උපුටා ගැන්ම ගූගල් ගෙනි |
ලොක්කි ගේ වැඩ
වෘක්ෂ රාජයාණෙනි,
කිමද ඔබ ට මේ සිදු වුණේ
පළාතට ම සෙවණ දෙමින්
වැජඹුණු ඔබ ඇයි ද අද පාළුවෙන්
ඔබ වටා හරිත පැහැයෙන් බැබළුන
පත්‍ර කෝ අද
බැලු බැලු අත වියළී කේඩෑරිව ගොසින්
කිමෙක්ද මේ අරුමය,
අහෝ දෙවියනි
රුක් රජුගේ සිරුර පසාරු කරමින්
කෘමි රාජධානිය වැජඹෙන යුරු
කුමක් කරම්ද ? මා
ඔබේ දිවිය නිමාවට පත්ව ගොස් ඇත.
තුල්යාමී සඳෝදා අමාරශ්මි
9 ශ්‍රේණිය
රත්නාවලී බාලිකා විදුහල ගම්පහ
බොහොම අගෙයි දුවගේ හැකියාව .....සුබ පතනවා..
ReplyDeleteනංඟියා ලියපු කවියක්නේ... 9 වසරෙ උනාට තාත්ත වගේම බරපතල අදහස්නේ තියෙන්නේ..
ReplyDeleteහිකි හිකි... තාත්තට අයියේ කියනව. දුවට නංඟී කියනව. හික්ස්..
Deleteසයිබර් ලෝකේනේ........ :D
දුවගේ තවත් වැඩක් ..................ජය වේවා කිව්වා කියන්න
ReplyDeleteතාගෙයි අගෙයි! හරි ඉහලයි!
ReplyDeleteහරිම ලස්සනයි දුව. ඔයාට තව තව ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා! කියල සෙනෙහසින්ම ප්‍රාර්ථනා කරනවා දුවේ.
ReplyDeleteසුබ පැතුම් චූටි දූ! වයසින් චූටි වුණාට, හැකියාවෙන් නම් ඉන්නෙ ඉහළම තැනක. දිගටම ලියන්න. දිනෙන් දිනම මේ දස්කම් ඔපමට්ටම් වේවි.
ReplyDeleteපිළිතුරු දුන් සැමටම ස්තුතියි. මේ කමෙන්ට් සේරම දුව බලයි අද රාත්‍රියට.
ReplyDeleteපබැඳුමත් ලස්සනයි.නිකම්ම වේයො කාලා හුඹස් බැඳලා මැරිලා යන ගහක් දැකලා කවි සිතුවිල්ලකට ඒක පෙරලන්න තරම් නිර්මාණශීලි අදහස් දැන් නම් අපේ ඔලු වලින් ගිහින්..දුවගෙ නමත් ලස්සනයි. ඇහුවමයි ඔය වගේ ලස්සන නමක්.
ReplyDelete