවටනයක් ලෙස තබාගන්නට යැයි ඇයට දුන් බවත් ඇය බින්ලාඩන් ගේ දූතයකු ගැන විමසිල්ලෙන් පසුවෙමින් ඔහු සිටින තැන සොයා ගැනීමට සහාය වු සි.අයි.ඒ. නිලධාරිනියක බවත් භටයා පවසා ඇත.

තවද මෙහෙයුමට යන හෙලිකොප්ටර් ගමනේදී තමන්ට සුළුදිය පහ කිරීමේ තද අවශ්‍යතාවක් දැනී බෝතලයකට සුළුදිය පහ කළ බවත් එම බෝතලය බින්ලාඩන් ඝාතනය කළ අවස්ථාව වන විටත් සිය ගමන් මල්ලේ පැවැති බවත් ‍ඔහු සිහිපත් කර තිබේ.

කෙසේවෙතත් 2012 ග්‍රීෂ්ම ඍතුවේ විශ්‍රාම ගත් තැන් පටන් ඔහුගේ පවු‍ලේ අයට පළිගැනීමේ අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවත් 16 වසරක සේවයෙන් පසු විශ්‍රාම ගත් නිසා විශ්‍රාම වැටුපක් පවා අහිමි බවත් පවසන ඔහු රට වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළත් දැන් තමා 'රොඩ්ඩක් ' බවට පත්ව ඇති බවත් ‍ඔහු පවසා තිබේ.
වොෂින්ටන් -ඒ.එ‍‍ෆ්.පි
මෙම ලිපිය අද දිනමිණ පුවත් පතෙන් ද කියවිය හැකිය.

22 comments:

  1. ඇත්තටම අහන්නේ ප්‍රභාකරන් මරපු වෙලාවේ හිටපු සාමාන්‍ය සෙබළුන්ට මොකුත් ඇගයීමක් වුනාද?නොදන්නා නිසා අහන්නේ...

    ReplyDelete
    Replies
    1. ලොව කිසිම රාජ්‍යයක් එවන් රාජ්‍ය රහස් හෙළි නොකරයි.

      Delete
    2. ඔව් එයාලා අපේ වීරයෝ. හැම හමුදා භටයෙක්ම.

      Delete
  2. කොතැනත් ඔහොම තමා. ඇගයීම හරිම අඩුයි.

    ReplyDelete
    Replies
    1. මෙවන් කර්තව්‍යයන් හිදී පෙනෙන්නට ඇගයීම් නොකෙරේ..

      Delete
  3. නලින් ඔය සීල් භටයන් කියන්නෙ විශේෂිත කොටසක් කියල මම අහල තියෙන විදියට.විශ්‍රාම ගියත් ඒ අය යම් ඇගයීමකට ලක් වනවා.මේ ගැන විචාරකනම් හරියට දන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. අති සුවිශේෂි කණ්ඩායමක් තමා.. ඒත් ඔය අය අතරේ අමුතු පොරවලුත් ඉන්නවා කලාතුරකින්.

      Delete
  4. අතිශයෝක්තියක් වෙන්න බැරිද සමහර කරුනු..!

    ReplyDelete
    Replies
    1. ප්‍රන්ස පුවත් සේවාව තමා මේ පුවත හෙළිදරව් කරන්නේ.

      Delete
  5. Seal Team Six The Raid on Osama Bin Laden
    ඔන්න ඔය ෆිල්ම් එකේ ඔය සිද්දිය ලස්සනට තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඩොකුමන්ට්‍රි එකක් හැටියටයි හදලා තියෙන්නෙ තරුවා. ඊට වඩා Zero Dark Thirty එක හොඳයි.

      http://www.imdb.com/title/tt1790885/

      Delete
    2. යා යා ටැන්කිව් ඈ..ඕකත් බාගෙන බලන්න ඕනි...

      Delete
    3. ඔන්න තරුවෝ ළිහිණියා ලින්ක් එකත් එක්කම දීලා තියනාවෝ..

      Delete
    4. ඔව් ලිහිණි හරි Zero Dark Thirty තමයි සිදුවීම ලස්සනටම කතාවක් විදියට පෙන්වන්නේ ඇත්තටම මායා නම් ගැහැණිය(මේ නම් අන්වර්ථ නම්) තමයි ලොව අංක එකේ ත්රස්තවාදිය අල්ලන්නේ. හැමතැනම නිලධාරිවාදය ඇමරිකාවේ කියල ඒකෙ වෙනසක් නෑ මායා කියන ගැහැණිය බින් ලාඩ්න් ඉන්න තැන හොයා ගත්තට කවුරුවත් ඇය ගනන් ගත්තේ නෑ. ඒ ගෑනි මාර සටනක් දෙන්නේ ඇත්තටම මෙහෙයුමට ගියපු සොල්දාදුවන් ටත් වඩා ඇයටයි සම්පුර්ණ ක්‍රෙඩිට් එක යා යුත්තේ.

      Delete
    5. අනිවා උදිත ඇය තමා මහ මොලකාරිණිය.

      Delete

    6. Zero Dark Thirty කියන්නේ අතියයෝක්තියේන් හදපු එකක්. මේක අධයක්ෂනය කරල තියෙන්නේ කාන්තාවක් වීම ඒකට හෙතුවක් වෙන්න පුලුවන් ඔසාමාව අල්ලපු එක තනි පුද්ගලයෙක් විසින් මෙහෙයවපු එකක් නෙමෙයි. Nat Geo එකෙන් කරපු Seal Team Six The Raid on Osama Bin Laden වැඩසටහනේ යම්තාක් දුරට කතාව සාධාරණීකරනය කරල තියෙනව කියන්න පුලුවන්.

      Delete
  6. ඔසාමා බිල් ලාඩන් සොයා ගන්නට තොරතුරු රැස් කරද්දී බින් ලාඩන්ට සම්බන්ධව කටයුතු කල අයව අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරද්දී ඇමෙරිකන් බටයින් ඔවුන්ට වධ දුන්නාය කියලත් මේ සීල් බටයින් හෙළිදරව් කරලා තියෙනවා. ආන්දෝලනයක් ඇති කරපු Zero Dark Thirty.2012 චිත්‍රපටයට සැබෑ තොරතුරු සැපවූයේ මේ සීල් බටයින්මයි කියලනෙ කියන්නේ. ඒ අතරම ඔය මෙහෙයුමේ ආරම්බයේදීම ඇති උන ගැටුම් වලදීත් සිවිල් වැසියන්ට පවා ඇමෙරිකානුවන් වෙඩි තැබූ වීඩියෝ පවා හිලිදරව් කරලා තිබුනා

    බිල් ලාඩන් හොයා ගන්න මෙහෙයුම් කපු අර නිළධාරීනියහේ තොරතුරු තාමත් රහසක්නේ

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් ඕනෑම රාජ්‍යයක් එවන් දෑ රහසක්ව තබාගන්නවා... එය අපේ රටේ පවා සිදුවුණා. සුදු කොඩි කතාව එවැන්නකි. මට ද ඒ තොරතුරු මෙයිට වඩා කතා කළ නොහැක. එවන් තොරතුරු හෙළි කරන්නා දේශ ද්‍රෝහියෙකි.

      Delete
  7. සමහරක් කරුණු අතිශොක්තියෙන් කියලද මන්දා.තවද ඔහුගේ මෙම හෙළිදරව් ඔහුටම අවාසියක් විමට ඉඩ ඇත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  8. අනේ මන්දා..යුද්ධයක සැඟවුණු රහස් නම් කොච්චරක් තියනවද?

    ReplyDelete
  9. මේක ඇත්තටම වෙන්න පුළුවන් ද? මොකද මේ සිද්දිය වුන කාලෙම ඒ අණදෙන නිලදාරියා කියල තියෙනවා කවදාවත් බින් ලාඩන්ට වෙඩි තියපු භටයා කවුද කියල දැනගන්න ලැබෙන්නේ නැහැ කියල.ඔවුන්ගේ ආරක්ෂාව නිසා.

    ReplyDelete
  10. ඒ මනුස්සයා එහෙම එළියට එන එක තමන්ගෙ පවුලෙ අයගෙ ආරක්ෂාවට තර්ජනයක් කියල දැන දැනම එහෙම කරන්න ඇත්තෙ මූල්‍ය අර්බුද නිසාමද, එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසාද... ඔය සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එකක් ළඟදිත් ටීවී එකේ යද්දි බැලුවා... ඒ ඉන්ටවීව් එකේදි අඩු තරමේ වෙස් වලා ගැනීමක්වත් කරල නෑනෙ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT