samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලට විවිධ වර්ණයන්ගෙන් යුත් වර්ෂාවන් පතිත වු අතර ලංකාවට ප්‍රථම වතාවට අනුරාධපුර සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට පසුගිය 03 වන දා දහවල් කාලයේ නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් පතිත වු බව බණ්ඩාරපුලියන්කුලම පදිංචි සිරිසේනගේ වසන්ත මහතා පැවසීය. 
DSCF6116
නිල් පැහැති ජලය පෙන්වන
එස්. වසන්ත මහතා (46)  සහ දියණිය


DSCF6112

DSCF6114

වර්ෂාවෙන් එක්රැස් කරන ලද ජලය  ඒ මහතා විසින් පරීක්‍ෂණ කටයුතු සදහා අනුරාධපුර කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට 05 දා දහවල් භාරදෙනු ලැබීය. 

අංක 50 බණ්ඩාරපුලියන්කුලම අනුරාධපුර පදිංචි සිරිසේනගේ වසන්ත (46) මහතා එක්රැස් කරගන්නා ලද නිල් පැහැති ජලය පසුගිය 03 වනදා දහවල් 11.30 ට පමණ ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග ඇද වැටෙන්නට ඇති බවට ඔහු අනුමාන කරයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වසන්ත මහතා. 03 වනදා මම ට්‍රැක්ටරේ වැඩ කරලා ගෙදර ඇවිත් මුණ සෝද ගන්න වතුර එකක් ගත්ත අවස්ථාවේ තමයි මව වර්ෂාවෙන් වැටෙන වතුර එක්රැස් කරන්න තියපු බේසමකට මෙම නිල් පැහැති ජලය එක්රැස් වී තිබුනේ. ගෙදර පොඩි අය ඉන්න නිසා මම හිතුවා ඒ ගොල්ලෝ මේකට නිල් දාලද කියලා. මම අනිත් වතුර එක්රැස් වෙන්න තියපු ඒවාත් බැලුවා. ඒවා වලත් වතුර නිල් පාටයි. වත්තේ තියපු වතුරත් තැනින් තැන නිල් පාට තිබීබා. 

දැනට තියන පාටට වඩා තද නිල් පාටක් මෙම ජලයේ තියෙන්න ඇති කියලා මම හිතනවා. මොකද නිල් පැහැති ජලය පිරුනටත් පස්සේ ආපහු තදින් වර්ෂාවත් ප්‍රදේශයට ඇදහැලුනා. නිල් පැහැති ජලය විනාඩි 03 ක වඩා වැඩි කාලයක් වැටිලා නෑ කියලා මම හිතනවා. වත්තේ තැන් තැන් වල නිල් පැහැති ජලය තිබීබා.

මම මේ සමීබන්ධයෙන් ග්‍රාම නිළධාරි චුලක මහතාටත් දැන්වුවා. ඒ මහත්තයා කිවුවා මේ වතුර බෝතල් සාමීපල අරගෙන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට දෙන්න කියලා. රතු කහ කොළ වර්ෂා ගැන පසුගිය දින කිහිපයේදීම මාධ්‍ය මගින් ප්‍රචාරය වුනත් නිල් පැහැති වර්ෂාවක් වැටුනු පළවෙනි අවස්ථාව මේක වෙන්නැති කියලා මම හිතනවා.

මීට දින 10 කට පමණ ඉහතදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාවස්තිපුර සාලියපුර තිරප්පනේ මරදන්කඩවල මහඉලුප්පල්ලම කහටගස්දිගිලිය හොරවීපතාන යන ප්‍රදේශ වලට කහ සහ කොළ පැහැති වර්ෂාවන් වැටුනු බවට වාර්තා විය. වසන්ත මහතා විසින් එක්රැස් කරගත් ජල සාමීපල වලද ඊයමී පැහැති ඝන ද්‍රව්‍යයක්ද දැක ගත හැකි විය.
----------------------------------------------------------------------------------------
මහේෂ් බී විජේසූරිය



8 comments:

  1. blogger_logo_round_35

    දේදුන්නක් දියවෙලා වැටෙනවද? :O

    ReplyDelete
  2. blogger_logo_round_35

    තව පාට ටිකයි ඉතිරිවෙලා තියෙන්නේ....

    ReplyDelete
  3. 197344_156019957792520_5855085_n

    ලෝක විනාසේ..............

    අයියෙ මේ පහල තියෙනෙ "සේයා රූ පුවත්" කෑල්ල දැම්මෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එක ටෙම්ප් එකක තිබුනා පිංතුර දුවන කොටසක් ඒකේ ස්ක්‍රිප්ට් එක ගෙනත් මෙතැන දාගත්තා.

      Delete
  4. blogger_logo_round_35

    දේශපාලන කුමන්ත්‍රණයක්....!

    ReplyDelete
  5. DDT

    යකෝ ... දැන් මිනිස්සු වහිනකොට ගෙට වෙල නොතෙමි ඉන්නවට වැඩිය කරන්නෙ වැස්සෙ පාට බලන්න යන එකද මන්ද, බලන් ගියාම දැන් වහින්නෙ දේදුනු වැහිනේ. බොරු මොටද මමත් වැහි වතුර පිරිච්ච තැන් ඕන තරම් දැකල තියෙනව. ඔය මලකඩ පාටවල් වැහි වතුරෙ සාමාන්‍ය දෙයක්නේ. මානසික ආබාධ තියෙන එවුන් එන්න එන්න වැඩිවෙනවද කොහෙද?

    ReplyDelete
  6. blogger_logo_round_35

    adun hodanna lesi wei... ( nil dan tikak ganan )

    ReplyDelete
  7. 12832864909625

    මාරයිනේ. හැබැයි එච්චරම නිල් පාටක් පේන්නේ නෑ නේද

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT