samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


156543_111340845690384_1647138669_n
සමකය වටේ බ්ලොගය හරහා මා ඇති කළ සංවාදයට මේ පිළිතුරු ලිපිය එවන්නේ අඩි පාර නමිනි.

 මම චිත්‍රපටිය නැරඹුයෙමි. ඉන් පසුව අහම්බෙනි මේ විචාරය කියවන්නට ලැබුණේ. චිත්‍රපටය පිළිබඳව බ්ලොග්හිමිකරුවා දක්වා ඇති අදහස් ඍණාත්මක පැත්තට බරක් දැක්වුවවද ඔහු සීමාව ඉක්මවා කුණු රස අවුස්සන විචාරයකට පෙළඹී නැති බව පෙනේ. නමුත් කමෙන්ටු සටහන් කරන පරිවාර ජනයා  ‘දෙන්නම් බැටේ’ තැනකට වැටීම කණගාටුවට කරුණකි.
ලිපිය සහ කොමෙන්ටු කියවීමෙන් පසුව කෙනෙකුට කර්ම පිළිබඳව ඇති වන්නේ කළකිරීමකි. කළු ප්‍රතිරූපයකි. නමුත් එය යහපත් හෝ නිවැරදි ස්ථානගත වීමකැයි නොසිතමි. මක් නිසාද යත් චිත්‍රපටය පිළිබද මේ සියලු අදහස් පෙළගැසී ඇත්තේ එක් ලිපියකින් පණගැසී ආ ‍පොදු ජන රුචිය ඉස්මතු වීම නිසා යැයි මම සිතමි. එබැවිනි සියලු දෙනාම කර්ම කරුමයකි ලෙස දකින්නේ.


20121018-KARMA

ඔන්න ඔන්න... මේ චුට්ට විතරක් කියවා දැන් අ‍පේ ඇතැම් සහෝදරවරු මට සීතාම්බර ලේබලය ගසා බැණ වැදී කොමෙන්ටුවක් දාන්නට උත්සාහ කරනවා විය හැකිය. ඒත් මේ වගේ පැත්තකුත් තියෙනවාය. ඒක පැහැදිලි කර ගැනීමට පියවිල්ලට අනුමාතෘකාවක් ඇඩ් කර ගනිමි.
සම්භාව්‍ය ජනප්‍රිය භේදය පිළිබඳව ඇති පැතලි නිර්වචන
සම්භාව්‍ය චිත්‍රපටි ප්‍රෝඪාවකි, මම නම් ඒවා බලන්නේවත් නැත යනුවෙන් සඳහන් කොමෙන්ට් කීයක් මෙහි විණිද? නමුත් සියලු දෙනාම මෙවන් තීරණයකට එළඹීමට හේතුව කුමක්ද? සම්භාව්‍ය යැයි කියා ති‍බෙන ‍ප්‍රෝඩාවලට ඔවුන් උදාහරණයක් දෙකක් දැක්වූවානම් අගනේ යැයි හිතේ. එවිට අපිට කරුණු පැහැදිලි කර දෙන්නට තිබිණි.

404689_118000688357733_519935123_n

ටිකක් සංකීර්ණ චිත්තරපටියත් තේරෙන්නට නම් සිනමාව ගැන චුට්ටි අව‍බෝධයක් තිබිය යුත්තේය. මේ චුට්ටි අවබෝධය එක්තරා හුරුවකි. උදාහරණයක් විදියට අපේ ආච්චිලාට සමහර ටෙලි නාට්ටි තේරෙන්නේ නැතිය. ටෙලි නාට්ටි දෙකක තියෙන්නේ කතා දෙකක් බව තේරුම් ගන්නට ඔවුන්ට නොහැකිය.  ඒ වගේම චිත්තරපටි බලලා නැති තරුණ පරම්පරවේ කෙනෙකුට උණත් අතීතාවර්ජන (්ෆ්ලෑෂ් බැක්) තේරුම් ගන්නට නොහැකි අවස්ථා තිබේ. ඒ වගේම ඇතැම් සම්භාව්‍ය ‍නොවන චිත්තරපටිවල පවා තිබෙන අර පට්ට ගහපු සංකේත පවා ඒගොල්ලන්ට දිරවන්නේ නැත. (උදාහරණ- කොල්ලයි කෙල්ලයි සෙට් වෙන ‍කොට පරවි ජෝඩුවක් පෙන්වීම) ඒ නිසා පරණ පරම්පරාවල අය මේ මොන මළ විකාර දැයි චිත්තරපටි ප්‍රතික්ෂේප කරපු අවස්ථාත් තිබේ. සම්භාව්‍ය චිත්තරපටි අලුයම ලූ කෙළ පිඩක් වාගේ නොබලාම ප්‍රතික්ෂේප කොරන්නට ඔය හේතුවත් බලපාවාය.
අනිත් එක හැම සම්භාව්‍ය චිත්තරපටියක්ම හඅමෝටම වදින්නේ නැත. පෟද්ගලිකව කෙනෙකුට සෙට් නොවෙන විදියේ එකක් හා හා පුරා කියා බැලුවොත් උගේ චිත්තරපටි ලෝලයට බුදු සරණය. ඒ වගේම කවුරුහරි  සම්භාව්‍ය චිත්තරපටි දෙක තුනක් හරි බලලා ඒවා තේරුම් ගන්න උත්සාහ කොරලා ඒව බලන එක ස්ටොප් කරනවා නම් හොඳය. (සිගරැට් බොන්නත්, ඩාක් චොකලට් කන්නත් පුරුදු වෙන්න ඕනලු. ඒත් මම ඔය දෙකම කරලා නැති නිසි මං ඒ ගැන මොකුත් කියන්න දන්නනේ නැත.ඒත් එක දෙයක් දනිමි. චිත්තරපටිවලට ඇබ්බැහි වීමේ අතුරු ප්‍රතිඵල නම් අඩුය)
අනිත් එක ඔය ජනප්‍රිය සම්භාව්‍ය කියන බේදේ ඉරක් ගහලා වෙන් කරන්න නම් බැරිය. ඔය ලයිෆ් ඉස් බියුටිෆුල් එහෙම් සම්භාව්‍යය එකක් විදියට සැලකුවට ඒක ජනප්‍රිය ලක්ෂණ තියෙන එකක්ලුනේ. ඒ කියන්නේ බොහෝ චිත්තරපටි කිරි කෝපි වගෙයි හිතමු. අපිට ඕන නම් පුලුවනි කිරි ටිකක් දාල කෝපි බොන්න. නැත්තම් ‍කෝපි ටිකක් දාල කිරි බොන්න. කිරි රහට කැමති අය ඉන්නවන්ම් එහෙමයි. කෝපිවලට කැමති නම් අහමයි. හ්ම්.. ඒ කියන්නේ ජනප්‍රිය රැල්ලේ වගේ සම්භාව්‍ය චිත්තරපටියි, සම්භාව්‍ය වගේ ජනප්‍රිය චිත්තරපටියි දකින්න පුලුවන්.
ඒක හින්දා සම්භාව්‍ය චිත්තරපටි කියන්නේ මුලාවක්ය, හපෝ මගේ බල්ලාවත් ඕව බලන්නේ නැතිය, ඒ වගේ ෆිලුම් හොදයි කියන උන්ට පිස්සුය; කියල කියන මූලධර්මවාදී අදහස්වලට යන එකේ තේරුමක් නැත. තමන්ම තමන්ගේ අදහස් කියා පාන්නට අයිතිවාසිකමක් තිබුණත් ලේඛණමය මුඛරිකම අන්තවාදී විදියට යොදාගැනීම හරි නැතැයි හැගේ.
කර්ම මේ වගේය
ඇත්තය. කර්මවල අවුලක් තිබේ. මම තව එකෙක් ඇදගෙන කරුම බලන්න ගියේ සංකාරා ගැන කියා උගේ රසඥතාව නෙළුම් කුළුණ (දැන් හැදෙමින් තිබෙන)ටත් වඩා උසට තැනකට යවලාය.කර්ම බලන අතරේ යාලුවා අතරමග නැගී සිට බෝඩිමට ගියේ නැති එකට මම ඔහු‍ට ස්තුතිවන්ත වූයේ ඔහු වැඩිපුරම කැමති සේව්න් ප්‍රයිවට් රයන්, ලාස්ට් සමුරායි වගේ ඒවාට නිසාය. අක්කා තරම් නංගිගේ ගතියක් නැත. එහෙත් සංකාරා වගේ ‍නොවුණත් චිත්තර පටියේ අවුල මහා ලොකු අවුලක් ‍නොවේ.
තියෙන්නේ කියන්නට යන සරල කතාව සංකීර්ඛ ආකෘතියකින් කියන්නට ගොස් ප්‍රසන්න වැඩේ දෙල් කර ගැනීමකි. මොකද තෝරා ගත් ආකෘතිය සංකීර්ණ වැඩිය. එමෙන්ම එය හරියට පෙළගැසී නැති ගානය. ඒ නිසා සංකීර්ණත්වයට වැඩිය අවුල් ගතියක්ය පෙනෙන්නට තියෙන්නේ. මේ කතාව මෙහෙම කිව්වොත් වඩා පැහැදිලිය. සම්භාව්‍ය චිත්තරපටි 90%කම කතන්දරයක් තිබේ. ඒත් ඒවා කියන විදිය වෙනස්ය..
අනිත් එක චිත්තරපටියක කතාව ගැන ඕනවට වඩා හිතන්න යන එකත් හරි නැත. මොකද කතා කියල චිත්තරපටිකරුවන්ට දැන් ඇති වෙලා තියෙන හින්දාය. මේක තේරුම්ගන්න කවි වල පරිනාමය ගැන හිතන එක හොදය. ඉස්සර කවි ලිව්වේ කතා කියන්නය. (උදා- සද කිදුරුව, සුදෝ සුදු, වවුලුව) දැන් කවුරුවත් කවිවලින් කතා කියන්නේ නැත. ආරියවංශ රණවීරගේ කවිවලින් කතා හොයන්නට ගියොත් නවතින්නේ පිස්සු දෙවරක් හැදීමෙනි. ච්ත්තරපටියේ පරිනාමයත් ඒ වගේමය. කවියේ අන්තර්ගතයට වඩා පද ගැටෙන විදිය වගේ දේවල්වලින් මතු කොරන හැගීම් ආදිය ගැන දැන් කවියෝ සැලකිලිමත් වෙනවා.
ඒත් මේ අස්සෙත් කවියෙන් කතන්දර ලක්ෂණ කියවෙනවා. නූතන නිසදැස් කවියෙ පවි පොඩි පොඩි කතා තියෙවනනේ. ඔය මස්ඉබුලගේ කවි ‍ගොඩක් එහෙමයි. ඒ වගේ තමයි කවිය පරිනාමය උණා වගේ සිනමාවත් පරිනාමය වෙලා. අපි විඳින්නේ ඒකේ තියෙන රූපාවලිය මිසක්කා මුල මැද අග ගලපපු කතාවක් නොවෙයි. බලන්නන ඔය චිත්තරපටියේ රූප යොදාගන්න එකේ කිසියම් කාව්‍යාත්මක බවක් තියෙනවා නේද කියග. ඒක අපිට සිංහල සිනමාවෙදි දකින්න ලැබෙන දෙයක් නොවෙයි.ලයිටින් තමයි ඒකට ගොඩක් උදව් වෙලා තියෙන්නේ.
මම කියපු ‍දේවල වැරදි හරි නොගැලපෙන තැනක් හරි තියේ නම් ඒ ගැන කියන්න)
 කොහොම උණත් අවසානේ කියන්න තියෙන්නේ ජනප්‍රිය කියා කට ඇද කරන එකත් සම්භාව්‍ය කියා තොල නොපිට පෙරලලා බලන එකත් කියන අන්ත දෙකම හොද නැති බව තමයි.

ලිව්වේ අඩි පාර

52 comments:

  1. blogger_logo_round_35

    හොඳ කමෙන්ට් එකක්....

    ඇත්ත.. නොබලාම විවේචනය කරන එක මෝඩකමක් කියලා හිතුන නිසා මාත් කිසිම දෙයක් නොලියා මඟ ඇරියා ෆිල්ම් එක ගැන... නමුත් සිංහල සම්භව්‍ය චිත්‍රපට ගැන පොදුවේ තියෙන ම‌ෙග් මතය නම් .... ලාංකීය සමාජයේ තියෙන කුණු, ලොරි පිටින් අපේ වත්තට දාගන්නවා ඇරෙන්න වෙන දෙයක් මේ චිත්‍රපටි වලින් කෙරෙන්නේ නෑ කියන එක...

    එක එක අධ්‍යකෂකවරැ, එක එක විදියේ අත්හදා බැලීම් කරනවා.. බොහොමයක් තවත් රටක සිනමාවකින් උපුටා ගත්තා වූ ආකෘතියක් යොදාගෙන සිංහල භාෂවෙන් චිත්‍රපටියක් කරන්න උත්සාහ කරනවා...

    උදාහරණයක් විදියට, හින්දි වාණිජ සිනමා කෘතියක ආකෘතියට හදපු ලංකාවේ චිත්‍රපටි බලන්න හිතෙන්නේ නැති තරම් අප්‍රියයි...

    මෑත කාලයෙදි ගොඩක් අධ්‍යකෂකවරැ වරද්ද ගත්ත තැන එතනයි...

    ඒ අතින් අබා, කුස පබා , මහින්දාගමනය යම් තරමකින් සාර්ථකයි කියලා මට හිතෙනවා... ඒ ලාංකීය සමාජයට ගැලපෙන, මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් සිනමා ආකෘතියක් තෝර ගත්ත නිසා කියල මම හිතන්නේ..... ( මම ඒ කියපු ෆිල්ම්ස් වලත් වැඩකට ඇති දෙයක් නම් දැක්කේ නෑ.... හින්දි වලට හපන්... ඒක වෙනම කතාවක්..)

    ( මම කර්ම බැලුවේ නෑ... මේ ඒ චිත්‍රපටයටම අදාළව දාපු කමෙන්ට් එකක් නෙවෙයි... අවුලක් වගේ නම් අයින් කළාටත් කමක් නෑ... )

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නලීන් අයියේ...

      සුභ උපන් දිනයක් වේවා... සොරි වෙන්ඩෑ පරක්කු උනාට... මම දන්නේ දැං නේ... හි හි..

      ඔයාගේ උපන් දිනේ මං අමතක වෙන එකක් නෑ... අපේ මස්සිනාගේ උපන් දිනෙත් ඊයේ නේ... හි හි... ආ.. නේරංජි නංගිගෙත් උපන් දිනේ ඊයේ....

      Delete
    2. blogger_logo_round_35
  2. images

    මේ චිත්‍රපටිය බලලා නම් නෑ. යාළුවෝ සෙට් එකත් එක්ක ගිහින් බලන්න කියලා හිතුවේ.
    එදාට මගේ අදහසුත් ලියන්නම්.

    ReplyDelete
  3. blogger_logo_round_35

    චිත්‍රපටියේ මුල් ටික කොයිල් වගේ වුනේය, අවසානය දඩිබිඩි ගා ගලාගෙන ගියේය... කෙසේවුවත් ප්‍රසන්නගේ නිර්මාණය super six, වැනි කුණු බක්කි ගොඩක් මැදට පැමිණි සුදු හංසයෙක් වැනිය...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ප්‍රසන්න දක්ෂයෙක් ඒත් කර්ම වලදීනම් ඇනගෙන කියලයි මගේ හැඟිම

      Delete
  4. Reading-a-book-001

    මටත් චිත්‍රපටිය නොබල මේගැන මුකුත් කියන්න බෑ. මොනව වුණත් ප්‍රසන්න දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂ වරයෙක්.

    ReplyDelete
    Replies
    1. Reading-a-book-001

      ආ.. කියන්න බැරිවුණා.. අද මං මේ පැත්තට කළින් ඇවිත් තිබුණත් කමෙන්ට් කළේ නෑ. අද තමයි ඉස්සරලම මේ විධියට ආවෙ. මේක වෙනස් විධියෙ බ්ලොග් එකක්. ඇත්තටම වටිනවා.

      Delete
    2. blogger_logo_round_35

      සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් පාඨක සහෝ....

      Delete
    3. Reading-a-book-001

      මං හිතන්නෙ මේක ඔයා දකින්න ඇති. මීට වෙනස් විදියෙ විචාරයක්. තිබුණේ ඊයෙ දිනමිණ පත්තරේ. ලියල තිබුණේ නාමෙල් විරමුණි.
      මෙන්න ලින්ක්එක http://www.dinamina.lk/2012/11/01/_art.asp?fn=f1211014

      Delete
    4. blogger_logo_round_35

      පාටකයා සහෝ මම දිනමිණ පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ.

      Delete
    5. Reading-a-book-001
  5. Untitled

    මමත් කර්ම බලලා නෑ..... ඒ නිසා කියන්න දන්නේ නෑ මොකවත්....... :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සමනළියෝ මොකට කරුම බලන්න යනවද....යන්නකෝ හොඳ මල්ගොමුවකට....

      Delete
  6. Untitled-1.

    මෙච්චරම කියන එකේ බලලම ඉන්නම්කො...කොහොම උනත් ඕනෑම දෙයක් ගැන ඕනෑම කෙනෙකුට වෙනස් විදියට හිතෙන්න පුළුවන් නිසා...මේක ත් ඒ වගේ වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අදහස් විවිධයිනේ ළිහිණි...

      Delete
  7. 11312781_909946182385043_9158189637692344954_o

    මම බැලුවා ෆිල්ම් එක. නිකං මඤ්ඤං වගේ :)

    ReplyDelete
  8. blank

    ෆිල්ම් එක බැලුවේ නෑ තවම. ඊයේ නලින් අයියගේ උපන් දිනේ ද..?
    පහුවුණු උපන් දිනයට සුබ පැතුම්!! :)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි මලේ

      Delete
  9. .com/img/b/R29vZ2xl/AVvXsEjCABF-9LkgWXnVfBZ2fOfsN0gmo1D38rjMly81AbOZGDB34exw3oVH8yr86_cTW2sOpkj2XBQe0NH7VxMmgHQ7XuPFz8rvunmHzW3iunEb4ttVNUyIuu7VJrarfYpgmR0/s45-c/

    තාම බැලුවේ නෑ..

    ReplyDelete
  10. new

    මම ඉන්ටර්නෙට් එකට ආවම බලන්න ඉන්නේ අදහස් ප්‍රකාශ කිරීමට නොහැක.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හරි කෝරලේ මහත්තයෝ...

      Delete
  11. Bl

    මාත් තාම බැලුවේ නෑ. ඒ හින්දා මුකුත්ම කියන්න බෑ ඔය ගැන. :)

    ඊයේ නේ උපන් දිනේ?

    සුබ උපන් දිනයක් වේවා කියලා පතනවා උපන් දිනේ පහුවුනත්! ආයනම් අමතක් වෙන්නේ නැති වෙයි. මගෙයි,නලීන් අයියාගෙයි උපන්දින ඒක ළගනේ. :)

    මේ කුරුල්ලට වෙඩි තියලා දාන්ටකෝ.නැත්නම් මං වෙඩි තියලා අයින් කරලා දෙන්නද? ;)

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි මලේ...මේ ඔයාගේ උපන්දිනේ කවද්ද. මේ කුරුල්ලා අයින් කරන්න මම දන්නේ නැ මලේ.

      Delete
    2. Bl

      Nov 2.මගේ බ්ලොග් ඒකෙ ඊයේ දාපු පෝස්ට් ඒකෙ ඒ ගැන කිව්වා.අයියාට ඒක තේරිලා නෑ.

      Delete
  12. IMG_20190902_075227

    සුබ උපන්දිනයක් වේවා! නලීන් මල්ලී. චිත්‍ර පටිය නොබලා දෙයක් කියන්න යන්නෙ නෑ. විචාර ගැනත් කියන්න බැහැනෙ බලන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි චාන්දි අක්කා....

      Delete
  13. spidy

    තේරුම් ගන්න පුලුවන් විදියට ලියලා තිබුනත්, මම තේරුම් ගන්න හැදුවෙ නෑ. මට කර්ම බලන්න කම්මැලි

    ReplyDelete
  14. 13489458-original

    "අඩි පාර"ගේ මතය 100%ක්ම පිලිගැනීමට කැමැත්තෙමි..

    තවද,
    විචාරය ඔස්සේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට යෑම නතර කරනනේ නම්, එම විචාරය දුර්වල විචරයක් බව සිතමි..

    නමුත්,
    විචාරය ඔස්සේ ස්වාදීන මතයක් ඉදිරිපත් කර, එම මතය සාධාරනද? නැද්ද? යන්න තීරණය කිරීමට විචාරය කියවන්නාට සිනමා ශාලාවට යාමට ඉඩක් තබන්නේ නම්, එම විචාරය ප්‍රශස්ත විචාරයක් සේ සලකමි..

    එක් අතකින් එය චිත්‍රපට කර්මාන්තයේ වර්ධනයට මෙන්ම, බුධිමත් ප්‍රේක්ශක පිරිසක් බිහිවීමටද හේතුවේ...

    කෙසේ වෙතත් දැනඋගත් වැඩිහිටියෙකුට "කර්ම" චිත්‍රපටය ඉවරවන තුරු නැරඹීමට හැකියැයි සිතමි..

    || ස්තුතියි ||

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දැනඋගත් වැඩිහිටි ගනිඳු සහෝ.......//විචාරය ඔස්සේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට යෑම නතර කරනනේ නම්// මේ වැකිය දෙස හොඳින් විමසිල්ලෙන් බලන්න.....

      Delete
    2. 13489458-original

      නලීන් සහෝ.. දැන උගත් වැඩිහිටියෙක් යැයි සඳහන් කලේ "මම" ගැන නම් නොවේ.. හැම පැත්තෙන්ම දකින්න බලන්න..

      Delete
    3. blogger_logo_round_35

      ගන්දු වරදක් වී ඇත සමාවන්න...

      Delete
  15. cutebaby05

    හිතන්න දෙයක් තියෙන කොමෙන්ටුවක්. චිත්‍රපටය බලා නැති නිසා ඒ ගැන අදහස් දැක්විය නොහැක. මේ අදහස් වලට නම් එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බැලු දවසක අවංක අදහස කියන්නකෝ

      Delete
  16. blogger_logo_round_35

    සුභ උපන් දිනක් පහු වේලා හරි අපේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි ගයානි නංගි.....

      Delete
  17. blogger_logo_round_35

    ඇත්තමයි මට චිත්තපටියේ මුල මැද අග හොයාගන්න www.karma.lk වල තිබ්බ විස්තරය කියවන්න වුණා. දෙපාරක් බැලුවා. මම ටික කාලෙක ඉදන් තමයි චිත්තපට රසවිදිමින් බලන්න ගත්තේ (විශේෂයෙන් සිංහල). සමහර විට ඒක හින්දා වෙන්න ඇති තේරුම් ගන්න අපහසු වුනේ. කෙසේ වෙතත් විත්තපටය අනවශ්‍යය ලෙස සංකීර්ණ කොට දක්වා ඇති බව මගේත් පිළිගැනීමයි. සමහර විට ඒ පසන්න දැකපු හැටි වෙන්න ඇති . . .

    මෙම ලිපියට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බලන්න ගිය හැමෝටම වුණේ ඔය සෙතේම තමා. ඒත් අර සීතාම්බර න්‍යාෙයන් මේකට්ටිය ගොඩ එන්න හදනවා.
      ස්තුතියි කමෙන්ටුවට

      Delete
    2. blogger_logo_round_35

      නමුත් නලීන් ඔබ කියන්නේ මේ චිත්තපටයේ ගන්නට දෙයක් ඇත්තේම නැහැ කියලද?

      Delete
    3. blogger_logo_round_35

      දොන් ගමගේ සහෝ ඉහත ඇත්තේ මගේ අදහස නොව. සංවාදයට එක් වු තැනැත්තෙකුගේ අදහසයි. මගේ අදහස මෙතැනින් කියවන්න

      Delete
    4. blank

      මම කර්ම බලන්න ගියේ තව කැම්පස් එකේ යාලුවෝ කට්ටියක් එක්ක.. සමහර විට අපි කට්ටිය එක් එක්කෙනා එක්ක කතා කර කර බලපු නිසාද දන්නේ නැ කතාවේ අවසානයේදී කතාව පෙලගස්සවා ගැනීම අපහසු වුනේ නැ..
      ~RRH~

      Delete
  18. 0-02-07-3f63af7d300f2e5611db6090e07335e8092fdd12d3a5d3c36d7c61d1ad51223f_full+-+Copy

    තවම මම කර්ම බැලුවේ නැති නිසා හරියට යමක් කියන්න බැහැ. බැලුවාට පස්සේ යමක් කියන්න පුලුවන් වේවි.

    පෝස්ට් එක කියෙව්වාමයි මේක කියන්න හිතුණේ. ඡේද වෙන් කරන්න මහත්තයෝ නැත්නම් කියවන්න අමාරුයි වගේ

    ReplyDelete
  19. images+%2826%29
  20. 552926_2892528526271_1652024952_2099500_2138682241_n

    අයියෝ තම බලන්න බැරි උනානේ
    බලලම කියන්නම්

    ReplyDelete
  21. sira

    තාම බැලුවෙ නෑ... එකම ෂොට් එකේ දිගු වෙලාවක් තියෙන නිසා බලන් ඉන්න කම්මැලියි කියලා නම් සමහර උන් කිව්වා...

    ReplyDelete
  22. blank

    බලන්නම්කෝ අන්කල්..සුභ උපන් දිනක්..

    ReplyDelete
  23. blogger_logo_round_35

    ඕං... ඕං... ඉතින් මට ආයෙත් කට දාන්න උණානේ... නලින් සහෝ මට නම් හිතෙන්නේ සීතාම්බර කතාව කර්ම එකට සැර වැඩියි කියල... මොකද ඒකෙ පොඩ් පොඩි අවුල් තිබුණට ප්‍රෝඪාවක් ක‍ළේ නැහැ.. සුපර් සික්ස් නම් සීතාම්බර තියරිය ගේන්න තමයි හැදුවේ. මාධ්‍ය හරහා පට්ට ගේමක් නේ එයා දුන්නේ.. ලංකාවේ වැඩිම මුදලක් වැය කරපු පට්ට කොමර්ෂල් එක බව කියල එත් කර්ම ඊට වඩා වෙනස්...
    කර්ම ප්‍රෝඪාවක් ක‍රල නැහැ. ඒත් තව ටිකක් මට සිලිටි උනා නම් හරි...

    ReplyDelete
  24. blank

    කර්ම බැලුවා.. මගේ අදහස නම් චිත්‍රපටය ඇතුලේ ප්‍රසන්න ජයකොඩි ඉස්මතු කරන්න හදලා තියෙන තේමාව හොඳයි. ඒක කාලෝචිතයි.. යම් ප්‍රමාණනයකට සාර්ථක වෙලා තියෙනවා.. නමුත් අඩුපාඩු නැතුවාම නොවේ. අර නලින් අයියා කිව්වා වගේ මුලදීම තියෙන හුස්ම ගන්න ශබ්දය ඇත්තටම වදයක්.. ඒත් මට නම් ඒ නිර්මාණය එපා වුනේ නැ..මිනිස් හැඟිම් හා ආශාවන්.. ජීවිතේ අභියෝග හා පසුතැවීම්..ආදරය හා රාගය..පිහිට වීම තුලින් ලැබෙන ආත්ම තෘප්තිය.. මේ සියල්ල එකට එක කරන්න ගත්තු උත්සහයක් කියලා තමා මම මේ නිර්මාණය දැක්කේ.. 100%ක් ඒ උත්සහය සාර්ථක නැ.. නමුත් මට දැනුනු විදිහට ප්‍රසන්න ජයකොඩි 75%ක් සාර්ථකයි.. ප්‍රධානම දේ අපි සිනමා ශාලාව ඇතුලට යන්න ඕනේ ප්‍රසන්න ජයකොඩි කියන සිනමාකරුවාව හිතින් අමතක කරලා.. එහෙම නැතුව එයාගේ කලින් නිර්මාණ ඔලුවේ තියාගෙන ගියොත් නම් රසවින්දනයට ඒක බධාවක් වෙන්න පුළුවන්.. ඒක හරියට කලින් හිටිය පෙම්වතාව දැන් ඉන්න පෙම්වතා සමඟ සසඳනකොට මේ පෙම්වතාගේ අඩුපාඩු වැඩිපුර පේනවා හා සමාන දෙයක්.. :)
    ~රතු හැට්ටකාරි~
    (Red Riding Hood)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT