සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඝාතනයට ලක්වූ එම්.ඒ.ප්‍රනාන්දු සහ එම්.මැගිලින්
 බුලත්සිංහල, හල්වතුර වතුයායේ සදුදා(19) රාත්‍රී කාලයේදී එකම පවුලේ තිදෙනෙක් සාහසික ලෙස ඝාතනය කර තිබේ.මෙලෙස මරා‍දමා ඇත්තේ එම්.ඒ.ප්‍රනාන්දු (පියා), එම්.මැගිලින්(මව) සහ එච්.ධර්මසිරි(පුත්‍රයා) යන තිදෙනාය.මොවුන් පිළිවෙළින් අවුරුදු 95,85 සහ 62 යන වයස් වල පසුවන්නන් වන අතර, ඔවුන් අතුරින් මියගොස් ඇති 62 හැවිරිදි තැනැත්තා තරමක් මන්දබුද්ධික ස්වභාවයකින් යුක්තව පසු වූ බව ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

පොලිස් නිල සුනඛ ඒකකය විසින් පරීක්ෂණ මෙහෙයවමින්
සිද්ධිය වූ නිවස
මෙම සාහසික ඝාතනයට හේතුව කුමක්දැයි ස්ථිරවම කිවහැකි නොවුණත්, යම් කොල්ල කල්ලියක් නිවසට ඇතුළුව භාණ්ඩ සොරාගැනීමට කළ උත්සාහයකදී නිවැසියන් විසින් ඔවුන් හදුනා ගැනීම නිසා මෙම අපරාධය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි. එසේම යම් පුද්ගලික ආරවුලක් මත සිදුවූ පළිගැනීමක් වියහැකි බවටත් තවත් සැකයක් ඇති අතර, නමුත් ප්‍රදේශවාසීන් සහ ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ පවසන ආකාරයට ඔවුන් සමග කිසිවෙකුගේ සිත් අමනාපයක් තිබී නොමැත.
නිවසට යාබද වෙනත් නිවසක සදුදා(19) රාත්‍රී පැවැත්වුණු මංගල සාදයක් ඝාතකයන් තම වාසියට හරවාගෙන ඇති බවට සාක්ෂි දක්නට ඇති අතර, ගම්වැසියන් සියල්ලම පාහේ ඊට සහභාගි වීමත්, එහි ශබ්දය නිසා මෙම ඝාතනයේදී නැගුණු විළාප නාදය පිටතට නොඇසීමත් ඔවුන්ට රුකුලක් වී ඇති බවට පොලිසිය විශ්වාස කරයි.


මියගිය අයගේ සිරුරු
විවිධාකාරයේ කැපීම් තුවාල මෙන්ම ගෙල සිර වන්නට බැද තිබූ විශාල ප්‍රමාණයේ ළණු කැබලි වලින් මෙම අපරාධයේ සාහසිකත්වය මොනවට පිළිබිඹු වන අතර, එසේම ඝාතනය කර තිබූ 95 හැවිරිදි තැනැත්තාගේ දෑත් එකිනෙක එක්කර ගැටගැසීමට ඝාතකයින් යොදාගෙන තිබුණේ නිවසේ වතුර හීටරයේ වයරයකි.
නිවෙස පුරා දොරේ ගලා ගිය රුධිර පහරවල් අපරාධයේ භීෂණත්වය විදහා පෑ අතර, වයස්ගත කාන්තාව ඝාතනය කළ ස්ථානයේ දත් කුට්ටමක්ද ගැළවී වැටී තිබුණි.
තම මාලු ටැංකියේ මාලුන්ට කෑමට දීම සදහා හබරල කොළ කැඩීම සදහා සිද්ධිය වූ නිවස අසළ කැළයට ගිය අවුරුදු 12ක පාසල් ශිෂ්‍යයෙකු ‍හට එම නිවස දෙසින් කෙදිරිලි ශබ්දයක් නැගුණු ඇසී ඒ පිළිබදව තම දෙමාපියන්ට කීමෙන් පසු, ඔවුන් එම නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අහස පොළව නුහුලන අපරාධය දැකගන්නට ලැබී තිබේ.
අසල්වාසී පුද්ගලයින් රාශියකගෙන් පොලිසිය අවශ්‍ය සාක්ෂි සටහන් කරගනු ලැබූ අතර, හොරණ නිල සුනඛ ඒකකයේ අතිදක්ෂ "ග්‍රේරෝ" සුනඛයාද පරීක්ෂණ සදහා රැගෙනවිත් තිබුණි.
මියගිය අයගේ සිරුරු
මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ කටයුතු සදහා පැමිණෙමින්....
මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවසානයේ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ඇය, වැඩිදුර පරීක්ෂණ සදහා සිරුරු නාගොඩ රෝහල වෙත යැවීමට නියම කළාය.
බස්නාහිර සහ දකුණ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක, මතුගම සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.ප්‍රියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බුලත්සිංහල ස්ථානාධිපති රංගන තෙන්නකෝන්, හොරණ අපරාධ අංශයේ ස්ථානාධිපති රොහාන් විශ්වනාත් යන මහත්වරුන් ඇතුළු බුලත්සිංහල පොලිසියේ සහ හොරණ නිල සුනඛ ඒකකයේ නිලධාරීන්ද, හොරණ විශේෂ කාර්ය බලකායද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් ලෙස පරීක්ෂණ අරඹා ඇත.
- නිමාලි

13 comments:

  1. කාලකන්නි...මිනිස්සු මරන්නෙ බල්ලො බළල්ලු වගේ... වගකිවයුත්තන් තවත් බලාගෙන උන්නම ඇති. මරන දඬුවමක් ක්‍රියාත්මක වෙන රටක නම් තවත් කෙනෙක්ව මරන්න බයක්වත් තියෙනවා...මෙහෙ එහෙම නෑ නෙ..ඕන ඕන විදියට මරන්න පුළුවන්...අපි දැන් ඉන්නෙ සකල සිරින් පිරි සිරි ලංකාවේ නෙමේ...අමු අමුවෙන් මිනිස්සු මරන කාලකන්නි ලංකාවේ..

    ReplyDelete
  2. ඔබ හරියටම හරි.....මේ රට ධර්මිෂ්ඨ සමාජයක් කියා මේ දඬුවම ඉවත් කළේ කව්ද.දැන් එන කවුරුවත් මරණ දඬුවම දෙන්න අත්සන ගහන්නේ නැ.එහෙම කළොත් එයාට ඒ පව එයි කියන බියට.

    ReplyDelete
    Replies
    1. දැන් මෙතන වැරැද්ද දඬුවම ඉවත් කරපු එකද නලින් අයියා ?? කල දේ කවුරු කලත් අලුතින් දඳුවම ක්‍රියාත්මක කරනවා වෙනුවට මොනවද මේ වෙන්න දීලා බලාගෙන ඉන්නේ ?

      කවුරුත් අස්සන් කරලා පව් පුරෝ ගන්නෙ මොකටද ? බලයේ වැජබෙන්න අලුත් අලුත් පනත් අරන් එන්න පුළුවන් නම් ජානාධිපති අත්සන් නොකර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න පනතක් ගේන්න පුළුවන්නේ...අනික හරියට බැලුවොත් පව් එන්නෙ දඬුවම නියම කරන කෙනාටනේ...ඒ කියන්නෙ නඩු කාරයින්ට..

      Delete
    2. මේගොල්ලෝ අත්සන් නොකර දෙන මරණ දඬුවම් ගැන කවුරුත් දන්නේ නෑ...ඒවාට පව් පිරෙන්නේ නැතුව ඇති මගේ හිතේ..

      Delete
    3. මොකද ඒවා කරන්නේ කැලෑ නීතියට නේ...ඒවාට අත්සන ඕන නෑ. එක වචනයයි ඕන. වටේටම සගයෝ ඉන්නවා අදාළ පුද්ගලයට මරණ දඬුවම දීලා එන්න.

      Delete
  3. මෙහෙම වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවනෙ මේ තරම් බුදු බණ ඇහෙන රටේ. මහා කලකිරීමක් ඇති වෙන්නෙ.

    ReplyDelete
  4. කොයි රටවලත් කාලකන්නියෝ ඉන්නවා මධූ.

    ReplyDelete
  5. එල්ලුම්ගහ තිබ්බනම් මෙච්චර ඝාතන වෙන්නේ නැහැ..!පව් අහිංසක මිනිස්සු

    ReplyDelete
  6. උදෙන්ම කියවන්න උනේ ඇඟ කීරි ගැහෙන ප්‍රවෘත්තියක්. මහ කාලකණ්නි මිනිස්සු !

    ReplyDelete
  7. කහවත්තේ සිදුවෙන වැල් ඝාතන වලම දිගුවක් විය හැකිය.මංකොල්ල කෑ බවට බොරු සලකුණු තබන්නට ඇත.බලු ඉව මතම තීරණ ගැනීම කොතෙක් දුරට සුදුසුද යන්න ගැටලුවකි.

    ReplyDelete
  8. අනේ මන්ද... මෙහෙමත් නොමිනිස්සු....

    ReplyDelete
  9. කියවන්නත් අමාරුයි අප්පා මේවානම්...

    අලුත් වෙනස මොකක්ද කියල බලන්න ආවේ. දැන් පත්තරයක පෙනුම තියනවා බ්ලොග් එකට :) මට අලුත් ලිපිය හොයාගන්න ටිකක් අමාරු උනා හැබැයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT