චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා වඩාත් ප්‍රකට වුයේ සාර්ථක විශේෂාංග රචකයකු ලෙස ය. දෙවනුව විශේෂාංග කර්තෘවරයකු ලෙස ද ඔහු ප්‍රකට විය. ඔහු ලියන විශේෂාංග බොහෝ දෙනෙකුගේ මතකයෙන් බැහැර නො යන්නේ එම රචනාවල පවත්නා මානුෂික මුහුනුවර හා ප්‍රබන්ධයක ස්වරූපය ද නිසා ය. විශේෂාංග රචනයෙහි පළමු පාඩම වන්නේ ඊට මානුෂික මුහුණුවරක් දෙනු යන්න ය. ප්‍රබන්ධයකට අනුගත වෙමින් විශේෂාංග ලිවීම ලෝක පත්තර කලාවේ නව ප්‍රවණතාවකි. මේ සියල්ල සංකලනය වු සාර්ථක පත්තරකාරයකු ලෙස දොඩන්ගොඩ හැඳින්වීමෙහි වරදක් නැත. එහෙත් මේ සාර්ථක පත්තරකාරයා නවකතා කලාවේදී අතිශය දුර්වල රචකයෙකි.
දොඩන්ගොඩ මහතාගේ අභිනව නවකතාව වු “අව පෑළවිය” කියැවීමෙන් පසු ප්‍රධාන ප්‍රශ්න දෙකක් විසින් මට වදදෙන ලදී. පළමුවන්න සිංහල පත්තරකාරයන්ට සාර්ථක නවකතා රචනා කළ හැකි ද යන්න ය. දෙවන්න ප්‍රබන්ධ කථාව හා පත්තර කලාව අතර ඇති සම්බන්ධය කුමක් ද යන්න ය.
“අව පෑළවිය” යනු අතිශය සරල හා දුර්වල නවකතාවෙකි.
“චාපා” නම් රදල තරුණිය කේන්ද්‍ර කොට කතා විකාශය සිදු වේ. වලව්වක රාමුගත ජීවිතයෙන් පලා ගොස් ජීවිතයේ නිදහස හා පේ‍්‍රමය ආස්වාදය කිරීමට යන චාපා පුරුෂයන් තිදෙනෙකුද ඇසුරු කොට අවසානයේ තබා ගමන ආරම්භ කළ තැන ම නැවතී බලා සිටී. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය තුළ යථාර්ථයක් සේ ගත හැකි’මුත් හැඟීම් දැනීම් සහිත සංවේදන මාර්ගයක් ඔස්සේ චරිත නිරූපණය කිරීමට කර්තෘ නොදනී. ඔහු අතින් බිහි වී ඇත්තේ කාඩ්බෝඩ් චරිත ය. අවසන් ලෙස චාපාගේ චරිතය හෝ සංකීර්ණ නිරූපණයක් තුළ පිහිටුවීමට චන්ද්‍රසිරි දොඩන්ගොඩ අසමත්ය. මෙහි ප්‍රතිඵලය වන්නේ කර්තෘගේ යථාර්ථයන් පාඨකයා තුළ නොපිහිටීම ය.
නිරූපණය යන්න නවකතාවක ඇති වැදගත් ම ලක්ෂණය වේ. වෘත්තීය පත්‍රකලාවේදියකුට සිය ලේඛනය තුළ දී නිරූපණය හසු වන්නේ කලාතුරෙකින් ය. එයත් යාන්තමට ය. පත්තර කලාවෙහි නිර්දේශය වන්නේ කිසියම් සිදුවීමක් අති සරල කථාන්දරයකට නැඟීම ය. අප්‍රිකානු රටවල පත්‍රකලාවේදීන් සඳහා පුහුණුවක් ලබාදීමට ගිය අයි.පී.අයි. ආයතනය පළමුව නිරූපණය ඉගැන්වීමට වෑයම් කළේ ය. එහෙත් එය මුළුමනින්ම අසාර්ථක ෂය. පුවත්පත් කලාවේ හැඟීම් – දැනීම් සහිත අධි සංවේදී රචනා Yellow journalism ලෙස හැඳින් වේ. එය පිළිගත් පත්‍ර කලා සම්ප්‍රදායක් නො වේ.
ලතින් අමෙරිකානු රාජ්‍යවල ප්‍රබන්ධ කථාවේ වීරයා වු මාර්කේස් යම් පමණක පත්තරකාරයෙකි. ඔහුගේ අදහසට අනුව පත්තර කලාව හා ප්‍රබන්ධ කථාව දෙකක් නො ව එකකි. එහි මූලාශ්‍ර එක ය. කරුණු හා සාධක එක ය. සම්පත් හා භාෂාව ද එක සමාන ය. මාර්කේස්ගේ අදහස වෘත්තීය පත්‍රකලාවේදීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිදසුනක් ලෙස භාෂාව ගතහොත් පත්තර කලාවේ භාෂාව සංවේදී නැත. එය වාර්තාකරණයට උචිත අති සරල ශෛලියකින් යුතු ය.
මාර්කේස් යනු වෘත්තීය පත්‍රකලාවේදීයෙක් නො වේ. ඔහු පුවත්පත් සඳහා ඉඳහිට ලිපි හා තීරු ලිපි රචනා කළ බාහිර ලේඛකයෙකි. ඔහු පත්‍ර කලාවේ නියමයන් දන්නේ නැත. අපට ශ්‍රී ලංකාවේ නිදසුන් දෙකක් ද ගත හැකි ය. කෙනෙක් මාර්ටින් වික්‍රමසිංහ මහතා ය. තවත් කෙනෙක් කරුණාසේන ජයලත් මහතා ය. වික්‍රමසිංහ මහතා අපේ නවකතාවේ පුරෝගාමියා ය. ඔහු පත්තර භාෂාව හෝ පත්තර කලාවේ අනෙක් සම්පත් හෝ ප්‍රබන්ධ කථාවට සම්බන්ධ කර ගත්තේ නැත. ඔහු දෙස බලනවිට පෙනී යන්නේ පත්තරකාරයකු මරාගෙන උපන් නවකතාකාරයෙකි. සූක්ෂ්ම විශ්ලේෂණයකට ගියහොත් වික්‍රමසිංහ මහතා පත්තර කලාවේදී අසාර්ථක පුද්ගලයෙකි. කරුණාසේන ජයලත් මහතා දේශපාලන පත්තර කලාවට වැඩි නැඹුරුවක් දැක් වු තැනැත්තෙකි. ඔහුට බටහිර සාහිත්‍ය පිළිබඳ විශාල දැනුමක් තිබුණු අතර පත්තර භාෂාවට තරමක් ඉහළ භාෂාවකින් නව කතා රචනයට එළඹෙන්නටත් හැකි විය. මේ දෙදෙනාගෙන් පසු නවකතාකරණයට පිවිසි සෑම සිංහල පත්තරකාරයකුම පාහේ අසාර්ථකය යන්න අපගේ වැටහීම ය.
පත්තර කලාව හා ප්‍රබන්ධ කථාව පටලවා නො ගත් එක ම සාර්ථක ලේඛකයා අර්නස්ට් හෙමිංවේ යැයි සිතිය හැකි ය. ඔහු අති දක්ෂ වාර්තාකරුවෙකි. යුද්ධයේ සිදුවීම් ඉතා සූක්ෂ්ම ලෙස වාර්තා කිරීමට හෙමිංවේ සමත් විය. ඔහු එම වාර්තාකරණයෙන් උකහා ගත්තේ සත්‍ය සිදුවීම් හා ජීවමාන චරිතයන් ය. වාර්තාකරණයේ දී යොදාගත් හැඟීම් විරහිත භාෂාව ඔහුගේ නවකතාවල දක්නට නො ලැබේ. පත්තර කලාවත් – නවකතාවත් පටලවා නො ගත යුතු විෂය ක්ෂේත්‍ර දෙකකි.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා සිය ප්‍රබන්ධ සඳහා යොදාගෙන ඇත්තේ හැඟීම් විරහිත හඩු භාෂාවකි. ඒ හැරෙන්නට පහේ පන්තියේ ළමයකු අතින් පවා නොසිදුවිය යුතු වියරණ වැරැදි ඔහුගේ භාෂාවේ තිබේ.
“තවමත් අපේ කිරි කට්ටියක් ඇය විසින් කපයි”
(පිට.79)
“මා ඔහු පසුපසින් දිව ගියෙමි.”
(පිට. 118)
“මළ මුත්‍ර ඉවත්කොට ඇය සෝදා පවිත්‍ර කිරීම මා භාර ගතිමි” (පි.141)
මේ පොත පුරාම ඇත්තේ අරුම – පුදුම වියරණ විධිය. ඒ හැරෙන්නට කොළඹ මියුසියස් විද්‍යාලයේ බාලිකාවන් රජා මරන බව අප දැන ගත්තේ ද චන්ද්‍රසිරි දොඩන්ගොඩගේ නවකතාවෙන් ය.
( Madam,i am sick, may i go to home)- චාපා
මේ නවකතාව ඉතා නොසැළකිල්ලෙන් ලියන ලද ප්‍රබන්ධයක් යැයි වරෙක සිතේ. අව පෑළවිය ඒ තරමටම අච්චාරුවක් බවට පත් ව තිබේ. එහි භාෂාව, කථා වින්‍යාස ගොඩනැඟීම හා චරිත නිරූපණය අතිශය දුර්වලය. කතාවෙන් කියැවෙන්නේ දොඩන්ගොඩගේ සිහිනයක් විය හැකි ය. ඔහුගේ ප්‍රාර්ථනයක් විය හැකි ය. අපේ බොහෝ නවකතාකරුවෝ තමන්ගේ සිහින හා ප්‍රාර්ථනා නවකතා බවට පත් කරති. ඒවායෙහි දකින්නට ලැබෙනුයේ ජීවිතය උඩිස් පල්ලෙන් විස්තර කිරීම ය. දොඩන්ගොඩ මහතා කරනුයේ ද තෝරාගත් චරිත කිහිපයක් හා සිද්ධි කිහිපයක් විස්තර කිරීම ය. ඉන් එහා දෙයක් එහි නැත.
නවකතාවක් සාර්ථකවීමට අදාළ අති සරල නියාමනයක් කිව හැකි ය. එම නියාමනයට අදාළ ප්‍රධාන සාධක දෙකක් තිබේ.
1, නව ප්‍රබන්ධයේ අන්තර්ගතය සමාජ කතිකාවතකට වේදිකාවක් විය යුතු ය. ඒ මගින් සමාජ යථාර්ථයක් හෙළිවිය යුතුය. එය පාඨකයාගේ ඥානය සූක්ෂ්ම කරන්නක් විය යුතු ය.
2. නව ප්‍රබන්ධය අලුත් ම අත්දැකීමක් විය යුතු ය. එය ශිිිිල්පීය අංග නවතාවයෙන් යුතු අතර අපූරු රසයක් ලබා දිය යුතු ය.
මේ සාධක දෙක අනුව බැලුවත් අව පෑළවිය යනු අන්තිම අසාර්ථක නවකතාවකි. මෙහි ප්‍රධාන තේමාව වන්නේ ශ්‍රී ලංකාවේ කුලය යන සාධකය මත පදනම් වෙමින් කතාවක් ගොඩ නැඟීම ය. කුලය යන සාධකය මත පදනම් වූ නවකතා රැසක් මෑත භාගයේ ජන ගත කැරිණි. ඒ එකක් වත් කුල සාධකය හරිහැටි නිරූපණය කර නැත. එහි යථාර්ථයන් සූක්ෂ්ම ලෙසින් විග්‍රහ කර නැත. කුලය යන සාධකය තව අවුරුදු සියයක් ගත වුව අප සමාජයෙන් මුළුමනින් ම බැහැර කළ හැකි නො වේ. එහි විශේෂයක් වන්නේ කුලය යන සංකල්පය අද අලුත් සාධක සමඟ එක් වී වර්ධනය වී තිබීම ය.
පන්ති භේදය පිළිබඳ අලුත් විග්‍රහයක් අවශ්‍ය යැයි ජේම්ස් පෙට්‍රාස් වැනි පශ්වාද් මාක්ස්වාදීන් කියා තිබේ. එය සත්‍යයෙකි. පන්ති භේදයේ වෙනත් සංකීර්ණතා නූතන සමාජය තුළ පහළ වී තිබේ. කුලය ගැන සංකල්පය ද එබඳු ය. ඒ පිළිබඳ අලුත් විග්‍රහයක් අදට අවශ්‍ය වේ. එවැන්නක් පිළිබඳ මේ කර්තෘවරයා දන්නේ නැත. ඔහු පය ගසා සිටිනුයේ පරණ සමාජයක හා පරණ අදහස් ගොන්නක ය. චාපාගේ චරිතය ඔස්සේ කුල අභිමානයේ හිිස් බව කදිමෙට නිරූපණය කිරීමට ඉඩ තිබිණි . කර්තෘවරයා එවැන්නකට පෙළැඹී නැත.
වඩාත් අසාර්ථක වන්නේ චාපාගේ චරිත නිරූපණය යි. එම චරිතය නිරූපණය වී ඇත්තේ ඒකරූපීය ලෙස ය. ඇයට මුණ ගැසෙන අරුන්දතී, යසා, ජීවන්ත, ගෙවිදු වැනි චරිතද ටයිටස් වැනි චරිත ද ඉතා කෘත්‍රීම ය. යසා ජීවන්ත එක ම ගමේ ය. චාපා - ගෙවිදු එකම ගමේ ය. මේවා අතාර්කික බොළඳ කල්පනාවන් ය. කතුවරයාට අවශ්‍ය සිහින ලෝකය ගොඩනැඟීම සඳහා එම කාඩ්බෝඩ් චරිත උපයෝගී කරගෙන තිබේ. අව පැඳවිය යන කතාව මුළුමනින්ම බොළඳ ය. අතාර්කික ය.
කතුවරයා දේශපාලන විග්‍රහ ඉදිරිපත් කිරීමට පෙලැඹී ඇත්තේ ද අතිශය ව්‍යාජ ලෙස ය. චාපාගේ මාමාගේ මුවට නංවන සංවාදවලින් ඒ බව මොනවට පැහැදිලි වේ. මාමාගේ චරිත නිරූපණය තුළින් අපගේ ඡස් ඉදිරිපිට නැගී සිටින්නේ වමට බර කාඩ්බෝඩ් වීරයෙකි. වීරයකුගේ චරිතයට වඩා ඔහු විහිළු කාරයකුගේ චරිතයකට සමීප වේ. ධනවාදය හා සමාජවාදය පිළිබඳ සංවාද ගොන්නක්ද මීට ඇතුළත් ය. ඒවා කියවන කළ අප මනසට නැඟෙනුයේ බලවත් හාස්‍යයෙකි.
මුළු නවකතාව තුළම යම් හැඟීමක් ඇති කරන සංවාද දෙකක් තිබේ.
1“මං වලව්ව කරේ තියා ගත්තු ගෑනියක් නෙමෙයි.” (චාපා - පිට 167)
2 “මේක වලව්වෙ කාර් එක හැම එකාටම නගින්ඩ - බහින්ඩ තියෙන එකක් නො වේ.”(ගෙවිඳු – පිට 171)
මේ සංවාද දෙක හැරෙන්නට පාඨකයාගේ මනසට හා රසවින්දනයට කතා කරන එක වචනයක්වත් චන්ද්‍රසිරි දොඩන්ගොඩගේ නවකතාව තුළ නැත. ඔහු අසාර්ථක නවකතාකරුවෙකි. ජනප්‍රිය ගණයේ සරළ නවකතාවක ඇති ශිල්පීය දක්ෂතා හෝ කතුවරයාට හසු වී නැත. අවසන් ලෙස අපට දැනෙනුයේ සංවේදී විශේෂාංග රචකයකු මරාගෙන උපන් කබල් නවකතාකාරයෙකි.
රන්ජන් අමරරත්න
අනේ මන්දා...විචාර හොඳයි ඔය දැන උගත්තන්ට. නවකතාවක් රස විඳින්න මට නම් ඕවා ඒ හැටි වැදගත් නෑ. පොතක් කියවන්න ආසා හිතුනම ඒක කියවනවා. හැමෝම ප්‍රබුද්ධයෝ වෙන්න ගත්තොත් අපිට කියවන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ.
ReplyDeleteඔන්න ළිහිණිත් බොරු කරනවා...ඔබ දැන උගත්තෙක් නොවෙද කියන්නකෝ.ඔබ විද්‍යා විෂය යන් උගත්තෙක් වෙන්න ඇති. ඒත් අමු අමුවේ භාෂාව මරා දමනවා නම් නවකතාවකින් එය සාධාරණ නැ නේද. මමත් විද්‍යා විෂය හැදැරූවෙක් වුවත් අද සිංහල බසට බොහොම ලැදියාවක් දක්වන්නන් ගොඩට ඉබේම වාගේ වැටිලා.ඉතින් එවන් වපසරියක වැරැදි දුටු විට එය හෙළි කළ යුතුම වෙනවා. නැතිනම් අනාගත පරපුරම බස නසා දානවා.
Deleteමම උගත්තේ ගණිත අංශයෙන් අයියේ...ඒත් ඉතින් අපි සිංහල උගත්තට භාෂා ව්‍යාකරණය හරියටම දන්න උදවිය නෙමේනෙ. ඒකයි මම අර " දැන උගත්තන් " කතාව ගත්තේ...මොකද භාෂාවක වැරදි පේන්නේ එහෙම අයට නිසා..
Deleteකියවලාම බලන්න හිතෙන්නෙත් නෑ විචාරය දැක්කම. විශේෂාංග ලිපි රචකයාගේ පරිධිය සීමිත නිසි එ සීමාවේ උපරිම ප්‍රයෝජනය ගන්න වෙනවා. නවකතා රාමුව හුරැ නැති වීම මීට හේතුව විය හැක.
ReplyDeleteමේ පොත අපේ හොදම මිත්‍රෙයෙකු ලියපු එකක්. එය දොරට වඩින්නේ මේ 15 වැනිදා. ඒත් වැරදි තියනවා නම් නොකියත් බෑනේ දේශක තුමා.
Deleteවැරදි පෙන්නන එකා තමා දෙවියන් විදියට සලකන්න ඕන. අපිව අන්දන උන් නෙමෙයි..
Deleteම්ට නම් තේරුම් ගන්න අමාරුයි.
ReplyDeleteඒ මොකද අනේ රහස් පරික්ෂක තුමෝ...
Deleteනවකතා පොතක් ගත්ත කාළයක් මතක නෑ. සල්ලි දීලා ගන්න හිතෙන්නෙත් නෑ රන්ජන් මහත්මාගෙ විචාරෙ දැක්කට පස්සේ...
ReplyDeleteහොඳ පොත් එනවා මලයා හොයල බලල ගන්න හැකියි.
Deleteමට සමහර වෙලාවට හිතෙනවා හොදම නවකථාවක් මේවා විචාරය කරන අයට ලියන්න බැරි ඇයි කියලා...හැමදාම විචාරය විතරයි...
ReplyDeleteඔන්න සිරාට පාඩමක් කියල දෙන්න වෙනවා. මේ බොහොම කෙටියෙන්.
Deleteපළමුව පාඨකයෙක් විය යුතුයි. ඉන් පසු රස විඳින්නෙක් විය යුතුයි. ඉන් පසු අදහස් බෙදා ගන්නෙක් විය යුතුයි. ඉන් අනතුරුව තමා විචාරකයෙක් වෙන්නේ. එහි ඉදිරි පිම්ම තමා නිර්මාණකරුවා වෙන්නේ. හරියට මේක පඩිපෙළක් නගිනවා වගේ දෙයක්.
ඒ කියන්නෙ විචාරකයෙක් උනාට පස්සෙද ලේඛකයෙක් වෙන්නෙ ?
Deleteනිවැරදි පිළිවෙළ එයයි. ඒත් ඒ දේ වෙන්නේ හරිම අඩුවෙන්.
Deleteමට අහන්න ඕන උන ප්‍රශ්නෙ සිරා අහලා.. ඒකට උත්තරත් හම්බ වෙලා..
ReplyDeleteකියවන දේ අපිට දැනෙන්න ඕනෙ. මම අහුවෙන ඕනම පොතක් කියවන කෙනෙක්, හැබැයි ඒ පොත මට දැනෙන්න ඕනෙ. දැනෙනවනම් මම ඒ පොතට කැමතියි.
ඔබ හරි ...ඒත් දැන දැන වැරදි කර ඇත්නම් එයට සමාවක් නැ නේද. පුංචි ළමයි පවා දන්න වියරණ වරද්දා ඇත්නම් එය පෙන්වා දිය යුතුයි නේ.
Deleteහැබැයි නවල් එකක් කියවන කොට ඔයවගේ වැරදි අහුවෙනවා කියන්නේ ඉති මල පනිනවා පාඨකයෙක් විදියට මගේ අදහසනම් ලේඛකයන් හුදෙක් ලාබය පසුපසම දිවයන්නේ නැතිව හරවත්ව යමක් ලිවීමට තැත්කරන්නේ නම් මැනවි. සමහර වෙලාවට ඔය අකුරු වැරදීම් වෙන්නේ නම ටයිප් කරන කෙනාගේ අතින් හතර පස් සැරයක් ෆ්රූෆ් කියෙව්වත් වරදක් දෙකක් පොතක තියෙනවා අනිවාර්යයෙන්ම(මම එක පෞද්ගලිකවම දන්නවා)
ReplyDeleteමෙතැන වෙලා තියෙන්නේ දැන දැන වැරදි සිදුකිරිම මලයා
Deleteඅම්මෝ.... මට නම් ඕවා තේරෙන්නේ නැතෝ......
ReplyDeleteඔයා තාම පොඩි එකානේ...හි ..හි
Deleteම්ම්ම්... මම නවකතා වලට කොහොමවත්ම නෑ.. ඒලෙවල් වලට ගිය අවුරුද්දෙ කියවපු මළගිය ඇත්තෝ විතරයි කියවලා තියෙන්නෙ...
ReplyDeleteඔයා මොනවටද වැඩියෙන්ම කැමති...
Deleteමගෙත් ව්‍යාකරණ හරි දුර්වලයි.. සිංහල, ඉංග්‍රීසි දෙකේම.. ඉංග්‍රීසි ගැන මම වද වෙන්නෑ.. ඒක මට අදහස් හුව මාරු කරගන්න තිබුනම හොඳටම ඇති. ඒත් මවු බසේ වැරදි මගෙ අතින් වෙනවා කියන එක ලජ්ජාවක්.. නලීන්ට පුලුවන්නම් වෙලාවක මගෙ ලිපියක් බලලා ව්‍යාකරණ දෝෂ ප්‍රසිද්ධියෙ හෝ පුද්ගලිකව පෙන්නල දුන්නොත් පින්.. මට එතකොට ඉදිරියෙදි ඒ වැරදි හදා ගන්ඩ පුළුවන්.. මේ බ්ලොග් අවකාශෙ හරි අඩුවෙන් වෙන දෙයක් තමයි වැරදි පෙන්නලා දෙන එක.. ඒකට සාධාරණ හේතුත් ඇති සමහර විට.
ReplyDeleteහරි සෙන්නා දන්න විදියට පෙන්නා දෙන්නම් කෝ....ඔබ ගන්නා උත්සාහය ගැන ආඩම්බරයි.
Deleteපොත දැකලාවත් නැතුව විචාරෙ විතරක් කියෙව්වාම හොල්මං වෙනවා නලීන්. මේක කියවලාම බලන්න ඕනෙ ලැබුනොත්.
ReplyDeleteචන්ද්‍රසිරි දොඩම්ගොඩගෙ ලිපි නම් මම කියවලා තීයෙනවා ඉස්සර.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පොත දොරට වඩින්නේ හෙට ඩූඩි.
Deleteපොත කියෙව්වෙ නැතත් චන්ද්‍රසිරි දොඩංගොඩගේ නව කතා අසාර්ථක බව දන්නවා.
ReplyDeleteපත්තරකාරයෙකු විදියට වුනත් ඔහු වැඩ වරද්දා ගත් අවස්ථා තිබුණා.
බිදීගිය බුදු පිළිමයක සිරස කොටස භාවනා කිරීමෙන්(භවනාවේ බලයෙන්)ඉහළට ඔසවා ගෙල මත තැබිය හැකි උපාසකඅම්මා කෙනෙකු ගැන වරක් ඔහු ලියා තිබුණා මතකයි.
කිසිසේත්ම විය නොහැකි එවැනි තක්කඩි වැඩවලට අනුග්‍රහය දීමේන් පුවත්පත් කලාවේදියකු ලෙසත් ඔහු, ඔහුගේම ප්‍රතිරූපය සිදගත්තා.
ඔබ හරි සුමිත් . වැඩියමක් කියන්න බැ මට.
Deleteමට නම් මේක කියවන්න වෙන එකක් නෑ... මම මේ සැරේ ලංකාවෙන් ගෙනාපු පොතුත් තවම කියවන්න වෙලාවක් ආවෙ නෑ....
ReplyDeleteමේ සතිය ඉවර වුනාට පස්සෙ ආයෙම කියවන්නයි ලියන්නයි පටන් ගන්න ඕන...
මේ සතිය අර හෙන්රි කියනවා වගේ පට්ට බිසී..... සිකුරාදට තමයි හුස්මක් ගන්න පුළුවන් වෙන්නෙ...
ඇත්ත... සමහර වෙලාවට ලිවුවත් සමහරු හොඳ එක පැත්තකට පමණයි... හැම පත්තර කාරයටම නවකතා ලියන්න බෑ වගේම හැම නවකතා කාරයටම පත්තර වලට ලියන්නත් බෑ...
ඒ ඒ දේවල ශෛලිය ඒ ඒ විදියයි...
ඇත්තටම අපි කවුරුත් හරිම අවිවේකයි තමා කෙමී...ඒත් මානසික තෘප්තිය තකා මෙ බ්ලොග් ලෝකයේ සැරිසරනවා.
Deleteව්‍යාකරණ අඩුපාඩු නම් මගේ අතිනුත් හුඟක් වෙනව. හැබැයි ඉතින් සරලම ව්‍යාකරණ ටිකත් වරදින කොට නම් කියවන කෙනාට ඒක පැහැදිලිවම දැනෙනවා. ඒ වගේම ඒක නේ අලුත් පරපුරට යන්නෙත්. ඔය කියන පොත නම් කියවල නෑ නලින් අයියේ මං.
ReplyDeleteඅපේ මවු බස අපි ටිකක් හෝ නිවැරදිව භාවිත කළ යුතුයි මලේ.
Deleteහ්ම්ම්ම් සමහර විට ඇත්ත වෙන් ඇති හරියටම මට කියන්න අවබොද්යක් නම් නැ මෙ ගැන..
ReplyDeleteමට නම් විචාර ගන එච්චර අවබෝධයක් නෑ..
ReplyDeleteපොත කියවල නැති නිසා විචාරෙ ගැන නම් මොකුත් කියන්න බෑ කියල හිතෙනව, විචාරකයොන්ට අළුත් අළුත් පොත් කියවන්න හම්බෙනව වගේ අපිට හම්බවෙන්නෙ නෑනේ ඉතිං.
ReplyDeleteමාතෘකාව දැක්ක ගමන් මටත් මතක් වුනේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාව. අනෙක අපේ ලේඛකයො හුඟ දෙනෙක් ඉඳල හිටල පත්තරවලටත් ලිපි ලියනවනේ. සරත් විජේසූරිය මහත්මය එහෙමත් ඉස්සර නිතරම ලක්බිමට ලිව්ව මතකයි, ඒ දවස්වල නම් කියෙව්ව, දැන් නම් කොහොමද මන්ද.
ඔව් ඩි ඩී ටි පොත්නම් හම්බවෙනවා.අපිත් විචාර දානවා.ඔබ කියන අය තාමත් ලියනවා ඉඳ හිට.
Deleteහෙහ් පොත නං දැන් නිකන් දුන්නත් කියවන්න බෑ වගේ. විචාරෙත් මාර බරසාරයි
ReplyDeleteතැංකු කිව්වා මලේ ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට
Deleteඔය එක එක උන්නැහෙලගේ විචාර මම නම් කියවන්න යන්නෑ තියෙන වෙලාවේ හොඳ පොතක් කියවනව මිසක
ReplyDeleteවිචාර කියවන්නේ කෘතියක් හොඳින් රසවිදින්නයි.
Deleteඔහු පිළිගැනීමක් තියෙන පුවත්පත් කලාවේදියෙක් තමයි.ඒත් ඇත්තම කිවුවොත්,ඔහුගෙ විචාර ගැන සහ මෑත් යුගයේ පළවුණ විශේෂාංග ලිපි ගැන නම් මගෙ පැහැදීමක් නැහැ. තරමක අතීත කාමයකින් පෙළෙන ඔහු, තරුණ පරම්පරාවෙ දකින්නෙම වැරදි. අනිත් අයගෙ පොත් වල හොඳක් දැකපු කාලයක් මට මතක නෑ.
ReplyDeleteඒ වුණත් මේ පොත නම් කියවලා බලන්න හිතුනා.
ඉංග්‍රීසි ව්‍යාකරණ වල වැරද්දවීම් ගැන නම් හොඳම උදාහරණෙ සුජීව ප්‍රසන්න ආරච්චි. ඔහුගෙ පොත් කිහිපයක්ම මට කියවන්න ලැබිල තියෙනවා, ඒව කියවද්දි හිතෙන්නෙ ඇයි මේ තරමටම වැරදෙන්නෙ කියල
සිඳු ඔබ සමග එකගයි ....
Deleteඅනේ මට මගේ සබ්ජෙක්ට් ටිකත් විචාරය කරන්න ඇත්නම් :)
ReplyDeleteහොඳ ලිපියක් අන්කල් :)ජය වේවා!!!!!!!
අපට එව්වා බැරියෝ..
Deleteහේ හේ ... මෙවුවා නං මට තේරෙන්නේ.. නැහැ// තේරෙන ටික රෑට බලනවා.. අර ගණන් පාඩම් ටික එහෙම :P + + තියෙන්නේ අන්න ඒවා
ReplyDeleteසුදු මහත්තයට නොතේරෙන්න විදියක් නැ. මමත් මේ බ්ලොගට ඕන තාක්ෂණ දැනුම ගන්නේ සුදු මහත්තයගෙ ලිපි කියවලා..
Deleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
අලුත් අයගෙ වැරදිම හොය හොය යන කෙනෙක් නම් තමයි....හැබැයි මේ පොත කියවල නැහැ...බලමු....
ReplyDeleteමේ අඩවියෙන් විචාරයට ලක් වු සියලු කෘති අධ්‍යයනය කළා නම් දිනිති මේ චෝදනාව කරන එකක් නැ.අපට කෘතියක නිර්මාණ කරු අලුත්ද නවකද ප්‍රවීණද යන්න වැදගත් නොවේ.
Deleteමම හිතන්නෙ දිනිති කිවුවෙ නලින් ගැන නෙමේ, චන්ද්‍රසිරි දොඩම්ගොඩ මහත්මයා ගැන
Deleteඔව්... මම කිවුවෙ චන්ද්‍රසිරි දොඩම්ගොඩ මහත්මය ගැන...
Deleteඇත්තෙන්ම
ReplyDeleteයකෝ ආවා ගියාට අදනේ join උනේ
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..