හලාවත මුතුපන්තියේ ධිවරයෙකු වු චමින්ද නිරෝෂන් ගේ දැලට ඊයේ රාත්‍රියේ දී දැවැන්ත ම මෝරෙක් හසුවී ඇත. යාත්‍රා 3ක ආධාරය ඇතිව මේ මෝරා ගොඩබිමට ගෙන ආ බව ඒ මහතා පවසයි. ඒ සඳහා ධීවරයන් 100ක් පමණ හා ට්‍රැක්කරයක් උපයෝගී කොට ගෙන ඇත. මේ මෝරාගේ දිග අඩි23කි පළල අඩි 8කි. මේ තෙල් මෝරෙකු බව නිරෝෂන් පවසයි.
------------------------------------------------------------------------------------------------------------
prasad pornamal - ප්‍රසාද් පූර්ණමාල්
මේ මෝරෙක්ද? තල්මස් පැටියෙක්ද මන්ද.
ReplyDeleteමුතු මෝරා කියන්නෙ මෙයාට... ලෝකයෙ ලොකුම මාළුවා...
Deleteතෙල් මෝරෙක් කියල තමයි ධිවරයා කියලා තියෙන්නේ
Deleteඅෆ්ෆට සිරි මුගෙ size එක
ReplyDeleteඑන්න සයිබර් අවකාශට
මමත් දැක්ක ලොකුම මෝරා තමා.
Deleteදැක්කනේ දිටිඨ ධම්ම වේදනීය කර්ම... අපේ මිනිස්සු කීයක් ඕකා කන්න ඇත්ද?????
ReplyDeleteඒක නම් කියන්න මම දන්නේ නෑ
Deleteමෙයා ශාක භක්ෂකයෙක්.....
Deleteහප්පේ..... මුගේ සයිස් එක. පිස්සු බම්ප් වෙනවා කිව්වලු.
ReplyDeleteහිතාගන්නත් අමාරු සයිස් එකෙක්
Deleteතල්මස් පැටියෙක් වගේනේ!
ReplyDeleteතල්මසෙක් නොවෙයි කියලයි තතු දත්තෝ කියන්නේ.
Deletematath pennema thalmahek wage... eath ithin maalu allana minissu apita wadaa mun gana dannawane
ReplyDeleteමාළු අල්ලන අය නොවෙයි ඒ ගැන දන්නා ප්‍රමාණික විද්වතුන් කිව්වෙත් මෝර විශේෂයක් කියලයි.
DeleteFor everybody to know this is a juvenile whale shark.Whale shark is the largest fish in the sea(It's not a mamal) & it's considered as endangered species although hunted in contries like Indonesia,Phillipines.It's the duty of the responsible people to educate fishing community not to hunt or kill this amazning creature.
ReplyDeleteමං කියන්න ආපු ටික ඇනෝ කියලා...
Deleteඅහම්බෙන් දැලට අහුවුනා කියන්න බෑ...
@Ano: Good comment...
Deleteදැලට අහු නොවුණා වෙන්න හැකියි. ඒත් ධිවරයන් කියන්නේ මහ මුහුද මැද මේ දිනවල මොනවා හෝ අමුතු දෙයක් වෙනවා ඒ නිසා මේ වගේ දැවැන්තයන් ගොඩබිම ආසන්නයට එනවා කියන අමුතු කතාවක්.
Deleteපේන්නෙ නම් තල්මස් පැටියෙක් වගේ තමයි..
ReplyDeleteමේ තල්මසෙක් නොවෙයි. මෝර විශේෂයක්
Deleteආහ් මෝරා කියද්දි මතක් උනේ දන්නවද කස්ටිය ජෝතිපාල උන්නැහෙත් ඒ කාලෙ මොරුන්ට හරි ආසයි. එතුමා මුහුදු ගිය වෙලාවක අලුතෙන් හොයාගත්ත මෝරෙක්. එවේලේම නම තිබ්බා
ReplyDelete""සිරියාමේ සාරා නැගේවී හද 'මෝරා' ලියල"" :D
දැනට වැඩිම දිගක් තියෙන නමක් තියෙන්නෙ මේ මෝරට :D
*කියල(ලියල නෙමේ අය්යෝ)
Deleteසමියව නම් උල තියන්න ඕනෑ
Deletepaw appa
ReplyDeleteදුක තමා මොනව කරන්නද
Deletewhale shark නැත්තන් තල්මස් මෝරා...ලෝකේ ඉන්න ලොකුම මාළුවා වගේම මෙයා අහිංසක ශාක භක්ෂකයෙක්.....සයිස් එක ලොකු උනාට සැර නෑ...
ReplyDelete