සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

කැළය පටන් ගන්නේ මේ පුංචි දොලත් එක්කමයි

අද මම කියන්න යන්නේ අපි ගිය පොඩි ගමනක් ගැනයි. තනියම නොවෙයි දුවලා දෙන්නත් එක්කයි මං මේ ගමන ගියේ. බොහෝ කාලයකින් ඒ දෙන්නට සහ මට  සතියේ දවසක නිවාඩුවක් ලැබිලා. ඉතින් අපි ගියේ කොහෙද කියලා තාම කිව්වේ නැනේ.
අපි තුන්දෙනා ගියේ මහා දුරකට නොවෙයි අනේ . 
අපේ ගමේ ම තියන රූස්ස කැළෑව බලන්න. ගෙදරින් බර බරේ ආවත් අපි තුන්දෙනා එක පයින්ම ගෙදරින් පැන්නා.

ඉතින් මේ මහා කැලය මැදින් තමා අපේ ගමට එනවනං එන්න ඕන. හරියටම කැළය දෙකට බෙදාගන තමයි ගමට එන මහ පාර වැටිලා තියෙන්නේ. මේ පාරේ එන කවුරුත් කැළය දැක්කට ලස්නනම දේවල් තියෙන්නේ කැලය ඇතුළේ.
පහුගිය දොහේ තිබුණු වැස්ස හන්දා කැළේ මැදින් ඇදෙන දොල පාරට අමුතුම ලස්සනකුත් එකතුවෙලා වගෙයි. 
ගම මැදින් දිවෙන මේ දොල පාර ගමට එක්කරන්නේ අමුතුම සුන්දරත්වයක්.ඉතින් වචන වලින් කියනවාට හොඳයි පිංතුරවලින් ම ඒක ඔයාලට කියන එක. 



නුග සෙවණක්

පුස් වැල්


මේ දෙන්න හරි ජොලියෙන්



ලතා වියන(පුස් වැල්)

පුංචි දිය ඇලි හැම තැනම





කිරල මල්

මොහොතක් නතර වෙන්න කියාපුම තැන

ජපන් බටු

රටා මැවූ වැලි ගොඩවල්


රූස්ස ගස්

පොලවට සම්බන්ධ නැති ගහක්


කාගේත් තෝතැන්න මහ වල

තුරු වියන යට

ගමට එන පාර දෙපසම මහ කැලය

ඉතින් ඔයාල දැක්ක නේද අපෙ කැලෑ ගමේ ලස්සනෙන් ටිකක්. තව ලස්සන හා ඓතිහාසික තැන් බොහොමයක් තියනවා මේ කැලෑවටම යට වුණු. (වලගම්බා රජ සමයේ උරුමයන් කිපයක්ම තියනවා) ඒත් ඒ තැන් ලොකයට කියල ගමේ ඇති ගමේ කම නසාගන්න ගමේ උරුමක්කාර කවුරුවත්ම කැමති නැ. මම එහෙම කියන්නේ අද වන තුරුත් ගමේ එක බිම් අගලක් වත් තාම ගමෙන් පිටස්තර කිසිවෙකුට විකිණිලා නැ. ගමේ ඉන්නේ ගමේ උපන් අය විතරක්ම නිසයි. පිටස්තරයකු වෙත්නම් ඒ අපේ ගමට බින්න විවාහයකින් ආ තැනැත්තන් හෝ පිටින් ගෙනා මනාලියන් පමණයි. ඒ අයත් බොහොම ටික කාලෙකින් ගමේ ම අය බවට පත්වෙනවා.

මේ මෑතක පටන් පිටස්තර සල්ලාලයන්ගේ විනෝද ස්ථානයක් බවට දොල අයින පත් වෙන්නට ගියත් ගමේ මිනිසුන්ගේ කැපවිම හේතුවෙන් එය දැන් බොහෝ සෙයින්ම වැළකී ගොස් තිබෙනවා.

ඉතින් මමත් ගමේ නම නොකියා මෙහෙම කියන්නං. අපේ ගම තියෙන්නේ මිරිගම නගරයට සැතපුම් 4 ක් විතර ආසන්නයේ. ඔයාලා කව්රු හෝ දුම්රියෙන් මිරිගම හරහා ගොස් තිබෙනවා නම් මීරිගම ආසන්නයේ දි දුම්රියට පෙනෙන ලස්සන කඳු පන්තිය මැද තමා අපේ ගම පිහිටලා තියෙන්නේ.

90 comments:

  1. මේ කියන්නේ පල්මඩ තියෙන දිය ඇල්ල ගැන වෙන්ඩ ඇති නේද??

    ReplyDelete
    Replies
    1. මම ප්‍රතිපත්තියක් ලෙස ගමේ ස්ථානය හඳුන්වා නොදෙමි.සන්ජය ඔයාට කියන්න දෙයක් නෑනේ.

      Delete
  2. Wooooooow.....ටැහෙමවත් නොකියා හිටියා නම් තමා හොඳ අයියා..
    අපේ කාලකන්නි මෙව්වා නැති නාස්ති කරලා දානවා.
    එලම කිරි...
    මම පෙරා!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වචනෙත් මට වටිනවා මල්ලි. ඇත්තටම මේ තැන් විනාස නොවි තියාගන්න බෑ ජනතාව එන්න ගත්තොත්.

      Delete
  3. හ්ම්ම්ම්ම් ලස්සනයි. එක අතකින් කියන්නේ නැති එක හොඳයි. නැත්නම් අපේ එවුන් ඔතන ගිහින් බීල බෝතල් කුඩුකරලා පරිසරේ විනාස කරලා. පිස්සු කෙලීවී.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි අකමැති ගමට එනවට නොවෙයි. ඇවිත් බිලා පිස්සු කෙළින එකටයි.

      Delete
    2. මම කිව්වා වැරදිද? එකනේ අපේ මිනිස්සු හදන්න බැහැ. අනෙක් මිනිස්සු ගැන හිතන්නේ නැහැ ආයෙමත් අදවසක එන්න ඕනේ කියල හිතන්නේ නැහැ.

      Delete
  4. ලී දසනායක කඳවුර වටේ තියෙන රුක් ගොමුවනම් මා මෙහි අඟලක් නෑර දනිමි... විල්වත්ත හා බෝතලේ අතර තිබෙන රුක් ගොමුවනම් මඳක් දනිමි.. ඒ ආශ්‍රිත වෙන රුක් ගොමුවක් නම් එය නොදනිමි...

    ReplyDelete
    Replies
    1. අභිත ඔයා කොහේ කෙනෙක්ද. ඔබ ආසන්නයටම ඇවිත් ඇත.//ලී දසනායක කඳවුර//ආසන්නයේම තමයි මේ කියන ඉසව්වත්. ඒත් එයාගේ රාජධානියට විරුද්ධ පැත්තේ තමා මේ කියන ඉසව්ව තියෙන්නේ.

      Delete
  5. My sinhala software is fucking... I was amazed by the pictures.. so beautiful. I do not travel there by train on in any way, and could say I am a stranger to this area. Great environment. How do you get GPRS signals?? Climbing treee???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා.....
      මෙතැන ඉතාම සුපිරි පරිසර පද්ධතියක් තියෙන තැනක්.අතිත රාජ උරුමයන්ද අදටත් තියනවා.මම නොට් ලොග් වෙන්නේ ඩොංගලය වයරයකින් ඉහළට ඔසවලා තියලා. ඒ ඉතින් ගෙදර ආවාම තමා.

      Delete
  6. හප්පේ අර දොළ පාර දැක්ක ගමන වතුර ටිකේ සීතල දැනෙනවා දැනෙනවා වගේ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    මං පණුභවනේ පනුච්චි
    http://panuchchi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නුවරඑළියට වඩා පොඩ්ඩක් සීතල අඩුයි. බොහෝ දුරට මේ හරිය ජන පහසෙන් මිදිලා වෙනස එපමණයි.

      Delete
  7. මේ වගේ තැනක් දැකීමත් හිතට සුව ගෙනේනව..!
    ඇත්තටම මේ ගම , ඔබේ ගමනම් ඕබට ආඩම්බර වියහැකියි..!
    අපේ ගම් නම් දැන් ජනාකීරණ වෙලා විනාසවෙලා...ඒ ගැන මම දාපු පොස්ට් එකට ඔබට ඉඩක් තිබේ නම් ගිහින් එන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..... ගම ගැන මම ආඩම්බරයි.
      ඔයාගේ පැත්තට යන්නම්කෝ

      Delete
  8. ෂහ්...මරුනෙ නලින් අයියෙ.හරි ලස්සන ගමකනෙ ඔයා ඉන්නෙ.අර පොළොවට සම්බන්ධ නැති ගහත් මරු!ගමේ නම නොකියන එක හොඳයි.නැත්නම් මේ විනාස කරලා දාන්න බලාගෙන ඉන්න කට්ටිය එක පැයෙන් ඔය ලස්සන කාබාසීනියා කරලා දාවි.අපි ඇල්ල වැල්ලවායෙ ගියා කාලෙකට කලින්.කැළයක් මැද්දෙන් යද්දි විසාල ගහක් හම්බ වුණා.ඒක දහ දෙනෙකුටවත් බදලා අල්ලන්න බෑ.අපි ඒ ගහේ ෆොටෝස් ගත්තා.ඒත් ප්‍රසිද්ධ කළේ නෑ.ඒත් මේ හේතුව නිසාමයි.නම් නැති දිය ඇළි කිහිපයකුත් හම්බ වුණා.නමුත් ආටිකල් එක ලියද්දි පරිස්සම් වුණා ඒ ගැන සඳහන් කරනවා මිසක් එතනට යන විදිහ නොකියන්න.එකම හේතුව මේ තැන් පත්තරවලින් වර්ණනා කරලා විනාසයට යන්න මාර්ගය විවෘත කරන්න බැරි එක.

    ReplyDelete
    Replies
    1. //ආටිකල් එක ලියද්දි පරිස්සම් වුණා ඒ ගැන සඳහන් කරනවා මිසක් එතනට යන විදිහ නොකියන්න//
      ඒක නම් බොහොම වටිනවා. මොකද ඕව බලන්න යන සමහරු ගියාම ඒ තැන් වනසලා නේ එන්නේ. ඔය දැනට ප්‍රසිද්ධ වෙලා තියන ස්ථාන වල දකින්න තියෙන්නේ.

      Delete
    2. ඒක හරි නංගා. මමත් අවුරුදු 25ක්ම පත්තරවල හිටියත් ගම ගැන වචනයක්වත් ලිව්වේ නැත්තේ ඔය හේතුව නිසාම තමා.

      Delete
  9. නියමයි බං. ගම අහගන්න හිතාගෙන ආවත් බෑනේ! :) පැනල නාන්න හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නියමම තැනක් කන්ද නැග්ගනම් ගල් ගුහා..රජ කාලයේ ඔලිද පුවරුව ආදියත් තියනවා බලන්න.

      Delete
  10. හරිම ලස්සන සුන්දර පරිසරයක්. වෙන ලෝකයකට ගියා වගේ. //ජපන් බටු// අපි කියන්නේ ගෙඩි මුරුංගා කියලා. මේවයේ කොළ රසවත් මැල්ලුක්මක් නේ. ලතා වියන කියන්නේ පුස් වැල් වලට කියන නමක් ද, නැත්නම් වියනක් වගේ නිසා පෝස්ට් එක ලියන කොට දාපු වචනයක් විතරක් ද අයියේ.. වීඩියෝ කරලා තියා ගන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. ලතා කියන්නේ වැල්වලටමයි මලයා. ජපන් බටු මැල්ලුම මාර රසයි.

      Delete
    2. ජපන්බටු කොළ මැල්ලුම රසයි - ගුණයි,ටිකක් වැඩිපුර කෑවෝත් සං සං ගාලා බොග දාන්නත් පුළුවන්....

      Delete
  11. පුංචි දිය ඇළි ටික දැක්කම නාන්නමයි හිතුනේ..... අපේ ගෙවල් පැත්තේ නෑනේ ඔහොම තැන්.....

    ReplyDelete
    Replies
    1. මේ කැළේ ලස්සන සමනල්ලුත් ඉන්නවා.

      Delete
  12. මෙය දැක්මට ඔබ පින් කර ඇතිබව හැඟුනි.

    ReplyDelete
    Replies
    1. දැක්කම නොවෙයි මලේ මම තාම ජීවත්වෙන්නේ මේ ගමේම තමා.

      Delete
  13. මිනිස්සු වෙනස් වෙලා... ඉස්සර ගහක් කපන්න ඉස්සෙල්ලා මිනිස්සු ගහට වඳිනවා සමාව ඉල්ලලා. ගහක් කපන්නෙ අත්‍යවශ්‍ය දේකට විතරයි. නැතිනම් තියෙද දේකින් පිරිමහගන්නවා. දැන් මිනිස්සු පරිසරය ගැන හිතන්නෙ නැහැ...
    නමුත් ඒවයෙ පළ විපාක දැන් දැන් අපට පේන්නම තියෙනවා. දැනුත් පරක්කු නැහැ අපි වගේ පුංචි රටකට හැදෙන්න... නමුත්, කවුද අවංකවම මඟ පෙන්වන්නෙ ? කොතැනින්ද පටන් ගන්නෙ ?

    ලස්සන ගමක්.. අපේ ගමත් මේ වගේ තිබුණා. දැන් ඔක්කොම තාර පාරවල් වැටිලා ගම ලඟින්ම අධිවේගී මාර්ගය ගිහින් ගම වෙනස් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි තාම පරක්කු නැ. හර මග පෙන්නන්න හා නායකත්වයක් දෙන්න පරමාදර්ශි චරිතයක් නැති එකයි අඩුව.

      Delete
  14. නියම ලිපියක් ,, මටත් යන්න තිබුනානම් කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝ මෙහෙට ආපු අය කළ දේවල් නිසා තමයි ගමේ අය දැන් පිටස්තරයන්ට මෙහෙට එන්න දෙන්නේ නැත්තේ.යන්තං හරි කැලේට ගියොත් 119 ගහලා කියනවා.

      Delete
  15. ඇත්ත, අපේ එවුන්ට සොබාදර්මය මතක් වෙන්නේ බෝතලයක් දැක්කම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තත්ත්වය ඕක තමයි. බෝතල් අරගෙන එන්නේ මේ වගේ තැන්වලට. ඒ ඇවිත් ගම්මුන්ටත් හිරිහැර වෙන විදියට තමයි ඉන්නේ.

      Delete
  16. ලස්සන පලාතක්.. ඉස්සර මීගොඩත් මේ වගේ තමා දැන්නම් හැම්දේම විනාස වේගෙන යන්නේ

    ReplyDelete
    Replies
    1. මී ගොඩ කියන්නේ ලසසන පැත්තක්නේ මල්ලී.ඒත් ඔයා කියනවා වගේ දැන් විනාශයට යමින් තමා තියෙන්නේ.

      Delete
  17. ලස්සනයි... මම දන්න කියන මේ වගේ ගමක් තියනවා...

    ReplyDelete
    Replies
    1. ඒ ගමට පන්න්න කැරැල්ලක් ගහමුද?

      Delete
  18. සමා වෙන්න ඕනේ මෙහෙම කියනවට.
    ඉතින් සොභාව සෞන්ද‍ර්ය විඳගන්න කැමති අපි වගේ අයට ලොකු අසාධාරණයක්නේ කරන්නේ තැන නොකියා. මම හිතන්නේ නෑ පරිසරයට ආදරේ කරන මනුස්සෙක් ඔතන විනාස කරන්න හදයි කියලා. මිනිස්සු දැනුවත් කිරීම තුලින් බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා නේද?
    ඔය බෝතල් හිස් කරන්න විතරක්ම පරිසරයට ඇළුම් කරන අයට දෙපාරක් තුන්පාරක් මදි නොකියන්න පාඩමක් ඉගැන්නුවා නම් එහෙම කරන එකක් නෑ. පොඩි එකාගේ ඉඳන් පරිසරයට ගරු කරන හැටි සමාජයට ගරු කරන හැටි කියලා දුන්නා නම් මෙයිට වඩා මිනිසුන් වෙනස් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැමෝටම ඇරුණු දොර වැහිලා තියෙන්නේ බෝතල් හිස් කරන්නන් නිසාම තමයි. වෙන හේතුවක් නැ.

      Delete
  19. ලස්සන පලාතක්. තැන හොයාගෙන රවුමක් ගහන්න ආසයි. ලී දසනායක කදවුරට නම් මම ඇවිත් තියෙනවා. අපි නොදන්න මේ වගේ සුන්දර තැන් ගොඩක් තියෙනවා. එක අතකින් ඒවා අප්‍රසිද්ධියේම තියෙන එකත් හොදයි..

    ජය..

    ReplyDelete
    Replies
    1. කඳවුර පිහිටි කන්දෙන් අනිත් බැවුමේ මැද තමා අපේ ගම තියෙන්නේ.

      Delete
  20. ඈ...........ඒ...........මරුනේ....

    ReplyDelete
  21. හරිම ලස්සනයි පරිසරය. ඒ වයෙ අගේ නොදන්නා ඇත්තො කරන වින්නැහිය දන්නා නිසා නම නොකීවට අමනාප නම් නෑ නලීන් මල්ලි.

    ReplyDelete
  22. පරිසරයෙ තියන ලස්ස්න එ සුන්ද්‍රත්වයට අදරෙ කරන්න ලස්සන හිතක් තියෙන්න ඔනා

    ReplyDelete
    Replies
    1. ලස්සන හිතකට පුලුවන් ඕනම කෙනකුට ආදරය කරන්න...නේද..

      Delete
  23. මේ වගේ තැන් ගොඩකට ගිහින් තියෙනවා. මෙතන කොළඹට ලඟම තැනක් වෙච්ච් එකයි පුදුමේ. ඔයාගේ ප්‍රතිපත්තියට අපි ගරු කරනවා. ඇස් බැඳලා හරි අපිව මෙතනට ගෙනියන්න බැරිද ? ඕනනම් ගිවිසුමක් අත්සන් කරන්නම් රහස්‍ය භාවය රකින්න.

    ReplyDelete
    Replies
    1. බලමු වෙලාවක ලැස්ති කරන්නම්කෝ පොඩි වැඩක්.

      Delete
  24. ෂෙහ් .... මේ වගේ ගමක ජීවත් වෙන්න තියෙනවනම් තව වෙන මොනවද?

    වැඩේ තියෙන්නෙ ඉතිං දැක්කහම අපි ඔක්කෝටම ඕන එහේ යන්න, පුළුවන් නම් කිට්ටුවෙන් පර්චස් දහයක්වත් අරන්දාන්ට. අන්තිමට කැලේ ගස්වලට වැඩිය මිනිස්සු ඉඳයි, ටික කාලෙකින් ඒක නිකන්ම නගරයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තට වෙන්නේ ඕක තමයි. ඒත් අපේ ගමේ එකම ඉඩමක්වත් තාම විකිණිලා නැනේ ගමෙන් පිට කාටවත්.

      Delete
  25. ආසා හිතෙන තැනක් දැක්කම. කොහොමත් මන් ඔය වගේ තැන් වලට යන්න ගොඩක් ආසයි. ගියාට කාලා එන්නෙ නෑ. මන් බොනයෙක් නෙවෙයිනෙ.

    ඒත් මට ප්‍රශ්නෙකට තියෙන්නෙ මේක. තුන් දෙනෙක් කොහොමද එක පයින් පනින්නෙ? හික්z....
    //ගෙදරින් බර බරේ ආවත් අපි තුන්දෙනා එක පයින්ම ගෙදරින් පැන්නා.//

    ReplyDelete
    Replies
    1. ආ මලේ මං කටවහරට ලිව්වේ...ඒක ගනං ගන්න එපා.

      Delete
  26. බොහොම නිකලැල් වන පියසක් බව පේනවා... තවදුරටත් මේවා මේ විදියටම ආරක්ෂා වෙන්න නම් පබ්ලිසිටි නොදී ඉන්න එක හොදයි... නැත්නම් හිස් අරක්කු/බියර් බෝතල් සහ බෝතල් කටු තමයි ටික දවසකින් දකින්න වෙන්නෙ...

    අර කිරල මල් කියන ඒවට අපි කියන්නෙ මිදෙල්ල කියලා... කිරල ගස් වල ගෙඩි හැදෙනවලු නේද... මටත් ආශාවේ බෑ මේ වන පියසෙ ඇවිදින්න... කොහොම හරි මමත් ඉසව්ව හොයාගෙන එන්නම්කො බලන්න...

    ReplyDelete
    Replies
    1. ඔයත් මේ අහල පහළම නේද මලයා...

      Delete
  27. ඇත්තටම උඹේ ගමේ මිනිස්සුන්ට මම හිස නමා ආචාර කරනවා. වෙනම ඔබට හිස නමා ආචාර කරනවා මේ ස්ථානය සඳහන් නොකීරීම පිළිබඳව. දන්නවනේ හේම නලීන් බෝ පත් ඇල්ලටයි, හුම්මානයටයි කළ අපරාදය. කාළකන්නි තකතීරු ට්‍රිප් යන බූරු පවුල් වලිනුයි. බීලා බෝතලේ පොළොවෙ ගහන මෝඩ තකතීරූ උගුඩුවන්ගෙනුයි ඔබේ ගම බේරාගන්නවට නැවතත් මගේ ප්‍රණාමය.

    අර ජපන් බටු වලට අපි කියන්නෙ. කයිසි මුරුංගා කියලා. ඔය පොළොවට සම්බන්ධ නැති ගහක් සීගිරියෙත් තොයෙනවා. නමුත් දේශීය සංචාරකයන්ට ඒක දකින්න ලැබෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ජපන් බටු කියන ජාතියට අපේ පැත්තෙ මිනිස්සු කියන්නෙ සිංගප්පූරු ගස් කියල. එහෙම කියන්න හේතුව නම් මම දන්නෙ නෑ. ඔය ගහේ කොල මලවල කනව, කැස්සට, සෙම් අමාරුවලට එහෙම හරි ගුණයි කියල, ඒ වගේම අර ගෙඩිත් උයල කනව. අපේ ගෙදරත් ඔය පඳුරක් තියෙනව, කොල තැලුනම එහෙම තියෙන අමුතු ගඳ නිසා මට නම් පොඩි කාලෙ ඉඳලම අප්පිරියයි, අපේ අම්මල නම් ඉඳල හිටල උයල කනව.

      Delete
  28. හරිම ලස්සන ගමකනේ ඕගොල්ල ඉන්නේ . අම්මෝ නම කියන්න නම් එපා .

    කෙල්ලෝ දෙන්න වාසනාවන්තයි . අපේ ලොක්කි දැක්කොත් හරිම ආස වෙයි

    ReplyDelete
    Replies
    1. බින්දි ඇත්තටම ලස්සනම ගමක් අපේ ගම තාම නොයිදුල් ගමක් කියල කියන්නත් පුලුවන් තත්ත්වෙක තියනවා.

      Delete
  29. මදෑ... මම පරක්කුයි... හි හි

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවේ මොකද හිරු පරක්කු කියලයි.

      Delete
  30. හ්ම්ම්...ඒ කියන්නේ අපේ පැත්තට ගොඩක් ලඟයි..හොයලා බලලා එන්න ඕනේ! එල ඈ!

    ReplyDelete
    Replies
    1. නාඩි ඔයා කොයි පැත්තෙද

      Delete
  31. ලස්සන වන පියස.

    ඈ බං නලීන්. දැන් බොන්නෙ හෙම නැද්ද අර පොරොන්දුව උනාට පස්සෙ? :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොම අමාරුවෙන් තාම ඉවසගෙන ඉන්නවා....

      Delete
  32. ඔයාට මේ පොස්ට් එක නොලියා ඉන්ඩයි තිබුනේ ,මේ පොස්ට් එක නිසා ඔයාට අඩුම තරමේ දහයක් පහලවක්වත් මහ වලේ නාවන්ඩ නොවුනොත් මම අටමා නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක වෙන්න පුළුවන් දෙයක් තමා අටං

      Delete
  33. බොහොම පිං අපිවත් මේ ගමනට එක්කර ගත්තට ..කතාවත් එක්ක පිංතූර ටිකෙන් ඇස් දෙකට වගේම හිතටත් පුදුම සුවයක් දැනෙන්නේ ...අපිත් ගාල්ලේ ඉන්න දවස් වල නම් දෙණියායේ කැළෑ ගානේ තමයි ගත කළේ අපේ නිවාඩු දවස් ..දැනුත් එහෙමද මන්දා ..ඒත් ලංකාවේ ඇළක දොළක තියෙන සුන්දරත්වය මෙහේ නැත්ද මන්ද ?...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මහේෂි ඔයාවත් . දෙනියාය කියන්නේ සුපිරිම පළාතක්නේ ඒ කාලයේ නම්.

      Delete
  34. කියලා වැඩක් නෑ බන්.. නියමයි.. ඔය වගේ කැලයක් ලඟ ඉන්න ලැබිච්ච උඹලා කොච්චර වාසනාවන්තද ?

    මීරිගම කොයි හරියෙද බන් ඔය.. අපේ මුල් තියෙන්නෙත් මීරිගම තමා. බෝතලේ. එහෙනම් හැබැයි අහලකවත් ඔය වගේ ඇල දොල තියන කැලයක් නෑ.. කඳුම තමා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා මිරිගම බෝතලේ පැත්තෙද?.. මේ ඉසව්ව පස්යාල පැත්තට වෙන්නයි තියෙන්නේ. බෝතලේ කියන්නේ අපි නිතර යන එන පැත්තක් .

      Delete
    2. අපේ තාත්තගෙ ගම බෝතලේ. අපි දැන්නම් පදිංචිය එහෙ නෙමේ.. නලීන් දන්නවද දන්නෑ රෑණගල වතු යාය. ඒකෙ එක කොනකට මායිම් වෙලා තමා අපේ සීයලෑ ගෙවල් තියෙන්නෙ. ඔය පරිසරයත් එක්ක බැඳුනු සුන්දර ළමා මතක ගොන්නක් මට තියනවා..

      Delete
    3. බෝතලේ රජ මහ විහාරෙට මං නිතර යැවෙනවා. අපේ ගමේ මුල් පන්සල ඒක.අපේ ගමේ වැඩ ඉන්නෙත් බොතලේ හාමුදුරුවරු තමා.

      Delete
    4. සෙන්නා කියන්නේ සේනානායක කෙනෙක්ද ඔයා....

      Delete
  35. මට නම් මේකෙ ඒ තරම් අමුත්තක් නෑ, මොකද අපි ඉන්නෙත් රක්ෂිතයක් ආසන්යේනෙ. (කලටුවාව ජලාශයේ එක් අන්තයක් අපේ ගමේ මායිම)
    ඔය හැම ගහක් වැලක්ම ඒකෙ තියෙනවා.(බය නැතුව කියන්න පුළුවන්,රක්ෂිතයක්නෙ..)

    ReplyDelete
    Replies
    1. රක්ෂිතයක් ළග ඉන්න කෙනකුට මෙතැන එතරම් වෙනසක් දකින්න විද්යත් නැ තමා සුමි..

      Delete
  36. ug .ug tkak .ug tkak l=re,q msydgqjla tjkak”

    ReplyDelete
  37. මේ මොකක්ද ඇනෝ...මට නොතේරේ

    ReplyDelete
    Replies
    1. ඇනෝ යුනිකෝඩ් කන්වර්ටර් එකක් නැතුව නිකන්ම සිංහල ටයිප් කරල, ඒකයි. කොපි කරන් ෆොන්ට් එක මාරුකරල බලන්න. එයා ලියල තියෙන්නෙ,

      “මට ගමට එන්න ගමට එන්න කුරුලු පිහාටුවක් එවන්න“ කියල.

      Delete
    2. ඔයා මාරයි නේ ඩීඩීටී........

      Delete
  38. මෙහෙම ගමනක් ගිහින්න් එන්නත් ආස හිතෙනවා. අර දිය පාරේ බැහැලා පැයක් විතර නාන්න තියෙනවා නම්... ආයේ ඉතින් වෙන මොනවෙයි. :)

    ReplyDelete
    Replies
    1. අපිනම් ඉතින් ඒ සැප ගන්නවා.

      Delete
  39. හරිම ලස්සන ගමක්... ඇවිත් බලන්න තරම් ආස හිතුණා. නමක් ගමක් නොදැම්ම එක නම් හොදයි. අපේ මිනිස්සුන්ගෙ අධ්යා ත්මය තාම දියුණු නැහැ පරිසරයේ ලස්සන දැකල, විඳල රැක ගන්න තරම්...

    මමත් ඉන්නෙ ගමක තමයි.. දැන් මේ රස්සාවල් නිසා කොළඹ හිටියට හැම සති අන්තෙකම මම ගමේ යනවා. සාමාන්ය්යෙන් උදෙන්ම තියෙන කෝච්චියක නැග්ගම ගහකොල, ඇලදොල, වතු, නගර මැද්දෙන් හීතල හුළගත් එක්ක මගේ නැවතුමෙන් බහිද්දි අට වෙනවා. ඉන්පස්සෙ බස් දෙකකින් යන්න ඕන. ගමට හැරෙන හන්දියෙන් බැස්සම ගෙදරට යන්න කි‍ලෝමීටරයක් විතර පයින් යන්න ඕන. පුංචි පන්සලක්, කුඹුරු යායවල් දෙකක් පහුකරගෙන තමයි යන්නෙ.මේ දවස්වල වැහැල ඇල පාරවල්වල වතුර ගලාගෙන යන්නෙ සින්දු කියාගෙන. කුඹුරු හානවා. ගහකොලට පණ ඇවිත්... මග දිගටම නැන්දෙ, මාමෙ අයියෙ, අක්කෙ කියල කතා කරන්න දන්න අඳුනන මූණු...

    වැව පිරිලා... වාන් දානවා... කුඹුක් ගස් පේළියක් එක්ක දෙපැත්තෙ වෙල් යා‍ය තියෙනවා එක් තැනකදි. එතන වැහි කාලෙට පුංචි ජලාශයක් වගේ. වතුර පිරිලා. ළමයි විතරක්ම නෙවෙයි, තරුණ වැඩිහිටි අයත් වතුරෙ සෙල්ලම් කරනවා. බලන් ඉන්නත් ආසයි...
    එදා ඇවිදගෙන යද්දි හිතුණා '' අනේ මගේ ගමත් කොයි තරම් ලස්සනද? සුන්දරද? කියල''

    ReplyDelete
    Replies
    1. තරු වර්ණනය කියනකොට ම ආස හිතෙනවා. ඔබත් හැබැම වාසනාවන්තයෙක්.
      // මග දිගටම නැන්දෙ, මාමෙ අයියෙ, අක්කෙ කියල කතා කරන්න දන්න අඳුනන මූණු..//
      අපේ ගමේ තත්ත්වයත් එවැනිම තමයි.

      Delete
  40. මේ වගේ පරිසරයක ජීවත්වෙන්න ගොඩක් පින් කරන්න ඕනෙ. නම නොකියන්න ගත් තීරණය සාධාරණයි. අපේ මිනිස්සු යන්නෙ ලස්සණ බලන්න නෙමෙයි, විනාශ කරන්නනෙ. ඊළඟ සැරේ ලංකාවට ආවම මගේ පවුලෙ අයවත් අරන් යන්න පුළුයන් වෙයි නේද :) පොරොන්දු වෙනවා නම කාටවත් නොකියන බවට.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආයිමත් එනකොට කියන්නකෝ...

      Delete
  41. හරිම ලස්සණ පැත්තක්. අපේ පැත්තෙත් වළගම්බා රජතුමා සැගවී හිටිය තැන් තියෙන වන වදුල් තියෙනව, ඒත් මිනිස් ක්‍රියාකාරකම් නිසා දැන් එතරම් විශාල කැලෑ ප්‍රදේශයක් නැහැ.
    මමනම් ආසයි මෙහෙම තැන් බලන්න, ඒවයෙ ඡායාරූප ගන්න ඒත් ගමේ නම නොකියන නිසාත්, ඇත්තෙන්ම නම කිව්වොත් වෙන හානිය ගැන මම පෞද්ගලිකව දන්න නිසාත් ඒ ගැන අහන්නෙ නෑ ඕං :)

    ඒත් මෙහි ජීවත් වෙන සතුන් ගැන (විශේෂයෙන්ම කුරුල්ලන්, සර්පයින් හා සමනලුන්) ඔබ දන්නා තොරතුරු මට කියන්න පුලුවන්නම් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා..

    http://digitaltalking.blogspot.com/

    ReplyDelete
  42. හරි මම ඔබේ ලිංකුව පස්සෙන් එන්නම් මලේ...

    ReplyDelete
  43. නලීන් , ඔය සම්බන්ධව දෙපැත්තක් තියෙනවා ඔයාට මතකද ? මංදා කාලේකට ඉස්සර තරුණයා පත්තරේ 'සංචාරක සටහන් ' ලියන මුල්දිනවල 'සමන් ජයතිලකට' හුම්මානේ හා බෝපත් ඇල්ල ගැන කිව්වේ මම. ඒ දවස්වල ඒ ස්ථාන ගැන දැනගෙන හිටියේ ටික දෙනයි. පුද්ගලික ඉඩම් වලින් පැනගෙන ගිහින් තමයි අපිත් බැලුවේ. ඒ පැත්තෙ සමහර අය ඒව බලන්න එනවටත් කැමති උනේ නෑ. පත්තරේ ගියාට පස්සේ පාරවල් හැදුනා කඩ වැටුනා හෝටල් දැම්මා. ගම් දියුනු උනා තැන් නැති උනා . 'හේම නලීන් ' "නමයයි පහ" වැඩසටහනින් ඒගැන කිව්වේ ටික කාලේකට පස්සේ. එතකොට විනාසේ පටන් අරං. ඔයවගේ ස්ථාන සියල්ලෝම දැනගතයුතු වගේම ඒවා ආරක්ශාකිරිමටත් දැනගතයුතුයි .. එහෙම දේවල් ලංකාවේ ක්‍රියාත්මක නොවෙන නිසා ගමේ නම නං කියන්න එපා කොහොමටවත්. මම ඔයාලගේ කැලේත් දන්නවා ගෙදරත් ඇවිත් තියෙනවා. හැබැයි හුඟක් කල් ! සමහරවිට ඔයාට මතකත් ඇති.

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT