ඝාතනයට ලක්වූ එම්.ඒ.ප්‍රනාන්දු සහ එම්.මැගිලින් |
පොලිස් නිල සුනඛ ඒකකය විසින් පරීක්ෂණ මෙහෙයවමින් |
සිද්ධිය වූ නිවස |
නිවසට යාබද වෙනත් නිවසක සදුදා(19) රාත්‍රී පැවැත්වුණු මංගල සාදයක් ඝාතකයන් තම වාසියට හරවාගෙන ඇති බවට සාක්ෂි දක්නට ඇති අතර, ගම්වැසියන් සියල්ලම පාහේ ඊට සහභාගි වීමත්, එහි ශබ්දය නිසා මෙම ඝාතනයේදී නැගුණු විළාප නාදය පිටතට නොඇසීමත් ඔවුන්ට රුකුලක් වී ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
මියගිය අයගේ සිරුරු |
නිවෙස පුරා දොරේ ගලා ගිය රුධිර පහරවල් අපරාධයේ භීෂණත්වය විදහා පෑ අතර, වයස්ගත කාන්තාව ඝාතනය කළ ස්ථානයේ දත් කුට්ටමක්ද ගැළවී වැටී තිබුණි.
තම මාලු ටැංකියේ මාලුන්ට කෑමට දීම සදහා හබරල කොළ කැඩීම සදහා සිද්ධිය වූ නිවස අසළ කැළයට ගිය අවුරුදු 12ක පාසල් ශිෂ්‍යයෙකු හට එම නිවස දෙසින් කෙදිරිලි ශබ්දයක් නැගුණු ඇසී ඒ පිළිබදව තම දෙමාපියන්ට කීමෙන් පසු, ඔවුන් එම නිවස වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අහස පොළව නුහුලන අපරාධය දැකගන්නට ලැබී තිබේ.
අසල්වාසී පුද්ගලයින් රාශියකගෙන් පොලිසිය අවශ්‍ය සාක්ෂි සටහන් කරගනු ලැබූ අතර, හොරණ නිල සුනඛ ඒකකයේ අතිදක්ෂ "ග්‍රේරෝ" සුනඛයාද පරීක්ෂණ සදහා රැගෙනවිත් තිබුණි.
මියගිය අයගේ සිරුරු |
මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ කටයුතු සදහා පැමිණෙමින්.... |
බස්නාහිර සහ දකුණ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක, මතුගම සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.ප්‍රියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බුලත්සිංහල ස්ථානාධිපති රංගන තෙන්නකෝන්, හොරණ අපරාධ අංශයේ ස්ථානාධිපති රොහාන් විශ්වනාත් යන මහත්වරුන් ඇතුළු බුලත්සිංහල පොලිසියේ සහ හොරණ නිල සුනඛ ඒකකයේ නිලධාරීන්ද, හොරණ විශේෂ කාර්ය බලකායද සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් ලෙස පරීක්ෂණ අරඹා ඇත.
- නිමාලි
කාලකන්නි...මිනිස්සු මරන්නෙ බල්ලො බළල්ලු වගේ... වගකිවයුත්තන් තවත් බලාගෙන උන්නම ඇති. මරන දඬුවමක් ක්‍රියාත්මක වෙන රටක නම් තවත් කෙනෙක්ව මරන්න බයක්වත් තියෙනවා...මෙහෙ එහෙම නෑ නෙ..ඕන ඕන විදියට මරන්න පුළුවන්...අපි දැන් ඉන්නෙ සකල සිරින් පිරි සිරි ලංකාවේ නෙමේ...අමු අමුවෙන් මිනිස්සු මරන කාලකන්නි ලංකාවේ..
ReplyDeleteඔබ හරියටම හරි.....මේ රට ධර්මිෂ්ඨ සමාජයක් කියා මේ දඬුවම ඉවත් කළේ කව්ද.දැන් එන කවුරුවත් මරණ දඬුවම දෙන්න අත්සන ගහන්නේ නැ.එහෙම කළොත් එයාට ඒ පව එයි කියන බියට.
ReplyDeleteදැන් මෙතන වැරැද්ද දඬුවම ඉවත් කරපු එකද නලින් අයියා ?? කල දේ කවුරු කලත් අලුතින් දඳුවම ක්‍රියාත්මක කරනවා වෙනුවට මොනවද මේ වෙන්න දීලා බලාගෙන ඉන්නේ ?
Deleteකවුරුත් අස්සන් කරලා පව් පුරෝ ගන්නෙ මොකටද ? බලයේ වැජබෙන්න අලුත් අලුත් පනත් අරන් එන්න පුළුවන් නම් ජානාධිපති අත්සන් නොකර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න පනතක් ගේන්න පුළුවන්නේ...අනික හරියට බැලුවොත් පව් එන්නෙ දඬුවම නියම කරන කෙනාටනේ...ඒ කියන්නෙ නඩු කාරයින්ට..
මේගොල්ලෝ අත්සන් නොකර දෙන මරණ දඬුවම් ගැන කවුරුත් දන්නේ නෑ...ඒවාට පව් පිරෙන්නේ නැතුව ඇති මගේ හිතේ..
Deleteමොකද ඒවා කරන්නේ කැලෑ නීතියට නේ...ඒවාට අත්සන ඕන නෑ. එක වචනයයි ඕන. වටේටම සගයෝ ඉන්නවා අදාළ පුද්ගලයට මරණ දඬුවම දීලා එන්න.
Deleteමෙහෙම වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවනෙ මේ තරම් බුදු බණ ඇහෙන රටේ. මහා කලකිරීමක් ඇති වෙන්නෙ.
ReplyDeleteකොයි රටවලත් කාලකන්නියෝ ඉන්නවා මධූ.
ReplyDeleteඑල්ලුම්ගහ තිබ්බනම් මෙච්චර ඝාතන වෙන්නේ නැහැ..!පව් අහිංසක මිනිස්සු
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඋදෙන්ම කියවන්න උනේ ඇඟ කීරි ගැහෙන ප්‍රවෘත්තියක්. මහ කාලකණ්නි මිනිස්සු !
ReplyDeleteකහවත්තේ සිදුවෙන වැල් ඝාතන වලම දිගුවක් විය හැකිය.මංකොල්ල කෑ බවට බොරු සලකුණු තබන්නට ඇත.බලු ඉව මතම තීරණ ගැනීම කොතෙක් දුරට සුදුසුද යන්න ගැටලුවකි.
ReplyDeleteඅනේ මන්ද... මෙහෙමත් නොමිනිස්සු....
ReplyDeleteකියවන්නත් අමාරුයි අප්පා මේවානම්...
ReplyDeleteඅලුත් වෙනස මොකක්ද කියල බලන්න ආවේ. දැන් පත්තරයක පෙනුම තියනවා බ්ලොග් එකට :) මට අලුත් ලිපිය හොයාගන්න ටිකක් අමාරු උනා හැබැයි.