samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



.com/
උපුටා ගැන්ම ගූගල් වෙතින්
චන්දන ලියනාරච්චි මේ අඩවියට ලියූ කෝ කවිය කෝ නිර්මාණය සඳහා ලද අයිලාෂ් ඒ නම් කවියාගේ කවි කොමෙන්ටුව  චන්දන යළි ළියු කවි කොමන්ටුව මෙසේ මෙතැනට එක්කරන්නම්.

වීදි දිගේ නලියන හීරු
වීදි දිගේ නලියන සදු
විදි දිගේ නලියන තරු
.......
කාලය මේ යයි 
පවසනතුරු
අපි උපදි 
අපි මිය යයි....
ජිවිතයේ ඇස් දෙක
නලියන තුරු 
මම දකින්නේ මහා බොරුවක්
මම කියන්නේ මහා බොරුවක්
කවුරුත් දැක තැති
කවුරුත් විද නැති
මමවත් තව දැක නැති
........
ලෝකයේ ඇති සුන්දර බව
මම කියනවා...
........
සුන්දරයිලු කම්කරුවන්
සුන්දරයිලු වැඩවර්ජන
සුන්දරයිලු ඒ යුද්ධය
සුන්දරයිලු දුප්පත් කම
........
කව්රු කොහොම මැව්වද
කව්රු කොහොම වින්දද
කව්රු කොහොම ලිව්වද
හරයක් නෑ
රසයක් නෑ
තමත් උන් තැන් තැන්වල
වැඩ කරනවා,
තමත් උන් බඩගින්නේම
මැරි මැරි තව වැඩ ගන්නවා,
මම කවියෙක් උනාට
තව උන් කවිකම් කෙරුවට
අතිතයේ කවියන් මැරි මැරි
හිටියට...
අපි කියාපු 
අපි අඹරපු පද රසවත් 
උනාට...
කෝ හැදිච්ච සමාජයක්
කෝ හැදිච්ච මානවයෙක්
කෝ...මේ කවි කම විදින
කෙනෙක්...................
- චන්දන ලියනාරච්චි



ඉර සේවය ඉවර වෙලා 
ඉර පැමිණෙයි ඔබව සොයා 
සඳ සාවුන් සමගින් සඳ 
එනවාමයි ඔබව සොයා 
එහෙම ඇවිත් ඔබ ළඟ ඉඳ 
ඔවුන් කියයි මේලෙසටම 
චන්දන ..මා ගැන කවියක් 
ලියනු මැනවි 
මා මලපසු සොහොන් කොතේ නොව 
ජිවත් වන මගේ හද තුල 
එවිට ඔබේ කවිවැල් මට 
ලබාදේවි ලොකු සතුටක්.
- අයිලාෂ් ඒ

24 comments:

  1. sri-lanka

    ඒක එතනින් අයින් කරලැයි මෙතන දැම්මේ. එතන දාන්න අයියෙ මේකට ලින්කුවක්.

    මේ කවි ගැන මට කියන්න දෙයක් නෑ. උපරිමයි.... මේ ගැන කමෙන්ට කරන්න තරම් මගේ දැනුම පොහොසත් නෑ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න එහෙම කලා දේශ්..

      Delete
  2. Untitled

    අයිලාෂ් අයියගේ කවියයි පිළිතුරු කවියයි දෙකම ලස්සනයි.... කවි ලියන්න නොදන්නවා වුනාට කවි රසවිදින්න ආසයි.....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි සමනල් කවියක්වත් ලියමු එතකොට ඔයාටත් ලියන්න හැකිවෙයි.

      Delete
  3. blogger_logo_round_35

    රියලිටි කලාව කෙරේ පාඨකයෝ, ශ්‍රාවකයෝ රිංගවමින් පවතින කාල වකවානුවක, හොඳ කලා නිර්මාණයකට ඇති තැන කණගාටුදායක ලෙස පහත වැටෙමින් පවතිනවා.
    කෝ හැදිච්ච සමාජයක්
    කෝ හැදිච්ච මානවයෙක්
    කෝ...මේ කවි කම විදින
    කෙනෙක්...................

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අද රස වින්දනය ඉතා භයානක ලෙසින් සමාජයෙන් ගිලිහෙමින් පවතිනවා සොයුරිය ඔබ හරි

      Delete
  4. z

    ලස්සන කවිය ..(මේ පොලිස් කාරයා නේද /)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වෙලාවකට මූ පොලිස්කාරයෙක් වෙලාවකට වැද්දෙක්...

      Delete
  5. images
  6. 1+-+Copy

    ඒකනෙ බං අපි කවි ලියන්නෙ නැත්තෙ. නැතුව බැරුව හෙම නෙවෙයි. ;-p

    අපි මුන්ට සලකනවා මදිනෙ බං.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒකනේ ඩූඩ්...කාටද ඕව කියන්නේ...

      Delete
  7. blank

    චන්දනගේ කවි වගේම අයිලාෂ් ගෙ කවියත් නියමයි..

    ReplyDelete
  8. 2023216-mount_fuji

    කවියො කවි ලිව්වට ඒවා තේරුම් ගන්න මොලයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද නලින්.

    ReplyDelete
  9. IMG_20200528_222338

    ලස්සනයි හරිම ලස්සනයි...කවි වල තියෙන ලස්සන විඳ ගන්න කවියත් එක්කම ජීවත් වෙන්න ඕන. ඒත් කොහෙද අද වෙලාවක් ඒකට...කවි කියන්න බැරි උනත් කවි ලියන්ට ඕන කෙනෙකුට පුළුවන්...මොකෝ හිතට කිසිම අදහසක් ගලා ගෙන නොඑන කෙනෙක් ඉන්නවද...ගලා ගෙන එන සිතුවිලි ගංගාවෙන් පද හතරක් විතර එකතු කර ගන්ට බැරි කාටද...ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි...වෙලාව නැතිකම...

    ReplyDelete
  10. blogger_logo_round_35

    මරු මරු. ලස්සනට ලියලා තියෙනවා කවුරු වුනත්

    ReplyDelete
  11. 197344_156019957792520_5855085_n

    මට නම් කොච්චර ට්‍රයි කරත් කවි ලියන්න බෑ.. ඒකත් අපූරු හැකියාවක්...

    ReplyDelete
  12. d929c244d06c53253978ccaae060d4b7

    කවියකට පුළුවන්ය
    ලෝකයක් නලවන්න


    කවිකමත් අපුරුයි මාමේ

    මේ කවි වලට කමෙන්ට් කරන්න තරම් මම කවි කමින් පොසත් නැ මේ කවි එතරම්මකවි කමින් පොසත්

    ReplyDelete
  13. lotus_flower-300x225

    දැන් දැන් වැඩිය කවි ලියවෙනවා නේද

    ReplyDelete
  14. IMG_7741+rat

    මුල කවියනම් තරමක් රැඩිකල් බවක් තියෙනවා. පිලිතුරු කවියත් එක්කම සේකර මතකයට නැගුනා.

    ReplyDelete
  15. Self_Helpless_Logo

    කවියෝ කවි ලීවට වෙනස් වේද මේ මිනිසුන්ගේ සිත..

    කවි දෙක ලස්සනයි දෙවැනි එක ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
  16. .com/img/b/R29vZ2xl/AVvXsEjvRrfpeugLMDdsyNcxp99206oVvcNpRuBFi-tlkrUbVNB3WDJcpos5JXD1I0mLJfukYyN0mlsxmdbY8MWFHVx-EJ72NjtvgcyAVuNVpHRGcMpNYgvQ4ww9SwEnd0_1Xg/s45-c/
  17. blogger_logo_round_35

    අකමැති වුණත් කියන්න ඕන ලංකාවෙ කවියොයි රසිකයොයි යන්නෙ සමාන්තර පාරවල් දෙකක.... වැඩි දෙනෙක් කවි කියවන්න වෙලාවක් හදාගන්න බැරුව ලතවෙනවා...
    අඩුම තරමෙ පත්‍තරේ කවි තියෙන අතිරේකෙත් අතෑරලයි කියවන්නෙ....
    කවියො පාඩුවෙ කවි ලියනවා.... පාඨකයො තමංගෙ වැඩක් බලාගෙන ඉන්නවා...අපේ මිනිස්සු කියවන්නත් පුරුදු වුණානම් නරකද?

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT