පතායාහි වෙරළට ඔබ්බෙන් වු සිතිජයෙන් රත්හිරු නැඟ එයි. යාන්තම් අලුයම 6 පසුවුවා පමණි. අප නවාතැන් ගෙන සිටි පතායාහී නොහා පැල්ටිනම් හෝටලයේ (Nova platinum Hotel) පෙරදා රාත්‍රියේ පැවති මදුවිත සාදයේ රඟ කෙසේද යත් උදෑසන පිබිදුණු අපගේ ඇස් ගෙඩි දොඹ ගෙඩි සේය.
එකවර මා ආසිරිගෙන් ඇසුයේ ‘මචං අපි රෑට කෑවද?’ කියාය. මන්ද උදෑසනම වූ අසීමිත කුසගින්න නිසාවෙනි. නැත. රෑට කා නැත.



ඉන්පසු කෙළින්ම අප හැරුණේ කුඩා ලී වංගෙඩියකට දමා කොටා අඹරා දෙන අච්චාරුත් මෑකරල්, කැරට්, ගෝවා සමඟ එවලේම පිසදෙන කිරි හොද්දත් බාස්මති හාලෙන් පිසු රසවත් කෑම පිඟන් පිරි කුඩා කඩයකටය. එක් පිඟානක් බාත් 40 කි. පසෙකින් වාඩිගත් අපි එය එකහුස්මට එය ගිල දැමීමු.
සිහි අසිහියෙන් එම ප්‍රනීත ආහාර වේලේ රස බුක්ති විඳිමින් සිටියදී අප අසලට පැමිණියේ අපගේ සංචාරක මඟ පෙන්වන්නිය වු ‘සරා’ (Sara) ය. ඉන්පසු ඇය අපව කැඳවාගෙන ගියේ අරුම පුදුම ලොවකටය. පෙනුමට එහි පිවිසුම පුදුම උපදවන්නෙකි.
පිවිසුම් දොරටුව අබියස ඇත්තේ අඩි 100 ක් පමණ උසැති වීදුරු බෝතලයකි. එතුළ සවිකළ විසල් නැවකි. අරුමයකි. නෙත් අදහා ගැනීමටද නොහැකිය.
මෙය පතායාහි පිහිටි බහුවිධ විනෝදාස්වාද මධ්‍යස්ථානයකි. උතුරු පතායාහි සුකුම්විට් මාර්ගයේ (Sukhumvit Road) මිනි සියැම් අබියස (Mini Siam) මෙය පිහිටා ඇත. විවිධ හැඩයන් හා විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි ප්‍රදර්ශනය කෙරෙන ලෝකයේ එකම කෞතුකාගාරය මේ පතායාහී බෝතල් කලාගාරයයි.
මේ බෝතල් කලා කෘතින් මඟින් සම්ප්රදායත්්, සංස්කෘතියත්, ජීවන සංසිද්ධින්, ලොව සුප්‍රසිද්ධ ස්ථාන සහ අලංකාර භූ දර්ශනයන් විදහා දැක්වෙයි.
බෝතල්වල සිදුකෙරුණු කලා කෘති 300 ක පමණ ප්‍රමාණයට අතිරේකව අතින් සකස් කළ විවිධ වර්ගයේ නෞකා ආකෘතීන්ද මේ කෞතුකාගාරයේ දැකිය හැකිය.
1995 වර්ෂයේදී මේ පතායාහී බෝතල් කලාගාරය මධ්‍ය පතායාහී (Central Pattaya) පිහිටුවන ලද්දේ ඕලන්ද ජාතික කලා නිර්මාපකයකු වු පීටර් බිජේ ඩෙලිජී (Peiter Bij Deleij) විසින්ය.
ඔහු ලොව පුරා පැතිර පවත්නා කලා කෘති දැකීමෙන් පිබිදුනු සිත් ඇත්තකු බවත් උසස් ගණයෙන් මේ කලා කෘති නිමැවීම සඳහා දිනකට පැය 15 ක පමණ කාලයක් වැයකර ඇති බවත් සංචාරක මඟපෙන්වන්නිය වු ‘සාරා’ අපට පැවැසුවාය.
කෙසේ වෙතත් පසුකාලීනව ඔහු සිය බෝතල් කලාගාරය රැකබලා ගැනීමේ වගකීම සිය ශිෂ්‍යයකු වු තූන් ප්රැපායිශ්රි තායිපානිච් (Khun Prapaisri Thaipanich)ට පවරා තිබේ.

බොහෝවිට ඉංග්‍රීසි භාෂාවෙන් මෙය සිදුකෙරේ. නරඹන්නන්ට මෙහිදී ඔහුගේ සිතට නැගෙන ප්‍රශ්න කාර්යමණ්ඩලය වෙත යොමු කළ හැකිය.
මෙබඳු බෝතලයක නැඟෙන කලා කෘතිය මුලින්ම ඇරැඹීමේදී මැටි මත එකිනෙක ද්‍රව්‍ය තැබීමෙන් පසු ඒවා අතින් ඇතුළු කරමින් සංයමයෙන් යුතුව සැකසෙන බැවින් ඒවා විශිෂ්ට ගණයේ කලා කෘති බවට පත්වන්නේ ය. මේ සඳහා ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ යුතු අතර වඩාත් සූක්ෂම පෙනීමේ හැකියාවක්ද තිබිය යුතු ය.

ආසිරි මල්ලවආරච්චි සමඟ
නලින් දිල්රුක්ෂ
තායිලන්ත සංචාරයකින් පසු
ස්තූතිය :- Hemas Travel (Pvt) Ltd හි
මදුෂ වරුසවිතාන මහතාට
සැකයක් නැහැ ආශ්වාදජනක අත්දැකීමක් වෙන්න ඇති. ලස්සන නිර්මාණ, ලස්සන ලිපියකට ගොනුකර බෙදාගත් අයුරු අපූරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි සමූ.....
Deleteහරිම ලස්සන කලාගාරයක තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් ස්තූතියි නලින්. මත් පැන් වලින් ඔයාලගේ වටිනා සොඳුරු ජීවිත අඳුරු කරගන්න එපා කියල ආදරෙන් ඉල්ලනවා පුතා.
ReplyDeleteඅවවාදය ඉතා ආදරෙන් පිළිගන්නවා
ReplyDeleteගොඩක් වටිනවා ඔබේ උත්සහය. තෙරැවන් සරණයි.
ReplyDeleteමගේ පැත්තේ ඇවිත් ගියාට ස්තුතියි
Deleteලිපිය ඉතාමත් අගෙයි නලින් අයියෙ.
ReplyDeletethanxxxxx kanchana nangiya
Deleteහරිම අපූරුයි සහෝ..අනේ මට දේවල් දකින්න උනේ නැහැනෙ..........කමක් නැහැ මෙහෙම ලිපියකින් හරි ඒ අවස්ථාව දුන්නට ඔබට ..
ReplyDeleteජය! :)
ස්තුතියි හිරු නිඹඳව බ්ලොග් පිටු අතර සැරිසරන ඔබ අපට ශක්තියක්.
Deleteසෙල්ලම් වැඩක්ද බෝතලයක් ඇතුලේ සෙල්ලම් දාන එක :)
ReplyDeleteමේකට මාර ඉවසීමක් තියෙන්න ඕනෑ
Deletetest6586
ReplyDeleteමේ වැඩේ සෙල්ලමක් නෙවයි. මට මතකයි එකපාරක් නාකි සුද්දෙක් මේවගේ බෝතලයක් අස්සේ නැවක් අටවන්න දුන්න ගේම.. පිස්සු හැදෙනවා.
ReplyDeleteමේක හරිම සිරා වැඩක් ඇලෙක්ස්..
Delete