samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

download
මිරිස් කපන විට මීට වඩා සිහින් රවුම් සේ කපන්න
රස කාරකයක් හදමු
හැමදාම සංචාර , පොත් පත් හා විචාර ලියපු මම අද, සමකය වටේ යන ගමනේ දී තායිලන්තයේ ගත කළ කාලයේ  ඉගන ගත් තායි සෝස් එකක් හදන විදිය  මේ  පෝස්ටුවෙන්  කියල දෙන්නම්. මේක හිතවත් ඔබට කියන්න හිතුවේ ඒ තරම්ම රසවත් හා ගැවුණු තැන කන්න පුළුවන් විම හා හදාගන්න ඇති පහසුව නිසයි. වැඩි ආටෝප නැතුව කෙළින්ම වැඩේට ම බහිමු.මම හදන්නේ හතර දෙනකුට සැහෙන ප්‍රමාණයෙන්. අපේ ගෙදර ඉතින් ඉන්නේ 4 දෙනයිනේ.

අවශ්‍ය දේ......
1. හොඳට ඉදුණු දෙහි ගෙඩි 5ක්
2. මාළු සෝස් දෙහි ඉස්ම ප්‍රමාණයටම (කාගීල්ස් වලින් ගත හැක) මට ඇඩ් එකක් දියව්.
3. කොළ පැහැ අමු මිරිස් කරල් 3ක් 4ක්.
4. රතු පැහැ ඉදුණු මිරිස් කරල් 3ක් පමණ.
5. සුදු ලූණු බික් 4ක් පමණ.
6. එම ප්‍රමාණයටම අමු ඉගුරු කැල්ලක්.
7. ලුණු ගමිමිරිස් අවශ්‍ය පමණට.
8. රතු ලුණු හෝ බී ලූණු තරමක ගෙඩියක්.
9. කොත්තමල්ලි කොළ ස්වල්පයක්.. කැමතිනම් පමණක් ගන්න
10. සීනි ස්වල්පයක්


fish-sauce
මාළු සෝස් (මෙය අත්‍යවශ්‍යය)

green_chile
කොළ පැහැ අමු මිරිස්
images
රතු මිරිස් 
සාදන ක්‍රමය....


පළමුව දෙහිගෙඩි 5ම මිරිකා විදුරු බදුනකට ඉස්ම ටික එක්කර ගන්න. ඇට රේනු ඉවත් කරන්න. ඉන්පසු ඒ ඒ පැහැයෙන් යුත් මිරිස් කරල් වෙන වෙනම සිහින් රවුම් ආකාරයට කපා දෙහි ඉස්ම බඳුනට දාන්න. එවිට වර්ණ දෙකෙන්ම මිරිස් රවුම් කැබලි තිබිය යුතුය.

ඉන්පසු සුද්ධකරන ලද සුදුලූණු හා අමු ඉගුරු ඉතා සිහින් කොටු ආකාරයට කපා (රවුම් ආකාරයට හෝ පෙති ලෙස කපන්න එපා) පිහි මිටෙන් යන්තම් තලා දෙහි ඉස්ම එකටම දමන්න.එසේම රතු ලූණු හෝ බි ලූණු ද සිහින් කොටු ආකාරයටම කපා එම බදුනටම දමන්න. කොටු කුඩා වන තරමට රස වැඩිය.

දැන් දෙහි යුෂ ප්‍රමාණයටම මාළු සෝස් එම දෙහි බදුනට එක්කර ප්ලාස්ටික් හැන්දකින් කලවම් කරගන්න.මෙහිදි දියර ස්වභාවය තිබිය යුතුය. මිරිස් හා අනෙකුත් ද්‍රව්‍ය වැඩි නම් තව දෙහි ඉස්ම හා මාලු සෝස් එක්කරන්න.

ඉන්පසු රස අනුව ලුණු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩුත් එක් කරන්න. මාළු සෝස් ලුණු රස නිසා ලුණු දැමිමේ දි රස බලමින් ලුණු එක් කරන්න. එයටම සීනි තේ හැදි භාගයක් පමණ එක්කර කැමති නම් පමණක් සිහින්ව ලියා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක් උඩින් ඉසින්න.
මෙය හොදින් කළවම් කිරීමෙන් පසු තායි සෝස් එක සුදානම්ය. කළවම් කළ ද්‍රාවනය පැයක් පමණ හොදින්  වසා තබන්න. එවිට ය නියම පදම ලැබෙන්නේ.

අනතුරුව මෙය ඔබ ගන්නා ආහාරය හා ටිකක් මුසු කර ගත්විට ගැවුණු තැන රස වෑහේ.


fish_sauce_16x9
මෙවන් භාජනයක සැදිම යෝග්‍ය්‍ය(කුප්පියේ මාළු සෝස්)

මෙය බත් සමග කෑමට මෙන්ම භාගයට තම්බන ලද එලවළුවල තවරා කැමටද නියමය. මස් හෝ මාලු පෙත්තක් හා ආහාරයට ද කදිමය.

තවත් විදියකට ගන්නේ නම් මෙසේද කළ හැකිය. එසේ කරන්නේ නම් මෙම සෝස් වැඩි ප්‍රමාණයක් අවශ්‍යය.

ඒ මෙසේයි...

ගොටු කොල, කන්කුන්, මුකුණුවැන්න, නිවිති යන දෑ සමාන ප්‍රමාණයන් ගෙන් ගෙන සිහින්ව ලියා භාජනයකට දමන්න. එය මතට ඉහත සාදාගත් සෝස් තරමක් වැඩියෙන් දමා කලවම් කර පැයක් පමණ වසා තබා ආහාරයට ගන්න. අවශ්‍ය නම් එයට තක්කාලි කැබලි 
ස්වල්පයක් හා ලියා ගත් ලූණු එක් කලාට කමක් නැත රස තවත් වැඩිවේ. ඉතින් අත්හදා බලන්නකෝ...
සේයා රූ ගුගල් (GOOGLE) වෙතින් උපුටා ගන්නා ලදි

75 comments:

  1. ZXVzZPRm8UvRR--H-Xzq8w

    සයුරි අක්කත් කැම හදන්න උගන්වනවා නලින් අය්යත් දැන් වැඩෙ පටන් අරන් එල එල මෙවා කන්න පුලුවන් වෙයි නෙද? ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහන වැඩක් නෙමෙ නෙ???

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හදලම බලන්නකෝ..... හැබැයි ගෙදර අයට මාලු සෝස් එක ඉඹින්න නම් දෙන්න එපා පුතෝ

      Delete
  2. new

    ඔන්න නලින් අයියේ මම දැන්මම හාමිනේට ඕඩර් එක දුන්න හදන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      එල එල ඔය පැත්තේ කැමක් හදන විදියක් කියන්න වෙලාවක...

      Delete
  3. sameera

    සෝයි කෑමක්නේ(කෑමක්ද/රස කාරකයක්ද)
    අපිට තාම හාමිනේල නැති නිසා සෑදීම පසුවට කල් දැමමා..

    ජය...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      රස කාරකයක් තමයි හරි වචනය

      Delete
    2. blogger_logo_round_35

      මේක හදන්න හාමිනේල ඕනයැ...

      Delete
  4. Bl

    මාත් මේ පෝස්ට් එක අපේ ආම් ට පෙන්නලා හදවන්න හිතාගත්තා.තායිලන්තේ මිරිස් දාලා සැරටම හදන්න පුළුවන් කෑමක් එහෙම ඉගෙනගත්තේ නැද්ද අයියා? එහෙම එකක් තියෙනවනම් ඒකත් පෝස්ට් එකක ලියන්න.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මලයා තායියන්ගේ කැම සැර අඩුයි. අපි කියල තමා සැරට හදව ගත්තේ. ඒ නිසාම තමයි මම කියල දුන් රස කාරකය අපි ඉන්න තැනම හැදුවේ . ඒ නිසා තමයි මේක ලියන්න හැකි වුනෙත්.

      Delete
  5. Ariyananda_Piyal

    ලබන සතියෙ දිහාවට කඩේ ගිහින් අඩුමකුඩුම අරගෙන ඇවිත් වැඩේ පටං ගන්න ඕන...
    මහවෙදනා මහත්මයාගෙ සුදුළූණු ප්‍රතිකර්මෙත් පට්ටාං ගත්තා.... පට්ටාං ගත්තා කියන්නෙ වැඩේ වෙන්න සුදුළූණු අරන් මී පැණි වල ඔබලා තිබ්බා... දැන් සතියක් වෙනවා..
    මෙන්න මේ වගේ දේවලා දානව නං අපිත් කාලා බීලා ඉන්නවනේ අප්පා... හැමදාම කන බතුයි පරිප්පුයි නැතුව....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔය පැත්තේ කැමකුත් දාමුකෝ

      Delete
  6. MyPhoto

    මයියොක්කා සමග කෑමටත් සුදුසුයිද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඉගුරු දාන නිසා ලෙඩේ නේද...

      Delete
  7. SDR1

    කෙල බේරෙනවා ...පට්ට සැර නේද? ... තායි සුප් එකක් බිල සැර මට තේරුණා එකයි ඇහුවේ ... ..වතුර බෝතලයකුත් ලග තියා ගත්තනම් හොදා ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තායි සුප් එක නම් මරේ මරු ඒත් හදන හැටි දැක්කේ නැ. හැම කඩේකම සුපු එකක් හැදෙනවා නේ එහේ.

      Delete
  8. Untitled-1.

    මෙන්න මම නැති අතරේ මෙයාලා තායි සෝස් හදලා...හි හී...කෙල්ලට මාට්ටු. හොඳ වෙලාවට අද ආවේ නැත්තම් කොහෙද ... නලින් අයියා මම මේක හදන්න ට්‍රයි කරනවා ..හැබැයි මට ෂුවර් නැත්තේ මාලු සෝස් එක. ඒකේ සුවඳ එහෙම අවුලක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැදගත්ම ප්‍රශ්නයක් ඇහුවේ . තායි කෑමවල සුවදනම් අපට ඒ තරම් අල්ලන්නේ නැ. මේ මාලු සෝස් එක ඉඹින්න යන්න එපා එකවරම. ඒත් රස නම් නියමම තමයි.

      Delete
  9. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    දැන් පලයන්කෝ මිරිස් ගේන්න කඩේ! :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කම්මැලියා....හිටු තොට හදල එවන්න.....

      Delete
    2. flower

      මිරිස් නම් මොකෝ බන්.. ඔය මාළු සෝස් ද මොකක්ද එක හොයන්නෙ කොහොමද?

      Delete
    3. blogger_logo_round_35

      ඇයි බන් ගන්න ඇහැකි තැන් උඩින් දාල තියෙන්නේ..

      Delete
  10. Picture%2B107

    බෝල්ලෝ හරි ලින්නෝ හරි ලුණු ටිකක් විතරක් දාලා තම්බලා මේ සෝස් එකත් එක්ක කාල බලන්න.... පට්ට... බයිට් එකට පට්ට පට පට.....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අන්න බඩු බැදපු තෝර පෙත්තත් මරුම තමා..

      Delete
  11. blank

    මේක දැක්කම මට බඩගින්නකුත් ආවා.. :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හදමු හදල බඩ පැලෙන්න කමු

      Delete
  12. Su+1

    රහට හිටීවි කියලා හිතෙනවා.....හදලා බලන්න ඕන.

    කලින් දවසක් වෙනත් සෝස් එකක් හදන්න ගිහින් වැඩේ අල වුනා, හේතුව මුද්‍රණ දෝෂයක්....!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේක හදන්න ලේසියි සුමිත්

      Delete
  13. IMG_20190902_075227

    මේක හරිම රසට හිටීවි නලින්. වැඩිය මිරිස් දමා කෑම ගන්නෙ නැති අයට මෙය කදිමයි. මම නිතරම මාලු සෝස් නම් ගන්නවා කෑමට. ස්තූතියි. මේ සෝස් එක දමා හදා ගන්නා අමු ගස්ලබු සලාදයක් තායිලන්තේදී කෑවා මතකයි රටකජු මිශ්‍රකරල.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපට පොල් සම්බෝලෙ වගේ තමා මේ සෝස් එක තායියන්ට

      Delete
  14. 2023216-mount_fuji

    හෙන්රි මචං කියනවා වගේ කෑවට පස්සෙ "බුරි උල් "වෙයිද දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අන්න ඒ වගේ එකක් තමා. බයිටට ගාගන්නත් මරු

      Delete
    2. ds

      මැවිලා පෙනේවි නලියෝ...

      Delete
  15. lotus_flower-300x225

    මාළු සෝස් ඕන අය කියන්නෝ ..දෙසැම්බර් එනකොට ගේන්නම් . බෝතලයක් කැඩුනෝතින් මාව ප්ලේන් එකෙන් එලියට දමයි . මෙහෙත් නැතුවම බැරි ජාතියක් . ඒ වුනාට අවුරුදු පහක් තිස්සේ කවදාවත් ගෙදරට ගෙනත් නැති ජාතියක්. කඩවලින් කද්දී නම් ටිකක් කැවෙනවා . ඕගොල්ලෝ මාළු සෝස් වලට කැමති නම් රෙසිපි ටිකක් සොයල දාන්නම් .


    අම්මෝ මේක මාර සැර ඇති නේද . මෙහෙ තියෙනව මාර සැර කොච්චි වගේ ජාතියක් . චුටියට කපල සෝයා සෝස් වල දාල සෝස් එක කනවා ෆ්‍රයිඩ් රයිස් වගේ ඒවා එක්ක . තායි කෑම සමහර ඒවා හොඳයි. පොල්කිරිත් දානවනේ . නලින් තායිලන්තේ පාරවල යද්දී මස් බදිනවා දැකල ඇති . කන්නම උපන් ජාතියක් නේද .

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කියල වැඩක් නැ බින්දි. පාර පුරාම මස් මාළු පුචිචනවා කනවා තමා තායියන්ගේ වැඩේ. හොඳ අපට හදාගන්න හැකි රෙසපි ටිකක් දාන්න.

      මාළු සෝස් ප්ලයිට් එකේ නම් ගේන්න එපෝ හැලුණොත් සුම්මා. තායි වියට්නාම් බොහොම සමාන රටවල්නේ...

      Delete
  16. sira

    මගේ මව්තුමියගේ අවධානයට යොමු කළෙමි... සෑදු දිනක රසබලා ප්‍ර‍තිචාර දක්වන්නම්... මාළු සෝස් ලංකාවෙ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තියනවා මලයා පොස්ට් එකේ තියනවා ගන්න හැකි තැනක් ගැන

      Delete
    2. lotus_flower-300x225

      හා හා කසාද පෝලිමේ ඉන්න පිරිමි ළමයි උයන්න දන්නේ නැති වග පෙන්නන්න එපා . ලකුණු 50 ක් ඉවරයි . දැන් කෙල්ලෝ සොයන්නේ උයන්න දන්නා අය .

      Delete
  17. images

    මේ පෝස්ට් එක මගේ කෑල්ලට පෙන්නලා හදව ගන්න ඕන. දෙන්නා සෙට් වෙච්ච වෙලාවක කන්න බැරුව යෑ. මොකෝ දෙන්නම කන්න බැරි දෙන්නෙක්යෑ. :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔයාට ඉන්නේ කැල්ලක්ද අපරාදේ. සම්පුර්ණ එකක් හොයාගන්න එපැයැ මලයා

      Delete
  18. vee

    මාර ආසාවක් ආව ..!හදන්න ඕන.

    බ්ලොග් අවකාශයේ සූපවේදීන් බිහිවීමේ ප්‍රවනතාවයක් ඇත.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ වගේ....
      ඒත් වීරේ මේ රෙසපිය ට්‍රිප් එකක් යන වෙලාවට හෙම මාරම වටිනවා.අත්හදා බලන්නකෝ

      Delete
  19. ds

    ගෑවුන තැන කන්න හිතෙනවනං හොද බෙහෙතක් තමා භාවිතයට ගන්න. තැන්කූ හරිය

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරි හරි..... වැඩිය ගත්තොත් බේත් ගන්නත් වෙයි තමා.

      Delete
  20. blogger_logo_round_35

    Hadhapu kenek ge gedharata man ennam kaalaa yanna...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරි වෙනි දැන් හැමෝම වගේ හදයි නේ...ට්‍රිපක් යන වෙලාවක මේ වගේ එකක් බොහොම පොඩි කාලයකින් හදාගන්න හැකි. රසත් ඒ වගේම තමා. මාර ටේස්ට්

      Delete
  21. spidy

    කිව්වත් හරිය. ට්‍රිපක් යන වෙලාවකට කියාපු කෑමක්නෙ? ඒත් කියන්නෙ මාලු සෝස් ට්‍රිප් එකේ යනකොට අරන් යන එක හොඳ වැඩක් නෙවෙයිනෙ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ තරම්ම කරදරයක් වෙන එකක් නැ නේද... ඔයිට වඩා සැර බෝතල් ගෙනියන එකේ.

      Delete
  22. Anu

    ඔන්න නලින් අයියගේ බ්ලොග් එකට මාත් ආවා... අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියන්නෙ ඕකනේ... අත්‍යවශ්‍යම දේ ගන්න හැටියක් නෑ... මම මාළු නොකමි...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මාලු ‍සෝස් වෙනුවට සෝසා සෝස් ටිකක් දාන්න. රසේ පොඩි වෙනසක් විතරයි වෙන්නේ.
      අනු ඔබව ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ අඩවියට.

      Delete
  23. 423422_10151083237113168_1798657616_n
    Replies
    1. blogger_logo_round_35

      හදලා බලන්නකෝ රොස්..

      Delete
  24. ggg

    මමත් වෙලාවක හදලා බලන්නෝන...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හැදුවොත් කියන්නකො රස ගුණ.

      Delete
  25. blogger_logo_round_35

    This comment has been removed by the author.

    ReplyDelete
  26. blogger_logo_round_35

    නලින් අයියට උයන්නත් පුළුවන්ද.?ගෙදර ගිහින්ම තමයි හදන්න වෙන්නේ.තේරෙන්න ලියලා තියෙන එකට ස්තුකියි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපොයි මට හොඳට උයන්න පුළුවන්. මම හොඳ බාලදක්ෂයෙක්නේ ඒ කාලේ.

      Delete
  27. blogger_logo_round_35

    ආසාවෙන් කියවන්න ගත්තා අද දවල්ට හදන්න හිතාගෙන. ඒත් මාළු සෝස් කන්නෙ නෑනෙ. :(

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සෝයා සෝස් එක්ක ට්‍රයි එකක් දෙන්න. ලංකාවට ඇව්ත් ගියාද.

      Delete
    2. blogger_logo_round_35

      බලමු හදලා. ඔව් ඊයේ ආපහු ආවෙ.

      Delete
  28. The+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F

    සික් කෑවනේ....මම කිව්වේ මේ පට්ට බඩගින්නෙ ඉන්න වෙලාවේ ඕවා පෙන්නලා..දැන් මට කන්න දෙයක් දෙන එකයි ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ම්....ම්....මොනවගේ දෙයක්ද මෙයාට දෙන්නේ.......@ කල්පනා කරමින්

      Delete
  29. FB_IMG_1561654098205

    ඒ පාර කුකින් පටන් ගත්තද... අවුලක් නෑ හදලා බලලා තමයි කියන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නිකමට හිතුණා මේ රෙසපිය කොල්ලන්ට වටිනවා කියලා. ඒකයි දැම්මේ.

      Delete
  30. Untitled

    ම්ම්ම්ම්ම්....කටට කෙලත් ඉනුවා......

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ලේන්සුවක් එවන්නද...

      Delete
  31. blogger_logo_round_35

    ඔය තියෙන්නේ.. මම අදම මාළු සෝස් එකක් අරගෙන යනවා,.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මෙන්න පොරවල්...අදහන්න ඕන..

      Delete
    2. ds

      හරි හදාගන්නටකෝ මං ගානේ ගලක් දෙන්නං නලිනයගේ කැලැ පොජ්ජට වෙලා සුරාවෙන් මත්වෙන්ට. හැක්

      Delete
    3. blogger_logo_round_35

      හදාන කෑවා.. සූස් පූස් ගාගන.. :D :D පොඩ්ඩක් වෙනසකට කියල මිංචි කොළ ටිකක් එකතු කළා. පිල්ලෝ කන කෑම ජාති ඔය ලඟින් යනවා නේද?

      @ දේශකයා :

      ලංකාවට ආවාම ගල් ටික දීපං මචං.. :D :D

      Delete
  32. 1+-+Copy

    අන්න වැඩ! හදන්න බලන්න ඕනෙ. මේ බඩුත් හොයාගන්න ලේසිනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කියන්නකෝ හදලා රස කොහොමද කියලා...

      Delete
  33. blogger_logo_round_35

    දැක්කම ආස හිතුනා අම්මට පෙන්වන්න ඕන මේ ලිපිය

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අම්මට කියන්නේ මොකටැයි හදහංකෝ උඹැහැම..

      Delete
  34. images+%2826%29

    ගෙදර ඉන්න එකේ හදන්න ඕනේ...තාම විභාගේ ඉවරත් නෑ බඩ අවුල් ගියොත් අංකල් තමා ඕන්:D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අම්මෝ විභාගෙ ඉවරවෙනකම් හිටු කෙල්ලේ..

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT