අමෙරිකාවේ ලාස්වේගාස්වල දී මේ මස 19 වැනිදා පැවැත්වෙන විශ්ව රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ සබ්‍රිනා හර්ෆ්ට් ය.
තවත් පින්තූර පහළ
ලෝක රූ රැජින තරඟයට සහභාගී වන රටවල් 89 කින් තෝරා ගන්නා සුරූපිනියන් 16 දෙනා අතරට ඇය තෝරා ගෙන ඇත.
ආසියානු ජාත්‍යන්තර පාසලෙන් මුලික අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධියක් හිමි කර ගෙන සිටින ඇය ලෝක බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිණියක් වශයෙන් සේවය කරයි.
ඇයට අපේ සුබ පැතුම් එක්කරමු
---------------------------------------------------------------------------------
සුබ පැතුම්..
ReplyDeleteඅපි සේරම සුබ පතමු
Deleteහොද ලස්සන කෙල්ලකි. පසුගිය සමයේ අපේ රටේ කෙල්ලෝ කැතයි කිව්ව උන්ගේ ඇහේ හොටුද මන්දා. මේ ඉන්නේ අප්සරාවියෝ. අනේ යාන්තං හොලිවුඩ් එකට පැන ගනින් කෙල්ලේ. ලංකාවේ සිනමාවට ආවොත් අර මුකුත් මතක නැති තුමාගේ මෛත්‍රි නොනොට වෙච්ච සන්තෑසිය තමා වෙන්නේ
ReplyDeleteසමකය වටේ ලස්සන කෙල්ලක් ගැන ලස්සන පෝස්ටුවකි
ඒකනේ කියන්නේ මේ ඉන්නේ
Deleteජය වේවා! :)
ReplyDeleteඑහෙම පතමු අපි
Deleteඇත්තටම මේ කෙල්ල ලස්සනයි. කන්ටෙස්ට් එකකට ගැලපෙන පෙනුමක් තියෙනව .ඇයට අපි සුබ පතමු
ReplyDeleteපුදුම ලස්සනක් තියෙන්නේ බින්දි.
Deleteබින්දි කියනවා වගේ කෙල්ල මරු.. කන්ටෙස්ට් එකට ගැලපෙනවා... හැබැයි ආයිත් ලංකාවට එයි කියලා නම් ෂුවර් කරන්න බෑ... ජැකී වගේ ඉන්දියාවටම යයි.. ඒක කෙල්ලට හොඳයි...
ReplyDeleteඑයාගේ ලස්සනට හැබැ වටින කමක් කොහෙන් හෝ ලැබෙනව නම් අපි ලාංකිකයෝ ලෙස සතුටු වෙමු
Deleteගමේ වල වරකා පිටරටට...අපි පව් ඒයි......
ReplyDeleteඇයි බං මානවකේ අත නැද්ද මචං
Deleteමේ දැරිවි නම් හරිම ලස්සනයි නලින් . සුබ පැතුම්! ඇයට.
ReplyDeleteඇත්තටම චන්දි අපට ආඩම්බරයක් වෙන්න ඇයට හැකිවේවි.
Deleteකෙල්ල ලස්සන උනාට ඇගේ රුවේ ශ්‍රීලාංකිය හැඩතල නෑ... හරියට සුද්දියෙක් වගෙයි... නාන ඇදුමෙන් පෙනී සිටින කොටස නැත්නම් ගම් වල සැගවිලා සිටින සැබෑ සුන්දරියො මේ වගේ තරග වලට ඉදිරිපත්වෙලා එළියට ඒවි... යන්නකො විලච්චියට...එහෙ කෙල්ලො කෙතරම් නම් සුන්දරද... ඒ හැටියට මේ මොකක්ද...
ReplyDeleteඔව් හැබැයි සුද්දියක් වගේ තමා..
Deleteජාත්‍යන්තර මට්ටමේ තරඟයක් දෙන්න නම් ඉතින් සිරෝ නාන ඇඳුම් ඇඳීම වගේම ස්මාර්ට් වීමත් ඕන . ලාංකීය රූමතිය කියල අපට පුරුදු ටිකක් පිරුණු කාන්තා ලාලිත්‍ය ඇති කෙල්ලොනේ . නමුත් මේ වගේ ඒවායේ දී මනින මිමි වෙනස් වගේ. අපේ කෙල්ලෝ උසත් ටිකක් මදි වගේ .
Deleteමන් මේ කිව්වේ ඕවට යනවා නම් .ගියේ නැහැ කියල කාරියකුත් නැහැ ඔන්න .
නමුත් ඇය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව නිසා... ඇයට ජයග්‍රහණය ලැබේවා යි පතමි...
Deleteලස්සනට වඩා බොහෝ දේ මේ තරග වලදී සොයාබලනවා
Deleteලස්සන කෙල්ලෙක්.
ReplyDeleteලංකාවට ජයග්‍රහණයක් උදා කරදෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!
උතුම් පැතුමක් ප්‍රමුදි
Deleteලස්සන කෙල්ලෙක්. තරඟයට හොඳින් ගැලපෙනවා. ඒත් ඒක ලස්සන විතරක් බලන තරඟයක නෙමෙයි නේ. පෞරුෂය, සමාජශීලි බව, බුද්ධිය මේ හැමදේම බලනවා. ලංකාවෙන් යන ගොඩක් අයට ඒවා තමයි අඩුපාඩු. විශේෂයෙන්ම පෞරුෂය. මෙයා ඒවායිනුත් සම්පුර්ණ නම් හරිම අගෙයි.
ReplyDeleteඔයාගෙ අදහසට මාත් එකගයි...
Deleteලොකේ ගැන දන්න සයුරිට අමුතුවෙන් කියන්න දෙයක් නැනේ
Deleteසුභ පැතුම් ඇයට... ලංකාවට කීර්තියක් ගෙන ඒමට හැකිවේවායි පතනවා.
ReplyDeleteකොහොම උනත් ඕක ජාත්‍යන්තර තරගයක්නෙ නාන ඇදුමත් අදින්න වෙනවමයි.
ඇය ලංකාවට නැවත ආවොත් ඇය ලංකාවෙන් යනකොට තිබ්බ බොහෝ දේ ඇයගෙන් ගිලිහී තිබේවිද මන්දා...
මොනව නැතිවෙන්නද බං. මේ තරම් හොඳ අදහස් තියන උඹ කියන කතාවට මට පුදුම හිතෙනවා
DeleteMiss Srilanka වෙන වෙලාවෙදි මමත් එතන උන්නා මොකද ඒ වැඩසටහනේ පරිඝනක දත්ත විශ්ලේශනය කලේ අපි. ඇත්තටම ලස්සන කෙල්ලක්. පහුගිය අවුරුදු ගනනාවෙම දැක්ක අයට වඩා මෙයා ලස්සනයි. ඔය තරඟෙදිම තමයි Miss International තරඟයට මදුශා මායදුන්නෙව තෙරුවෙත්. මදුශටත් තැනක් ලැබුන එකේ ෂබ්‍රිනාටත් තැනක් ලැබේවායි පතනවා.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
අපේ රටෙන් තරඟ වලට ගියපු අනික් අයට වඩා මධුෂා මායාදුන්නේ ගේ මම දැකපු විශේෂත්වයක් තමයි හොඳ පෞරුෂය.
Deleteසහතික ඇත්ත කතාවක් සයූ. ලොකු ජෝන්ට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින් සේරම දන්නවනේ එතැනම හිටි එකා.
DeleteMAXXA
ReplyDeleteස්තුතියි සමියා
Deleteමෙයා නම් ලස්සනයි තමයි :D
ReplyDelete