සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අම්පාර දීඝවාපි දාගැබ  වසර ගණනාවකට පෙර නිදන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති අයුරු පුරා විද්‍යා කැනිම් ආරම්භ කිරිමත් සමග සොයා ගැනිමට හැකි වී ඇත.දා ගැබේ දකුණු දිශාවට වන්නට අඩි තිහක පමණ වලක් හාර ඇති අයුරු මෙහිදි දැක ගැනිමට පිළිවන.

කැණිම් කිරිමෙදි මතුවු නිදන් හොරුන් විසින්
වසර ගණනාවකට පෙර හාරා විනාශ කර ඇති දාගැබේ ගර්භය 


පුරා විද්‍යා නිළධාරිනගේ පුර්ණ අධික්ෂණ යටතේ
 සංරක්ෂනය කරණ සිවිල් ආරක්ෂක නිළධාරින්  

දැනට දාගැබේ කැනිම් මගින් මෙහි ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගෙන තිබෙන පරිදි  ක්‍රිස්තුපුර්ව පළවන හා දෙවන සියවසට අයත් ඉදිකිරිම් සහ ක්‍රිස්තුවර්ෂ හත අට යන සියවස්වලට අයත් දාගැබෙ ඉදි කිරිම් මේ වන විට මතු කරගෙන තිබෙන බව පුරා විද්‍යා නිළධාරින් පෙන්වා දෙයි. සද්ධාතිස්ස  රජ දවස මෙම දාගැබේ මුල් ඉදි කිරිම් සිදු කර තිබේ කාලයාගේ ඇවැමෙන් මෙම දාගැබ සහ අවට විහාර සංකිර්ණයන් විනාශයට පත්ව ඇත .මෙහි ඇති ඉපැරණ ඉදිකිරිම් දෙස බැලිමෙදි ඉතා විශාල ජනාවසයක් සහ කෘෂි ආර්ථික රටාවක් තිබු බවට සාධක මතුවේ .මේ වන විට පුරා විද්‍යා නිළධාරින් විසින් දාගැබේ සලපතල මළුව සහ දාගැබේ ගර්භයේ  කැනිම් කටයුතු ආරම්භ කර ඇත.
-----------------------------------------------------------------------------------------
චන්දන ලියනආරච්ච්


6 comments:

  1. මුන් නම් හොරුන්ගෙත් හොරු කම්බ හොරු විය යුතුය... වසර දෙකකට පෙර දීඝවාපියේ ගත කල නිදි නැති අතිශයෙන් දීර්ඝ රාත්‍රියක් මතක් වුනා... දීඝවාපිය කියන්නෙ මදුරු රජදහනක්...මතක්වෙද්දිත් ඇග කිලිපොලා යනවා...

    ReplyDelete
  2. තව ටික දවසක් යද්දී රුවන්වැලි සෑයටහ් මුන් ටික කෙලී,

    ReplyDelete
  3. වසර ගණනාවක් කියන්නේ පසුගිය වසර 12 ඇතුලතද ?

    ReplyDelete
  4. ඇයි ඇත්තට මුන්ට මේව පඩිසන් දෙන්නෙ නැත්තෙ ?

    ReplyDelete
  5. මේ මිනිස්සුන්ට ඔහොම නිධන් හාරන්න කොහොම හිතෙනවද මන්දා..... මහ අපරාධයක්....

    ReplyDelete
  6. එහෙනම් දැන් හෑරුවට වැඩක් නැතුව ඇති කඩුත් නැතුව ඇති.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT