අපූරු ගමනක නිමාව
මසායිවරු අපිව පිළිගත්තෙ ගීතයකුත් එක්ක ඉදිරිපත් කළ හරිම ලස්සන සාම්ප්‍රදායික නැටුමකින්. ගැහැණු පිරිමි දෙගොල්ලන්ම එකතු වෙලයි නැටුම ඉදිරිපත් කළේ: හැබැයි වෙනම කණ්ඩායම් දෙකක් විදියට. වඩාත්ම සිත් ගත් අංගයවුණේ මසායි තරුණයින් එක තැන හිටගෙන උඩ පැනපු විදිහ. එක එක්කෙනා මාරුවෙන් මාරුවට තමන්ගේ වාරය ආවම උඩ පනිනවා. සමහරු අඩි දෙකක් විතර!! ඒ දිහා බලාගෙන චූටි මසායි පැටව් පැත්තකට වෙලා උඩ පනින්නෙ ‘ලොකු වුණාම අපිත් පනින්න පුරුදු වෙන්න එපායැ’ කියලා හිතලා වගේ.
එක් උරහිසක් වැහෙන විදියට පිරිමි අය ඇඳගෙන ඉන්න තද පැහැති රෙද්ද මසායි අනන්‍යතාවයේ කැපීපෙනෙන ලකුණක්. කාන්තාවන් පබළුවලින් කළ වෛවර්ණ ආභරණ පැළඳගෙනයි ඉන්නේ. ආභරණ නිර්මාණය කරන්නෙත් ඔවුන්මයි. කාන්තාවන්ට කොණ්ඩය වැවීම තහනම්. කතා කර කර ඉන්න අතරෙ කවුදෝ මගෙ කොණඩෙ අදිනවා දැණුනා. පිටිපස්ස හැරිලා බැලුවම මසායි කාන්තාවො දෙතුන් දෙනෙක් හිනාවෙවී මගෙ කොණ්ඩෙ අතගානවා. කොණ්ඩෙ දිගට වැවෙනවා කියලා සමහරවිට දන්නෙත් නැතුව ඇති.
මසායි ගමක් කියන්නෙ අතු බෙදී ගිය එක පවුලක්. හැම ගමක්ම ඔවුන් තනා ඇත්තේ ලොකු ගසක් මැදි කරගෙන රවුම් හැඩයට. මේ ගහ වටේට හරිම චූටි ගෙවල්. ගමේ සීමාව වන්නේ තාප්පයක් වගේ අඩි 4ක් විතර උසට ගොඩගැසූ වියලි අතු කැබලි. ඒ සඳහා ඔවුන් විශේෂයෙන්ම භාවිතා කරන්නේ කටු සහිත ඇකේෂියා අතු. සිංහයින්ගෙන් සතුන් ආරක්ෂා කරගැනීම පහසු නැති බවයි කියන්නේ.
හැම ගෙදරක්ම එකම විදිහයි. ගෙවල් හැදීම භාරවන්නේ මසායි කාන්තාවන්ට. තනා ඇත්තේ සිටවූ ඉනි වලට ගස්වල අතු තබා බැඳ ඒ උඩින් ගොම හා මඩ ගාලා. ගෙදරක උසත් අඩි 4ක් විතර ඇති. ඇතුලට යන්න ඕනේ දෙකට නැමීගෙන. ඇතුළුවීමට හා පිටවීමට ඇත්තේ ආරුක්කුවක් හැඩැති එක දොරටුවක් පමණයි. ජනේල නැහැ. අතු අතරින් එළිය එනවා ගේ ඇතුළට. හරිම පිරිසිදුයි ඇතුලත. එක තැනක් ඇඳක් විදිහට තරමක් උසට හදලා. අපි කතා කරේ මේ ඇඳ උඩ ඉඳගෙන. ටිකක් එහායින් දර ලිපක්. ඒ වෙලෙත් යන්තමින් ඇවිලෙන දර කැබලි කිහිපයක් ලිපේ තිබුණා.
එක් වැඩිහිටි මසායි පිරිමි කෙනෙකුට විවාහ කිහිපයක් කරගැනීමට අවසර තිබෙනවා. මසායි තරුණියක් විවාහ කරගැනීමට නම්, ඇගේ පියාට, මසායි පුරුෂයෙක් දිය යුතු දෑවැද්ද වන්නේ එළදෙනුන් 10 දෙනෙක්. ඉතිං තමන්ගෙ එළදෙනුන් ගණන වැඩි කරගන්න කැමති මසායි තාත්තලා, ඉල්ලන ඕනෙම කෙනෙකුට දුවව දෙන්න කැමතිලු. හිතාගන්න පුළුවන් නේද විවාහ කීපයක් කරගන්න පිරිමි කෙනෙක් කොයිතරම් පොහොසත් වෙන්න ඕනෙද කියලා.
අපි හිනාවුණා තරුණියකගෙ වටිනාකම කිරි හරක් 10ක්ද කියලා. අපිට කතා කතා කළ මසායි තරුණයා හරිම මිත්‍රශීලියි. නැත්නම් ඒ වගේ කතා කියන්න අපිට බැහැනෙ. පොදුවෙ ගත්තම මසායි කියන්නෙ හුඟක් මිත්‍රශීලී ජන වර්ගයක්.
චූටි හයිරැක්ස් පෝලිමක් |
පිටිපස්සෙන් ඉඳගෙන ඉන්නේ ගුරු යුවල |
බලන්න කොච්චර උඩ පනිනවද කියලා |
මසායි කාන්තාවන් |
මසායි කාන්තාවන්ගේ නිර්මාණශීලිත්වය |
පහුවදා; අපි ටැන්සානියාවෙ ගතකරන අන්තිම දවස. උදේම පිටත්වුණා ආපසු ගමන. නවාතැන ළඟටම ඇවිත් ජිරාෆ්ලා ගොඩක්. චාල්ස් කියනවා අපිට සමුදෙන්න ඇවිත්ලු. එහෙම හිතනකොටත් දුකයි. උදෙන්ම නිසා කුරුල්ලෝ ගොඩක් බලාගන්න පුළුවන්වුණා.
මසායි පාසල |
මේ තමයි Baobab ගස |
සටහන හා ඡායාරූප
සමුද්‍රිකා හේරත්
අපූරු චාරිකා සටහනක්...
ReplyDeleteස්තුතියි වකා
Deleteකවදත් වගේ අපූරු සුන්දර චාරිකාවක මතක සටහන්. අප්‍රිකානු මිනිසුන් වගේම කුඩා දරුවන් හරිම අව්‍යාජයි. ඒ අය අපේ සමහර දරුවන් ගම්වල ඉන්න අය වගේ. බොහොම නිර්ව්‍යාජව කතා කියනවා. මට අදටත් මැවිලා පේනවා අපි ගම්මාන වලට පුතාලගෙ ඇඳුම් දෙන්න ගිහාම දුවන් එන හැටි. පරිසරය ඔවුන් උපරිමෙන්ම ආර්ක්ෂා කරනවා. සංචාරකයින්ට බොහොම ප්‍රියමනාව සලකනවා. අපේ රටේ සමහර හෝටල් වලට ගිහාම එයාල අපිට සලකන්නෙ ආයෙත් එතනට නො එන ලෙසයි. කාලෙකට පස්සෙ මගෙ නංගි මැලේසියාවෙ ඉඳලා ලංකාවට ආවා. මල්ලී වැඩ කරන්නෙ හෝටල් ක්ෂේත්‍රයේමයි. හම්බන්තොට අපි නිතරම යන හෝටලයකට ගියා. ලැබුනේ කුඩම්මාගේ සැලකිලි කියලා එයාලා මට කීවා. ඇයි දන්නෙ නෑ සුද්දන්ට එක විදිහක් අපිට තව විදිහක් කියලා එයාලා ඇහුවා. මමත් අපහසුතාවකට පත් උනා ඒ වෙලාවෙ. ඒ අතින් අප්‍රිකානු රටවල් බොහොම ඉහලින් ඒ එන අයට සලකනවා. ස්තූතියි! සමුදිකා නංගි. මසායි නැටුම් හරිම ලස්සනයි තමයි. සැම්බියන් නැටුම් වල පස්ස නටවනවා වැඩියි. නලින්ටත් ඔන්න ස්තූතිය පිදුවා. වෙලා තියෙන වෙලාවක මෙහෙටත් ගොඩ වෙන්න කො.
ReplyDeletehttp://chandigesithuviliuyana.wordpress.com/2012/11/05/
චන්දි මේවා ඔයාට නම් අමුතු තැනක් නොවෙයිනේ.ඔයාගේ චාරිකා මතකයකුත් එවන්නකෝ අපේ ඉසව්වේ දාන්න. ස්තුතියි
Deleteඅපූරු චාරිකාවක්!!
ReplyDeleteඒ අය අපිට වඩා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නව ඇති...
අවශ්‍යතා සීමාසහිත වුණාම හිතේ සැහැල්ලුවෙන් ඉන්න හැකියි මලයා
Deleteජිවිතය ලැබුවාට අපි මියදෙන්නට පෙර මේ මහ පොළවේ ස්නේහේ විදින්න ලැබෙන්නේ කළතුරකින් කෙනෙක්ට.ආ මඟ දුරයි....යු යුතු මඟ කෙටිද මන්දා...........
ReplyDeleteඔබ සමඟ එකඟයි ගයානි. මම පොඩ්ඩක් පිං කරලා තියනවා.මරණය කොයි මොහොතෙද කියන්න අපි කවුරුවත් දන්නේ නැ තමා.
Deleteනියමයි. මම දෙපාරක් කියෙව්වා මොකද නොදන්න හුගක් දේවල් තිබ්බ නිසා.. පිංතුර ටිකක් ලොකුවට දැම්මනං ලස්සනට තියේවි.
ReplyDeleteබොහොම ස්තුතියි දේශකයා
Deleteහරිම සුන්දරයි...මසායි නැටුම හරිම ලස්සන ඇති නේද ? ඔච්චර උඩ පනින්නේ අර වගේ රෙදිත් පොරවාගෙනද ? නයිරෝබි ගැන කියද්දී මට නවල් එකක් මතක් උනා. සමුද්‍රිකා අක්කේ ඔය බයෝබැබ් (Baobab) ගසක් ලංකාවේත් තියෙනවා නේද ? මන්නාරමේ ? මම දැකලා නම් නෑ. ඒත් එහෙම එකක් ගැන අහලා තියෙනවා..
ReplyDeleteමේකටනම් උත්තර ලියන්න ඕන සමු තමා. ඒත් එයා මේ දවස් 5කට ලංකාවට ඇවිත් ඉන්නේ. එයාට වෙලාව මද මගේ හිතේ.
Deleteස්තුතියි ළිහිණි නංගි. සමාවෙන්න නංගි චුට්ටක් පරක්කුවුණා උත්තර දෙන්න. හරියටම දන්නෙ නෑ. ඒත් මම දන්න තරමට නම් මේ ගස් ලංකාවෙ නෑ.
Deletelankawe tiyenawa
Deleteඇලන්ක්වාටමෙන්ගේ වීර චාරිකාවත් මතක් උනා. ඒකෙත් මසායි සෙට් එකක් ගැන කියවෙනවා නෙව.
ReplyDeleteඔව් නේ මම ත් ඒ කතාව මතක් වුණා
Deleteනියමයිනේ
ReplyDeleteතැන්කූ කිව්වා ඕං
Deleteමසායිවරුත් තමන්ගෙ ඡායාරූප ගන්න ඉඩදෙන්නෙ සල්ලි දෙනවානම් විතරයි කියලා මේකෙම කලින් කොටසේ තිබ්බා මතකයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
සල්ලි දීල ගණන් ඇති ඩුඩ් අයියේ. නැත්නම් හොරෙන්. නලින් අයිය ළඟ සූම් ලෙන්ස් දෙකක් තුනක් ඇති මයේ හිතේ.
Deleteමේ ඒ රටේ සංචාරක ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ඉසව්වක් වෙන්න ඇති හෙන්රි.එතකොට සංතෝෂමක් විතරනේ ගෙවන්න වෙන්නේ. මාත් හරියට දන්නේ නැ. සමු උත්තර ලියයි.එයා මේ දවස් වල මෙහේ ඇවිත්.
Deleteකොරලේ මලේ මම නෙමෙයි මේ ගමන ගියේ මගේ යාලුවා.
ඔව්, මසායි ගම බලන්න අපිට මුදල් ගෙවන්නවුණා. ගණුදෙණු අවසන්වුණාට පස්සෙ තමයි මේ හැම විස්තරයක්ම දැනගන්න ලැබුණෙත් සහ නිදහසේ පිංතූර ගන්න ලැබුණෙත්. ඒකනෙ මම කීවෙ දරුවන් පවා නොදැනීම වාණිජකරණයට හසුවෙලා කියලා.
Deleteඔය මාසි නැටුම ගැන අපිත් එක්ක YF2012 හටිය නෙදර්ලන්ත ස්වෙච්චා සේවිකාවක් විස්තර කළා...වීඩියෝ එකක් පෙන්නලා අපිටත් ඒ හැටියට නටන්න කියලා තව පොඩ්ඩෙන් කොදු ටිකත් කඩනවා!
ReplyDeleteලස්සන ලිපියක් ඈ!
අපොයි නාඩියා නැටුවනං මරු එකට හිටිවි.
Deleteතව පින්තූර ටිකක් දැම්මනම් තවත් වටිනව.
ReplyDeleteපිංතූරනං තිබ්බා ඒත් ඩවුන්කරන්න වෙලා යනවා නේ.
Deleteහ්ම්ම්ම් ට්‍රිප් එක අපිත් ගියා වගේ දැනුනා. මට පව් කියල හිතුන අර අසරණ ළමයි ගැන හරි හමන් අද්යාපනයක් ලබන්න එයාලට හැකියාවක් නැහැනේ පහසුකම් නැති නිසා.
ReplyDeleteඅපේ රටේත් මේ වගේ ළමයි කොච්චර ඉන්නවද මලයා.
Deleteහැමදාමත් වගේ අපූරුයි.... සමුද්‍රිකාට හොඳ වාර්තාමය හැකියාවක් තියෙනවා.. ඇත්තටම ඔයා මාව මනසින් අප්‍රිකාව පුරා එක්කන් ගියා.. ස්තුතියි
ReplyDeleteඇත්තමයි මී මලයා සමු මේක ඉතාම ලස්සනට එයාගේම ශෛලියකින් ලියලා තියනවා
Deleteමේ නම් වටිනාම දිරිගැන්වීමක්! ගොඩක් ස්තුතියි!
Deleteමම ඔය විස්තරේ මීට අවුරුදු 25 -30 කට කලින් ලිව්ව වර්ෂන් එකක් කියවලා තියෙනවා... John L Broom ගේ Twenty Thousand Miles in the African Jungle කියන පොතෙන්...
ReplyDeleteදැං ඒ කාලේ තිබ්බටත් වඩා වාණිජකරණයක් වෙලා කියලා මට හිතෙන්නේ .. හරියට අපේ වැදි පරපුර වගේ...
ඔන්න හිරුවෝ වයස අහුවෙන පොටක් පැදුනා වගේ.
Deletewatina lipiyak yalu
ReplyDeleteබොහොම ස්තුතියි උමා
Deleteටැන්සානියාවෙ ඇවිදල මසායි ගෙයක වාඩි වෙලා ඉදල, පුංචි ඉස්කෝලෙ පුංචි අයත් එක්ක දහයට ගණන් කරල ආපහු ආව වගේ දැණුනා. අපූරු චාරිකා සටහන.
ReplyDeleteඇත්තටම සමූ මේ ලිපිය හරිම ලස්සනට ලෙංගතුව ලියලා තියනවා තරු
Deleteඋපරිමයි කියන්නේ.. සුපිරියි...
ReplyDeleteජව වේවා!
දිගටම ලියපං!
ලියමු ලියමු...හැබැයි මේ ලිපිය ලිව්වේ සමුද්‍රකා එයා ගිය චාරිකා තව තියෙනවා.
Deleteනියම චාරිකා සටහනක්..
ReplyDeleteඊලගට කොහේ ගිය චාරිකාවක් ගැනද ලියවෙන්නේ?
තව තැන් කීපයක්ම තියනවා ලියන්න. ඉදිරියේ දි හමුවෙමු කෝ ඒවත් එක්ක.
Deleteම්ම්.. මසායි වරු ගැන නම් අහලා තිබ්බා, පිරිමින් අඩි 6 විතර උස හැල්මේ දුවන්න හැකි ජාතියක් බවත් ඔවුන්ගේ තද පාට ඇඳුම් ගැනත් දැනගෙන හිටිය. ඒත් අද තමා දන්නේ මේ තරම් විස්තර ඔවුන්ගේ ගෙවල් ගැන එහෙම. බොහොම ස්තුතියි.
ReplyDeleteඒක ඇත්ත ඇලෙක්ස්. ඔබටත් ස්තුතියි
Deleteඅපූරුයි... මාත් ගියා වගේ දැනුනේ.. අනේ අර මාල වළලු දැක්කම ලෝබකමේ බෑ අප්පා...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
පණූ මාල වලලු වලට මේ තරම් ආසද. ඔබටත් ජය වේවා!!!
Deleteසිනා බෝ වේවා!!!
ඒ සරල ජීවිතේ ගොඩක් නිදහස් ඇති මං හිතන්නේ
ReplyDeleteසීමිත අවශ්‍යතා ඉතින් නිදහස් ජිවිත පැතුම්
Deleteමසායිවරු ගැන මං මුලිංම දැනගත්තේ රූපවාහිනී එකේ ගිය කාටුන් එකකිං..
ReplyDeleteනමනං මතක නෑ..
හොද විස්තරයක් නලීන් අයියේ..
තැන්කූ කිව්වා මලයා ඔයාටත්...
Deleteහරිම අපූරු චාරිකාවක්..දවසක මමත් යන්න ඕන ලෝකෙ වටේ.. 'ඒ දිහා බලාගෙන චූටි මසායි පැටව් පැත්තකට වෙලා උඩ පනින්නෙ ‘ලොකු වුණාම අපිත් පනින්න පුරුදු වෙන්න එපායැ’ කියලා හිතලා වගේ' මේ ටික කියවද්දි නම් මටත් මේ නැටුම බලන්න ආස හිතුනා..
ReplyDeleteවෙලාවක යන්න අවස්ථාවක් උදාවේවා කියා පතනවා ශම්මි
Deleteහතරවෙනි ලෝකේ කියල සමහරු හඳුන්වන අප්‍රිකාව ..අපේ ගෙදර එක්කෙනා නම් ටැන්සානියාව උගන්ඩාව කෙන්යාව මොසැම්බික් දකුණු අප්‍රිකාව වගේ රටවල ගිහින් ආවා . අපිත් ඉතියෝපියා ගියාට මේ වගේ ගෝත්‍රික මිනිස්සුන් බලන්න නම් බැරි වුනා .
ReplyDeleteඅප්‍රිකාව ගැන මාත් හිතන් හිටිය දේවල් ගොඩක් වෙනස් වුනා . අප්‍රිකන් රටවල් වල වැඩ කරන්න ලැබුන අවස්ථාත් අපි එපා කිවේ ළමයින් ගැන කල්පනා කරලා . ට්‍රිප් එකක් ගිහින් එන්න හොඳයි. හැබැයි මේ පාර මෙහෙන් මාරු වෙලා ගිය ගොඩක් ගියේ අප්‍රිකාවට . විශේෂයෙන් ටන්සනියාවට .
ඔන්න ඔය කිව මසාය් කෙනෙක් ඇමරිකාවට ගිය වැඩසටහනක් බැලුවා මතකයි. ඔයා ඇහුව වගේම එහෙ ගැහැණු අයත් ඇහුවා මසායිලගේ කාන්තාවෝ ගැන .
ස්තුතියි ලස්සන විස්තරේට .
ඔන්න බින්දි ගේ පැටව් දෙන්න ලොකු වුණු ගමන්ම ගිහින් එන්න අවස්ථාව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා
Deleteඅපුරු චාරිකා සටහනක්..
ReplyDeleteඇත්තටම මේ ලෝකේ තව කොච්චර තැන් තියෙනවද අපිට චාරිකා කරන්න. :)
මේ සමකය වටේ යන පළමුවෙනි වතාව.
ඉතිරි ලිපි ටිකත් හිමින් සීරුවේ බලන්නම්කෝ.. :D
ජයවේවා!
ඉස්සරවෙලාම අයිස් ව මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා. කියවලා බලන්නකෝ අපේ චාරිකා සටහන් පෙළම. ස්තුතියි.
Deleteඅපූරුයි නලින් අයියා, දැක්ක ගමන් මතක් වුනේ ජැක්සන් ඇන්තනි මහත්තයගෙ සලන්හන්තේ වැඩසටහන.
ReplyDeleteහරියට හරි මටත් ඒක මතක් වුණා.
Deleteමේ චාරිකා සටහනේ වටිනාකම වැඩිවන්නේ තවත් කාලයක් ගියාමයි. ඒ නිසා මේ සම්පුර්ණ චාරිකා සටහන සුරක්ෂිත කර තබාගන්න.
ReplyDeleteපුද්ගල ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ මුහුණු දැක්වෙන සමීප ඡායාරූප ඉදිරිපත් කරනවානම් වඩා හොඳයි. ඒ වගේම මධ්‍යම සමීප ඡායාරුපත් යොදනවානම් වඩා හොඳයි.
මසායි වරු ගැන කියනකොට මට මතක වුනේ මීට ටික කලකට ඉහතදී මා නැරඹු චිත්‍රපටියක්. 'ද වයිට් මසායි'
http://www.imdb.com/title/tt0436889/
අසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි විචාරක,මගේ චාරිකා සටහන් පෙළ දිනෙක පොතක් සේ එළි දක්වන්න බලාපොරොත්තුවක් තියනවා. ඇත්තටම මා මේ බ්ලොගයට ලියා ඇත්තෙත් බොහෝ අඩු විස්තර ටිකක් ඒවා සම්පූර්ණ කර දවසක බලමු කෝ.
Deleteනියමයි අක්කේ ගියපු tour මෙච්චරද ? ,තව තියෙයි නම් පොස්ට් දාන්න
ReplyDeleteමොන අක්කද බොග...??? අක්කා දාලා මේකා රට ගියේ. හික්
Delete@ඉමල්ක.. තව ලියැවෙනවා ඉදිරියට
Delete@දේශකයා...යකෝ මේ මම ගිය ගමනක් නෙමෙයි මගේ යාලුවා හා එයාගේ පවුලේ කට්ටිය ගිය චාරිකාවක්
අපූරු චාරිකාවක්නේ...... ෆොටෝස් ටිකත් මරු......
ReplyDeleteබොහොම ස්තුතියි සමනළියේ
Deleteනියමම නියමයි..:) ෆොටෝ ටිකත් අපූරුයි. අර Baobab ගස ටිකක් කඳු මුදුන් වල හට ගන්නා කුරු ගහක් වගේ නේද. මහතත් එක්ක අතු දිග නෑ. කොට මොඩල් :) තව ෆොටෝ ටිකක් ආව නම් නියමයි. මා හිතනවා මේ චාරිකාව සම්බන්ධ තව පෝස්ට් තියෙයි කියලා.
ReplyDeleteචන්දන පොටෝ ලොඩ කරන්න අමාරුයි ඒකයි ටිකක් දැම්මේ
Deleteචන්දන, Baobab ගස් හුඟක් විශාලයි, උසයි. අතු බෙදිලා තියෙන්නෙ ගස මුදුනින්.
Deleteමේ චාරිකාවෙ අවසන් ලිපිය. නලීන්ගෙන් අවසර අරගෙන පිංතූර විතරක් එක්ක post එකක් දාන්න බලාපොරොත්තුවක් තියනවා. ස්තුතියි විචාරයට!
මසායි. ඇලන් ක්වාටමෙන්ගෙ වීර චාරිකාවෙ ඉඳලා මම අඳුනගත්තෙ. දැන් නම් කස්ටිය හොඳයි වගේ
ReplyDeleteදැන් ඒ අයත් වෙනස්වෙලා කාලෙත් එක්කම
Deleteඅප්‍රිකාව ගැන අපේ හිත් වල තියෙන කළු මතකය මෙවැනි ලිපි වලින් සුදු එකක් වෙනවා. මොකද මම තාත්තාගෙන් අහල තිබුනේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ ලංකාවට ආව කාපිරි කියන ජන වර්ගය ගැන. ඔවුන් මිනී මස් කන නිසා ඔවුන්ගේ කටට ඉබ්බෙකුත් දාල තිබුණා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ අඳුරු මතකය සොඳුරු කල කිහිප දෙනා අතරින් මේ ලිපිය සම්පාදනය කල ඔබ දෙපලත් විශේෂයි. ඇත්තටම සංචාරය ප්‍රිය කරන මා වැනි කෙනෙකුට මේවා දුටුවාම එහි යන්න සිතීම අරුමයක් නොවෙයි.
ReplyDeleteමේ කාපිරි කතාව ගැන මම කියන්නම්. ලංකාවට දෙවැනි ලෝක යුද්ධ කාලේ ආව අප්‍රිකානු භටයෝ බ්‍රිතාන්‍ය සෙබළු. ඔවුන්ගේ හිස්වැසුමේ පටි සවි වන බකල් එක (බ්‍රිතාන්‍ය හමුදා හිස්වැසුම) වැටුනේ හරියටම කටට පහලින් වගේ වෙන්න. යටි තොල ට පහලින්. ඒ නිසා කටකතාවක් පැතිරුණා අලුතෙන් ඇවිත් ඉන්න කාපිරි මිනිමස් කනවා ය ඒ නිසා උන්ගේ කටවල් වලට අගුලක් දාලා ය කියලා. ඒ තමා ඔය කතාව.
Deleteඔව් සුදික ඉස්සරවෙලාම ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට.චාරිකාවට ලැදි ඔබට වැදගත්ම ලිපි ගනනාවත් මේ අඩවියේ දාලා තියනවා. කියවා බලන්න මිත්‍රයා.
Deleteස්තුතියි සුදීක! කළු මිනිසුන් ඉන්න නිසාම අප්‍රිකාව ගැන අපේ හිත්වල ඇඳුණු දේ තවත් කළු වෙන්න ඇති. ගෝත්‍රික විශ්වාස හා අඩු අධ්‍යාපනය වැනි දේ නිසා ඔවුන් තාමත් ඉන්නෙ ලෝකයෙ අනිත් රටවල් වලට පසුපසින්. නමුත් අප්‍රිකාව ඇත්තෙන්ම සොඳුරු මිනිසුන් පිරි හරිත පාරාදීසයක්!
Deleteඅපූරු සංචාරයක් සමකය වටේ යන ගමන් වින්ද....
ReplyDeleteඅපූරුම කවි කාරියවත් සාදරයෙන් පිළිගන්නවා. ඔයත් එකක් ලියන්නකෝ ඔබ සිටින රටේ විස්තර ටිකක්.
Deleteබොහොම ස්තූතියි අපව අප්‍රිකාවට එක්කරගෙන ගියාට.
ReplyDeleteසුමිත් ඔයාටත් ස්තුතියි
Deleteමේක මම කියවපු කතන්දරයක් වගේ.......... ලස්සන චාරිකා සටහනක්.......
ReplyDeleteස්තුතියි පාඨකයා.. අපි බලමු තව ලියන්න..
Deleteමසායි වරු දරුණු පිරිසක් කියලයි මම අහල තිබුනේ.. යුදදයට බොහොම කැමති පිරිසක් කියලා, ඇලන් ක්වාටර්මෙන්ගේ පොත් වල එහෙමනේ තිබුනේ.. සුන්දර චාරිකාවක්.. තවත් පෝස්ට් , ෆොටෝ දකින්න ලැබෙයි කියල හිතනවා..
ReplyDeleteජය..
අහිංසක අයට ඒ අයගෙන් කිසිම කරදරයක් නැ.ක්වාටමන්ගේ කතා ටිකක් ප්‍රබන්ධ වලට බරයිනේ.
Deleteකියෙවුවම ගොඩක් ආස හිතුන. ඇත්තටම මං නම් එහෙට ගියා හිතෙන්. ලෝකෙ කොයි තරම් වෙනස් තැන් තියෙනවද? ඇත්තටම පුදුම හිතෙනවා.
ReplyDeleteමධු ට එහෙම හිතුනනං මේ ලිපිය ගොඩක් සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.
Deleteහරිම අපුරු සටහනක් මටත් යන්න අසා හිතුනා
ReplyDeleteයමු යමු සචිත් මලේ හොඳ ගමනක්
Deleteස්තූතියි බන්...
ReplyDeleteඔන්න මේක කියවපුවම මම අර අහපු පොත ආයෙ මතක් වුනා...
අර කුරුලු මොටා මට අද හොඳටම කරදර කළා.. ඕකට මම....
මේකා අයින් කරන්න මම දන්නැ බං. දන්නවනං කියල දෙන්ඩෝ....
Deleteගොඩාක් දවසකට පස්සෙ "සමකය"ට ගොඩ වුනෙ....අපු ගමන්ම බොහොම රසවත් සන්චරයක් කරන්න පුලුවන් උනා.
ReplyDeleteමෙ විස්තරය කියවනකොට මට හිතුනෙ මසාඉවරුන්ගේ අගය තියෙන්නෙත් මෙ ගොත්‍රික සාමජ පසුබිම පදනම් කරගෙන බව.එක නිසාම ඔවුන් වනිජකරනයට පත් විම වලක්වන්න බෑරි දෙයක් වෙලා...මසඉ කන්තාවන්ගෙ වටිනකම ඈහුවම "කාන්තරයෙ කුසුම" පොත මතක්
උනා..මසඉ ඉස්කොලේ ගෙන කියවද්දි මතක් උනෙ අපෙ මෙ රචකාවිය ඒ පන්තියෙ පොඩි එවුන් ටික වටකරගෙන බන්කුවක ඉදගෙන ගත්ත බොහොම අපුරු පින්තුරයක් තියනව. එක දෑම්මනම් කට්ටිය ට එක බොහොම රසවත් දසුනක් වෙවි........:)
අදමයි සමකය වටේ බැලුවේ. පොටෝ වගේම කතා වත් ලස්සනයි.. ඉස්සරහට හැම පොස්ට් එකක්ම බලන්නම්කෝ.ස්තුතියි අපිව දැනුවත් කලාට
ReplyDeleteBetter to have videos of the events.
ReplyDeleteSamakaya godak harawath web pituwak... Ada ahamben hambune. eth digatama Samakaya samaga ideemen denuma wardhanaya keraganna rukulak lebena bawa nam wishwasai
ReplyDelete