samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ප්‍රථම ඇමැති මණ්ඩල සංශෝධනය යටතේ නව කැබිනට් ඇමැතිවරු දසදෙනෙක් ව්‍යාපෘති ඇමැතිවරු දෙදෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරු පස්දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේදී අද (28) දිවුරුම් දුන්හ.

හිටපු ඇමැතිවරුන් පස්දෙනකුගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පස්දෙනකුගේ අමාත්‍යාංශ මේ යටතේ වෙනස්ව ඇති අතර නියෝජ්‍ය ඇමැතිවරුන් පස්දෙනකුට ඇමැති ධූර හිමිව තිබේ.

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරුන් වශයෙන් කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල මහත්වරු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැතිවරුන් වශයෙන් පත්ව සිටිති.

පරිසර හා පුනර්ජනීය බලශක්ති අමැතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත, තාක්ෂණ, පර්යේෂණ හා පරමානුක ශක්ති ඇමැතිවරයා ලෙස පාඨලි චම්පික රණවක, ඛනිජ තෙල් කර්මාන්ත ඇමැතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන, සීනි කර්මාන්ත ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරු සහ විදුලිබල හා බලශක්ති ඇමැතිවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් දිවුරුම් දුන්හ.

ආයෝජන ප්‍රවර්ධන අමැතිවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උද්භිත උද්‍යාන හා පොදු විනෝද කටයුතු ඇමැතිවරයා ලෙස ජයරත්න හේරත්, අධ්‍යාපන සේවා ඇමැතිවරයා ලෙස දුමින්ද දිසානායක, වනජීවි, සම්පත් සංරක්ෂණ ඇමැතිවරයා ලෙස විජිත් විජයමුණිසොයිසා, ඵලදායිතා ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස බසීර් සේගුදාවුද් මහත්වරු දිවුරුම් දුන්හ.

රෝහිත අබේගුණවර්ධණ සහ නිර්මල කොතලාවල මහත්වරු දිවුරුම් දුන්නේ වරාය හා මහාමාර්ග ව්‍යාපෘති පිළිබද අමාත්‍යවරුන් වශයෙනි.

එස්.එම්. චන්ද්‍රසේන  මහතා ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සුසන්ත පුංචි නිලමේ මහතා ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් ෆයිසර් මුස්තාෆා මහතා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා  ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් අබ්දුල් කාදර් මහතා පරිසර හා පුනර්ජනීය බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සරත් ගුණරත්න මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අගමැති දි. මු. ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.

11 comments:

  1. DDT

    හප්පේ ...... යන්තන් ඇති, මගේ ප්‍රශ්න සේ...රම ඉවරයි !

    ඒ වුනාට ඉන්දියාවටත් කරන්ට් එක දෙන්න කතාකරපු රණවක මහත්තයට කරපු වැඩේ නම් හරි නෑ, සමහර විට එතුම පරමාණුක ශක්තියෙන් අපිට කරන්ට් එක දෙන්න පරියේෂණ කරයිද මන්දා.

    ReplyDelete
  2. sri-lanka

    goda kaalekin meke news ekak dakke. News dammath api balanawa.

    ReplyDelete
  3. blogger_logo_round_35

    තනිකරම සිනිවලටත් ඇමතියෙක්.
    ඕ/ලෙවල් වත් හරියට නැති අයෙකු අධ්‍යාපන සේවා.
    විදුලි උපාධීයක් තිබ්බ ඇමති හිටපු විදුලි බල ඇමතිකමෙන් ඉවතට.
    දෝශාභියෝගයට කළ උපකාරයට ප්‍රතිඋපකාරයටත් ඇමතිකම්.

    ReplyDelete
  4. blogger_logo_round_35

    දේශපාලන දැන් නම් තිත්ත වෙලා.

    ReplyDelete
  5. IMG_20200528_222338

    හෆොයි! අපේ රටේ දේශපාලනේ...(දේශේපාලුනේ) කතාකරලා වැඩක් නෑ..

    ReplyDelete
  6. 197344_156019957792520_5855085_n

    මරු.... දැං ඔක්කොම ජනතා ප්‍රශ්ණ විසඳෙයිනේ ?

    ReplyDelete
  7. lotus_flower-300x225

    දුමින්ද දිසානායක කිවේ අර මතක නැති එක්කෙනාමද . මටත් මතක නැහැ මේ තව දුමින්ද කෙනෙක් හිටියද කියල . එයාම නම් මුකුත් මතක නැතුව අධ්‍යාපනයට සේවය කරන්නේ කොහොමද .

    නලින් ඉතින් තරහ වෙන්ට එපා ..මේ විගඩම් ඔඅත පත්තර වල බලන්න පුළුවන්නේ .

    නරකද බ්ලොග් එකේ ඔයාගේ අනන්‍ය බව තියෙන ඔබේ නිර්මාණ වැනිදේ පල කලොත් .

    ReplyDelete
    Replies
    1. DDT

      නෑ, නෑ, අක්කා. ඒ මතක නැත්තෙ දුමින්ද සිල්වට. මේ දුමින්ද දිසානායක ඇවිත් උතුරු මැද පළාතෙ හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකගෙ පුතා. මෑන් නම් දැන් අවුරුදු බර ගානක් පාර්ලිමේන්තුවෙ හිටියා, චන්ද්‍රිකා නෝනගෙ කාලෙ ඉඳල.

      Delete
    2. lotus_flower-300x225

      මට ඔය එකෙක්ගේ වත් නම් ගම මතක හිටින්නේ නැහැනේ මලේ .

      Delete
  8. ds

    මේ යක්කු කියන දෙයක් මට නං තේරෙන්නේ නෑ. ඇයි අප්පා සංසෝදනය කියල කියන්නේ වැඩි කරන එක බව අමතක කරල කතා කරන්නේ. දැං බලන්න ඉන්ධන මිල සංසෝදනය කරනවා. ඊට පස්සේ කිරිපිටි, බස් ගාස්තු, ගෑස්. හැම එකම සංසෝදනය. ඉතිං සිංහල සද්ද කෝසෙට චින්තනෙන් එකතු කොරන අළුත්ම වචනේ තමා ඔය. සංශෝධනය= යම් කිසි දෙයක අගය වැඩි කිරීම.. ඔබ සැමට තෙරුවන් සරණයි. සුභ අනාගතයක්.. වනක්කම්

    ReplyDelete
  9. MyPhoto

    කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වලට ඇමතිලා නැත්ද?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT