සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



උපුටා ගැන්ම ගූගල් වෙතින්
චන්දන ලියනාරච්චි මේ අඩවියට ලියූ කෝ කවිය කෝ නිර්මාණය සඳහා ලද අයිලාෂ් ඒ නම් කවියාගේ කවි කොමෙන්ටුව  චන්දන යළි ළියු කවි කොමන්ටුව මෙසේ මෙතැනට එක්කරන්නම්.

වීදි දිගේ නලියන හීරු
වීදි දිගේ නලියන සදු
විදි දිගේ නලියන තරු
.......
කාලය මේ යයි 
පවසනතුරු
අපි උපදි 
අපි මිය යයි....
ජිවිතයේ ඇස් දෙක
නලියන තුරු 
මම දකින්නේ මහා බොරුවක්
මම කියන්නේ මහා බොරුවක්
කවුරුත් දැක තැති
කවුරුත් විද නැති
මමවත් තව දැක නැති
........
ලෝකයේ ඇති සුන්දර බව
මම කියනවා...
........
සුන්දරයිලු කම්කරුවන්
සුන්දරයිලු වැඩවර්ජන
සුන්දරයිලු ඒ යුද්ධය
සුන්දරයිලු දුප්පත් කම
........
කව්රු කොහොම මැව්වද
කව්රු කොහොම වින්දද
කව්රු කොහොම ලිව්වද
හරයක් නෑ
රසයක් නෑ
තමත් උන් තැන් තැන්වල
වැඩ කරනවා,
තමත් උන් බඩගින්නේම
මැරි මැරි තව වැඩ ගන්නවා,
මම කවියෙක් උනාට
තව උන් කවිකම් කෙරුවට
අතිතයේ කවියන් මැරි මැරි
හිටියට...
අපි කියාපු 
අපි අඹරපු පද රසවත් 
උනාට...
කෝ හැදිච්ච සමාජයක්
කෝ හැදිච්ච මානවයෙක්
කෝ...මේ කවි කම විදින
කෙනෙක්...................
- චන්දන ලියනාරච්චි



ඉර සේවය ඉවර වෙලා 
ඉර පැමිණෙයි ඔබව සොයා 
සඳ සාවුන් සමගින් සඳ 
එනවාමයි ඔබව සොයා 
එහෙම ඇවිත් ඔබ ළඟ ඉඳ 
ඔවුන් කියයි මේලෙසටම 
චන්දන ..මා ගැන කවියක් 
ලියනු මැනවි 
මා මලපසු සොහොන් කොතේ නොව 
ජිවත් වන මගේ හද තුල 
එවිට ඔබේ කවිවැල් මට 
ලබාදේවි ලොකු සතුටක්.
- අයිලාෂ් ඒ

24 comments:

  1. ඒක එතනින් අයින් කරලැයි මෙතන දැම්මේ. එතන දාන්න අයියෙ මේකට ලින්කුවක්.

    මේ කවි ගැන මට කියන්න දෙයක් නෑ. උපරිමයි.... මේ ගැන කමෙන්ට කරන්න තරම් මගේ දැනුම පොහොසත් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙම කලා දේශ්..

      Delete
  2. අයිලාෂ් අයියගේ කවියයි පිළිතුරු කවියයි දෙකම ලස්සනයි.... කවි ලියන්න නොදන්නවා වුනාට කවි රසවිදින්න ආසයි.....

    ReplyDelete
    Replies
    1. අපි සමනල් කවියක්වත් ලියමු එතකොට ඔයාටත් ලියන්න හැකිවෙයි.

      Delete
  3. රියලිටි කලාව කෙරේ පාඨකයෝ, ශ්‍රාවකයෝ රිංගවමින් පවතින කාල වකවානුවක, හොඳ කලා නිර්මාණයකට ඇති තැන කණගාටුදායක ලෙස පහත වැටෙමින් පවතිනවා.
    කෝ හැදිච්ච සමාජයක්
    කෝ හැදිච්ච මානවයෙක්
    කෝ...මේ කවි කම විදින
    කෙනෙක්...................

    ReplyDelete
    Replies
    1. අද රස වින්දනය ඉතා භයානක ලෙසින් සමාජයෙන් ගිලිහෙමින් පවතිනවා සොයුරිය ඔබ හරි

      Delete
  4. ලස්සන කවිය ..(මේ පොලිස් කාරයා නේද /)

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මූ පොලිස්කාරයෙක් වෙලාවකට වැද්දෙක්...

      Delete
  5. ඒකනෙ බං අපි කවි ලියන්නෙ නැත්තෙ. නැතුව බැරුව හෙම නෙවෙයි. ;-p

    අපි මුන්ට සලකනවා මදිනෙ බං.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඩූඩ්...කාටද ඕව කියන්නේ...

      Delete
  6. චන්දනගේ කවි වගේම අයිලාෂ් ගෙ කවියත් නියමයි..

    ReplyDelete
  7. කවියො කවි ලිව්වට ඒවා තේරුම් ගන්න මොලයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද නලින්.

    ReplyDelete
  8. ලස්සනයි හරිම ලස්සනයි...කවි වල තියෙන ලස්සන විඳ ගන්න කවියත් එක්කම ජීවත් වෙන්න ඕන. ඒත් කොහෙද අද වෙලාවක් ඒකට...කවි කියන්න බැරි උනත් කවි ලියන්ට ඕන කෙනෙකුට පුළුවන්...මොකෝ හිතට කිසිම අදහසක් ගලා ගෙන නොඑන කෙනෙක් ඉන්නවද...ගලා ගෙන එන සිතුවිලි ගංගාවෙන් පද හතරක් විතර එකතු කර ගන්ට බැරි කාටද...ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි...වෙලාව නැතිකම...

    ReplyDelete
  9. මරු මරු. ලස්සනට ලියලා තියෙනවා කවුරු වුනත්

    ReplyDelete
  10. මට නම් කොච්චර ට්‍රයි කරත් කවි ලියන්න බෑ.. ඒකත් අපූරු හැකියාවක්...

    ReplyDelete
  11. කවියකට පුළුවන්ය
    ලෝකයක් නලවන්න


    කවිකමත් අපුරුයි මාමේ

    මේ කවි වලට කමෙන්ට් කරන්න තරම් මම කවි කමින් පොසත් නැ මේ කවි එතරම්මකවි කමින් පොසත්

    ReplyDelete
  12. දැන් දැන් වැඩිය කවි ලියවෙනවා නේද

    ReplyDelete
  13. මුල කවියනම් තරමක් රැඩිකල් බවක් තියෙනවා. පිලිතුරු කවියත් එක්කම සේකර මතකයට නැගුනා.

    ReplyDelete
  14. කවියෝ කවි ලීවට වෙනස් වේද මේ මිනිසුන්ගේ සිත..

    කවි දෙක ලස්සනයි දෙවැනි එක ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
  15. අකමැති වුණත් කියන්න ඕන ලංකාවෙ කවියොයි රසිකයොයි යන්නෙ සමාන්තර පාරවල් දෙකක.... වැඩි දෙනෙක් කවි කියවන්න වෙලාවක් හදාගන්න බැරුව ලතවෙනවා...
    අඩුම තරමෙ පත්‍තරේ කවි තියෙන අතිරේකෙත් අතෑරලයි කියවන්නෙ....
    කවියො පාඩුවෙ කවි ලියනවා.... පාඨකයො තමංගෙ වැඩක් බලාගෙන ඉන්නවා...අපේ මිනිස්සු කියවන්නත් පුරුදු වුණානම් නරකද?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT