සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සාහිත්‍ය මාසය ඉවරයි. එහි මහා මංගල්‍යය හෙට පත්තල ගෙදර ගුරු විදුහලේදී පැවැත්වෙනවා. දැන් උදාවෙන්නේ කියවීමේ මාසයයි. ඔන්න මාත් කියවන්න කියල අලුත් පොත් ටිකක් ගතතා. හැබැයි bmich ප්‍රදර්ශනයෙන් නෙමෙයි මං පොත් ගත්තේ. එතන පොත් තෝරනවා තියා හැරෙන්නවත් බෑ අතුරු සිදුරු නොමැතිව සෙනග පිරිලා. මං පොත් ගත්තේ සුරිය එකෙන්. එතනට මං යනකොට වෙලාව හවස 5ට විතර ඇති. කිසි කෙනෙක් පොත් කඩේ නෑ. හිතේ හැටියට පොත් ටික තෝරලා ගත්තා. හැම පොතකටම එතැනදී 30%ක වට්ටමක් දුන්නා. ඉතින් මෙ පොත් කියවල බලල හොඳනම් ඔයාලටත් ඒ විස්තර පස්සේ කියන්නම්. දැනට කියවල ඉවර කළේ ජුනිකිරෝ ටනිසකී ගේ the  key පොත විතරයි. ඒක නම් මරේ මරු පට්ටම කතාවක් .ඒකේ විස්තර පස්සේ දාන්නම්. මෙන්න මම ගත්ත පොත් ටික. මටයි මගේ ඳග මළු දෙකටයි එක්ක තමා මේ ටික ගත්තේ. බලන්න හොඳද කියලා.


1.junikiro tanizaki - the key - පරිවර්තනය - ආර් එස් කරුණාරත්න - යතුර
2.jenis amatuzio - forever ours - පරිවර්තනය - ප්‍රදීප් කුමාර බාලසූරිය - සානුකම්පිත මරණ පරීක්ෂණය
3.P.B.kerr - The blue jinn of babylon - මංජුල දිසානායක - බැබිලෝනියාවේ නීල බහිරවි
4.jim corbertt - the temple tiger - ආනන්ද එස් ලෙවන්ගම - දෙවොලේ ව්‍යාග්‍රයා
5.kenath anderson - nine man eaters - සූජීව දිසානායක - මිනී කන්නෝ
6.edgar wallace - the lone house mystery - කුමාර සිරිවර්ධන - ටූනා අසිපතේ අබිරහස
7.agatha christie - the secret adversary - බර්ටි ද කොස්තා - ගුප්ත ප්‍රතිවාදියා
8.edgar wallace - the square emerald - කුමාර සිරිවර්ධන - අබිරහස් සොයුරියෝ
9 frederick forsyth - cobra- ආනන්ද සෙල්ලහේවා - නාග මෙහෙයුම
10.sydney sheldon - master of the game - පූජිත කරුණාරත්න - දියමන්ති දඩබිම
11.jaicy duguard - a stolen life - අනුල ද සිල්වා - සොරාගත් නිරුවත
12.Prof.e.f.c. ludowike - foot print of buddha - අභය හේවාවසම් - බුදුරදුන්ගේ පිය සටහන්
13.melville fernando - the village by the wewa - ජයන්ති සමරසේකර - විලාප
14. සුරනිමලගේ කතාව - මානෙල් ඊරියගම
15.ලක්දිව ගැමි ජන කතා - ආර් එස් කරුණාරත්න
16.දොස්තොර කතා - චන්න සුදත් ජයසුමන
17.රූපාන්තරණය හෙවත් සෝමදේවගේ සංක්‍රාංතිය - ගුණදාස අමරසේකර
18. ඉබි පවුලේ සංගීත සාදය - ජිනදාස හේවගේ

1 comment:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT