සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සිත්තම උපුටා ගැන්ම මෙතැනින්
 https://encrypted-tbn2.gstatic.com/images?
q=tbn:ANd9GcTmqFEu8gZGlnmx4XWK9o2eeOQBfw
UogkZbksvnGIzRffgGSPzd1A


බකිටි ගාන මිදුලේ
සුදු සාරිය නොපෙනෙයි
පාසල් ගී පද වැරදෙයි
ඔබ නැති හින්දයි
කිරි වැරුවේ ඇයි අම්මේ 
තවමත් නොදැනෙයි

සිදාදියෙන් ගමට ආවේ
ඇහැ පාදන්නයි
බහ තෝරන දරුවන් තොල
රන් කිරි ගෑවයි
වනන්තරේ මල් යහනට 
පුන් සඳ සේ මයි

ඇතෙකු බරට කිරි කුරහන් 
ගෙනැවිත් දෙන්දැයි
ගසක දොඩම් මදි අම්මේ
මොනවා දෙන්දැයි
ගමට යන්න හිස් අතින්ම 
ඔබෙ පා වැන්දැයි


සිංහල බ්ලොග් ලියන්නන් අතර කවිය සුවිශේෂී වු අනන්‍යතාවක් සහිතව ගොඩනැගෙන යුරු ඉතාම පැහැදිලි න නිරීක්ෂණය කළ හැකි ය. කවිය කෙරෙහි ලැදි දනන් වෙනුවෙන් ප්‍රවීණ කිවිවර රන්න ශ්‍රී විජේසිංහයන්ගේ මේ අපූර්ව නිර්මාණය මෙතැනට ගෙනහැර තැබුවෙමි. උපුටා ගැන්ම රන්න ශ්‍රී විජේසිංහයන්ගේ සුදු නෙලුම කෘතියෙනි.


9 comments:

  1. ඒකනම් ඇත්ත.. කවිකම් වලට බ්ලොග් ලෝකේ ඉඩක් ඇතේ කියල කවුරුහරි කිව්වා පොඩියට වගේ මතකයි...මාත් දැම්ම කොමෙන්ටුවක් එහෙනම්. ජය වේ..
    එන්න අපේ පැත්තේ.. CSK LANKA

    ReplyDelete
    Replies
    1. එන්නම් චින්තක අනිවා..

      Delete
  2. මගේ සිතුවිලි කියන්න මමත් කැමතිම ස්වරූපය කවිය.. කවිය ලයාවින්තයි..නමුත් තියුණුයි.. සරලයි..නමුත් ගැඹුරුයි.. සුමටයි නමුත් රළුයි.. :)
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි කම මා දැක තිබෙනවා රෙඩ් ඔබේ අඩවියෙන්....ඔහොම යමු...

      Delete
  3. ඉතාම අනගි කවි පෙළක් . මාත් කවියට මනාපයි. හිතක් ආවොත් ඉතින් කවිම කියවෙන කාලයක් එනවා .

    ReplyDelete
    Replies
    1. බින්දි මේ මා වඩාත් ප්‍රිය කරන අපේ රටේ සුප්‍රකට කවියා ගේ නිර්මාණයක්.

      Delete
  4. (Y)

    කියවූ බව පෙන්නන්ට පමණක් දැමු කමෙන්ටුවක් නොවනබව සලකන්න.

    ReplyDelete
    Replies
    1. හරි සහෝ ඒකට කමක් නෑ..

      Delete
  5. අපිටත් මෙසේම වෙයිදෝ :(

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT