සාන්චිය |
අද මං ඔයාලව එක්ක යන්න හදන්නේ සාන්චි පැත්තට. සාන්චි කියන්නේ ලංකාවට බොහොම සමීප තැනක්.ලංකාවේ අනන්‍යතාව සුරැකුණු ස්ථානයක්.
සාංචිවල තමා සැරියුත් මුගලන් රහතන්වහන්සේලාගේ ධාතු තැන්පත් කොට තියෙන්නේ. හැම වසරේ ම නොවැම්බර් මාසයේ අවසන් ඉරිදා දිනට එම ධාතුන් වහන්සේලා ආරක්ශිත කුටියෙන් එළියට ගෙන මහජන ප්‍රදර්ශනයට තබනවා. මේ ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේ ලංකාවට අයත් චේතියගිරි විහාරයේයි.ගිය අවුරුද්දේ එම අවස්ථාවට මට එක් වෙන්න වාසනාව ලැබුණා. ඒ කියන්නේ හෙටට හරියටම අවුරුද්දක්. හෙට තමා මේ අවුරුද්දේ ධාතු ප්‍රදර්ශනය පටන් ගන්නේ.හෙට (25)පාන්දර 6.10ට මේ පින්තූරවල තියන අවස්ථා ඒ විදියටම වෙනවා.
මෙන්න ඒ අවස්ථා
වසරකට වරක් ධාතු කුටිය විවර කරයි. සීල් කඩන අයුරු |
ආරක්ෂිත කුටිය තුළ |
විවර කළ බවට අත්සනක් |
එළියට වැඩම කරවිම |
මහජන ප්‍රදර්ශනයට සූදානම් |
මෙම ධාතුන් වහන්සේලා ස්පර්ශ කරන්නට මමත් පින් කර තිබිණි |
සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා |
සාංචි තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ. ඒ කියන්නේ ඉන්දියාවේ හරි මැදට වෙන්නටයි. චෙන්නායි ඉඳල කෝච්චියෙන් යනවා නම් පැය 28ක විතර කාලයක් ගත වෙනවා. දිල්ලි ඉඳලා එනවනම් පැය දොළහක විතර ගමනක්.ගුවනින් යනවනම් බෝපාල් තමයි ගුවන් තොට.
කොච්චියේ ගමන මෙන්න මේ වගේ තමා. බලන්ඩකෝ පිංතූර ටික.
මෙතනින් තමයි අපි දුම්රියට ගොඩ වුණේ. (චෙන්නයි සෙන්ට්‍රල්) |
පැය 28ක් අපේ නවාතැන මෙතැන |
ග්‍රෑන්ඩ් ට්‍රන්ක් දුම්රියේ පළමු පන්තියේ මැදිරියක් |
මේ තුන්වන පන්තියේ මැදිරියක සාමාන්‍ය දෙයක් |
ගමනේ අතරමග |
දුම්රියේ දී හිරු නැගෙන හැටි දැක්කේ මෙහෙමයි |
මේ සාන්චි දුම්රිය පොළ |
දුම්රිය පොළෙන් එළියට යනවිටම මෙහෙම දෙයක් |
උඩ දුටු පාර නම් කර ඇති පුවරුව |
ලංකාවට අයත් චේතිය ගිරි විහාරය. |
ඉන්දියා පුද බිමට යන්න අය කරනවා. අපිත් සාක් කලාපේ නිසා ගොඩ නැත්නම් බර ගානක් ගෙවන්න වෙනවා |
සාන්චි ස්ථූපයේ ගර්භය තුළ |
අපි ඉන්නේ සුථූපයේ මැද හරියේ |
අවට පුරාවිද්‍යාත්මක තැන් |
අපි කස්ටිය සාන්චියේ දී |
චෙන්නායි ඉඳන් කොච්චියෙන් සාන්චි ගිහින් ආපහු එද්දී බෝපාල්වලින් අපි දිල්ලියට ආවේ මේකේ තමා.
තව විස්තර තවත් ලිපියකින් කියන්නම්..
පසු ලිවීමකි.....
මෙන්න අද දවදේ උදෑසන සාන්චි හිදි ධාතු කරඬුව මහජන ප්‍රදර්ශනයට වැඩම කළ අයුරු. මේ සේයා රූ මවෙත ලැබුණේ උදැසන 8.48ට ය.
අද උදැසන ධාතු කරඬුව වැඩම කළ අයුරු |
ඊයේ රාත්‍රී ආලෝක පූජාව අරඹමින් |
සංස්කෘතික දැක්මෙන්
අද උදැසන සාන්චියේ පැවති මේ මහගු අවස්ථාවේ පිංතුර මාවෙත කඩිනමින් එවන ලද්දේ මා මිත්‍ර සමන් අතාවුද හෙට්ටි සහ ගාමිණී ජයලත් මිතුරන් විසිනි.
|
අපේ නැන්දා දඹදිව ගිහින් සාංචිය ළඟ ෆොටෝස් අරන් තිබුනා මතකයි..
ReplyDeleteඅද වෙනස් ලිපියක් තියෙන්නේ
:D
ඊළග පාර නැන්දත් එක්ක රෙහානිත් යන්න. ආ අමතක වුණා දැන් නැන්ද මොකටද...අවුරුදු අටක ආදරයේ ප්‍රතිපල අද ඔයා ලග ම නේ. යන්න දෙන්නත් එක්ක.
Deleteබොහොම අපූරු වැදගත් ලිපියක් අයිය ගිහින් බලල නිකන් හිටියේ නැහැනේ මේව අපිටත් දැනගන්න ධාතූන් වහන්සේලාගේ පින්තූරත් අරන් ඇවිත් මේ පිනම ලොකු දෙයක්.
ReplyDeleteස්තුතියි කෝරලේ මලයා...ගිය අවුරුද්දේ මම ගියේ. මේ අවුරුද්දේ මගේ යාලුවෙක්ට යන්න චාන්ස් එක දුන්නා. දැන් එයාලා සාන්චියේ.
Deleteසාංචි ගැන මම කියවපු පලමු ලිපිය මම හිතන්නේ , පැය 28ක් , ඉන්දියාවේ කෝච්චියක ? මම නම් පැය 5ක් බස් එකේ යන්නෙත් අමාරුවෙන්
ReplyDeleteතව විස්තර තියනවා බුවා බෝපාල වල තොරතුරු එහෙම ඒවත් පස්සේ දාන්නම්. ස්තුතියි බුවා
Deleteගොඩක් වටිනා ලිපියක් අංකල්...
ReplyDeleteජය වේවා!!!
සිනා බො වේවා!!!
ස්තුතියි පනූවෝ
Deleteඅම්මා පට්ට ට්‍රිප්එකක් නෙ ගොයිං තියෙන්නෙ ඇ
ReplyDeleteමේ ගිය අවුරුද්දේ ගිය එකක් මලයා
Deleteගොඩක් වැදගත් ලිපියක් නලින් අයියේ පොටෝ ටිකත් ගොඩක් වටිනවා
ReplyDeleteතැන්කූ කිව්වා මලයා ඔයාටත්
Deleteසුන්දර පින්බර මතකයක සදාතනික සටහනකි.
ReplyDeleteමා පෙර කළ පිනක් නිසා මට මෙවන් දැ නොමිලේ ම යන්න අවස්ථාව ලැබී තිබෙනවා ගයනි
Deleteවටිනා ලිපියක්..හැබැයි මම වැඩියෙන්ම ආවේ බ්ලොග් එකේ අලුත් ඇදුම බලන්න... :D
ReplyDeleteඅලුත් ඇඳුම ගැන මොකද හිතෙන්නේ.
Deleteමේ වගේ වටිනා ලිපි කොයින්ද ඉතින් නලීන් අයියගෙන් මිසක....පට්ට ඈ..මාත් ගියා ඕං සාංචි..
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තුතියි රති මලයා
Deleteහොඳ පැහැදිලි සංචාරක සටහනක්..
ReplyDeleteඅපිට ආසන්නම රට මමත් හිතන් ඉන්නවා නිවාඩුවකදි ඉන්දියාවට ගිහින් ටිකක් ඇවිදලා එන්න
බලන්න යන්න ඒ දේ පුදුම විදියට වටිනවා දයා..
Deleteස්තූතියි ආයේ සමකය වටේ අරන් ගියාට.. ගමනේ විස්තර හරි අපූරුවට සටහන් කරලා තියෙනවා...පැය 28ක් කෝච්චියේ යනවා කිව්වම...අපොයි..
ReplyDeleteජොලිම ගමනක් කොච්චියේ ගියේ. ඒක ජීවිතේට අමතක වෙන්නේ නැ.
Delete1995 වසරේ එක දිනක, සාංචි පුදබිමේ උස් ස්ථානයක සිට, 'විදිශා' නමැති පැරණි ඉන්දීය ජනාවාසය දෙස බලා සිටියෙමි. එහි අතීතය මනසින් දුටුවෙමි. ඒ අසිරිය අදත් සුන්දර සිතුවිල්ලකි. සාන්චියෙදී වසරේ සමහර කාල වලදී මාරාන්තික සූර්ය කිරණ ප්‍රහාර වලට ලක්වියහැකි බව ඇසුවාද? සංචි තොරණේ පින්තුර කීයක් ගත්තාද. මා සතුවනම් 10 ක් පමණ ඇත. ඒ තොරණ එකම කලාගාරයකි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
වීදිසා වලටත් මම ගියා විචාරක. සූර්ය කිරණ නොවෙයි එනවා කියා විශ්වාස කරන්නේ. බෝපාල් ඛේදවාචකයේ විකිරණ. සාංචි තොරණ විතරක් නොවේ එහි හැම දෙයක්ම තියනවා මා සතුව. ඒවා අනාගතයේ පොතක් ලෙසින් එළියට ඒවි.ස්තුතියි විචාරක
Deleteමා ඇතුළු පිරිස සාන්හියේ විශ්‍රාම ශාලාවේ සිට ගිනි අව්වේ එලියට බහින්න හදද්දී හාමුදුරුවෝ එය වැළැක්වුවා.වසරේ එක කාලෙකට සූර්යයාගෙන් විහිදෙන පාරජම්බුල කිරණ වැනි කිරණ විශේෂයක් තද අව්ව තිබෙන අවස්ථාවල වදින බවත්, සමහරු ඒ කිරණ ප්‍රහාරයට ලක්ව නහයෙන් කටින් ලේ දාගෙන බිම පතිතවී මියයන බවත් උන්වහන්සේ පැවසුවා. සත්‍යාසත්‍යතාව නොදනිමි. මම භෝපාල් ඛේදවාචකය වූ එවරෙඩි බැටරි සමාගමේ (යුනියන් කාබයිඩ්) කම්හල අසලට ගොස් එතැන දැක බලාගත්තා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි! මේ අඟනා විස්තරයට. මට මේ ගමනේ දී සාංචි විහාරය වැඳපුදා ගන්නට නම් බැරි උනා නලින්. ඉතින් ඔන්න අද බොහොම සිත් සතුටින්, තුන් සිත පහදවාගෙන සාංචි විහාරය වැඳ පුදා ගත්තා. බොහොම පින් අත්වේවි ඔබට.
ReplyDeleteඔබේ වචන ටික මට අමුතුම ශක්තියක් ගෙන දුන්නා චන්දි...
Deleteමමත් දෙපාරක් සංචි ගිහින් තිබෙනවා. මෙම ලිපියෙන් මගේ මතකය අලුත් වුනා. මල්ලිට බොහොම පින්
ReplyDeleteස්තුතියි අක්කද අයියද දන්නේ නැ...
Deleteදඹදිව වන්දනාවෙ අනිත් හැමතැනම ගියත් සාංචි යන්න බැරිවුණා. මෙහෙම ධාතු ප්‍රදර්ශනයක් ගැන ඇහුවෙ අදමයි!
ReplyDeleteසෑම නොවැම්බර් මාසයකම අවසන් ඉරු දිනට තමයි මේ ධාතූන් ප්‍රදර්ශනය කරන්නේ.
Deleteඅපුරු ලිපියක්.... ගිහින් බලා ගන්න බැරි වුනාට මෙහෙම හරි බලා ගන්න ෆොටෝ ටිකක් දැම්මට නලීන් අයියට පිං...
ReplyDeleteසාදු සාදු බොහොම වටිනා කියන ඡායාරූප පෙළක් දැකගන්නට සැළැස්සුවාට :)
ReplyDeleteබොහෝම පින් ඔබට වටිනා ඡායාරූප ලබාදුන්නට, සිතින් පවා වන්දනා කරන්න පුළුවනි. අලුත් වෙනසත් ඉතා ම අපූරුයි. ජය!
ReplyDeleteනියමයි
ReplyDeleteආයෙත් යමු සමකය වටේ
ReplyDelete