සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


එම්.බී. දිනුෂා බණ්ඩාර  දැරිය සුවිශේෂී දැරියකි. ඇයගේ දෙපා සහ අත් අප්‍රාණික ය. එහෙත් ඇය එයින් සැලුනේ නැත.ආබාධ සහිත තැනැත්තන් සඳහා වු ජාත්‍යන්තර දින ජාතික උත්සවයේ දී එම දරුවන්ගේ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකාව බවට පත් වූවා ය.
එහිදි එම්.බී. දිනුෂා බණ්ඩාර ආබාධිත දැරිය තම සිත්තමකට හිමි වු ජයග්‍රහණ සහතිකය සහ මුදල් ත්‍යාගය සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා අතින් ලබා ගත් මොහොතයි මේ.
මෙම සිත්තමේ විශේෂත්වය වුයේ ඇය තම මුඛයෙන් පාට කූරූ අල්ලා එම සිතුවම නිර්මාණය කර තිබීමයි.



තම ආබාධිත බව ශක්තියක් කරගෙන ආත්ම ධෛර්යයෙන් යුතව ඇය කළ මෙම නිර්මාණය ඇමැතිවරයාගේ ඇඟයීමට ලක් වු අතර ඇමැතිවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් 25000 ක් ද අඩු ආදායම්ලාභී ආබාධ සහිත තැනැත්තන් සඳහා නිවාස ආධාර ලබාදීමේ වැඩපීළිවෙළ යටතේ රුපියල් 2,50,000 ක නිවාස ආධාරයක් ලබා දීමටත් හෙතෙම පියවර ගත්තේ ය.
දිනුෂා බණ්ඩාර දැරිය එම සිතුවම නිර්මාණයට යොමු කළ සෙනෙවිරත්න ගුරුමාතාව, නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි මහත්ම මහත්මීහු ඇතුලු අමාත්‍යංශ නිලධාරීහුද මෙහි වෙති‍.

සම්මාන සහතික ලබාදීමෙන් පසු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා මෙම දැරිය වඩාගෙන ඇයගෙන් සුව දුක් විමසුවේය.
---------------------------------------------------------------------------------

17 comments:

  1. ෙද‍මවුපියන්ට වගේම ජාතියටත් වස්තුවක්....

    ReplyDelete
    Replies
    1. ඇගේ ධෛර්යවන්ත කම අගේ කළ යුතුයි

      Delete
  2. ඇත්තටම පව් කියල හිතෙනවා දැක්කාම උත්සහවන්ත දරුවෙක්

    ReplyDelete
    Replies
    1. අනිවා කෝරලේ මලයා. කරුමයකට ඒ කෙල්ලගේ දැත් දෙපා පණ නැතිවෙලා. ඒත් උත්සාහය කොහොමද.

      Delete
  3. මේ ලෝකෙ වැඩිපුරම උත්සාහවන්ත අසාමාන්‍ය අය.. ඒ අතිං බලද්දි අත පය හොඳට තියෙන සමහර උං ගැන විලි ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. ඒක හරි එක දෙයක් අහිමි වෙනකොට එයාලා තව දෙයකින් ඉදිරියට එනවා.

      Delete
  4. හරිම සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. හදවත පිච්චෙනවා වගේ මේ සේයාරුව දකින විට බින්දි.

      Delete
  5. අපි ගැන ලැජ්ජාවක් ඇති වෙනවා මේ දැරිවිය දිහා බලද්දී'

    ReplyDelete
  6. කකුලෙන් චිත්‍ර අඳින කෙනෙක් ගැනත් වරක් මාධ්‍යවල තියෙනවා දැක්කා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ වගේ අසාමාන්‍ය හැකියාවන් ඇති අය ගොඩක් ඉන්නවා හෙන්රි

      Delete
  7. සංවේදී කතාවක්..මෙහෙම හොඳ ඇමතිලත් ඉන්නවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇමතිගේ ක්‍රියාව මෙතැන දි නම් හරිම අගෙයි.

      Delete
  8. රැක ගතයුතු, තව තවත් දිරිමත් කළයුතු වටිනා සම්පතක්!

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්න අප දැන් මුලික දේ කරමින් ඉන්නේ.බ්ලොග හරහා නොවෙයි පත්තරය හරහා.

      Delete
  9. දිරිය දරුවෝ කියන්නේ මෙන්න මේ වගේ අයටයි...අනාගත දිවිය සාර්ථක වෙන්න කියල ඉතා සිතින්ම පතනවා....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT