සිරිපා අඩවියේ ඇතැයි විශ්වාස කළ එහෙත් මෙතෙක් අප්‍රකටව පැවත් දිවා ගුහාව ස්ථිර ලෙසින් ම සොයගත් බව සිරිපාද නාහිමියෝ පවසති.
සිරිපා මළුවට මීටර් 100ක් පමණ පහළින් මේ ගුහාව ඊයේ සොයා ගත් බව උන්වහන්සේ පවසති. මේ ගුහාවේ තිබී ඒ බැව් කියැවෙන සෙල් ලිපියක්ද නිශ්ශංක මල්ල රජුගේ යැයි ගුහා සිතුවමක්ද සොයා ගන ඇත.මෙවර සිරිපා වන්දනාවේ යෙදෙන්නන් සඳහා මේ සොයාගත් දිවා ගුහාව වන්දනා මානයට විවර කරන බවද උන්වහන්සේ පවසති.
රජු ගේ කැටයම |
සෙල් ලිපිය මේ මගින් දිවා ගුහාව මේ බැව් තහවුරු වන බව නා හිමියෝ පැවසූහ |
සෙල් ලිපිය |
නිශ්ශංක මල්ල රජුගේ ගුහා සිතුවම |
---------------------------------------------------------------------------------------------------------------------
asels kuruluwansa, ranjith rajapaksha - අසේල කුරුළුවංශ, රන්ජිත් රාජපක්ෂ
සාධු සාධු
ReplyDeleteඑල... මෙක ෂුවර් ද බං ...
ReplyDeleteඅනේ බොහොම පින්වත් ප්‍රවෘත්තියක්... බුද්ධාලම්භන ප්‍රීතියෙන් මගේ සිත ඔකද උනා... තවත් දිවා ගුහාවක් තියෙනවා නේද කුරුව්ට පැත්තෙ... මම එතැනට නම් ගිහිල්ලා තියෙනවා...
ReplyDeleteමම විශ්වාස කරන්නේ නෑ ඒ මෙතන කියා... මොකද එතන මීට වඩා දේ තිබිය යුතුයි...
ReplyDeleteදිවා ගුහාව තියෙන්නේ නිකරගුහාවේ නේද?
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteබොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඕනම මතවාදයක් සඳහා මේ අඩවිය කාටත් විවෘතයි. ඒත් අසැබි වදන් පමණක් එපා. මේ අඩවිය මගේ දරුවන් මෙන්ම ඒ වයසේ දරුවන් ද කියවනවා.සමහර විට ඔබේ දරුවන්ද කියවන්නට ඉඩ ඇත.
Deleteසාධු..... සාධු.... සාධු..... අනේ හොඳයි අපිට ඊළඟ සැරේ යද්දී දිවාගුහාවත් වැඳ පුදාගෙනම එන්න පුළුවන්
ReplyDeleteකෝරලේ වලව්ව
ඉහළ කමෙන්ට් කළ සියල්ලන්ටම...
Deleteමෙය හරිද වැරදිද යන්න මා නොදනිමි. සිරිපා නා හිමිගේ ප්‍රකාශය මා සටහන් කොට ඇත.
චැක් මීවනයා හිටියනං ඔය සෙල්ලිපිය කියවගන්න තිබුනා..
Deleteහිකිස්..... ඒකා මැරිලද කොහේ. බ්ලොග් එකේ මිනීමරුවෝ කැරපොත්තෝ සල්ලාලයෝ මකුළුවෝ එකී මෙකි නොකී එවුන් පිරිලා.
Deleteඇත්තටම මීවනයට මොනවද වෙලා තියෙන්නේ.
Deleteහාමුදුරුවෝ කළබල වෙලා වැඩියි වගේ... තව ටිකක් හොයලා බලලම මේ ටික කිව්වනං හරි...
ReplyDeleteමම නම් දන්නෙ නැහැ.
ReplyDeleteසෙල් ලිපි වල මොනවද තිබ්බේ කියල සදහනක් නැත්ද?
හාමුදුරුවෝ මේ ගැන 100% දනගෙනද දන්නේනෑ ප්‍රසිද්ධ කලේ. එහෙම නැත්නම් තමන්ගේ කාලේදී මෙහෙම දෙයක් කළා කියලා ප්‍රසිද්ධ වෙන්නද?
ReplyDeleteniyamai
ReplyDeleteඅහන්නත් සතුටුයි......
ReplyDeleteසාධු සාධු පින් ලැබියං ඇස්දෙකට...
ReplyDeleteමේක නියම දිවා ගුහාව කියල මටත් හිතෙන්නෙ නෑ, කොහොම උනත් හාමුදුරුවො ඉක්මන් වෙල වැඩියි වගේ. මගේ හිතේ නියම විදියට තවම පුරාවිද්‍යා පරීක්‍ෂණයක්වත් කෙරිල නෑ වගේ, මහජන ප්‍රදර්ශනයට අවස්ථාව දෙන්න හිතුවට.
ReplyDeleteසියලුම කමෙන්ට් වලට.......
ReplyDeleteමෙහි සත්‍යතාව තාම තහවුරුකොට නෑ. මා ඉදිරිපත් කළේ අද දවසේ ප්‍රවෘත්තිය පමණයි. මේ තුළින්ම මතවාදයක් ද හැදේවිනේ. බලමු පුරාවිද්‍යාඥයන් මොනවා කියයිද කියලා.
ගොඩක් වටින ලිපියක්
ReplyDeleteමම ඊයේ සුවර්ණවාහිනි පුවත් වල දැක්ක මේ ගුහාව අවාරේ සිරිපා වැඩසටහනකදී ජැක්සන් ඇන්තනි විස්තර කරනවා. ඒ අනුව මේක අළුතින් හොයාගත්තාය කියන එක විහිළුවක්. අවශ්‍ය වන්නේ ඉතිහාස ගත සාක්ෂි සහිතව ඔප්පු කිරීමයි..
ReplyDeleteමේක අත්තක් නම් කියලා වැඩක් නැහැ. තවත් සාධක සහිතව කිව්වනම් ගොඩක් හොඳයි.
ReplyDeleteමම මේ වගේ පෝස්ට් වලට ආසයි..මේ ටිකේ බ්ලොගේ වහලා දාලා පොත් කියවනවා..රාවණා රජතුමා සම්බන්ධව වගේ අර පේනවා කියන එළිය සම්බන්ධව සුට්ටක් හොයලා බලනවා..
ReplyDeleteniyamai...
ReplyDeletesadu sadu sadu...!
වටිනා පෝස්ටුවක්. අන්තර්ජාලයේ කිසිම තැනක නොදුටු පින්තූරි කීපයක්. මේ වතාවේ සිරිපා කරුණා කරන්න ගියාම අනිවාර්යෙන්ම වැඳපුදා ගන්න ඕනා. මගේ එකම බලාපොරොත්තුව ලෝක විනාසේ වෙන්න කලින් සොලොස්මස්ථාන සියල්ලම වැඳපුදා ගන්න එක. එහෙම නැතිනම් බෞද්ධයෙක් විදියටයි ලංකාව වටේම රස්තියාදුගහන එකෙක් විදියටයි මගේ ජීවිතෙන් අවංකවම තේරුමක් නෑ. ඉතිරිවෙලා තියෙන්නේ තැන් දෙකයි. දිවා ගුහාවයි. මුතියංගනයයි. අනිකුත් සෑම තැනක්ම මම වන්දනා කරලා තියෙනවා. ඒ නිසා සන්තෝසයි ඇත්තටම.
ReplyDeleteමේක ගැන වැඩි විස්තර ලඟදීම දැන ගන්නට ලැබේවි නේද?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans