සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


හිරු නැග හෝරා කිහිපයක් ගතවන තුරුත් මදක් අලසව පවතින සුන්දර පතායා වෙරළ තීරය කඩිසර වන්නේ පෙරවරු 10 පමණ වන විටය. ඉන් මදකට පසුව ගුවන් පාලම්වලත් මහ මගත් වාහන පිරී ඉතිරී යයි. දැන් වාහන වලින් සහ මහමග පිරුණු මග දෙපස කාර්යබහුලය.

තායිලන්තයේ බොහෝ ජනයා සිය ආහාර ගැනීමට පුරුදුව ඇත්තේ මහ මග දෙපස පිහිටි කුඩා අට්ටාල බඳු කෑම කඩවලිනි.සංචාරක නගරයක් වී ඇති පතායා නගරය නිතරම පාහේ සංචාරකයන්ගෙන් පිරී පවතී.

තායිලන්ත වැසියන්ගේ කාරුණිකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට මහත් හේතුවක් වී ඇත.

නමුත් තායි භාෂාව හැරෙන්නට සෙසු භාෂාවක් පිළිබඳ අල්ප දැනුමක් හෝ තායි වැසියන්ට නොතිබීම නිසා සංචාරකයන්ට මග පෙන්වන්නකු නොමැති විට මුහුණ දෙන්නට සිදුවන ගැටලු අනන්තය. අප්‍රමාණය.


 ගමන අවසන් මොහොත
තායිලන්ත වරාය, සෆාරි වර්ල්ඩ්, ෆිලෝමින් මාර්කට්, මන්කි ගාර්ඩන්, ලෝටස් ගාර්ඩන් වැනි ස්ථාන ද සියලුම සත්වෝද්‍යානද සංචාරක වැදගත්කමක් ඇති ස්ථානය. තායිලන්තයවෙත සංචාරක සිත් අද්දවා ගැනීමට තායි රජය මෙම ස්ථානවලට විවිධ අන්දමේ ක්‍රියාකාරකම් එක්කර තිබේ.

ඒ අතර ඉතා ත්‍රාසජනක වූත් විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩාවකි පැරාසේලිං (parasailing). පතායා වෙරළේ නවතා ඇති ජීවිතාරක්ෂක මෝටර් බෝට්ටුවකට නැග මුහුදු සැතපුම් 20ක් පමණ ගිය තැන හමුවන පාවෙන පීඨිකාවකදී මේ පැරාසේලිං ක්‍රීඩාවේ ත්‍රාසජනක අත්දැකීම සංචාරකයන්ට විඳ ගැනීමට අවස්ථාව උදා කර ඇත.

එම පාවෙන පීඨිකාවේදී පැරාසේලිං ක්‍රීඩාව පිළිබඳ උපදෙස් මාලාවක් එය මෙහෙයවන්නන් විසින් ලබාදෙන අතර මේ සඳහා විශේෂ වූ ජීවිතාරක්ෂක කබායක්ද හෙල්මටයක් සහ පා ආරක්ෂණයක්ද ලබා දෙයි.

මෙම පැරාසේලිං ගමන ආරම්භයට පෙර එම නිලධාරීන් විසින් අදාළ සියලු ආම්පන්න පරීක්ෂා කරනු ලබන අතර ඉන් ගමනේ සූදානම සහතික කරයි. ගමනාරම්භය සුළං හමන අතට සිදු කෙරෙන අතර එය පැයට කිලෝමීටර් 5 - 15 ත් අතර වේගයකිණි.

පැරසේල් ගමනකට මේ අයුරින් සූදානම් වන ක්‍රීඩකයකු පැරාසේලය අමුණා ගැනීමෙන් පසු වේගයෙන් ඉහළ අහසට ඉගිලී යනු ලබන අතර බෝට්ටුව වේගය පාලනය කරමින් මුහුද මත ගමන් කරන්නේ කඹය සෘජු අතට ඇදී පවතින අයුරිනි.

ක්‍රීඩකයා බෝට්ටුව දෙසට නොයන අතර සමබරතාව රැකගනිමින් ඉහළ අහසින් පියාසර කරයි. ත්‍රාසයත් විනෝදයත් ගෙන දෙමින් මෙහිදී ඉහළට එසවීම සිදු වන්නේ පියවර හතර පහකට පසුවය.

 ආරම්භයට පෙර සූදානම
වමට හෝ දකුණට හැරවීම දෙපස ඇති ලීවර උපකරණයෙන් සිදු කර ගත හැකිය. බෝට්ටුවේ වේගය මත නැගෙන උස පාලනය වන අතර අඩි 200 ක කඹයකින් අඩි 100 ක උපරිම ඉහළට යෑමත් කළ හැකිය.

මෙහිදී ක්‍රීඩකයාට මෙහි ත්‍රාසය සහ විනෝදය උපරිමයෙන් ගෙනදීමට බෝට්ටුව මද දුරක් ගිය පසු එකවර වේගය අඩු කරයි. එවිට පැරාසේලය එකවර පහළට ඇදී ඇවිත් මුහුදේ පතිත වෙයි. ඉන් පසුව යළි ඉහළට එසවී ආරම්භක ස්ථානයෙන් ගමන අවසන් කරනු ලබයි.

පැරාසේලිං මුහුද මැද පීඨිකාව
මධ්‍ය පරිමාණ බෝට්ටුවක පැරාසේලිං ක්‍රීඩකයන් දෙදෙනෙක් එකවර ගෙන යා හැකිය. පතායා වෙරළේ සහ ලාන් දූපතේ (larn island) මෙවැනි පැරාසේල් මධ්‍යස්ථාන කිහිපයක්ම පිහිටා ඇත. එක් පැරාසේල් වාරයක් විනාඩි 5ක් පමණ වන අතර ඒ සඳහා බාත් 500 ක මුදලක් අය කරනු ලබයි. ඔබත් සුන්දර පතායා වෙරළට යන්නේ නම් පැරාසේලිං ක්‍රීඩාවේ යෙදීම ඔබ එතෙක් මෙතෙක් ජීවිතයේ අත්දකිනු ලබන ත්‍රාසජනක වූත් සුන්දර වූත් අත්දැකීමක් වනු ඇත.





නලින් සමඟ  ආසිරි 
 තායිලන්ත සංචාරයකින් පසු...

ස්තූතිය
hemas travels (pvt) ltd හී මදූෂ වරුසවිතාන මහතාට
http://www.myprimetrip.com/






විශේෂ ස්තුතිය






http://www.nippolacpaints.com/products/locator.php
 ආයතනයට හා මිහිරාන් ඕපාත මිතුරාට

3 comments:

  1. හී... මරු නෙ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  2. මගහැරුණු පෝස්ට් එකක්. මම ආසයි මේ වගේ ත්‍රාසජනක ක්‍රීඩාවක් කරන්න. බලමු ඉදිරියට. බොහොම ස්තුතියි සටහනට.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT