සිත්තම උපුටා ගැන්ම මෙතැනින් https://encrypted-tbn2.gstatic.com/images? q=tbn:ANd9GcTmqFEu8gZGlnmx4XWK9o2eeOQBfw UogkZbksvnGIzRffgGSPzd1A |
බකිටි ගාන මිදුලේ
සුදු සාරිය නොපෙනෙයි
පාසල් ගී පද වැරදෙයි
ඔබ නැති හින්දයි
කිරි වැරුවේ ඇයි අම්මේ
තවමත් නොදැනෙයි
සිදාදියෙන් ගමට ආවේ
ඇහැ පාදන්නයි
බහ තෝරන දරුවන් තොල
රන් කිරි ගෑවයි
වනන්තරේ මල් යහනට
පුන් සඳ සේ මයි
ඇතෙකු බරට කිරි කුරහන්
ගෙනැවිත් දෙන්දැයි
ගසක දොඩම් මදි අම්මේ
මොනවා දෙන්දැයි
ගමට යන්න හිස් අතින්ම
ඔබෙ පා වැන්දැයි
සිංහල බ්ලොග් ලියන්නන් අතර කවිය සුවිශේෂී වු අනන්‍යතාවක් සහිතව ගොඩනැගෙන යුරු ඉතාම පැහැදිලි න නිරීක්ෂණය කළ හැකි ය. කවිය කෙරෙහි ලැදි දනන් වෙනුවෙන් ප්‍රවීණ කිවිවර රන්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ අපූර්ව නිර්මාණය මෙතැනට ගෙනහැර තැබුවෙමි. උපුටා ගැන්ම රන්න ශ්‍රී විජේසිංහයන්ගේ සුදු නෙලුම කෘතියෙනි.
ඒකනම් ඇත්ත.. කවිකම් වලට බ්ලොග් ලෝකේ ඉඩක් ඇතේ කියල කවුරුහරි කිව්වා පොඩියට වගේ මතකයි...මාත් දැම්ම කොමෙන්ටුවක් එහෙනම්. ජය වේ..
ReplyDeleteඑන්න අපේ පැත්තේ.. CSK LANKA
එන්නම් චින්තක අනිවා..
Deleteමගේ සිතුවිලි කියන්න මමත් කැමතිම ස්වරූපය කවිය.. කවිය ලයාවින්තයි..නමුත් තියුණුයි.. සරලයි..නමුත් ගැඹුරුයි.. සුමටයි නමුත් රළුයි.. :)
ReplyDeleteජය වේවා..
ඔබේ කවි කම මා දැක තිබෙනවා රෙඩ් ඔබේ අඩවියෙන්....ඔහොම යමු...
Deleteඉතාම අනගි කවි පෙළක් . මාත් කවියට මනාපයි. හිතක් ආවොත් ඉතින් කවිම කියවෙන කාලයක් එනවා .
ReplyDeleteබින්දි මේ මා වඩාත් ප්‍රිය කරන අපේ රටේ සුප්‍රකට කවියා ගේ නිර්මාණයක්.
Delete(Y)
ReplyDeleteකියවූ බව පෙන්නන්ට පමණක් දැමු කමෙන්ටුවක් නොවනබව සලකන්න.
හරි සහෝ ඒකට කමක් නෑ..
Deleteඅපිටත් මෙසේම වෙයිදෝ :(
ReplyDelete