සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගුසී සම්මානය අරන් දීපිකා එයි නමින් පළවූ ඉතා කෙටි පෝස්ට් එක දුටු මී ගොඩ මලයා ඉල්ලා තිබුණා මේ ගැන තව තොරතුරු ටිකක් එක්කරන්න කියලා. ඔන්න ඒ ඉල්ලිම වෙනුවෙන් මේ පෝස්ටුව.


ප්‍රවීණ ගායිකා විශාරද දීපිකා පි‍්‍රයදර්ශනී මෙනෙවිය අන්තර්ජාතික ගුසී සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල නොවැම්බර් 28 දා රාත්‍රියේ, පිලිපීනයේ මැනිලා නුවර අන්තර්ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. 
ලොව පුරා සාම ක්‍රියාකාරිකයන් ඇගැයීමේ අරමුණින් ‘ගුසී සාම පදනම’ මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කරයි. එහි සභාපති බැරී ගුසී මහතාගේ මෙහෙයවීමෙන් එය මෙවර පැවැත්වුණේ දස වැනි වරටයි.



දේශපාලනය, වෛද්‍ය විද්‍යාව, ප්‍රාසාංගික කලා, ළමා අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය හා මානුෂීය නීතිය, සමාජ සුබ සාධනය වැනි ක්‍ෂේත්‍ර ගණනාවක නියැලෙමින් ලොව පුරා ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කරන සම්භාවනීය පිරිසක් මෙවරත් ගුසී සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. 
දීපිකා පි‍්‍රයදර්ශනී ගායන ශිල්පිනිය ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට කරන ලද සේවාව හා විශේෂයෙන් ‘සරෝජා’ වැනි ගීතවලින් යුද බියෙන් පෙළෙන ජනතාවගේ හදවතට කළ සාමයේ ආමන්ත්‍රණය මෙහිදී විශේෂ ඇගැයීමට ලක් කෙරිණ. සම්මානනීය විසි දෙනා අතර, හෝමියෝපති වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක නිරත ඇමරිකානු වෛද්‍ය ඩේවිඩ් ක්‍රිස්නර්, ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කැප වී ක්‍රියා කරන කැනේඩියානු සුප්‍රකට සමාජ සේවක රිකාඩෝ ඩි ඩෝන්  , භෞතික විද්‍යා පර්යේෂණවල නිරත රුසියානු වෛද්‍ය ඇලෙක්සැන්ඩ්‍රොවිච් බොරිස් ඇස්තෆියෙව්  , සාමය වෙනුවෙන් කැපවුණු තරුණ චීන දේශපාලනඥ කෙන්ට් වොං, මැදපෙරදිග රටවල කාන්තා සුබ සාධනය වෙනුවෙන් අමිල සේවාවක නිරත, කුවේට් රාජ්‍යයේ අබ්දුල්ලා සලීම් අල් සබාහ්   රජ කුමරිය, සහ අන්තර්ජාතික දූෂණ මැඬලීම තුළින් සාමය ව්‍යාප්ත කිරීමේ නිරත, එක්සත් රාජධානියේ නීතිඥ බර්ට්රන්ඩ් ඩි ස්පෙවිල්   ද වෙති. යුක්රේනය, කොලොම්බියාව, පේරු රාජ්‍යය, මැලේසියාව, පිලිපීනය, උගන්ඩාව වැනි රටවල් නියෝජනය කරන විශිෂ්ටයෝ පිරිසක් ද එහි වූහ.

ප්‍රමුඛ පෙළේ රටවල් ගණනාවක විදේශ දූත පිරිස් සම්මාන රාත්‍රියට එක්ව සිටියහ. පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා ද ඒ අතර විය. හෙළ බස දත්, නොදත් සියලු දෙනාගේම නෙතට කඳුලක් නංවන්නට සමත් සිය හැඟුම්බර ස්වරයෙන් ‘සරෝජා’ ගීතය ගායනා කළ දීපිකා පි‍්‍රයදර්ශනී ගායන ශිල්පිනිය උළෙලේ සුවිශේෂ ආකර්ෂණයක් හිමි කර ගැනීම විශේෂත්වයකි. යුද ගිනි ඇවිළුණු රටක දශක තුනක් දිවි ගෙවූ කලා ශිල්පිනියක ලෙස සිය අත්දැකීම් විස්තර කරමින් සම්භාවනීය සභාව ඇමතූ ඇය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ කෘතහස්ත සාම ප්‍රයත්නය වෙසෙස් ඇගැයීමට ලක් කළාය. සාමයෙන් සංහිඳියාවෙන් යුතු රටක ජීවත් වීමේ අභිමානය ඇය මෙහිදී අවධාරණය කළාය. ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යූත් නර්තන කණ්ඩායම සම්මාන රාත්‍රිය වර්ණවත් කළේ ය.
------------------------------------------------------------------------------------------------------------
arosha samaradiwakara - අරෝෂා සමරදිවාකර
පිලිපීනයේ සිට


11 comments:

  1. නොබෙල් සාම තෑග්ග වගේ තමන්ට ඕන උංට දීල නොබෙල් වත් නොංජල් කළා වගේ මේ ගුසී ද මොකෙන්ද එකෙනුත් නොවුණානම් තමා හොඳ.. ආ නලින් අයියා මේ ඔන්ලයින් ගාන පෙන්නන ගැජට් එක කැඩිලා.. එකකින් පහක් පෙන්නන කොට අනිකෙන් හතක් පෙන්නනවා...:)

    ReplyDelete
    Replies
    1. එකනේ මල්ලි එක ගැජට් එකක් වැරදියි ගලවන්න ඔනෑ.

      Delete
  2. මං කැමති ම ගායිකාවක් තමයි මේ..

    ReplyDelete
  3. මෙයාගේ ඔලුව තමයි අල්ලන්නේ නැත්තේ. අනික දුප්පත් ළමයින්ට මෙයාගේ පුද්ගලික සංගීත පන්තිවල ඉඩ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මං කියන්න දන්නේ නෑ.

      Delete
    2. ඇනෝගේ කතාව ඇත්ත.. අත්දැකීමෙන්මයි කියන්නේ...

      Delete
  4. මමත් ආසම ගායිකාවක්...මම අහල තියෙන්නේ හරිම නිහතමානි කෙනෙක් විදියට.

    ReplyDelete
  5. සාම ත්‍යාග්‍යය දෙන්නේ සාමය ගැන වැඩ කළා නම් නේ. එතකොට මහින්ද රාජපක්ෂ යුද්ධ කරනකොට යුද්ධයට ආවඩන ගීත ගායනා කරලා යුද්ධයට ආවඩපු මෙයා අවුරුදු ගාණකට කලින් කියපු සරෝජා ගිතයට කොහොමද සම්මානයක් දෙන්නේ.

    මහින්ද රාජපක්ෂත් මෙයාත් දෙන්නම සාමය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියන එක මටනම් ප්‍රශ්ණයක්

    ReplyDelete
  6. දවසින් දෙකෙන් බැහැලා යන සුපර් ස්ටාර් එකක් නොවුනු සදා දිදුලන තරුවක් වුනු දීපිකා ප්‍රියදර්ශණී සම්මානයට පාත්‍රකිරීම කාලෝචිතයි..දේශපාලනය හා කලාව පටලවාගත්තු කිහිපදෙනෙකුටනම් මේක අරුමයක් වෙන්නැති නමුත් යතාර්ථවාදීවනම් මේ ලාංකේය කලාවට සුභ ලකුණක්..

    ReplyDelete
  7. ඉතා විටිනවා..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT