සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මං පුංචිම කාලේ ඒ කියන්නේ මට යන්තම් මතකයට එන කාලෙ මගේ ජීවි‍තේ ගත වුණේ නුවර එළියේ. මීරිගම ඉපදුන මම යන්තම් වයස අවුරුදු දෙක පිරෙද්දි නුවර එළියට යන්න වුණා. එහේ මාව බලාගත්තේ අපේ අක්කා. අක්කා කියන්නේ අපේ ලොකු අම්මගේ දුව. එයා තමයි මට  ඒ කාලේ අම්මා වුණේ. පට්ට සීතලේ කඳපොළ මෙරිගෝල්ඩ් වතුයායේ අක්කගේ තුරුල්ලේ ගත කළ ඒ අතීතය මේ මහ රැ මතක් වුණේ ඇයි කියල මටවත් හිතාගන්න බෑ.
එහේ ගත කළ කාලය නිමා වුණේ මගේ පාසල් ගමනත් එක්කයි. කඳපොළ ඉඳල ආයිමත් මීරිගම එනකොට මට දෙමළ කතා කරන්න පුළුවන් කම තිබුණා. එත් අද මට දෙමළ අකුරක්වත් තේරෙන්නේ නෑ.
හුදකලා වුණාම මතකයට එන්නේ මහ පුදුමාකාර අදහස්.
ඒ කාලෙ මට හිටිය යාළුවො තාම මතකයි. උඩ ලයිමේ පාලායි, රාසු,බාස්කර්. මේ වයසක මිනිස්සු ටිකයි හරක් පට්ටියේ හිටිය පැටව් ටිකයි විතරයි ඒ කාලේ මගේ ලෝකෙ හිටියේ. මේ කවුරුවත් දැන් ජීවතුන් අතර නැතිව ඇති. මෙරිගෝල්ඩ් වත්තෙන් මං ආවට පස්සේ ආයිමත් කිසිම දාක මම ඒ වත්තට ගිහිල්ලා නෑ.දැන් අක්කලත් එහේ නෑ.මං කවුරු බලන්න එහේ යන්නද.
හුදකලාව ගෙවුණත් මං තාමත් ඒ අතීතයට ආදරෙයි. හිතල මීදුමෙන් පැත්තම වැහිල තියෙන වෙලාවක  උනත් වත්තේ ලෙඩ්ඩු අරගෙන එන ට්‍රැක්ටරේ සද්දෙට ගෙදර හිටිය කට්ට්යම සංවේදී වෙනවා. මට දැනුත් ඒ සද්දේ දෝංකාර දෙනවා වගේ. ආයිමත් ආයිමත් මං ඒ අතීතයට යන්න ආසයි. හුදකලාවේ ඇති වු කම්පනයෙන් ලියූ සටහනකි මෙය.

1 comment:

  1. නලීන්. නුවර එළියෙ ගිහින් විනෝද වෙලා දවසෙන් දෙකෙන් ආපු අයට වඩා, එහේ නැවතිලා මාසයක් දෙකක් හරි හිටපු උදවියට සිදුවීම් කටුක වුවත් ඒ මතකයන් හරිම සුන්දරයි. හුදෙකලා උනහම තමයි රහ වැඩි. ලිපිය දිග වුවත් කමක් නෑ රස කරල හැකිනම් දෙබස් දාල සිදුවීම් ටික ලියන්න. එවිට තමයි මේ අක්දැකීම් අනික් අයට දැනෙන්නෙ.

    ඔන්න මමත් ඔයාගෙ ලිපිය බැලුවා. මිස් නොවෙන්න එල්ල ගන්නම්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT