කැළෑ ගමක අසිරිය නමින් පසුගිය දවසක මා පෝස්ටුවක් ලිව්වා මතකනේ අපේ ගමේ ලස්සන තැන් ගැන.ඒ ලිපිය මෙතැනින් කියවන්න ඔන්න ඊයේ ආයිමත් ඒ පැත්තට යන්න වුණා. ඒ සුන්දරත්වය බලන්න නම් නොවෙයි දොළ පාරේ සුන්දරත්වය අසුන්දර කරන කට්ටියක් අවිත් කියන ආරංචිය ගමේ පැතිරිලා ගිය නිසා. සෙනසුරාදා දවසේ ගෙදර හිටිය එකේ මාත් ගියා ඒ පැත්තේ මොකද වෙන්නේ බලන්න. එදා මං පෝස්ටුවෙන් පෙන්නපු ඉසව්වට ටිකක් ඉහළට වෙන්න පාරට නොපෙනෙන ඉසව්වක තමා මේ කියන ගැටව් ටික රිංගලා තිබුණේ.
අපි එතැනට යනකොට මෙන්න නරි නැටුම්....
මේ ආරංචියත් එක්ක ගමේ ගැටව් මේ ඉසව්ව වටලන්න සූදානම.
ඔන්න අපි දැන් ඒ ඉසව්ව ට හතර පැත්තකින් ළගා වුණා. කට්ටියක් බරටම වැඩ. බෝතල් පැත්තක. කොංගොවක් තාලෙට හැඬවෙනවා.එතැනට අපේ ආගමනයත් එක්ක තරමක උණුසුම් කතා බහක්. වැඩේ ඒ තරම් උණුසුම් වෙන්න නොදී බොහොම ලෙංගතුව කියු දේ සමඟ එතැන උන් එක් තරුණයෙක් කෙළින්ම අප හා කතාවට ආවේ සමාව ඉල්ලමින්.
ඔහු යුද හමුදා තරු දෙකේ නිලධාරියෙක්. නිවාඩුවට ගෙදර ඇවිත් එයාගේ යාලුවෝ සෙට් එකක් එක්ක විනෝද වෙන්න තමා ඇවිත් තියෙන්නේ. මා ඔයේ විනොද වෙන්ය යන්න හිතන් ආවත් බෝතල් ගත්ත තැනින් කියු මං සලකුණු ඔස්සේ තමා අපේ ගමේ කැළෑ රොදට ඇවිත් තියෙන්නේ.
ඒ අවස්ථාවේ මේ ක්‍රියා නිසා අපේ ගමට වන හානිය හා ගම් වැසියන්ට වෙන අපහසුතා පෙන්වා දුන්නට පස්සේ මේ තරුණ නිලධාරියා බොහොම නිහතමානීව වරද පිළි අරන් යළිත් එවැන්නක් නොකරන්නටත් පොරොන්දු වුණේ එතැන එයත් එක්ක ම ආ අනෙක් නහර කාරයෙකුටත් හොඳ ආදර්ශයක් දෙමින්.
මෙන්න හානියෙන් ටිකක්
අප ද ඒ වන විටත් එම පරිසරටය වී ඇති හානිය ඔහුට පෙන්වා දුන්නේ දෑසට පේන සාක්ෂිත් එක්කමයි. ඒ වනවිටත් අවට හිස් බියර් ටින් බෝතල් කටු සිලි කවර ආදියෙන් දොළ පාර විනාශ වී තිබුණා.
ඒ මොහොතේ බිම හා ගැයුම වෙනුවට මේ තරුණයා කළේ අමුතුම යෝජනාවක්. හරි මෙතැන විනාශවෙලා තියනදේ අපි සේරම එකතු වෙලා දැන්ම පිළිසකර කරමු. ඒ යෝජනාවට අපි ත් එක හඬින් එකඟ වුණා. පැය භාගයක විතර පුංචි ශ්‍රමදානයකින් සේරම කහල ගොඩවල් එකතැනකට එකතුවුණා. ආයිත් පරිසරය තිබූ තත්ත්වයටම ගෙන ආවා. එකතු කළ සේරම බෝතල් කටු ටින් කබල් අර තරුණයාම බැග්වල දාගෙන එයාලගේ වාහනේන්ම ගෙනියන්නත් එයා එකඟ වුණා.
අවසානේ මේ වගේ ගොඩවල් කිපයක්ම තැන්තැන් වලට එකතු කළා.
අවසානයේ එයාල එතැනින් යන්න හැදුවත් අපි සේරම කිව්වේ අද ආ ලෙසම විනෝද වෙලා යන්න කියලයි. අපටත් ඒ ඉල්ලීම නොකර ඉන්න බැරි තරමට ඒ නිලධාරි තරුණයා ආදර්ශවත් වුණා.
ගමේ අපි සියල්ලන් එතැනින් නික්මුණේ තවත් හිත හොද ආදර්ශමත් තරුණයෙක් මිතුරෙක් කරගනිමින්. අපේ ක්‍රියාව ගැන ඒ තරණයත් අප සැමට හදවතින්ම ස්තුතිවන්ත වුණා.
ඔන්න දැන් පුරුදු ලස්සන
මේ සේයා රූ සේරම පොන් කැමරාවෙන් තමා
මං 1 යේ
ReplyDeleteබ්ලොග් එකක මං මුලින්ම කොමෙන්ට් එකක් දැම්මමයි :D
Deleteමේක ගැන කියනව නම් මුං එළ කොල්ලො සෙට් එකක්නෙ.. බීල ඉඳලත් යමක් තේරුම් ගන්න පුළුවන් උනා කියන්නෙ.. වෙන උන් නම් අනිව වලියක් අදිනව..
මලයට කේක් කැල්ලක් එවන්නංකෝ තැපැලෙන්
Deleteඅනේ බං ඇත්තටම කදුලක් ආවා මෙහෙම සංවේදි දේවල් සංවේදි මනසකින් විසදපු විදිය දැකල. ඇත්තටම බං හැම එකක්ම පෑහෙන්න කරල තියෙනවා. නියමයි නලින්.. උඹලා ආරක්ෂා කරන පරිසරයට මමත් ආසයි. ඒ වගේම උඹලගේ ක්‍රියාවට මා හිස නමා ආචාර කරනවා. හුගක් අය නමට පරිසරකාමියෝ විතරක් වෙච්චි කොට මේක ලොකු දෙයක් බං
ReplyDeleteඔන්න බලාපන්‍ෙකා් ලස්සන පෙන්නන්න ගිහිල්ල වෙචිචි දෙයක්. උඹේ කලින් කොටපු එක මුං දැක්ක නං ඕක කලින්ම නිවාරණය කරගන්න තිබුනා. වසයක නලින් කොල්ලා ඇතුළු සියළු කොල්ලන්ට ප්‍රණාමය. මොකද උං ආයේ ඒ වගේ වැඩ කරත් බොහොම අඩුවෙන් කරාවි.. ජය
Deleteඇත්තටම ඒ පෝස්ටුව කියවපු කෙනෙක් එතෙන්ට එන එකක් නෑ කියල තමයි අපි හිතන්නේ.
Deleteශා.... පංකාදු වැඩක් නලින් අයියේ ඔන්න ඔයාට මගේ ප්‍රණාමය.
ReplyDeleteකෝරලේ වලව්ව
තැංකූවේවා
Deleteඔබට වගේම ඒ තරුණයටත් ස්තුති කරන්න ඕන . කතා බහෙන් විසඳන්න පුළුවන් දේවල් කොපමනද
ReplyDeleteඇත්තටම වෙනදාට නම් මෙතැන වලියක්ම තමා....
Deleteබීලා බොරුවට වලියට ඇවිත් පොර වෙන්න හදන්නේ නැතුව, කියන දේ තේරුම් ගත්ත සිරා පොරක්
ReplyDeleteහොඳ විනයක් ඇති කොල්ලෙක්
Deleteබීලා බොරු චන්ඩි නොවුන හොද පිරිසක්. ගම ආරක්ෂා කරගැනීම පිණිස ඔබගේ ඇති කැපවීමද බෙහෙවින් අගේ කරමි..
ReplyDeleteගමේ කව්රුත් මේ පරිසර පද්ධතිය රැකගන්න වෙහෙසෙනවා
Deleteනියම මිනිස්සු ටිකක්.
ReplyDeleteසමහරු නම් බීලා අරක්කු බෝතලේ ගල් වල ගහලා කුඩු කරලා දාලා යනවා.
එතැන එහෙම දේවල් වෙලා තිබුණා ඒ සේරම අප ඉවත් කළා එදා.
Deleteඅප්පේ..මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා ඇහුවමයි!!හිස නමා ආචාර කරනවා!
ReplyDeleteඅන්න නියම මිනිස්සු....
ReplyDeleteමේ කිසි දෙයක් නෑ කාලා බීලා ටිකක් විනෝද වෙන්න පුළුවන් නිදහස් තැන් පළාත් පාලන ආයතන ගානෙම හදලා දෙනවනම්.(මින්සුන්ට ඔරොත්තුදෙන ගාණකට..)
අරක්කු බීලා මොන ජොලිද සුමිත් අය්යේ.... ජොලිය තියෙන්‌ෙන් අරක්කු බීමේ නෙවෙයි.. වට වෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත් වල..
Deleteබියර් චුට්ටක් ගැහුවනං මර නේ හිරුවෝ
Delete@සුමිත්... ඇත්තටම රජයෙන් මේ වගේ තැන් සාදා ජනතාවට ලබා දිය යුතුයි.
Deleteඅනේ හිරු උඹයි මායි දන්න අරක්කු
Deleteඅඬේ මට කඳුළුත් ආවා නලීන් අයියේ....
ReplyDeleteඔන්න පුළුවන් නම් පත්තරෙත් දාන්න පුළුවන් වැඩක්..... ගමේ අය වලියට යන්නේ නැතුව කාරණා පැහැදිලි කරලා දුන්න වගේම, නහරකාරයො පැත්තකට දාලා විනයක් තියෙන කෙනෙක් ඉදිරිපත් උන එකෙන් සිද්ධ වෙච්ච හොදේ තරම මේ පෙන්නේ.. බලද්දි අපේ රටේ මිනිස්සු තාම ඉන්නවනේ....
හිරු ඒ කොල්ල පෙන්නුවේ හමුදා විනයටත් වඩා උගේ තිබු හැදියාව.එහෙම උන් හිටින එකත් රටකට වාසනාවක්.
Deleteමේ වගේ සුන්දර තැන් අප්‍රසිද්ධව තියෙනවට මම නම් හරිම කැමතියි. ස්වභාවධර්මයා වනසලා දාන මේ වගේ මිනිස්සු එක්ක පරිසරය කොහොම රැඳෙන්නද...මට මතකයි ඉස්සර අපි නාච්චිමලේ ගිහින් නාලා ඒ පරිසරයේ සිසිලස එක්ක ගැවසිලා එන අපූරුව.. දැන් නාච්චිමලේ ගියාම දකින්න ලැබෙන්නෙ මොනවද..බීලා මදිවට ඒ බෝතල් වතුර මැද තියෙන ගල්වල ගහලා කඩලත් දාල..
ReplyDeleteළිහිණි ගේ කතාව හරි නාච්චිමලේ අද පරිසර පද්ධතියක් නොවෙයි අමු කහල ගොඩක් වෙලා.වතුරට බහින්න බෑ බෝතල්කටු
Deleteඅප්පා.. එක නම් ඇත්ත.. නාච්චිමලේ විනාසයි...
Deleteඒ කස්ටියට මේ තැන ගැන කියලා තියෙන්නේ බඩු ගත්ත තැනින්ලු නෙහ්? ඒ ගැන පියවරක් ගන්න. මිනිස්සු මේ ගැන දැනගන්න එක වැරදි නෑ. ඒත් බෝතල් ගන්න අයට නම් කියන්න හොඳ නෑ.
ReplyDeleteඑක හොඳ මිනිහෙක් හරි හිටිය එකේ, හැමෝම නරි කිව්ව එකත් ටිකක් හරි නෑ නේද?
Deleteඔබේ කතාවට මා එකඟයි මලේ...පාර කියු බාර් එකත් සමග පොඩි දැනුවත් කිරිමක් කළ යුතුම තමා. මම නරි කියපු එක වැරදි වගේ කියා දැන් මට ත් හිතෙනවා.
Deleteබිව්වට පස්සෙ හුඟක් එවුන් එක්ක ප්‍රශ්නයක් කතාකරන්න බෑ නේ, ඌත් එක්ක තව සෙට් එකක් ඉන්නවනම් කොහොමටත් වලියට බරයි. ඒ අතින් ඔය කියන යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල තියෙනව, තමන්ගෙ ලොකුකම් පෙන්නන්න යන්නෙ නැතුව. ඇත්තෙන්ම ඔහු නියම හමුදා පුහුණුවක් ලබපු විනයක් තිබෙන අයෙක් විය යුතුයි.
ReplyDeleteඉතා හොඳ පුද්ගලයෙක් ඔහු.
Delete//යුද හමුදා නිලධාරියා තැනට සුදුසු විදියට වැඩකරල තියෙනව//
Deleteනැතුව නැතුව මීට කලින් ගං ගුටි වල රස දන්නවත් ඇති
වටින කතාවක්...
ReplyDeleteතව පොඩ්ඩෙන් මේකත් මිස් වෙනවා...
මෙතැන බේරගන්න හරි අමාරුයි මාරේ. මොක්කු හෝ එනවා බොන්නම බලාගෙන.
Deleteනලීන් මේ තරුණයින් මේ දේ තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. එකට තේරුම් කරල දෙන කෙනාගෙත් දක්ෂතාව වැදගත්. ඒ කියන්නෙ කියන විලාසය. දවසක් අපිත් එක්ක ඔය වගේ බීල හිටිය කට්ටියක් කතාවට ආවා. අපේ මහත්තයා බොහොම නිවුන කෙනෙක්, එයා කතා කල විදිහට ඒ අය සුහද උනා. ඒක මමත් අත්හදා බලලා තියෙනවා කොච්චර ආවේගයෙන් හිටියත් අපි මෛත්‍රී සිතින් කතා කලාම ඒ අය නිවෙනවා. බොහොම සතුටු උනා මේ සටහන බලලා. ඒ අයටත් ඔබටත් ස්තූතියි! සොබා දම් මව රැක ගත්තාට.
ReplyDeleteකතාබහෙන් බොහෝ දේ විසදගන්න හැකියි චන්දි.
Deleteමං හිතුවට වැඩිය හොඳ අවසානෙකට ඇවිලිල තියන එකට සතුටුයි. ......වගේ කෙනෙක් උනානං මේ වගේ කතාබහ කිරීමත් අවදානම්.
ReplyDeleteඑකක් කියන්න තියනව. ලංකාවෙ අපේ බහුතරයක් පරිසරයේ තියන වටිනාකම දන්නෙ නෑ. සුන්දර ස්ථාන වල වීදුරු කටු සහ ප්ලාස්ටික් කෑලි ඉතිරි වෙන්නෙ ඒකයි. ඉන්දියන්කාරයන් මහා මාර්ගයේ මළපහ කරනව වගේ අපේ උදවියගෙ ඇඟෙන්ම එන දෙයක් තමයි මේක. හැබැයි නිරන්තර දැනුවත් කිරීම් වලින් මේ පුරුද්ද වෙනස් කිරීම අමාරු නෑ කියලයි මට නං හිතෙන්නෙ. මේ කතාවෙ ඉන්න නිලධාරිය නං ආයේ මේවගේ දේවල් කරන එකක් නෑ. ෆේස්බුක්වල ෂෙයාර් කරන්න ඕන මෙන්න මේ වගේ යහපත් දේවල්.
අමතර-පුවත් අඩවියකට වඩා මම නං කැමති පෞද්ගලික බ්ලොග් අඩවියක් කියවන්න. සතියට එක ලිපියක් තිබුනත් ඇති.
රාජ් ඔබේ අදහසට මා එකඟයි. මා කාලය එක්ක දැඩි සටනක් කරන ගමන් තමා මේ තරමටවත් බ්ලොග ලියන්නේ. පුවත් එක් කලේ බොහෝ පරිස්සමින් තෝරාගන. පුවත් එක්කමනේ මං ජීවත් වෙන්නේ. මේ පොඩි කෑල්ලෙන් මා ඉන්නා තත්ත්වය තේරුම් ගන්න ඔබට හැකිවෙයි කියා හිතනවා.
Deleteදෙපිරිසම බුද්ධිමත්... අපුරුවට ප්රිශ්නය විසදිලා තිේයෙනවා... අපේ රටේ අනිත් ප්රපශ්න විසදන්නත් මේ ක්රිමවේදයම අනුගමනය කරන්න පුළුවන් නම් අගෙයි...වැඩේ තියෙන්‍නෙ මේ වගේ හිතන අය නැහැනෙ හැම තැනම.
ReplyDeleteසාකච්ජාවට බොහෝ දේ කළ හැකියි.
Deleteසිරාවටම පත්තරේ දාන්න ඕනෑ කතාවක්...
ReplyDeleteඒක ඇත්ත මානවක. ඒත් එහෙම කලොත් තැන ප්‍රසිද්ධ වෙනවා.
ReplyDeleteහොඳ අවසානයක්!! පරිසරය අප රකී! රකිමු අපි පරිසරය.!!
ReplyDeleteක්‍රියාවෙන්ම ඔප්පු කල එකම ආදර්ශමත් :)
නලින්
ReplyDeleteඋඹටත් කියන්න දෙයක් තියනවා
ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව .ඇලත් සුද්ද කරලා ගිය උන්ට අඹ නරි කියලා කියපු එක වැරදියි
කැමතිනං ඒක හදහං
අනික සමහරක් අයව අදුරන්ඩ පුළුවන්
මුහුණු ටික වහලා දැම්මානං නරකද
( බ්ලොග් එක ඔයාගේ කැමැත්තක් කරන්න )
ඒ කතාවට මම විරුද්ධයි....
Deleteතව ලං කරලා දැම්මා නම් තමා හොඳ.කාලකන්නි!
එතන හිටපු අයට විතරක් නෙමෙයි ට්‍රිප් යන අපි කාට කාටත් මේක පාඩමක්..
ReplyDeleteමුංට ගහන්න ඕනා නලින් අයියේ මඩු වලිග වලිං. කන බොන එකට කිසි විරුද්ධත්වයක් නෑ. ඔය ඔක්කොම උං කරේ තියං බොන්නම් මම. (පොරක් නෙමෙයි. බීමේ හා සිහියෙන් සිටීමේ හැකියාව පමනයි.) අපි මාසෙට ට්‍රිප් දෙක තුන යනවා. අනන්තවත් ඔය වගේ තැන් වලට ගිහින් ඇති. කවදාවත් ඔය වගේ තැන් වල බොන්නෙත් නෑ. විනාස කරලා දාලා එන්නෙත් නෑ. ස්වභාවදර්මය විඳින වෙලාවට උපරිමෙන් ඒක විඳින්න ඕන. පින්තූර අරගෙන, නාලා ඒ දේවල් කරලා ආවට ප්‍රශ්නයක් නෑ ඔය වගේ තැන් විනාශ කරන්නේ නැතුව. බොන්න නම් යන්න ඕන බාර් එකකට. රෙද්ද.. මොන මඟුලක්ද. හැටි මුංගේ. හොක්කට දෙකක් අනිනවා අපි ගිය වෙලාවක ඔය වගේ තැනක අහු උනා නම්. කොයි එකත් එකයි.
ReplyDeleteඒ නිලධාරියාගේ නම ගම වතගොත ටිකක් දැම්මනං මේ පෝස්ට් එක මසුරන්.
ReplyDelete