එහේ ගත කළ කාලය නිමා වුණේ මගේ පාසල් ගමනත් එක්කයි. කඳපොළ ඉඳල ආයිමත් මීරිගම එනකොට මට දෙමළ කතා කරන්න පුළුවන් කම තිබුණා. එත් අද මට දෙමළ අකුරක්වත් තේරෙන්නේ නෑ.
හුදකලා වුණාම මතකයට එන්නේ මහ පුදුමාකාර අදහස්.
ඒ කාලෙ මට හිටිය යාළුවො තාම මතකයි. උඩ ලයිමේ පාලායි, රාසු,බාස්කර්. මේ වයසක මිනිස්සු ටිකයි හරක් පට්ටියේ හිටිය පැටව් ටිකයි විතරයි ඒ කාලේ මගේ ලෝකෙ හිටියේ. මේ කවුරුවත් දැන් ජීවතුන් අතර නැතිව ඇති. මෙරිගෝල්ඩ් වත්තෙන් මං ආවට පස්සේ ආයිමත් කිසිම දාක මම ඒ වත්තට ගිහිල්ලා නෑ.දැන් අක්කලත් එහේ නෑ.මං කවුරු බලන්න එහේ යන්නද.
හුදකලාව ගෙවුණත් මං තාමත් ඒ අතීතයට ආදරෙයි. හිතල මීදුමෙන් පැත්තම වැහිල තියෙන වෙලාවක උනත් වත්තේ ලෙඩ්ඩු අරගෙන එන ට්‍රැක්ටරේ සද්දෙට ගෙදර හිටිය කට්ට්යම සංවේදී වෙනවා. මට දැනුත් ඒ සද්දේ දෝංකාර දෙනවා වගේ. ආයිමත් ආයිමත් මං ඒ අතීතයට යන්න ආසයි. හුදකලාවේ ඇති වු කම්පනයෙන් ලියූ සටහනකි මෙය.
නලීන්. නුවර එළියෙ ගිහින් විනෝද වෙලා දවසෙන් දෙකෙන් ආපු අයට වඩා, එහේ නැවතිලා මාසයක් දෙකක් හරි හිටපු උදවියට සිදුවීම් කටුක වුවත් ඒ මතකයන් හරිම සුන්දරයි. හුදෙකලා උනහම තමයි රහ වැඩි. ලිපිය දිග වුවත් කමක් නෑ රස කරල හැකිනම් දෙබස් දාල සිදුවීම් ටික ලියන්න. එවිට තමයි මේ අක්දැකීම් අනික් අයට දැනෙන්නෙ.
ReplyDeleteඔන්න මමත් ඔයාගෙ ලිපිය බැලුවා. මිස් නොවෙන්න එල්ල ගන්නම්.