රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-01-05

වඩා උත්තරීතර කවුද?


ජන මෙහෙවර උදෙසා අපේ රටේ බලය හිමි ආයතන 3කි. 
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය එම ආයතන 3යි. 
මේ ආයතන අප මත පැටවෙන්නේ හයෙන් පහක බලයක් සහිතව 78 වසරේ දි ජේ. ආර්. ජයවර්ධන මහතා සම්මත කළ ව්‍යවස්ථාව අනුව යි. ඊට පෙර තිබුණේ ජනරජ ව්‍යවස්ථාව යි.

රටක් කරවන ප්‍රධාන ලියැවිල්ල වනේනේ ව්‍යවස්ථාව යි.

අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර හට ගෙන ඇති අර්බුධය දෙස අද රටම බලා සිටි යි. අද රටේ දනන් මුවඟ නිබඳ රැඳුන පැනය බවට පත්ව ඇත්තේ මෙයින් වඩා උත්තරීතර ආයතනය කුමක් ද යන්න යි. 

මට අනුව නම් වඩා උත්තරීතර ජනතාව යි.

78 ව්‍යවස්ථාවට අනුව රටේම ජනතා ඡන්දයෙන් විධායක ජනපතිවරයෙක් තෝරාපත් කර ගැනෙයි. එය විධායකය යි. 
ව්‍යවස්ථා දායකය සඳහා මහජන නියෝජිතයන් සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ තෝරා ගැනෙයි. ඔවුහු පාර්ලිමේන්තුව තුළ තීන්දු තීරණ ගනිති. එම තීන්දු තීරණ ක්‍රියාවට නැංවෙද්දී මහ ජනතාවට ගැටලුවක් ආ කල එය විසඳාගැන්මට යා යුතුව ඇත්තේ අධිකරණය වෙතට යි.

ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා කථානායක වන අතර අධිකරණයේ ප්‍රධානියා වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා යි.

දැන් අපි ගැටලුව දෙසට නෙත් යොමු කරමු.

අග විනිසුරුවරිය  වැරදි කර ඇතැයි  චොදනා එල්ල වෙයි. සාමාන්‍ය පුර වැසියෙකුට එරෙහිව චොදනාවක් එල්ල වන්නේ නම් එම චෝදනාව විභාග කරන්නේ අධිකරණය යි. අධිකරණයේ ඉහළම නිලය හොබවන්නා ට එරෙහි චෝදනාවක් වෙතොත් එය විභාග කරන්නේ කවුරුන් ද?.

78 ව්‍යවස්ථාව මගින් ඊට ප්‍රතිපාදන සපයා ඇත. ඒ දොශාභියෝගය යි.

ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් බහුතරයක ගේ අත්සනින් යුතුව අගවිනිසුරුට එරෙහිව චෝදනා 14ක් කථානායකවරයා වෙත ඉදිරිපත් කැරිණි. ඒ අනුව ස්ථාවර නියෝග යටතේ එම චෝදනා විමර්ශනය කොට පාර්ලිමේන්තුවට වාර්තා කරන්නට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කැරිණි. අගවිනිසුරුවරිය එකි චෝදනාවන් 3කට වැරදි කාරිය කරමින් එම තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු දැන් අවසන්ව ඇත. එම කාරක සභා වාර්ථාව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එහි දී එම චෝදනා විවාදයකට ගෙන මහජන නියෝජිතයන් ගේ වැඩි කැමැත්තෙන් සම්මත වුවහොත් එය විධායකය වෙත තීරණයක් සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත. 

ඉහත කාරණා සපුරාලීමෙන් අනතුරුව අගවිනිසුරුවරිය සම්බන්ධයේන් අවසන් තීන්දුව ගන්නේ විධායකය යි.

එහෙත් ගැටලුව උග්‍ර වන්නේ අගවිනිසුරුගෙන් ප්‍රශ්න කරන්නට තේරීම් කාරක සභාවට බලයක් නැතැයි යනුවෙන් අගවිනිසුරුතුමිය අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කිරීමත් සමග ය. 

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - 78 පිටුව
107 වගන්තිය 3 ඡේදය


//ඒ යොජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකවම හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධව වූ ද සියලු කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේ ය.//

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය තේරීම් කාරක සභාවේ නියෝජිතයන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කළේය. එම නියෝජිතයන්ගෙන් දෙදෙනෙක් එම අධිකරණ නියෝගය පිළිගත් අතර අනෙක් නියෝජිතයෝ වඩා උත්තරීතර ව්‍යවස්ථාදායකය බැව් පවසා අධිකරණයේ පෙනි නොසිටියහ. මේ මොහොතේ රටේ ප්‍රධාන විපක්ෂය ද රජය සමඟ සිටිමින් වඩා උත්තරීතර ව්‍යවස්ථාදායක ය බව පවස යි.

මේ අතර අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ඉල්ලුවේ ය. එහි අර්ථ නිරූපනය වූයේ තේරීම් කාරක සභාවට බලයක් නොමැති බවයි.එහි තීන්දුව බොහෝදුරට 7වැනිදා ලබා දීමට නියමිත ය.

අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර මෙයට පෙර පැනනැගුණු ගැටලුවක් නිරාකරණය කරමින් වඩා උත්තරීතර ව්‍යවස්ථාදායකය බවට එවකට කථානායක ධුරය හෙබැවූ අනුර බණ්ඩාරනායක මහතා තීන්දුවක් දී ඇත. 
එය අද ට ද වලංගුය.

මේ සිදුවීම් මාලාව දෙස අපි නැවත වෙනත් කෝණයකින් බලමු.

අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරයට විනිසුරුවරුන් නම්  කරන්නේ අග විනිසුරුයි. අගවිනිසුරුගේ පැමිණිල්ලක් විභාග කරන්නට අගවිනිසුරුම විනිසුරුවරුන් පත්කරන කල අධිකරණය පිළිබඳව ජනතාව තුළ ඇතිවන හැඟුම කෙබඳු විය හැකි ද? 

ව්‍යවස්ථාදායකය දේශපාලන අධිකාරියකි. එම අධිකාරියේ බලයෙන් අගවිනිසුරුවරයෙක් ව්‍යවස්ථානුකූල ලෙස වුව ඉවත් කිරීම ද විවිධ අර්ථකතන ලැබෙන රටකට සුබ නොවන විවාදිත කරුණකි.

මේ තවත් පැත්තකි. 

යම් බල ලත් ආයතනයක ප්‍රධානියෙක් වැරැද්දක් කොට ඇතැයි චොදනාවට ලක් වුව හොත් කෙරෙන පළමු කාර්ය වන්නේ එම චෝදනා විභාගය අවසන් වන තුරු චොදනා ලාභියා අනිවාර්ය නිවාඩු යැවීම යි. එසේ නොමැති නම් චොදනාලාභියාම තම බල සීමාවෙන් ඉවත්ව එම පරීක්ෂණ කටයුතු කරගන යන්නට ඉඩ දී තාවකාලිකව ඉවත් වීමයි. අග විනිසුරු අනිවාර්ය නිවාඩු යවන්නට ව්‍යවස්ථාවෙන් බලතල ලබා දී නැත.චොදනා විමර්ශන අවසන් වනතුරු අගවිනිසුරුවරිය තම රාජකාරීවලින් ඉවත් විමක් සිදු වූයේ ද නැත. (එය නීතියක් නොව සදාචාරාත්මක කටයුත්තකි)

මේ සියලු කරුණුවලින් සිදුවූයේ ව්‍යවස්ථාදායකය කෙරෙහි මෙන්ම අධිකරණය කෙරෙහි ද ජනතාව තුළ වූ ගෞරවය විශ්වාසය පිරිහී යාම යි.
මෙවන් දෑ රටකට මහත් සේ අහිතකරය. මෙයින් තැලෙන්නේ ජනතාවයි. මේ සිදුවිම් රටේ අනාගතයට බෙහෙවින් බලපෑම් ඇති කරයි.

රටේ ජනතාවගේ අවාසනාවට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාර ය. ඉතින් වඩා උත්තරීතර මහ ජනතාව ඉදිරියටත් මහ මග ම ය.

- නලින් දිල්රුක්ෂ

22 comments:

  1. කොතැන හෝ නෙමෙයි වැදගත් යැයි එහෙමත් නැති නම් රටේ මරමස්ථාන සෑම එකකම වැරැද්ද වි ඇත.ඒ වැරැද්දෙන් අහිංසක ජනතාව මහත් කම්පාවටත් දුකටත් පත් වන අවස්ථා එමටයි.ලොකු පුටු වල හිඳ ගන්නා අයට ඕනෑ ආකාරයට සියල්ල කරකවති.තනි පුද්ගලයෙකුට අයිති සුක්කානමක් රටටකට ඔබින්නේ නැත අද.අවශ්‍ය වන්නේ ජිවිතයක් පිඩාවකින් තොරව ජිවත් කරලිමටය.

    මට අනුව නම් වඩා උත්තරීතර ජනතාව යි.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ජනතාව උත්තරීතර වෙන්නේ චන්ද ටික ගන්න තුරු පමණයි.මගේ මතය කිසිවෙකු උත්තරීතර නැත යන්නය.

      Delete
    2. ඇනෝ කියන කතාවත් හරි

      Delete
  2. මේක කියෙව්වා නලීන් , මන් මගේ පොස්ට් එකේ හැම දේම පැහැදිලි කල
    නිසා මෙතනත් කියල තේරුමක් නැහැ . මෙතන තේරුම්ගත උත්ත තමයි
    අග්‍ර විනිශ්චය ධූරය කියන්නේ අනික් තනතුරු එක්ක සංසන්දනය කල නොහැකි
    එකක් වීමයි...
    "රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර..."

    ReplyDelete
    Replies
    1. මම ඒතැනට ෙගාස් ඒය කියවා තමයි අාෙව්.ඔබ හරි ධුරය සංසන්ධනය කළ ෙනාහැකියි. ඒෙස්ම ධරයට ගැල ෙපන ෙද්වල් විතරන් ධුරය දරන්නා කළ යුතුයි.

      Delete
    2. ඒ කියන්නේ පාලක පන්තිය ආසා කරන දේද ?

      Delete
    3. ඇනෝ පොස්ටුව අගටම කියවා නැති හැඩයි

      Delete
    4. සහන් කියන කතාවට මාත් එකඟයි බොහෝ දුරට....

      Delete
  3. මොනවා උනත් ජනතාව තැලෙන එක විතරයි වෙන්නේ!
    දෝෂාභියෝග..වඩා උත්තරීතර මොකද්ද.... ඕවා තමයි අපේ රටට දැන් තියෙන ප්‍රශ්න!! ප්‍රතිපල අවුල්! ගෑස් මිල ඉහලට...! තෙල් මිල අහස උසට! ඕවා නෙවෙයි! මොකෝ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ලු නේ!

    ReplyDelete
    Replies
    1. මේ ගැටලු අදට නොවෙයි මලයා අනාගතයට...අනාගතයේ මොන පාලකයා හිටියත් මේ ගැටලුව ඔඩු දුවනවා.

      Delete
  4. Bohoma honda Rajapakshikayek wageyi.

    ReplyDelete
    Replies
    1. හොඳින් බලන්න එහි ඇත්තේ යථාර්තය ද රාජපාක්ෂික බවද කියා.

      Delete
  5. මට වැඩිය දේශපාලනේ ගැන නොදන්නේමි ඒකට සමාව. නමුත් මේකෙනුත් මං සෑහෙන දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  6. අඩේ අපේ විජය උන්දෑට කලින් රජ කරපු අය ගන නැද්ද මොනවත් තොරතුරු. අපි හැමදාම දන්නේ විජේට පස්සේ ගොල්ලො ගැනනේ. මං රාවනාට පස්සෙ, විජයට කලින් හිටපු අය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. පුලුවන් නම් ඒ අය ගැනත් මොනා හරි ලියන්නකෝ මල්ලි

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටින්ට්ග් මිස්ටේක්!

      Delete
    2. ගයාන් මේ පැත්තට ආවට ස්තුතියි.

      Delete
  7. මේකට වාද කරන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් නැත. මොකක් උනත් වඩා උත්තරීතර ජනතාවට නම් කෙලවී ඇත..

    ReplyDelete
    Replies
    1. ඒ බැව් මාද පවසා ඇත.

      Delete
  8. ජනතාවගේ පරමාදිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව ඒත් ජනතාවගේ ඒ බලයෙන් හිතුමතේට වැඩකරන්න,තක්කඩි තීරණ ගන්න තමන්ගේ පුද්ගලික වුවමනාවන් ඉෂ්ඨ කරගන්න. ඒ උත්තරීතර ජනතාව මොවුන්ට බලය දි නැති බව නම් සහතිකයි

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය හරි...නමුත් ප්‍රශ්නය දෙස බාහිරින් පමණක් බලන්න එපා. මේය ගැටලුවක් වෙන්නේ අදට වඩා ආනාගතයේ දී යි.

      Delete
  9. "අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරයට විනිසුරුවරුන් නම් කරන්නේ අග විනිසුරුයි"
    ඔය කතාව ඔබතුමාට කිවිවෙ කවුද නමි දන්නෙ නැහැ...
    හැබැයි අපේ රටෙ නමි ඔහොම බලයක් අගවිනිසුරුට නැහැ....
    ඒ නිසා දෙයක් බුද්ධිමත්ව විමසා බැලීම සෑහේ..
    (18 වන ආණ්.ව්‍ය VII පරිචිජේදය)

    ReplyDelete
  10. මේ ලිපියත් වටිනවා....මේවා සිංහල බ්ලොග් ලෝකෙට වටිනා කියන පොස්ට් ආරක්ෂා කරන්න ඕනා අපි මේවා....


    ජය වේවා අයියේ..........

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්