සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



අද (17)දිනමිණ පත්තරේ 103 වැනි උපන් දිනය යි. දිනමිණ 103වැනි උපන් දිනය සමරණ මේ මොහොතේ මා ද එහි සාමාජිකයෙකු වීම ගැන හිතේ  ලොකු සතුටක් වගේම අද හිතට පුංචි දුකකුත් නැතුවා නොවෙයි. ඒ මට එහි සැමරුමට ඉන්න නොලැබීම නිසයි. ඈත එපිටක සිටියත් හදවතින් මා ද මේ මොහොතේ දිනමිණ සමඟමයි.


සිය වැනි සමරුව දා කේක් එක

මේ වෙලාවේ මට සිහිවෙන්නේ දිනමිණ සියවැනි උපන් දිනය සැමරුව මොහොතයි. රැකියා තෘප්තිය ඉතාම ඉහළින්  හදවතට දැනුන දවසක් තමා එදින. සියවැනි උපන්දිනය සමරණ වෙලාවේ දිනමිණේ ප්‍රධාන කතෘවරයාව සිටියේ මහින්ද අබේසුන්දර මහතා.(මේ නම කියනවිටම බොහෝ පිරිසකට ඇලජික් වෙන බව නම් දන්නවා.) එදා ඒ උත්සවයේ දී ඔහු  සිහිපත් කළා අතීතයේ දී පත්තරවලට නිවුස් එව්වේ ටෙලිග්‍රෑම්වලින් බව. ඇමතුමක් ගන්න බුක් කර පැය ගනන් බලන් හිටි බව. අමාරුවෙන් සොයාගත් පුවත ගල් අච්චුවේ දමා මුද්‍රණය කළ අයුරු. පත්තර කලාව ඉන් පසු ව පා තබන්නේ මුද්‍රණ ක්‍රියාවලියේ ඊයම් යුගය.ඉන්පසු ලයිනෝ යුගයත්,පේස්ට් අපි යුගයත් පසු කරනවා.
වසර 103ක් සපිරෙන මේ මොහොතේ මේ මුලු ක්‍රියාවලියම 100%ක් පරිගණකයට භාර වෙනවා.එදා සිටි ආදී කතුවරුන් පත්තරයක් ජනතාව අතරට යවන්න කන්න ඇති කට්ට අපට ඉතා හොඳින්ම දැනෙනවා.






100වැනි උපන් දිනය දා මතකයෙන්


101 වැනි උපන් දිනය දා




101 වැනි උපන්දින සාදයේ මතකයෙන්

අද දිනමිණ නිමැවෙන්නේ වෙබ් පදනම මත සකස් කළ අතිශය දියුණු පරිගණක මෘදුකාංගයක් හරහායි.එය liberty news pro නමින් හැදින්වෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් ලොව කොතැනක සිට හෝ තමන්ගේ වැඩ කොටස පුවත් පත වෙනුවෙන් කරන්නට ඇති හැකියාවයි.
රට පුරා විහිදුන ප්‍රාදේශිය මාධ්‍ය කරුවන් එවන පුවත් මෙන්ම මාණ්ඩලික මාධ්‍යකරුව‍න් ලියන පුවත් හා සේයා රෑ නිමේෂයකින් මෙම මෘදුකාංගයට ඇතුළත් වෙනවා.


ලිබර්ටි මෘදුකාංගයේ මුහුණත
තම නිලයට හිමි මුර පදය යටතේ මේ මෘදුකාංගයට පිවිසීමෙන් තමනට හිමි වැඩ කොටස කොහේ සිට හෝ නිමකරන්නට මේ මගින් හැකියාව ලැබෙනවා. එපමණක් නොවෙයි ප්‍රන්ස පුවත් සේවාවත් රොයිටර් පුවත් සේවාවත් ඔස්සේ ගලා එන පුවත් ද එසැනින් මේ මෘදුකාංගය තුළටම එනවා. දැනට ඩිජිටල් කරණය වෙමින් පවතින අප මාධ්‍ය පුස්ථකාලයද මෙයටම ජාලගත වී තිබෙනවා.
ලිපියක් ලිවීමේ දී අවැසි තොරතුරක් හොයන්නට දැන් පොත් පෙරලමින් පුස්ථකාලයේ කරක් ගහන්නට අවශ්‍යතාවක් නෑ. හැම තොරතුරක්ම මේ හරහා ලබා ගත හැකියි.
අද දිනමිණ තුළ මේ සුපිරි පහසුකම් මාධ්‍යකරුවන්ට ලබා දී තිබිය දී ත් කණගාටුවට කරුණ නම් මාධ්‍ය කරුවන් බහුතරයක් මේ වැඩපිළිවෙළට අනුගත නොවීමයි. ඒ පරිගණකයට ඇති බිය නිසාද පෑන අතහරින්නට ඇති අකමැත්ත නිසාද යන්න අපැහැදිලියි.
මේ සුපිරි මෘදුකාංගය හදුන්වා දෙන්නට වසරකට පමණ පෙර සිට මිලියන 3.6ක් වැය කොට ප්‍රාදේශිය මාධ්‍යකරුවන් 300ක් සඳහා සම්පූර්ණ පුහුණුවක් ලබා දුන්නත් තාමත් බොහෝ දෙනෙක් පුවත් එවන්නේ ෆැක්ස් මගින්. දිනමිණට වසර 103ක් පිරෙන මේ මොහොතේ මා ඉල්ලා සිටින්නේ උදාවී ඇත්තේ පරිගණක යුගය බැවින් බමුණු මත පසෙක ලා අප එයට අනුගත වී සුපිරි තාක්ෂණයේ පහස ලැබ නවලොවට පහසුවෙන් පිය නගමු කියලයි.
දිනමිණ ගැන මං මෙහෙම ලියන කොට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවත් යම් අදහසක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒකත් මම ම කියන්නං.
කඩේ යන්නේ නැතිව ගෙදර පලයං වගේ  ප්‍රතිචාර ලැබෙන බව මා හොදින්ම දන්නවා. මහින්ද අබේසුන්දර නම් මේ වගේ තැන්වල කෙළින්ම කියනවා ඔව් මං යන්නේ කඩේ නෙමේ සුපර් මාකට් කියලා. රාජ්‍ය මාධ්‍යයක් වූ විට කවුරු රජය කළත් දිනමිණ ගෙනියන්නේ රාජ්‍ය හඬ.කෙටියෙන්ම මට කියන්න ඇත්තේ එපමණයි.
103 වැනි වසර සමරණ දිනමිණ මෑණියනි, සියක් වසරක් ඔබ පොෂණය කරන්නට උර දුන් සැමට උපහාර පුදමින් මා පතන්නම් 
දිනමිණ සදා කල් වැජඹේවා.....


28 comments:

  1. මම මේකට කමෙන්ට් එකක් නොදා යන්න හැදුවෙ, මොකටද නිකන් උදේ පාන්දරම ලේ උනුකරගන්නෙ කියල. ඒත් ‘මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.‘ කියන වැකිය නිසාම මේක සටහන් කරල යන්න හිතුන.

    ‘අවුරුදු 103 ක් ජනතා මෙහෙවරේ‘ කියන එකට නම් මම එකඟ නෑ නලීන් අයියා, දැන් දශක කීපෙක ඉඳල ඒක යන්නෙ වෙනම ගමනක්, හරියටම කිව්වොත් මට හිතෙන්නෙ ප්‍රපාතෙට. කොහොම උනත් අතීතෙදි නම් දිනමිණ මිනිස්සුන්ට මීට වඩා සමීපවෙල හිටිය යුගයක් තිබුණ, දැන උගත් කමක් තිබුණු කොන්ද පන තියෙන ගරු කටයුතු මිනිස්සු ප්‍රධාන කතෘ කම් කරපු කාලයක් තිබුණ. කොහොම උනත් දැන් ඒ ගැන කතාකරල වැඩක් නෑ.

    රජයෙ මාධ්‍යයක් උනත් හොඳ මනුස්සයෙක් යටතෙ මිනිස්සුන්ට දැනෙන වෙනසක් කරන්න පුළුවන් යුගයක් දිනමිණටත් උදාවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    සුබ උපන්දිනයක් දිනමිණට ! අළුමතින් නැවත නැඟිටිය හැකි නම් එයයි ඔබට ලැබෙන හොඳම උපන්දින ත්‍යාගය.

    ReplyDelete
  2. දිනමින කියන්නෙ මාද්ය කියන දේ ගනිකා වුර්තියේ යොදවන පත්තරයක් ඉතින් ඒකට සුබ පතන්නෙ මොලේ අමාරුවක් තියෙන කෙනෙක්නෙ.

    ReplyDelete
  3. Kanagatu oya dkkoma kalata Maninda lokka dan kalawe guu gana ekatayi.

    ReplyDelete
  4. දිණමිණ ජනතා මෙහෙවරක් කලා නම් ඒ මුල් දශක කිහිපයේ තමයි , එතනින් එහාට ඕක බලයේ ඉන්න ආණ්ඩුවේ ලොන්ඩරිය , ඔහෙලා වගේ අය තමයි අපුල්ලන ඩෝබිලා . මිනිස්සු බත් ඔතන්නවත් දිණමින ගන්නවද ?

    ReplyDelete
    Replies
    1. රජයෙ කාර්යාල, පුස්තකාල, එතකොට ඔය තදින්ම උණ තියෙන හාල් කෑලි ටිකකි, රටේ ඇත්තටම වෙන දේවල් ගැන මෙලෝ සංසාරයක් නොදන්න පත්තරයක් ගන්න තරම් වත්කමක් තියෙන අයිටීඑන් විතරක් පේන ග්‍රාමීය පළාත්වල මොල හෝදපු මිනිස්සු ටිකකි ඇරෙන්න වෙන මනුස්සයෙක් ඔය පත්තරේ සල්ලි දීල ගන්නව ඇති කියල මම හිතන්නෙ නෑ. ආණ්ඩුවේ ඇඩ් ටිකයි පොම්පකරන සල්ලියි නොතිබුණා නම් මම හිතන්නෙ ලේක්හවුස්එක වැහිල, එහෙමත් නැත්නම් ආපහු පුද්ගලික අංශෙටම දීලත් දැන් අවුරුදු විස්සක් තිහක්වත් වෙනව.

      Delete
    2. //දිණමිණ ජනතා මෙහෙවරක් කලා නම් ඒ මුල් දශක කිහිපයේ තමයි ,//

      මමත් කියන්න ආපු ටික

      Delete
  5. ඔබගේ සුභ පැතීම සාදාරණයි නලින්.ඔබ එහි සාමාජිකයකු නිසා.පුද්ගලයන්ගෙ නම් කියද්දි ඇලජික් වෙන එකටනම් මට කියන්න තියෙන්නෙ මේවා රජයට පවරාගෙන,එන එන රජයවල් තමන්ගේ නිරුවත වහගන්න ඔය පත්තර කොල පාවිච්චි කරන නිසා ලියන අයත් වැල යන අතට මැස්ස ගහනව මිසක්ක වෙන අහවල් කෙංගෙඩියක් කොරන්නය කියලයි.

    ReplyDelete
  6. සුබ උපන්දිනයක් දිනමිණට !ඉදිරියේදී ජනතාවට හොඳ දෙයක් දෙන්න ලැබේව !

    ReplyDelete
  7. දිනමිණට සුබ උපන්දිනයක් වේවා! ජාතියට පහණක් වන්නට ඉදිරියේ දී ලැබේවා!

    ReplyDelete
  8. නලීන් අයියා දන්නවා මම දිනමිණ බලන්නේ නෑ කියලා.. ඒක නිසා පත්තරේ හෝ ඒ කිසි කෙනෙක් ගැන යමක් කියන්නේ නෑ..

    ඒත් අර කියලා තියෙන ////මාධ්‍ය කරුවන් බහුතරයක් මේ වැඩපිළිවෙළට අනුගත නොවීමයි. ඒ පරිගණකයට ඇති බිය නිසාද පෑන අතහරින්නට ඇති අකමැත්ත නිසාද යන්න අපැහැදිලියි.//// දේ ගැන නම් යමක් කියන්න ඕනේ කියලා හිතුනා..

    මේක වෙලා තියෙන්නේ බය හින්දා නෙවෙයි.. මොකද මම වැඩකරපු තැන උනත් අවුරුදු 10කට වැඩිය වැඩ කරපු අය හිටියා ප්‍රෝග්‍රෑම් එකේ එක ස්ක්‍රීන් එකක් විතරයි එච්චර කාලෙකට ඉගෙන ගෙන තියෙන්නේ... කිසිම අලුත් දේකට කැමති නෑ... පරණ විදියට පොතේ ලියාගෙන, පොත අප්ඩේට් කර කර ඉන්න එක තමයි කරන්නේ.... එක පැයකින් කරන්න පුළුවන් වැඩ කොටස කරන්න මාසයක් විතර දුක් විඳිනවා... කිසිම විදියකින් අලුත් දෙයක් ගැන හිතන්නේ නෑ.. පරණ ක්‍රමයක් වෙනස් කරන්න කිව්වම පාරට බහින්න ලෑස්තියි... ඩෙස් පුටු පෙරලගෙන වාද කරනවා... ඔන්න ඔහොමයි අපේ රටේ සමහර අය තාමත්...

    liberty news pro ගැන මට මතක විදියට මොකක්හරි එක්සිබිෂන් එකකදි විස්තර කළා.. ඒක නියම ප්‍රෝග්‍රෑම් එකක්.. ඇත්තටම මටත් හෙන ආසාවක් ආවා පත්තර කන්තෝරැවකට ගිහින් ඔය වැඩ කෙරෙන හැටි බලන්න...

    පරණ තාලේ පත්තර කන්තෝරුවක් බලාගන්න වත් එහෙම එකක අකෘතියක් හදලා තිබ්බනං හොඳයි කියලා හිතෙනවා මේවා දකින කොට... අර හැම තැනම පත්තර ගොඩ ගහලා තියෙන, පුස් ගඳයි, තීත්ත සුවදයි, දූවිලියි පිරිච්ච එකක්... හි හි

    කොහොම උනත් මෙච්චර කාලයක් තිස්සේ කරගෙන ආපු සිංහල පත්තරයක් වීම සහ නවීන තාක්ෂණය එක්ක යන්න හදන ගමන සාර්ථක වේවා කියලා සුභ උපන් දිනයක් වේවා කිව්වා ඔන්න දිනමිණට...

    ReplyDelete
  9. හරි මැදිහත් පොරවල් වගේ පෙනී ඉන්න ගමන් කාට හරි කඩේ යන උන්ට වඩා කඩේ යන වග කෙලින්ම කියමින් තමන්ගේ වැඩේ කරන මහින්ද අබේසුන්දරට මංනං කැමතියි...

    උඹත් කරන්නේ රස්සාවක්නේ නලින්... අනිත් උනුත් කරන්නේ රස්සාවල්... ඔය කොයි රස්සාවෙත් හොඳ නරක දෙකම තියෙනවා. කෝක කරන්නෙත් මිනිස්සුනේ... කරගෙන යමන්...

    ඒ වගේම මෙන්න මගේ සුභ පැතුම්...

    පුළුවන්නං අබේ සුන්දර ලොක්කට කියහං දේශපාලනේ කොයි අත ගියත් කමක් නැහැ හැබැයි පත්තරේ දේශපාලන කෑලි ටිකට අමතරව කියවන්න දෙයක් තියෙන පත්තරයක් කරන්න කියලා... කොටින්ම අහම්බෙන් හරි දිණමිණක් අතට අහු උනොත් මං බලන්නේ ඕකේ තියෙන චිත්‍ර කතාව විතරයි... ඒ තමයි දිණමිනේ තියෙන කියවන්න පුළුවන් කෑල්ල...

    දේශපාලනේ කොයි අත ගියත් අඩුම ගානේ පත්තරෙන් සියට හැටක්වත් විශේෂාංග ලිපි මට්ටමෙන් කරන්න පුළුවන්නං වඩා හොඳයි...

    ReplyDelete
    Replies
    1. අය්යෝ උඹවත් දිණමින කියවන්නේ නැද්ද , කව්ද අප්ප එතකොට ඕක කියවන්නේ ?

      Delete
    2. //හරි මැදිහත් පොරවල් වගේ පෙනී ඉන්න ගමන් කාට හරි කඩේ යන උන්ට වඩා කඩේ යන වග කෙලින්ම කියමින් තමන්ගේ වැඩේ කරන මහින්ද අබේසුන්දරට මංනං කැමතියි...

      උඹත් කරන්නේ රස්සාවක්නේ නලින්... අනිත් උනුත් කරන්නේ රස්සාවල්... ඔය කොයි රස්සාවෙත් හොඳ නරක දෙකම තියෙනවා. කෝක කරන්නෙත් මිනිස්සුනේ... කරගෙන යමන්..//

      ඔව් ඉතින් උඹත් මහින්ද අබේසුන්දර වගේම කලිසම ගලෝල මහින්දට දෙන එකානේ , ඒ අතින් දිණමිනේ වැඩ කරන එකෙක් වෙලත් නලින් කාරය ඉන්න විදිහ ශේප්. රස්සාවල හොඳ නරක තියනව තමා හැබැයි ඒ රස්සාව කරන එකාට , ආණ්ඩුවේ කක්කුස්සි හෝදන මහින්ද අබේසුන්දරලයි , උඹ වගේ හොර සාත්තර කාරයොයි කරන රස්සාවේ නරක තියෙන්නේ අනික් මිනිස්සුන්ට .

      Delete
  10. මමද පුවත්පතක සේවයේ නියැලෙන්නකු හැටියට දිණමිනට සුභ උපන්දිනයක් පතමි...

    ReplyDelete
  11. දිණමිනට සුභ උපන්දිනයක්....!!!!

    ReplyDelete
  12. උඹට හරියනවා නං එච්චරයි නලින්.. මට නං ඕකේ ඇති වැඩක් නෑ..අර ලිබර්ටි ගැන තව සුට්ටක් දැන ගන්න ආසාවක් නං ආවා

    ReplyDelete
  13. නලින් අයිය නිසා කොමෙන්ට් එකක් දානව. නැත්නම් මං මේක බලන්නෙවත් නෑ.. මාධ්‍යක වගකීම අද ලංකාවෙ කිසිම මාධ්‍යයකින් වෙනව කියල මට පේන්නේ නෑ..

    මහින්ද අබේසුන්දර නම් ඉතිං ආණ්ඩුවෙ මස්කටු කන එකානෙ. එහෙමත් තමන්ගෙ හෘදසාක්ෂිය පාවල දෙන අවලමෙක් මගේ ජීවිතේට දැකල නෑ

    ReplyDelete
    Replies
    1. මොකක් උනත් මෙතන මිනිස්සුත් රස්සාවක්නෙ කරන්නෙ. සමහරවිට උනුත් දන්නව ඇති තමන් කරන්නෙ වරදක් කියල. ඒත් පවුලෙ පොඩි උන්ගෙ බඩගින්න ඊට වඩා වැඩි නිසා කරන්න දෙයක් නෑ..

      ගියපු ට්‍රිප් එක ගැන විස්තර ටිකක් දාන්න. පින්තූර එක්ක.. ඒක වටිනව

      Delete
  14. දිනමිණ බලන්නේ නැති එවුන් ඇයි සිළුමිණ ගන්නේ ? ලුහුඬු දැන්වීම් බලන්න. නරකද දිනපතා දිනමිණටත් ලුහුඩු දැන්වීම් පිටු ටිකක් එකතු කළා නම්. එතකොට කව්රු හරි ගනීනේ. පහුගිය 103 නොවෙයි වැදගත් ඉදිරියට එන්න තියෙන අවුරුදු.

    ReplyDelete
  15. දිනමිණට සුභ උපන් දිනයක් පතනවා මමත්.
    රටේ අහිංසක අසරණ මිනිසුන් දස දහස් ගණනක් ඉන්නා බව විතරක් මතක තියාගනිල්ලා නලීන් අයියේ.

    ReplyDelete
  16. සුභ උපන් දිනක්.මම ප්‍රාර්ථනා කරනවා අහිංසක ජනතාව වෙනුවෙන් පන්හිඳට පණ ලැබේවා කියලා.
    මනසින් දිවියට

    ReplyDelete
  17. පත්තර කෙසේ වෙතත් හොඳ තාක්ෂණික උපාංග තිබෙන බව දැනගත්තා.පත්තරේ ඇති දේවල් කෙසේ වෙතත් කාලයක් තිස්සේ නොකඩවා එන පරණ පත්තරයක්.

    ජයෙන් ජය..

    ReplyDelete
  18. මම එක කොල කෑල්ලක්වත් අහක දාන්නෙ නෑතුව කියවන කෙනෙක් ඒත් කිසිම දවසක මට දිනමින කියවන්න හිතෙන්නෙ නෑ.... අනේ මන්ද මට හිතෙන්නෙම ඒකෙ කියවන්න දෙයක් නෑ කියල...

    කොහොම උනත් සුභ පෑතුම් !!! ඉදිරියට මෙහෙම අහන්නෙ නෑතුව හොද අහන්න ලෑබේවා !!!!

    ReplyDelete
  19. එහෙනං අයියා කඩේ ගිහින් එන්නකෝ !

    ReplyDelete
  20. සුභ උපන්දිනයක් වේවා දිණමිණට....

    ReplyDelete
  21. මොනා උනත් දිණමින කියන්නෙ ලංකාවෙ පත්තර කලාවෙ එක විශේෂ සළකුනක්. අද දිණමින ආන්ඩුවට කඩේ ගියාට තාම බලන්න දේවල් නැත්තෙ නෑ. එක අතකට බොරු මිත්‍යාව වපුරන ලංකාදීපෙට වඩා දිණමින ඉස්සරහින් ඉන්නව. අනික පුද්ගලිකයි කියා ගත්තු ලංකාදීපෙයි, දිවයිනයිත් ආනුඩුවට කඩි යන එකේ ආන්ඩුවෙම පත්තරේ ආන්ඩුවට කඩේ යන එක මොකද්ද?
    අත්දැකීමෙන් කියන්නං, ඔය දිණමිනට බනින හරි ආන්ඩුවට කඩේ යනවට බනින හරි එකෙක්ට ආන්ඩුවෙ ලොකු තනතුරක් දුන්නොත් හොඳ සැලකිලි එක්ක නොයාම ඉඳියි. කවුරුත් එකයි නලිය. උඹ ලියහන් උඹට ලියන්න වෙලා තීන දි පත්තරේටත්, ලියන්න කැමති දේ බ්ලොග් එකෙත්.

    ReplyDelete
    Replies
    1. //ඔය දිණමිනට බනින හරි ආන්ඩුවට කඩේ යනවට බනින හරි එකෙක්ට ආන්ඩුවෙ ලොකු තනතුරක් දුන්නොත් හොඳ සැලකිලි එක්ක නොයාම ඉඳියි.//

      ඒ උඹ වෙන්න ඇති ,සල්ලි හෝ තනතුරු වලට ආණ්ඩුවට හෝ වෙන එකෙක්ට කඩේ යන්න තරම් ප්‍රතිපත්තියක් නැති පිචං එකෙක් නෙවෙයි මම නම් . ඒහෙම ප්‍රතිපත්තියක නොඉඳ කඩේ යන උන්ට බනිනවා නම් වැඩක් තියේද ?

      Delete
    2. ඒදා ඉඳන් විකල්ප මත දරපු කඩී යන උන්ට විරුද්ඪ්ෂ උන උන් බහුතරය ද වෙනකොට ඔය යන්නෙ. ඉස්සරහටත් ඉතින් වෙනසක් වෙන එකක් නෑ.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT