සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


හෙට දින මරණයට කැප වී
ගහක් කොළක් නැති කොන්ක්‍රීට් වනාන්තරයක් බඳු පතායා නගරයට හිරු මුදුන් වෙද්දී ගතට දැනෙන අප්‍රමාණ වූ වෙහෙස නිවා සනහාලන්නට අපට එකම පිහිට වූයේ බාත් 30 ක සීත කළ කුරුම්බා ගෙඩියකි.
දහවල් 12 ට පමණ පතායා වෙරළ තීරය ඔස්සේ ඇවිද යන විදෙස් සංචාරකයන්ට මේ කුරුම්බා ගෙඩිය දිව ඔසුවකි.
බටහිර රටවලින් පැමිණි සුද්දන්ට නම් පතායා වෙරළේ අව්ව තැපීම විනෝදාංශයකි. බැලූ බැලූ අත වෙරළේ අඩ ඇඳුමෙන් සැරසී සිටින සුදු ජාතික සංචාරකයෝ පවුල් පිටින් අව්ව තපිති.

නමුත් සමකය ආශි‍්‍රත රටවලින් මෙහි පැමිණි අප වැනි සංචාරකයින්ට නම් පතායා හි හිරු රශ්මිය මහත් හිසරදයකි. වෙහෙසකි.
ශ්‍රී ලාංකීය හා ඉන්දියානු සංචාරකයෝ බොහෝ පිරිස් අව් කණ්ණාඩි සහ හිස් වැසුම් පැළඳ හිරු රැසින් වැළකී වෙරළේ ඔබ මොබ යති.අපගේ සංචාරක මඟපෙන්වනිය වූ සුපාවන් පිහිමොන්පුන් නම් පතායා හි සැඩ හිරු එතරම් මායිම් නොකරයි. ඇය ඉතා ආචාර්යශීලී, චතුර කථිකත්වයකින් හෙබි රූමතියකි. අපට ඇයගේ නම කියා ඇමතීමට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදුවූයෙන් ඇය සිනාමුසුව අපට කැමති නමකින් ආමන්ත්‍රණය කරන්නැයි කීය.
මිලියන් ඉයර්ස් ගල් උද්‍යානය
ඉන්පසු අප ඇය ඇමතූයේ “සරා”  යන කටට හුරු නමකිනි. ඇය ද ඊට සතුටු ප්‍රතිචාර දැක්වූවාය. ඇය සමඟ සතුට සාමිචියේ යෙදෙමින් පතායා වෙරළේ ඇවිද ගිය මටත්, ආසිරිටත් එහි වෙහෙස නොදැනිණි.
සරා ඉන්පසුව අපව කැඳවාගෙන ගියේ පතායා වෙරළේ සිට කිලෝමීටර් 7 ක් පමණ දුරකින් පිහිටි වසර මිලියනයක් පමණ පැරැණි ගල් උද්‍යානයක් සහ කිඹුලන් අභිජනන මධ්‍යස්ථානයකට ය. එම උද්‍යානයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළට වූ අපට දැනුණේ ගතට සිසිලකි. පතායා නගරය මෙන් නොව ගහකොළ මලින් බරව ඇත. දිය සීරාව දෙපතුල සිප ගනී. උද්‍යානයේ විසල් තුරු ලතාවන් සැඩ හිරු සඟවාගෙනය.එකළ තායිලන්තයේ අලංකාර ස්වභාවික පරිසරය සහ වටිනා සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීමට වෙහෙස වී ක්‍රියා කළ කුන් සුආන්  නමැති ව්‍යාපාරිකයකු විසින් වසර මිලියනයක් පමණ පැරණි මේ ගල් උද්‍යානය සංරක්‍ෂණය කර කිඹුල් අභිජනන මධ්‍යස්ථානයක් ද ඊට යාබදව ඇති කළේය. ස්වභාව ධර්මයේ අශ්චර්යයෙන් ඉබේ ඇතිවූ දුර්ලබ හා අපූර්වත්වයෙන් හෙබි මේ ගල් ආකෘති ඔහු විසින් එක්රැස් කර ඊට වටිනාකමක් ලබා දුන්නේය. අද මෙලෙස මේ උද්‍යානය පවත්වාගෙන යාමට කුන් සුආන් වසර 30 ක කාලයක් වෙහෙස මහන්සි වී ඇත.
ඉපැරණි ශෛලමය නිර්මාණ
ස්වභාවධර්මයේ අසිරියෙන් නිර්මාණය වූ මේ ගල් ආකෘතිය රටානාකොසින්  යුගයට අයත් බව පැවසේ. වසර මිලියන ගණනක් භූ ගර්භයේ පොසිලකරණය වූ වෘක්ෂලතාවල කඳන් සහ පොළව ආසන්නයේ පිහිටි වර්ණවත් ගල් මෙලෙස මේ උද්‍යානයේ සංරක්‍ෂණය කර මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. මේ ගල්
උද්‍යානය මෙලෙස කුන් සුආන් විසින් සැලසුම් කර ඇත්තේ ඔහුගේ පරිකල්පනය සහ ජීවිතයේ ලද අත්දැකීම් මත බව එහි තිබූ සුවිසල් ගල් පුවරුවේ සඳහන්ව ඇත. මේ ගල් ආකෘති තුළින් මිනිස් ජීවිතයේ යම් යම් අවධීන් නිරූපණ කිරීමට ස්වභාවධර්මයේ මැවුම්කරු සමත් වී ඇති බව එහි ගිය අපට දැකගන්නට ලැබුණි.
එම අසිරිමත් වූ ගල් ආකෘති දැකීමට තරම් වාසනාවන්ත වූ අප ඉන්පසු ගියේ ත්‍රාසජනක භීතිය ගෙන දෙන කිඹුල් සංදර්ශනයක් නැරඹීමටය.
කිඹුල් තවාන
මේ කිඹුල් උද්‍යානය සහ අභිජනන මධ්‍යස්ථානය 1992 වසරේදී විවෘත කර ඇති අතර එහි නොයෙක් වර්ගයේ කිඹුලන් 530 කට ආසන්න ප්‍රමාණයක් සිටී.එහි එන සංචාරකයින්ට කිඹුල් සංදර්ශනය නැරැඹීම සඳහා කවාකාර පීඨිකාවක් සකස් කර ඇති අතර සංදර්ශනය නැරැඹීම සඳහා එක් අයකුට බාත් 200 ක මුදලක්
අය කරනු ලැබේ. මෙහිදී සංදර්ශනකරු විසින් කිඹුලාගේ කට ඇර ඔළුව සහ අතපය ඒ තුළට දමා එළියට ගනී. කිඹුලන්ගේ ඇඟ උඩ නැඟ ස්පර්ශ කරමින් වැතිර සිටී. තවකෙකු කුඹුලන්ට කිචි කවා කිඹුලන් කුලප්පු කරයි. තවද එහි ඇති භයානකම ක්‍රියාව වන්නේ මස් කැබැල්ලක් අතින් ගෙන කිඹුලාගේ කට ඇර එය උදරය

මරුවා සමඟ වාසේ
තුළට දමා නැවතත් එළියට ගැනීමයි. අප එම දර්ශනය කිහිප වරක්ම දුටු අතර එක් වරකදී ක්ෂණයකින් ක්‍රියාත්මක වූ කිඹුලකු සංදර්ශනකරුගේ ඇතුළට දමා තිබූ අත සපා කන්නට ද තැත් කළේය. එහිදී තවත් සංදර්ශනකරුවකු පැමිණ කිඹුලා මෙල්ල කළේය. භීතියත්, ත්‍රාසයත් ගෙන දුන් එම සංදර්ශන පෙළින් පසු එම
මරණය එනතුරු කෙළිදෙලෙන්
රසවත් අහරක්
කිඹුලන් සමඟ සිට ඡායාරූප ගැනීමට ද සංචාරකයන්ට අවස්ථාව උදාකර දෙයි. නමුත් අවසානයේ දී මේ දැවැන්ත කිඹුලන් කාන්තා අත් බෑග බවට පත්වී බාත් 5000කට වැඩි මුදලකට අලවි වේ.උන්ගේ ඉරනම එසේ විසැඳෙයි.
 ඊට යාබදව ඇති කිඹුල් අභිජනන මධ්‍යස්ථානයේ කුඩා කිඹුල් පැටවුන් කෙළිදෙලෙන් ගතකරන අයුරු ද දැකගත හැකිය. දෛවය එහෙම තමයි මිතුරනේ.


 ස්තූතිය
 මදූෂ වරුසවිතාන මහතාට







 නලින් දිල්රුක්ෂ  සමඟ ආසිරි මල්ලවආරච්චි
 තායිලන්ත සංචාරයකින් පසු...

13 comments:

  1. නියම විස්තර ටිකක්....

    ReplyDelete
    Replies
    1. ඔබගේ දිරිමත් කිරීම මට ශක්තියක්. මගේ මිලඟ සංචාරය වියට්නාම් මං හිතනයා හොඳ ලිපි ටිකක් ලියන්න හැකිවෙයි

      Delete
  2. ඔබේ අඩවියෙන් ලියවෙන පොස්ටු ඇත්තමයි මිනිස්සුන්ට වටිනවා..ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හිතාදර මල්ලී ඔබේ අදහස් මට රටක් වටිනවා.

      Delete
  3. ඔහොම කිඹුල් අභිජනන මධ්‍යස්ථානයක් මුතුරාජවෙල ආශ්‍රිතව ඉදිකිරීමේ උත්සාහයක් පවතිනවා. පරිසරයට ගහකොළට සතාසීපාවට ආදරේ කරන කවුරුවත් ඔයවගේ තිරිසන් වැඩ වලට කැමති නෑ මම හිතන්නේ. ඔයා මට දාපු කොමෙන්ට් එක දිගේ තමයි මේ බ්ලොග් එකට ආවේ. මේ වගේ මාතෘකා ගැන ලියවෙන බ්ලොග් වලට මම හරි කැමතියි. ඔබ දකින දේවල් බොහොම සුන්දරව අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඔය යන රට රාජ්ජ වල සොබා සෞන්දර්යය ගැනත් තව ටිකක් වැඩිපුර ලියන්න. ඔන්න මම මේ බ්ලොග් එක ෆලෝ කළා. දිගටම මේ වගේ ලියන්න සුබපතනවා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ සටහන මට යෝධ ශක්තියක්

      Delete
  4. නලීන්,

    මගෙ සිංහල සයිට් එකේ කමෙන්ට් එක හරහා ආවෙ!

    එතකොට මේ කිඹුලො හදන්න්නෙ හමටයි මසටයි නම් අපේ කුකුල් ෆාම් වගෙ තමයි නේ? එතකොට මසට හදන සත්තුමද අච්චර හීලෑ වෙලා ඉන්නෙ?

    ඒවාගෙම අර ෆලෝවර්ස් ලිස්ට් එකේ ඉන්න ගාමිණී සුලෝහිතයෙක්. දන්නවත් ඇති සමහරවිට.

    නලීන්, හිරුහිමාවී මල්ලියෙක් නෙවෙයි, නංගියෙක්. :)



    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මසට තමයි හදන්නේ. ඒත් ඒ සත්තු වැඩෙනකම් සංචාරකයන්ට පෙන්නලා හම්බකරනවා කොහොමද වැඩේ.

      ඒ වගේම හිරු හිමාවී නංගියෝ මට සමාවෙන්න මට වැරදුනා.

      Delete
  5. අපේ රටේ කුකුල් ෆාම් වගේ අනික් රටවල බලු ෆාම්, බළල් ෆාම් පවා තිබෙන බව අහලා තියෙනවා. ඔබ නම් සමහර විට ඒවා දැකලාත් ඇති

    ReplyDelete
  6. තාම එහෙම තැනකට ගිහින් නෑ.

    ReplyDelete
  7. පුතා , ඔයා මගෙ බ්ලොග් එකේ කරපු කමෙන්ටුව දැකලා තමයි මේකට ආවේ. හරිම ලස්සනට මේක ලියාගෙන යනවා දැකලා හරි සතුටක් ආවා. මාත් කාලයක් රට රට වල ඇවිද්දා. දැනුත් ආසා උනාට විවිධ ප්‍රශ්ණ නිසා අතපසු වෙනවා. බොහොම ආසාවෙන් කියෙව්වා මමත් ඇවිදින්න රට වල් ගැන දැනගන්න කැමති නිසාම. ඔයාට මෙය දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා කියලා සෙනෙහසින් ආසිරි පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ මට සැබවින්ම ආශීර්වාදයකි

      Delete
  8. කිඹුල් සමින් කල සපත්තු පසුම්බි බඳපටි වලට මගේ තිබුණු ඇලුම් කම මේ පොස්ට් එක කියවීමෙන් පසු බොහෝ දුරට අඩුවූ බව මට හිතෙනවා තරමක් සංවේදී පොස්ටුවක්

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT