සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ලංකිය තරුණ නිර්මාණ කරුවන් පිරිසකගෙන් සුපිරි වැඩක්

Cylon Linux නාමයෙන් හදුවන ලංකීය උරුමයකට හිමිකම් කියන ප්‍රථම ශ්‍රී ලංකික ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අද සිට අන්තර්ජාලයට මුදා හරින බව එම නිෂ්පාදක කන්ඩායම වෙනුවෙන් හසිත මධුෂාන් කියයි. 
අවුරුදු ගනනාවක අත්දැකීම් මුසු කරමින්, පුරා මාස ගනනාවක් මුළුල්ලේ අප විසින් මෙහි නිපදවීම් කටයුතු වල නියැලී සිටියහ. ඒ අනුව සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට සාර්ථකය මුදා හැර තිබේ. 

එය ලාංකීය සමාජයට බෙහෙවින්ම ගැලපෙන ආකාරයට විශේෂාංග බොහොමයක් ඇතුලත් කරමින් ඔබ අතට පත්කර ඇත. 
ලාංකිකයා ලිනක්ස් මෙහෙයුම් පද්ධති පරිශීලණයෙන් ඈත්වන්නේ එහි තිබෙන දෝෂ නිසානම් නොවෙයි. භාවිතය ගැන නොදැන සීටිම සහ, හරියාකාර මඟපෙන්වීමක් නොමැති වීම නිසාමයි. 
ඔබ මීට පෙර Redhat/Debian ලිනක්ස් පාධක සංස්කරණ පරිහරණය කර තිබෙන්නට පුළුවන. Linux මෙහෙයුම් පද්ධතියක් ජීවිතේට පරිහරණය නොකරපු අයද අප අතර බහුලව සිටී. ඔබ කවුරු වුවත් ඔබ සැමට, තම එදිනෙදා වැඩකටයුතු වල පහසුවෙන් නිරත වීමට හැකි වන පරිදි දැනට ලොව භාවිතාකරන ප්‍රචලිතම නිදහස් මෘදුකාංග අඩංගු කර Cylon Linux නිපදවා තිබේ. ලිනක්ස් මෙහෙයුම් පද්දතියේ බොහෝ දේ නොමිලයේ ලබා දෙන අතර එය භාවිතයේදී ඔබට Licen Agreement එකක් සමග එකඟ වීමට නොමැත. බටහිර රටවල ඉහලින් පිලිගත් ලිනක්ස් උබුන්ටු, ලංකාවට ගැලපෙන පරිදි පරිණාමය කර, සැමට සරිලන නිසදහස් මෙහෙයුම් පද්ධතියක් සපයාදීම, අපේ අරමුණයි. මෙහි දී ඔබට යම්කිසි රාමුවකට කොටුකර නොමැත. හිමිකම් අහුරා නොමැති වීම නිසාවෙන්, ලිනක්ස් ඔබ අතට පත්වීමෙන් පසුව එය ඔබගේම මෙහෙයුම් පද්ධතියක් බවට පත්වෙයි. ඔබගේ කැමැත්ත අනුව ඔබේ සියළු ක්‍රියාකාරකම්වල නිරතවීමට හැකියාව ලැබෙයි. මෙය ලාංකීය මෘදුකාංග අතුලත් ප්‍රථම ශ්‍රී ලාංකික මෙහෙයුම් පද්ධතියයි. මෙයට වෛරස් වැනි විනාශකාරී වැඩසටහන් වලින් භාධාවක් ඇති නොවේ. පරිශීලය බෙහෙවින්ම පහසු ආකාරයට නිර්මාණ කර තිබේ. පරිගණකයේ වේගය අඩපන වීමත් ඇති නොවේ. වැඩතල හතරක ක්‍රියාකිරිමේ පහසුකම හිමිවේ. ක්‍රැක් සහ බිද වැටීම් නොමැති, යෙදවුම් මෘදුකාංග 100කට වැඩි එකම මෙහෙයුම් පද්ධතියයි. මෙය අප විසින් නිර්මාණය කරනු ලැබුයේ ලංකීය සමාජයට හාත්පසින්ම ගැපනෙ ආකාරයටයි. මෙහිදී මූලික තැන දුන්නේද ලංකීය ලින්ක්ස් පරපුරට අලුතෙන් එකතුවන ඔබ සදහාමයි. ඔබත් කැමැති ඇති අත්විදින්න මෙම නව අත්දැකීම. ලින්ක්ම් මෙහෙයුම් පද්ධති අතර තිබෙන වටිනාකම, අගය වටහාගන්න ඔබත් එක්වන්න අපත් සමඟ.. "මෙම වෑයම රජ වන්න නොවේ, නිදහසේ අයිතිය ලංකීය සමාජයට අත්කර දීමටයි" මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්ණයක් ඇහුවොත්, ඔයා පරිශීලණන කරන මෙහෙයුම් පද්ධතිය කුමක්ද කියලා, සියයට අනූවකගෙන් පමණ අසන්නෙ ලැබෙන්නේ වින්ඩොස් ලෙසටයි. ඔබ ලින්ක්ස් භාවිත කර තිබෙනවාද? නැතිද? යන්න ප්‍රශ්ණයක් නැහැ.. අප මෙහිදී ක්‍රියාපිලිවෙත් රාශියක් දැනටමත් සංවිධානය කර තිබෙනවා. මෙම මෙහෙයුම් පද්ධතිය ඔබ අතට පත්කර දීමෙන් අනතුරුව, Linux ගින්නක් නොමැතිව ක්‍රියාකරවීමට අදාල අත්වැලක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිමු. එය ලින්ක්ස් සමඟ ඉදිරි ගමනට ඔබට බෙහෙවින් උපකාර වේවි. ලිනක්ස් මෙහෙයුම් පද්ධති අතර, ලංකීය මෙහෙයුම් පද්ධතියක් ලෙසින් Cylon Linux සමඟින් අත්වැල් බැදගැනීමට කැමති ඔබ සැමට මෙය නොමිලේ Download කරගැනීමට පුළුවන. ඒ සදහා පහත Link එක භාවිත කරන්න. http://www.cylonlinux.weebly.com/ මෙතැන්න් යන්න.ඉදිරියේදී මේහි විශේෂිත තොරතුරු රාශියක් නිෂ්පාදක කණ්ඩායම ඔබවෙත ගෙන ඒමට සූදානමින් සිටියි.

22 comments:

  1. මට තේරෙන්නෑ මම දැන් ටිකකට කළිනුත් පෝස්ට් එකකට ‍කමෙන්ට් එකක් දැම්මනේ.. ප්‍රේකිං නිව්ස් වත්ද.. නිව්ස් එකට තෑංක්ස් අයියා..

    ReplyDelete
    Replies
    1. වෙනදා විදියටම සමකය වටේ පෝස්ට් ටික සංචාරක ටැග යටතේ සුමානෙකට එකක් දෙකක් වගේ දානවා. මේ නිවුස් දාන්නේ නිකං ජොලියට වගේ.

      Delete
  2. අපිට කමෙන්ටු දම දමා ඉන්නයි වෙන්නෙ මේ නිවුස් වලට. මොකෝ දැන් සද්දයක් නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. නිවුස් වලට කමෙන්ට් දාන්න ඕන නැ චන්දි. මම මේ පොඩි අත්හදා බැලීමක් කරන්නේ.ආවට තුති.

      Delete
  3. හන්තාන ලිනක්ස් එකක් තියනවා ෆෙඩෝරා බේස් කරගෙන හදපු. වැඩි විස්තර අපේ අටම්පහුරා දන්නවා ඒ ගැන. ඒ ගැනත් ලියමුද?

    ReplyDelete
    Replies
    1. මම ඒ තොරතුරු දන්නේ නෑ දන්නවා නම් ලියනවා. කවුරු කළත් අපේ කොල්ලන්ගේ වැඩ අගය කළ යුතුයි.

      Delete
    2. පෙනුමෙ හැටියට මේකත් ෆෙඩෝරා බේස්ඩ් වගේ. හන්තානටත් කලින්ද මේක ආවෙ?

      Delete
  4. පිස්සුද සහෝදරයා.... මෙක තමයි භාන්ඩේ! හන්තානා ගැන කතාකරන්න එපා...ඊයා!!
    දැන්වුවාට ස්තූතියී.......! සුභ පැතුම්!!!! මම ලයිව් ටෙස්ට් කරලා බැලුවා....සුපිරියි!

    ReplyDelete
    Replies
    1. භාවිත කළ අය තමා වෙනස දන්නේ..

      Delete
  5. අම්මෝ මම ඩෑශ් බෝඩ් එකට ලොග් උනහම පෝස්ට් තොගයක් දැක්කා. මොකෑ ඒ
    මම නම් ලිනක්ස් පාවිච්චි කරලම නැති නිසා දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. වෙනද විදියටම පරණ විදියේ ලිපි යනවා. ඊට අමතර දේවල් දැන් එක් කරනවා.

      Delete
  6. මම නම් හන්තාන ලිනස් මචං පාවිච්චි කරන්නේ...

    ReplyDelete
    Replies
    1. මම තාම ලිනක්ස් වැඩ කරලම නැ චමි.

      Delete
  7. මාත් මේ කියන්න ආවේ හන්තාන ලිනක්ස් නේද පළවෙනි එක...

    මොක්ද්ද නලීන් අයියා මේ කරලා තියෙන්නේ ... නිවුස් වෙබ් සයිට් එකක් වගේ වෙලානේ.....

    ReplyDelete
    Replies
    1. උත්තරය ඊ තැපැලට දැම්මා.

      Delete
  8. අහන්නත් සතුටුයි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තරුණ කොල්ලන්ගේ වැඩකට සහායක් මං මේ දෙන්නේ...

      Delete
  9. කමෝන් ශ්‍රී ලංකා.

    ReplyDelete
  10. ඔ එත් ප්‍රශ්නෙකට තියෙන්නෙ 2007 ට පස්සෙ හදපු මැශින් වලට විතරලු ඔක දාන්න පුලුවන්

    ReplyDelete
  11. උබුන්‍ටු පාවිච්චි කරල එපාම උනා.. බලමු....

    අයියා. දැන් නම් නිකන් නිවුස් සයිට් එකක් වගේ. එල එල...

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  12. apita meka kalin ubuntu wala wage windows athulema install karanna barida?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT