මුහුදු පතුලේ චමත්කාරජනක අත්දැකීම විඳගත් අප ඉන්පසු සංචාරක මගපෙන්වන්නකුගේ ද සහය ඇතිව ඊළඟට ගමන් ඇරැඹුයේ වර්ග සැතපුම් දස දහසක පමණ වපසරියකින් යුත් පතායාහි ඈත දියඹේ පිහිටි කොරල් දූපත් සමූහය නැරැඹීමටයි.
අනර්ඝ වූ ජෛව විවිධත්ව කලාපයක් වූ තායිලන්තයේ නැඟෙනහිරට වන්නට චොන් බුරි සිට රැයොන් දක්වා (ch on Buri to Rayong) කිලෝමීටර් 400ක් පුරා විහිදී වෙරළ තීරය ආසියාවේ පිහිටි දර්ශනීයම වෙරළවලින් එකකි. එහි මධ්‍යස්ථානය වනුයේ අසීමිත සංචාරක නිකේතන, අවන්හල් සහ තානායම්වලින් පිරි Pattaya (පතායා) නගරයයි.
මුහුදු පතුලේ අශ්චර්යවත් අත්දැකීම විඳ ගැනීමෙන් පසු මමත් නලිනුත් අධිවේගී මෝටර් බෝට්ටුවට සමුදී අඩි 15ක් පමණ දිගින් යුත් හබල් ඔරුවකට නැඟ වෙරළේ අසිරිය විඳිමින් කාම්බෝජ දේශසීමාව අසල පිහිටි කෝ චන්ග් (Kochang) ජාතික වන උයනත්, කෝ පායි (Kohphai) දූපත් සමූහය වෙත ගියෙමු. පක්ෂීන්ගේ සුමියුරු නාදයත් වෘක්ෂලතාවන්හි තාලයත් අප අමුතු ලොවකට රැගෙන ගියෙමු. ඇත්ත වශයෙන්ම එය මිහිපිට සුරලොවකි. ජලයේ ඇති සුපැහැදිලි භාවයත් සාන්ත පරිසරයත් එහි චමත්කාරය වඩවඩාත් තීව්ර කරයි.
දූපත් සමූහයෙන් විශාලතම දූපත වන කෝෆායි දූපත තවත් කුඩා දූපත් රාශියක් ඇත. කෝමන්විචායි, (Ko manwichai) කෝ ලුආම්, (Kolnam) කෝ ක්ලෑන් (Koklung) සහ තවත් ඊට දූපත් රාශියක් පවතී. එහි එක් දූපතක කඳු මුහුනෙහි ප්‍රදීපාගාරයක් පවතී. රාත්‍රි කාලයේ දී එහි ළඟාවන බෝට්ටුවලට මේ ප්‍රදීපාගාරයේ ආලෝකය ඉමහත් රුකුලකි. මේ දූපත් සමූහය වෙත පැමිණෙන සංචාරකයින්ට විවේක සුවයෙන් පසුවිය හැකි සුන්දර පරිසරයක් එහි පවතී. තවද සයුරු ජලයේ පිහිනීමෙන්, මසුන් ඇල්ලීමෙන් හා මුහුදු පතුලේ පවත්නා කොරල් නැරැඹීමටද කිමිදීම ආදියෙන් මහත් වින්දනයක් ලැබීය.
පතායා වෙරළ තීරයේ ඇති දූපත් සමූහය
මේ දූපත් සමූහයෙන් පරිබාහිරව කෝ කොක් (Koh Krok) සහ කෝ සැක් (Koh Sak) යන දූපත් දෙක නැරැඹීමට ද සංචාරකයන්ට අවස්ථාව උදාවේ. මෙයින් කො කොක් දූපත පතායා සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටා ඇත. මේ දූපත මුළුමනින්ම පාහේ පර්වතවලින් සැදුනකි. එහි නැඟෙනහිර දෙසට විහිදෙන තීරය වැල්ලෙන් නිර්මිත වෙරළකි. මෙහිදී සංචාරකයන්ට මුහුදු ජලයේ ඇති පැහැදිලි ස්වභාවය හේතුවෙන් බෝට්ටුවේ සිටම කොරල්පර නැරැඹීමටද හැකිය. තවද මෙම දූපත පෞද්ගලික අයිතියක් ඇති දිවයිනක් බැවින් පූර්ව අවසර ලබා ගැනීමකින් තොරව එහි පැමිණිය නොහැකිය.
කෝ සැක් (Koh Sak) අනෙක් දිවයිනයි. එය පතායා සමුද්‍රයේ බටහිර දෙසට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි අතර කෝලෑන්හී සිට මීටර් 600ක පමණ දුරක පිහිටියේය. කෝ කොක් (Koh Krok) දූපත හා සසඳා බලනවිට කෝ සැක්(Koh Sak) කුඩා දූපතකි. එය අශ්ව ලාඩමක හැඩයෙන් යුක්තය. වපසරිය වර්ග කිලෝමීටර් 0.05කි. එහි වෙරළ
කෝ සම්සුයි (Ko Samui)
දෙකකි. ඉන් උතුරේ පිහිටි වෙරළ මීටර් 250කින් දිගුය. මේ ප්‍රදේශය සංචාරකයන්ට පිහිනීම සඳහා ඉතා උචිත බැවින් බහුල වශයෙන් සංචාරකයින් පිරි බෝට්ටු දැකිය හැකිය. දෙවැනි වෙරළ ඇත්තේ දූපතේ දකුණේ පළමු දිවයිනට මුහුණලාය. මේ වෙරළ දෙක යා කෙරෙන්නේ කුඩා ගුරු පාරකිනි. එය දිගින් මීටර් 80කි. වෙරළ ඉදිරියෙන්ම ඇත්තේ සුවිසල් කොරල්පරයකි.
ෙකා්පායි (Koh Phai Group)
මේ දූපත් සමූහයෙන් ස්වභාවික සම්පත්, පසේ සාරවත්බව, විවිධ ජන සංකලන සහ වාණිජමය අගය හේතුවෙන් මේ කළාපය ඉතා පොහොසත් ප්‍රදේශයක් වී ඇත. තවද මේ දූපත් සමූහයන්හි සුන්දරත්වයත්, ශාන්ත ස්භාවයත්, කිමිදීමට ඇති ආරක්ෂිත හැකියාව නිසාත් පතායා බොක්කේ(Pattaya Bay) පිහිටි Samui Island (සයුමි දූපතේ) සංචාරක නිවාඩු නිකේතනයක් ලෙස ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ. සංචාරකයන් මේ දූපත් සමූහයට සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ් නම් දකුණු පතායා හී පිහිටි පැටියෙන් බෝට්ටු ගමන් පිළියෙල කර ගත හැකිය.
මේ සඳහා විවිධ ප්රමාණවල බෝට්ටු පවතින අතර විශාල බෝටටුවක මගීන් 20 – 80 අතර ප්‍රමාණයක් ගෙනයා හැකිය. මේ සඳහා බාත් 1000 – 5000 අතර ප්‍රමාණයක මුදලක් අයකෙරේ. වැයවන මුදලේ ප්‍රමාණය බෝට්ටුවේ විශාලත්වය හා වර්ගය අනුව මෙන්ම නැරැඹීමට යන ස්ථාන අනුවද වෙනස් වේ.
තවද මේ දූපත් සමූහයෙහි සියලුම සංචාරක විනෝද ක්‍රියාකාරකම් සිදුවෙනු ලබන්නේ තායිලන්ත රාජකීය නාවික හමුදාවේ අධීක්ෂණය යටතේය.
ස්තූතිය :- Hemas Travel (Pvt) Ltd හි
මදුෂ වරුසවිතාන මහතාට
http://www.myprimetrip.com/
නලින් දිල්රුක්ෂ සමඟ ආසිරි මල්ලවආරච්චි
තායිලන්ත සංචාරයකින් පසු
විශේෂ ස්තුතිය
.http://www.nippolacpaints.com/products/locator.php
ආයතනයට හා මිහිරාන් ඕපාත මිතුරාට
අනර්ඝ වූ ජෛව විවිධත්ව කලාපයක් වූ තායිලන්තයේ නැඟෙනහිරට වන්නට චොන් බුරි සිට රැයොන් දක්වා (ch on Buri to Rayong) කිලෝමීටර් 400ක් පුරා විහිදී වෙරළ තීරය ආසියාවේ පිහිටි දර්ශනීයම වෙරළවලින් එකකි. එහි මධ්‍යස්ථානය වනුයේ අසීමිත සංචාරක නිකේතන, අවන්හල් සහ තානායම්වලින් පිරි Pattaya (පතායා) නගරයයි.
නලින් සමග ආසිරි නෝවා ප්ලැටිනම් තටාකයේ විනෝදයෙන් |

පතායා වෙරළ තීරයේ ඇති දූපත් සමූහය

කෝ සැක් (Koh Sak) අනෙක් දිවයිනයි. එය පතායා සමුද්‍රයේ බටහිර දෙසට කිලෝමීටර් 10ක් පමණ දුරකින් පිහිටි අතර කෝලෑන්හී සිට මීටර් 600ක පමණ දුරක පිහිටියේය. කෝ කොක් (Koh Krok) දූපත හා සසඳා බලනවිට කෝ සැක්(Koh Sak) කුඩා දූපතකි. එය අශ්ව ලාඩමක හැඩයෙන් යුක්තය. වපසරිය වර්ග කිලෝමීටර් 0.05කි. එහි වෙරළ
කෝ සම්සුයි (Ko Samui)

ෙකා්පායි (Koh Phai Group)
මේ දූපත් සමූහයෙන් ස්වභාවික සම්පත්, පසේ සාරවත්බව, විවිධ ජන සංකලන සහ වාණිජමය අගය හේතුවෙන් මේ කළාපය ඉතා පොහොසත් ප්‍රදේශයක් වී ඇත. තවද මේ දූපත් සමූහයන්හි සුන්දරත්වයත්, ශාන්ත ස්භාවයත්, කිමිදීමට ඇති ආරක්ෂිත හැකියාව නිසාත් පතායා බොක්කේ(Pattaya Bay) පිහිටි Samui Island (සයුමි දූපතේ) සංචාරක නිවාඩු නිකේතනයක් ලෙස ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ. සංචාරකයන් මේ දූපත් සමූහයට සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ් නම් දකුණු පතායා හී පිහිටි පැටියෙන් බෝට්ටු ගමන් පිළියෙල කර ගත හැකිය.
මේ සඳහා විවිධ ප්රමාණවල බෝට්ටු පවතින අතර විශාල බෝටටුවක මගීන් 20 – 80 අතර ප්‍රමාණයක් ගෙනයා හැකිය. මේ සඳහා බාත් 1000 – 5000 අතර ප්‍රමාණයක මුදලක් අයකෙරේ. වැයවන මුදලේ ප්‍රමාණය බෝට්ටුවේ විශාලත්වය හා වර්ගය අනුව මෙන්ම නැරැඹීමට යන ස්ථාන අනුවද වෙනස් වේ.
තවද මේ දූපත් සමූහයෙහි සියලුම සංචාරක විනෝද ක්‍රියාකාරකම් සිදුවෙනු ලබන්නේ තායිලන්ත රාජකීය නාවික හමුදාවේ අධීක්ෂණය යටතේය.
ස්තූතිය :- Hemas Travel (Pvt) Ltd හි
මදුෂ වරුසවිතාන මහතාට
http://www.myprimetrip.com/
නලින් දිල්රුක්ෂ සමඟ ආසිරි මල්ලවආරච්චි
තායිලන්ත සංචාරයකින් පසු
විශේෂ ස්තුතිය
.http://www.nippolacpaints.com/products/locator.php
ආයතනයට හා මිහිරාන් ඕපාත මිතුරාට
මේ සටහනටත් කලින් එක්ක තියෙනවාද ??
ReplyDeleteඔව් තිබුණා.ඒක මගේ අතින් මැකිලා. මම එය නැවත දමන්නම්.
Deleteතමන් අහපු දෑකපු මේ දේවල් අනිත් අය සමග බේදා ගන්න හදන මේ සුන්දර වෑයමට මගෙන් තුති මල් මිටක්...........
ReplyDeleteමේකනම් සොඳුරු නවාතැනක් ම තමයි. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...
ReplyDeletegood post...
ReplyDeleteඔයා හරිම වාසනාවන්තයි
ReplyDeleteමරු අප්පා. ලංකාවෙත් මේවා ඇති
ReplyDeleteමෙහෙම ඇවිදල පරිසරයෙ ගහකොල වල ලස්සණ දකින්නත් පින් කරල තියෙන්නෙ ඕනෙ අය්යා. මම මේ කතාවම අද බ්ලොග් වල කිව්ව දෙවනි වතාව.
ReplyDeleteමේ සංචාරක ස්ටහන් කිය්වන්න මම ගොඩක් කැමතියි!
මම මේ මුල්ම ලිපිය හොයාගෙන ආවේ මුල ඉඳල කියවන්න . හැබෑටම මේකද මුල ??
ReplyDeleteමොකක් හරි කමක් නෑ . ඔන්න මම කියවන්න පටන් ගත්තා . පුළුවන් විදියට ඔක්කොම කියවන්න බලාපොරොත්තු වෙනවා .