සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


පොත් පත්වලට හිත ඇති කාගේත් දැනගැනීම සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ අවසන් වටයට තේරීපත් වූ පොත් මොනවාද යන්න පෙන්වා දෙන්න හිතුවා.
දැඩි අවිවේකයකින් සිටියත් අපේ මිත්‍රයන්ට අවශ්‍ය නිසා ඉතාම කෙටියෙන් පහත දැක්වෙන්නේ එම නිර්දේශිත පොත් වර්ගීකරණ නාමාවලියයි. මේ පොත් ගැන ඔයාලගේ අදහසත් මට හරිම වටිනවා.
















33 comments:

  1. සම්මාන දීලා ඉවරයි නේද? මං දැක්කා කොහි හරි බ්ලොග් එකක තිබුනා හොඳම නවකථාව කියලා එකක් තේරුවේ නැද්ද මොකද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. සම්මාන උලෙළ ඉවරයි. මේ තියෙන්නේ නිර්දේශ වූ පොත් නාමාවලිය.

      Delete
    2. හොඳම නවකතාවට සම්මානයක් දුන්නේ නැත්තේ මේකේ නෙමෙයි ගොඩගේ සම්මාන උළෙලේ
      මේකේ හොඳම නවකතාව නයිගලින් උපන් පුත්‍රයෝ
      http://www.divaina.com/2012/10/01/news04.html

      Delete
    3. ආහ් එහෙම නේද? ස්තුතියි. හැබැයි පාඨකයින්ට අසාධාරණයක් වෙනවා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි පුන පුනා කියන්නේ ස්වර්ණ පුස්තකේ ගැන විතරයිනේ. ගොඩගේ සම්මාන ලබපුවා, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබපුවා ගැන සඳහනක් වත් නැහැ......... මේ කියන පොත් සමහර ඒවා හැර බොහොමයක් ඒකේදි දැක්කද මතකත් නැහැ.

      Delete
    4. රාජ්‍ය සාහිත්‍ය උත්සවේ නම් තිබ්බේ පොත් ප්‍රදර්ශනයෙන් පස්සේ
      පියැසි කවුලුවයි, රතු ඉද්දයි ස්වර්ණපුස්තක අවසාන වටේට ආපු නිසා ඒවාට නම් ප්‍රසිද්ධියක් ලැබුනා අනික් ඒවා නම් එච්චරම ප්‍රසිද්ධ උනේ නැහැ තමා

      Delete
    5. @ම.....බොහොම ස්තුතියි මිත්‍රයා ඔබගේ පැමිණීමට.මවිසින් දියයුතු පිළිතුරු ඔබ නිවැරදිව දී ඇත.

      Delete
  2. ඕ... කෙටි කතා ටික නම් ෂෝක්.

    ReplyDelete
    Replies
    1. මාත් තාම කියෙව්වේ නෑ මල්ලී

      Delete
  3. මට තාම මේ පොත් සෙට් එක කියවන්න හම්බවුනේ නෑ. :( චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු කෙටි කතා පොත හොදයිද?

    ReplyDelete
    Replies
    1. චන්දනගේ පරිවර්ථන නරකම නෑ ඉෂාන්

      Delete
  4. කාලෝචිත ලිපියක් අංකල් ..මම නම් පිටු අඩු අකුරු ලොකු පොත් විතරයි කියවන්න ආසා :)

    ReplyDelete
    Replies
    1. අනේ රූ මොකද අකුරු ලොකු ඒව විතරක් කියවන්නේ.

      Delete
  5. මේක නම් හරිම වටින පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. පොත පතට ලැදි අයට වැදගත් වේවි කියා හිතූ නිසයි මේ පෝස්ට් එක දැම්මේ.

      Delete
  6. මේ පොත් නම් මම කියවල නෑ. ලංකාව ගැන වර්ණනාවක් පොතේ මුල් ග්‍රන්ථය කවුද ලිව්වේ කියලා දන්නේ නැද්ද.. කීයේ අවුරුද්දේ වගේ ලියපු එකක් ද.. ඒ වගේ පොත් වලට නම් කැමතියි මමත්.

    ReplyDelete
    Replies
    1. චන්දන මම ඒක හොයල කියන්නම්.

      Delete
  7. මම ආයෙත් කියවන්න පටන්ගත්තාම අංකල් කියන පොතුත් කියවන්නම්.කැම්පස් වහල නිසා ලයිබ්‍රි යන්න විදිහකුත් නැහැ,,

    ස්තුතියි අංකල්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ටිකේ සින්දු කිය කියා ඉම්මු නේද හිරූ

      Delete
  8. හප්පේ...ඇති යාන්තම්...මෙන්න කොමෙන්ට් බොක්ස් එක ආයේ වෙනස්කරලා...අනේ දෙයියනේ වැඩිවැඩියෙන් අපි ලැබෙන්න ඕනෙ. මොකක් වෙලාද මන්ද පහුගිය දවසවල මට කොමෙන්ට් කරන්ම බෑ. අයියෝ මම වින්ඳ දුකක්...දැන් නම් නියමයි. ස්තුතියි නලින් අයියා....:)

    මේ පොත් වලින් මම කියවලා තියෙන්නෙ නම් ටිකයි.
    රතු ඉද්ද (කියවමින් ඉන්නවා)
    පියැසි කවුළුව
    කෝකිලමැදුර (නියම කෙටිකතා ටික )

    විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ බලවත් ඉල්ලීම මත කොමන්ට් බොක්ස් එක වෙනස් කළා. අනේ ඒත් පරන කමෙන්ට්ස් සේරම මැකිලා ගියා.

      Delete
  9. කිසිම පොතක් තවමත් කියවලා නැති නිසා මොකුත් කියන්නට බෑ... ඒ උනාට කරුණාදාස සූරියාරච්චි මහතා දෙවන වරටත් අවසන් වටයට ආවා නමුත් හොදම පොත විදියට තේරුණේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා කසුරිගේ පොත් දෙවරක්ම නිර්දේශ වුණා තමා.වැඩි විස්තර කියන්න බෑ අපිදෙන්නම වැඩ කරන්නේ එකම ආයතනයේ නිසා සහ කලක් ඔහු මගේ පාසල් ගුරුවරයෙක් වූ නිසා.

      Delete
  10. නියමයි අයියේ...ඒත් මම ඔතන තියෙන පොත් කියවන්න කැමති නැහැ. තාක්ෂණික තොතක් වගේ නම් 10 පාරක් කියෙව්වත් එපා වෙන්නෙ නෑ...ඕවා කියවන්න කම්මැලියෝ...O.o

    ReplyDelete
    Replies
    1. එළ කිරියෝ.....ඔයා ඉතින් තාක්ෂනිකයානේ...ජයම වේවා

      Delete
  11. ම්ම් පොත් ටික නම් ශෝක්. ඔන්න මමත් ආව. මේ බෙදා ගැනීමට ස්තුතියි. ජය වේවා අයියේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මලයා ඔයාව

      Delete
  12. මේ සමඟ ජය ලැබූ නිර්මාණ ලැයිස්තුවත් දැම්මා නම් වැඩේ මල් හතයි.

    ReplyDelete
    Replies
    1. ඒක අපි කියනවට වඩා හොඳයි නේද හොයලම දැනගන්න එක කුමාර අයියේ...

      Delete
    2. මේ යාලුවනේ උඩ තියන සේරම පිංතූර ටික මට දුන්නේ කුමාර අයියා.හොදම පරිවර්ථනයට යෝජනා වෙලා තියෙන්නෙත් එයා ගේ පොත තමා

      Delete
  13. ලංකාවට ආපු වෙලාවක පොත් තෝරද්දී වටින පෝස්ට් එකක්. බුක් මාක් කරගත්තා. මේ කුරුල්ලා නම් වෙලාවකට මල වදයක් අප්පා.

    ReplyDelete
  14. ස්තුතියි ඇලෙක්ස් මුව එළවන්න මටත් බැරිව ඉන්නේ අප්පා.

    ReplyDelete
    Replies
    1. මං දැක්ක කොහේ හරි තිබුණ ඕක දාන විදිහ. හොයල මෙතනට කමෙන්ට් එකක් දාන්නම්.

      Delete
  15. ස්තූති වේවා ලිස්ට් එකට.. මීට අමතරව මේ අවුරුද්දේ පළ වුන හොද පොත් ලිස්ට් එකක් කාට හරි දෙන්න පුළුවන් නම් බොහෝ ස්තුති..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT