ප්‍රවීණ මාධ්‍යෙව්දී සමන් අතාවුදහෙට්ටි විසින් රචිත දේශාටන සටහන් ඇතුළත් පොත් පෙළේ තවත් එක් පොතක් අද (18) දින මහජන චීනයේ විදෙස් භාෂා විශ්ව විද්‍යාලයේ දී දොරට වඩී. මෙම පොත සොඳුරු සැරිසර - සේද මාවත දිගේ නමින් නම් කොට ඇත. ශ්‍රී ලාංකිකයෙකුගේ පොතක් චීනයේදී දොරට වඩින ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. සමකය වටේ ලියන මා හට ද දේශාටනයේ අත් පොත කියා දුන්නේ සමන් අතාවුදහෙට්ටි මිතුරායි. අද දවසේ අප සැම ඔහුට සුබ පතමු. ඒ වෙනුවෙන් පොඩි අදහසක් comentuwak ලෙස දමන ලෙස ඉල්ලා සිටිමි.
ඔබ මැරෙන දිනය හරියටම කියන ‘මාර’ ඔරලෝසුවක්!
13 hours ago
සමන් අතාවුදහෙට්ටි කියන්නේ ඉතා දක්ෂ මාධ්‍යවේදියෙක්. ඉතා දක්ෂ හඬ නළුවෙක්. කුණු පක්ෂ දේශපාලනය බදාගන්නෙ නැතිව ස්වාධීන මාධ්‍යවේදියෙක් හැටියට හිටියානම් අද මේ මිනිහා ඉතාම උසස් තැනක වැජඹෙනවා. 2003 වර්ෂයේදී වැලිඔය ශ්‍රීපුර රජමහා විහාරයේ පැවති ආගමික උත්සවයකට එවකට අගමැති රනිල් විච්ක්රමසිංග ගේ මාධ්‍ය උපදේශක හැටියට පැමිණි වෙලාවේ මේ මිනිහට මම ඒ ටික මූණටම කිව්වා. නමුත් පිළිගත්තේ නැහැ. කරුමය පඩිසන් දීම නිසා මේ දක්ෂයාගේ අනාගතය අඳුරු වෙනවා.
ReplyDeleteඅපි දේශපාලනය බල්ලට දමමු.මනුස්නකම හැකියාව විතරක් අරගනිමු.සමන් කියන්නේ වටින මනුස්සයෙක් හිත හොඳ මහත්මයෙක්. දේශපාලනය එයාගේ රස්සාව.
Deleteසමන් ආතාවුදහෙට්ටි මම දන්නෙ ලන්දේසි දූපතේ ජිල්ජෝනා (වැන්දබෝනාගෙ යාලුවා) චරිතයෙන්. නියම දක්ෂයෙක්. දේශපාලනය ගැන මම දන්නෙ නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
සමන් අතාවුදහෙට්ටිගේ දේශපාලනය පසෙකින් තබමු. ඔහුගේ කුසලතාවය විශිෂ්ඨයි. කෙසේ නමුත් පනාපුත්‍ර කුහුඹුපැණියා අද පත්ව තිබෙන දේශපාලන ඉත්තෙකුගේ තත්වයට ඔහු පත් නොසිටි බව මෙන්ම ඉදිරියේදී පත් නොවෙනු ඇතැයි කියලා හිතනවා....
ReplyDeleteඔව් සමන් අංශ රැසකටම දක්ෂයෙක්.ලේඛකයෙක්,නිවේදකයෙක්,ගීත රචකයෙක්,හඬනළුවෙක් වගේම කවුරුවත් දන්නේ නෑ ඔහු දක්ෂ සංගීතඥයෙක්ද වෙනවා.
ReplyDeleteසමන් අයියා ගැන මට තියෙන්නෙ ඉතාම සොඳුරු මතකයක්. කවදාවත් දැකල කතා කරල නැති උනාට මම අනුලාවෙ ඉගෙන ගන්නා කාලෙ මම කනිටු සරසවියට ලියාපු පුංචි පුංචි නිසදැස් පේලි නිරංජලා අක්කත් එක්ක බොහෝම ලස්සනට කියෙව්වෙ සමන් අයියයි. පහුකාලයක අපි රටේ නොහිටපු ටිකට ඔහු හැම අතින්ම ඉතාම දක්ෂයෙක් වෙලා තිබුන කියල දැන ගත්තෙ මාධයයෙන්. ඔහුගේ ඉදිරි ගමනට මෙහෙම වත් මට සුබ පතන්නට ලැබුන එක මම ලබාපු භාග්‍යක්. සුබ පැතුම්!
ReplyDeleteඔබේ මේ විස්තරය මා වෙත ලැබෙන විට සමන් ගේ පොත දොරට වැඩීමේ උත්සවයේ විස්තර ලැබුණා පමණයි. එවා බලන්න
Deleteබොහොම ස්තූතියි!
Deleteමම හදවතින්ම සතුටු උනා අද ඔහුගෙ පොත දැකලා.