සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

උස දළුවලට කිසිම තරඟයක් නෑ
ටැන්සානියා චාරකාවේ මුල් කොටස් කියවන්න
1 කොටස
2 කොටස
සෙරෙන්ගෙටි (Serengeti) ‘නිම් නොපෙනෙන තැනිතලාව’  (endless plain) - මේ ලස්සණ වචනයේ තේරුමයි.  ටැන්සානියාවෙ ඇති පැරණිතම සහ වඩාත්ම ජනප්‍රිය වනෝද්‍යානයයි මේ. වසර මිලියන ගණනක් පුරාවටම මෙහි පරිසර පද්ධතිය වෙනස්වී ඇත්තේ ඉතාම ස්වල්ප වශයෙන් බවයි දැනගන්නට ලැබුණේ. හැම තැනම විසිරී තිබූ කුඩා ගල් කඳු දැක්කම මගදිගට මතක්වුණෙ ලයන් කිං කාටූන් චිත්‍රපටය. කිසිම වෙනසක් නෑ ඒ වගේමයි.

ගොරොන්ගෝරෝ සිට සෙරෙන්ගෙටි දක්වා එන්න අපිට පැය 2ක් පමණ ගතවුණා. වනෝද්‍යානයට ඇතුළුවෙන්නත් කලින් මුලින්ම හම්බුණෙ ජිරාෆ් රංචුවක්. 25ක් විතර එක රංචුවට කොහෙදෝ යනවා. තැනිතලාවෙ උසට උසේ අපි ඉදිරියට එන ජිරාෆ්ලව දැක්කම එකපාරටම මතක්වුණෙ,  ජුරාසික් පාක් වල ඉස්සරලාම ඩයිනෝසර්ලව දැක්ක හැටි. ජිරාෆ්ලා බලන්න නතරවුණාම ‘මසායි’ මිනිසුන් කිහිප දෙනෙක්ම ආවා අපි ළඟට. (මසායි ගමේ විස්තර පසුව ලියන්නම්). චාල්ස් කලින්ම අපිට දැනුම්දී තිබුණා පිංතූර ගත්තොත් සල්ලි ගෙවන්න වන වග. 
මේ වෙනකොට හවස් වෙලා. තද සීතලකුත් දැණුනා. චාල්ස් ටිකට් රැගෙන එනකල් අපි ළඟ තිබුණු ගලට නැග්ගා. පෙනෙන තෙක් මානෙ ඇති තැනිතලාව දෙකට බෙදිලා හරියට ඉරක් ගැහුවා වගේ පෙනෙන ගුරු පාරෙන්. 

රෑ වෙන්න කලින් අපිට නවාතැනට යන්න පුළුවන්වුණා. හිත වෙලාගන්න ආදරණීය පිළිගැනීම නැවතත්! මහන්සිය නිවාගන්න හිතාගෙන එළියෙ ආලින්දයට වෙලා කේක් කාලා කෝපි එකක් බොන්න ලෑස්ති වුණා. මම හරි බරි ගැහිලා ඉඳගන්න ටිකට මේසෙටම ඇවිත් මගෙ කේක් කෑල්ලත් උදුරගෙන දිව්වෙ ලොකුම ලොකු වඳුරෙක්. 
පහුවදා අපි දවල් කෑමත් අරන් උදෙන්ම පිටත්වුණා. අපි යනකොටත් සෆාරි ජීප් 5ක් 6ක්ම ඇවිත්. මෙච්චර ගොඩක් මොනාද බලන්නෙ. සිංහ ජෝඩුවක්!. සිංහධේනුවට බඩගිනි නැතුව ඇති. නැත්නම් වටේටම සීබ්රා.ලා ඉඳිද්දි අහක බලාගෙන ඉඳීයැ. හිටපු ගමන් සීබ්රාටලාව ටික දුරක් පන්නලා ආපහු එනවා. සිංහයා නම් හිටියෙ හැංගිලා අපි දිහා හොරෙන් බලාගෙන. මෙච්චර සෙනඟක් වටවෙලා ඉන්නවා. දෙන්නට ගානක්වත් නෑ.  
සෙරෙන්ගෙටි මේතරම්ම ප්‍රසිද්ධ වෙන්නේ සත්ව සංක්‍රමණය නිසා (Great migration). උතුරු කඳුකර පළාත්වල සිට දකුණු තණබිම් දක්වා නැවුම් ආහාර සොයා යන මිලියනයකට වැඩිවූ විල්ඩබීස්ට් සහ මිලියන 2ක් පමණවූ සීබ්‍රාවන්ගෙන් මේ කාලයට සෙරෙන්ගෙටි පිරිලා. තැන්න පුරාම පෙනෙන තෙක් මානෙ සතුන්. චූටි සිබ්‍රා  පැටවුන් අම්මලගෙ ඇගේ දැවටි දැවටි සෙල්ලම් කරන හැටි  බලන්න අපූරුයි. සතුන් රෑනක් පාර හරහා යනකල් වාහන නතර කරගෙන සිටි අයුරු, අමතන නොවෙන අත්දැකීමක්. සීබ්‍රා හා විල්ඩබීස්ට් ළඟට වැඩියෙන්ම දකින්න ලැබුණෙ ඉම්පාලා. හරිම හුරුබුහුටියි. චූටි වලිගය හරියට මෝටරයක් හයි කරලා වාගෙ සෙලවෙන වේගෙ.
 හැමතිස්සෙම දුවන්න බලාගෙන ඉන්නෙ. වස්ගමුවෙ, මින්නේරියෙ ගියා වගේමයි; රංචු රංචු අලි හැමතැනම. ලොකු කන් දෙක නිසා අපේ අලි වගේ ලස්සණ නැතිවුණත් අලි සෙල්ලම් බලා ඉන්න ආසයි. අළුතින්ම දැක්ක කෙනා තමයි ටොපි (Topi).  ඊට අමතරව කුරුල්ලොත් ගොඩක් හිටියා. සමහර ගස්වල කුරුළු කූඩු පිරිලා. 
අපි යන පාරෙ අපේ ඉස්සරහටම එන කෙනාව දැක්කම චාල්ස්ටත් පුදුමයි. අද දවසෙ වටිනාම අවස්ථාව! ගස් උඩ ඉන්නවා දැක්කට මේ විදිහට බිමට බැහැලා ඉන්න දිවියා, දවාලට දුලබ දසුනක්ලු. චාල්ස් වාහනේ නතර කරගත්තා. දිවියා හෙමීට අපිව පහුකරගෙන ගිහින් අපි ළඟම තිබුණු වලකින් වතුර බොනවා. බලන්න ලස්සණ සම! මේ ලස්සණ හම නිසා දිවියන් කීදෙනෙක්ට ජීවිතය අහිමි වෙනවද. වතුර බීලා,  චුට්ටක් වෙලා ඉඳගෙන වටපිට බල බල ඉඳලා යන්න ගියා. 



හවස් වෙනකොට වැස්සකටත් මැදිවුණා. වැස්ස පටන්ගත්තෙ හිපපොටේමස් පිරිලා හිටපු හිපෝ පූල් (Hipo pool) එක ළඟඳි. වලේ හිටපු හිපෝලා ගණන නම් හිතන්නවත් බෑ. කාගෙ ඔළුවද, කාගෙ ඇඟද කියලා හොයන්නත් බෑ. ඒගොල්ලන්ට නම් ලොකු ලොකු වැහි කැට වැටෙනකොට හරි සතුටුයි. ඒ වගේමයි අලින්ටත්. දවස තිස්සෙ නාගත්ත දූවිලි හේදිලා හරියට පාට පේන්නෙත් දැන්.



මුළු දවසම සෙරෙන්ගෙටිවල ගතකරත් ඇතිවීමක් නම් නෑ. කොහෙ බැලුවත් නෙත ගැටෙන්නෙ අපූරු දෙයක්: සත්තු, ගස්, එහෙමත් නැත්නම් කුඩා වැවක්. හවස් වෙනකොට බොහෝදේ අපේ මතකයේ රැඳිලා. ඈතින් දුටු සිංහ ජෝඩුවගෙ ආදරේ, මුළු රෑනක ආරක්ෂාවට මැදිවුණු සද්දන්ත කුලයේ පැටව්, ගස් උඩ නිදි කිරන දිවියන්, ඉම්පාලාත් එක්ක තරඟෙට දුවන ටොපි, ඇසිපිය නොහෙලා අපි දිහා බලාසිටි කුළු හරක් .. මේ දැනුත් මගෙ සිතේ මැවිලා. රයිනෝසිරස් හැර බිග් ෆයිව් වලින් අනිත් හතර දෙනාම හිතේ හැටියට බලාගන්න පුළුවන්වුණා. 



සංචාරකයින්ට විවේකගන්න තිබුණු තැනත් ලස්සණයි. එතන තිබුණු කුඩා කෞතුකාගාරයෙ ප්‍රදර්ශනය කර තිබූ, අපේ හිත් වලට තදින්ම කාවැදුණු මෙන්න මේ කියමනත් අරන් අපි හවස සෙරෙන්ගෙටි වලින් පිටවුණා.  මේ කැලේට, සතුන්ට ආදරය කරන මිනිසුන් කොයිතරම් නම් ඉන්නවද....
මේ තියෙන්නේ එහේදි ගත් පිංතූර ටිකක්






අපිට බය හිතුණට චූටි කුරුල්ලෝ කුළු හරක් එක්ක යාළුයි

අපිව දැක්කෙ නෑ වගේ ඇවිදින්නෙ

ඇවිදින ගස්

ඉම්පාලා රංචු , හැමතිස්සෙම කලබලෙන්

චූටි පැටියා බලන්නෙ හරියට 'අපේ පාරෙ කොහෙ යනවද' අහන්න වගේ

නිමක් නොපෙනේ

දුලබ දසුනක්

මෙන්න මෙහෙමයි තැනිතලාව පේන්නේ


මෙයා තමයි ටොපි (Topi)

ලයන් කිං මතක්වෙන්නේ නැද්ද මේවා දකිනකොට

රයිනෝ හිස්කබල

වැහි සතුටින් පිනාගිය හිපෝලා 






හයීනා පැටියා පස් නාගෙන


හුරුබුහුටි ඉම්පාලා


“But when, fifty years from now, a lion walks into the red dawn and roars resoundingly, it will mean something to people and quicken their hearts whether they are Africans or Europeans, or whether they speak English, German, Russian or Swahili. They will stand in quiet awe as, for the first time in their lives, they watch twenty thousand zebras wander across the endless plains” – Bernhard Grzimek 1959


චාරිකා සටහන  සහ සේයාරූ
 සමුද්‍රිකා හේරත්


48 comments:

  1. හරිම අපූරුයි, කියන්න වචන නැහැ. ලස්සන ඡායාරූප ටිකක්....

    ReplyDelete
  2. නියමයි !

    අප්‍රිකා මහද්වීපේ කියන වචනේ ඇහුනම හිතේ මැවෙන රූපෙට වඩා වැඩි දෙයක් එහෙ තියනවා කියලා දැනෙන්නේ මේ පෝස්ට කියවනකොටයි.

    මට මතක් වෙනවා "රුදුරු වනයේ ආරක්ෂකයා" කතා පොත. ඒකේ තියෙන්නේ රුවන්ඩාවෙදි සිදුවුන සිදුවීමක්. වැඩිපුරම තිබ්බේ ගෝරිල්ලෝ ගැන. ඇත්තටම මෙහෙ ගෝරිල්ලෝ නැද්ද?

    මම ආසයි අර කහ කුරුල්ලා ඉන්න ෆොටෝ එකට. :)

    ගොඩාක් ස්තූකියි අන්කල් මේ විස්තර අපි එක්ක බෙදා ගන්නවට. :) :) :) :) :)

    ජයෙන් ජය !!!!! :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමා! අප්‍රිකාව ගැන මමත් හිතාගෙන හිටිය හැටි වැරදි කියලා තේරුණෙ ගියාට පස්සෙ.

      ඒ කහ කුරුල්ලා අපි කෑම ගන්න වෙලාවෙ ළඟ තිබුණු චූටි පඳුරක වහලා හිටියා ගොඩක් වෙලා :)

      ටැන්සානියාවෙ ගෝරිල්ලො ගැන නම් මම අහලා නෑ.

      Delete
  3. සුපිරියි ඈ.......... ගිහින් බැලුව වගේ හැඟීමක් දැනුනේ පිං සිද්ධ වෙනවා නලින් අයියේ

    ReplyDelete
    Replies
    1. මට නෙමේ පිං මගේ යාලුවා සමූද්‍රිකාට....

      Delete
  4. සෙරෙන්ගෙටි ගියා වගෙයි,...

    ඔයා හරි ලස්සනට ලියල තියෙනවා.. සිද්දියෙන් සිද්දිය හරිම රසවත් විදියට විස්තර කරල තියෙන්නේ අපිව මනසින් සෙරෙන්ගෙටි අරගෙන යන විදියට

    හුඟාක් ස්තුතියි....

    ReplyDelete
  5. බොහොම ස්තුතියි!

    ReplyDelete
  6. පින්තූර ටිකට නම් ආස හිතුණා... මම ඔය සත්තු දැක දැකත් පාඩුවේ ඉන්න සිංහයෝ ගැන ඇහුවමයිද කොහෙදෝ...

    ReplyDelete
    Replies
    1. සුතුතියි ෂාන්!
      අපිටත් පුදුම හිතුණා. ඒත් සත්තු මිනිස්සුන්ට වඩා කොච්චර ‍හොඳද.. අවශ්‍යතාවයට විතරනෙ තවත් සතෙක් මරාගන්නෙ..

      Delete
  7. නියමයි අංකල් මේ සටහන්...කියෙව්වෙ නම් නෑ...විභාගෙ ඉවරවෙලා කොණක ඉඳන් සමකය වටේ යන්න ඕනේ..:)

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. Mama harima satutu una duwage comment ekata.palamuwa iganuma.mage loku duwath dan drade 9. Du o.l da a.l da. Kohoma unath oba daksha kellek,obata sada jaya.

      Delete
  8. හරිම අපූරු චාරිකා සටහනක්! :)

    ReplyDelete
  9. සේරන්ගෙටි පිළිබඳව චන්ද්‍රිකා රුපවාහිනි නාලිකා වලින් නැරඹු වාර්තා චිත්‍රපටි පිලිබඳ මතකය නැවත අලුත් වුනා. ගොරෝන්ගොරෝ ලියනකොට මුලට එන් අකුරක් එනවද? ඒ වචනේ තේරුම දැනගන්න ලැබුනේ නැද්ද? අප්‍රිකානු නම් හරිම අමුතුයි. නිතර අදහස් නොදැක්වුවත් අලුත් ලිපියක් පළවූ ගමන් මම බලනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව්, ගොරොන්ගෝරෝ ලියනකොට N වලින් පටන්ගන්නෙ. තේරුම දැනගන්න නම් ලැබුණෙ නෑ.
      හුඟක් ස්තුතියි විචාරයට!

      Delete
  10. හරිම අපුරුයි..කියන්න වචන නෑ.
    හයෙනා පැටව් පස් වලවල් වල නේද වැඩිපුර ඉන්නේ.
    සීබ්‍රා පැටියා නම් නියමයි!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන!
      ඔව් හයීනා හුඟක් වෙලාවට ඉන්නෙ පස් වලවල් හාරගෙන. වෙලාවකට වලවල් අස්සෙ ඉඳලා පෝලිමට එළියට එනවා දෙතුන් දෙනෙක්ම.

      Delete
  11. මැරෙන්න ඉස්සෙල්ලා අප්‍රිකාව දකින එක මගෙත් එක හීනයක්. අපූරු පින්තූර ටික.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා කරනවා ඒ හීනය සැබෑ කරගන්න ලැබේවා! කියලා

      Delete
    2. Dayabara gamini aiye, mama blog patangat wita mata shaktiyak une oya gamini aiye . Oya tama mata blog lokaye pirisa adurala dunne. E api dennama nalandiyo nisa. Mama kamati oyawa aduna ganna. FB mage no tiyanawa haki welawaka mawa amatanna.

      Delete
  12. මේ සතුන් මේ වගේ නිදහස් පරිසරයක ඉද්දි බලන්න ආසාවෙ බෑ...සතුන් හිර කරගෙන ඉන්නවා බලන්න මම අකමැති නිසා සත්තු වත්ත පැත්ත පළාතක යන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. සතුන්ගෙ සාමාන්‍ය හැසිරීම දකින්න පුළුවන් වෙන්නෙ නිදහස් පරිසරයෙදි විතරමයිනෙ. මේ සත්තු නම් හොඳටම හුරු වෙලා සංචාරකයින්ට. සමරහවිට අපිත් සත්තු කියලා හිතනවා ඇති :)

      Delete
    2. ඒක ඇත්ත,සතුන්ගෙ සාමාන්‍ය හැසිරීම දකින්න පුළුවන් වෙන්නෙ ස්වභාවික පරිසරයෙ විතරයිනෙ..

      Delete
  13. මාරයි. අනික ලස්සන පින්තූර ටික. ඔය මසායි ලා ගැන මම පාඩමක් කලා ගිය අවුරුද්දෙ. ඔය මිනිස්සු ටයර් වලින් සපත්තු හදාගන්නවා නේ? අනික ඇඳුමත් බෙඩ්සීට් ඔතාගෙන වගෙ. දුවන්නත් පුලුවන්. වතුර ප්‍රශ්ණෙකට ලන්ඩන් වල පාගමනකුත් ගියා කියලා ඒ පාඩමේ තිබ්බා මතකයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි!
      එහෙම සපත්තු හදනවද කියලා නම් දැනගන්න ලැබුණෙ නෑ.

      Delete
    2. බොහොම ස්තුතියි!
      ඒ විදිහට සපත්තු හදන බවක් දැනගන්න ලැබුණෙ නම් නෑ.

      Delete
    3. Henry aiye welawaka oya mata call karanna. Asai yawath sulohitayekwa hodin aduna ganna. Mage no FB tiyanawa.

      Delete
    4. Me dude aiya aananda or nalanda deken ekakada?

      Delete
  14. ලස්සන පින්තුර ටික..ස්තුතියි අපටත් බලන්න සැලස්සුවට...

    ReplyDelete
  15. ගොඩක් ස්තුතියි රෙහානි!

    ReplyDelete
  16. චාරිකාව කියවනකොට හිතට ආපු දෙවල් ඔක්කොම අඩුවක් නෑතුව අනිත් අය ලියල තියනව....ඈත්තටම හරිම චමත්කරජනක චාරිකවක් කියල හිතෙනව ...නලින් අයියා මෙ පාර ජායරුප වලට ලොකු ඉඩක් දිලා තියන එක නම් අගේ කරන්න ඔනෙ

    ReplyDelete
  17. ස්තුතියි නංගි! නලීන් මට ලබාදෙන අවස්ථාව මම ගොඩක්ම අගය කරනවා.

    ReplyDelete
  18. Ade pattayi samudrika akke
    Man hari aasayi oya vage thann vala.apita itin yanna puluvan lankaave than valata vitharane :/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි!
      ලංකාවෙත් යන්න තැන් කොච්චරක් නම් තියනවද මල්ලියෝ...

      Delete
  19. පින්තුර ටිකටයි මම ගොඩක්ම කැමති අංකල්..
    බොහොම ස්තුතියි අපිට මේවා කියවන්න දෙනවට..ඉක්මනින්ම වෙනස්ම ලිපි ටිකකුත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා..මට නම් කියන්න තියෙන්නේ..ඔයාල ගොඩක් වාසනාවන්තයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු. මොනවගේ ලිපිද ඕන කියන්න.වෙලාව තමා ගැටලුව.

      Delete
  20. පින්තූර ටිකේ වටිනාකම නම් කියලා නිම කරන්න බැ. මටත් ආසයි අප්පා මේ වගේ රටක ඇවිදින්න යන්න.

    ReplyDelete
    Replies
    1. සයුරිට යන්න බැරිකමක් නෑ‍ෙන්.යන්න හැකිෙව්වා කියා පතනවා

      Delete
  21. ටැන්සානියා ගියා හා සමානයි.

    ReplyDelete
  22. ස්තුතියි සුමිත්!

    ReplyDelete
  23. අප්රි කාව සුන්දර පරිසරයක් තියෙන, සුන්දර මිනිසුන් ඉන්න එයාලට වෙන් වුණු අපූරු සංස්කෘතියක් තියෙන රටවල එකතුවක්.. හම කළු උණාට සුදු හදවත් තියෙන මිනිසුන් ඉන්න... ඒත් අපි මුල්වරට දැක්කෙ යටත්විජිත පාලන කාලෙ සුද්දො අප්රිදකාව ගැන ඇඳල දුන්න චිත්රසයනෙ... මං හිතන්නෙ ඒ නිසා වෙන්න ඕන අපි අප්රිනකාව ගැන අමුතු තාලෙට හිතන් ඉන්නෙ.... අපූරු ලිපියක්... අළුතෙන් අපේ හිතේ සිතුවම් ඇඅ‍නෙ... ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සමකයට සාදරයෙන් පිළිගන්නවා තරුරසි ව.

      Delete
  24. ස්තුතියි තරුරසී! අපි ගිහින් ආව අළුතම, මේ පිංතූර ඉස්සරලම දැකපු කෙනෙක් කීවෙත් ඔය කතාවමයි: අපි අප්‍රිකාව දැකලා තිබුණෙ සුද්දො ඇඳලා දීපු චිත්‍රෙන් කියලා. හැබෑ රෑපය ඊට වඩා හාත්පසින්ම වෙනස්..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT