![]() |
හෙට දින මරණයට කැප වී |
දහවල් 12 ට පමණ පතායා වෙරළ තීරය ඔස්සේ ඇවිද යන විදෙස් සංචාරකයන්ට මේ කුරුම්බා ගෙඩිය දිව ඔසුවකි.
බටහිර රටවලින් පැමිණි සුද්දන්ට නම් පතායා වෙරළේ අව්ව තැපීම විනෝදාංශයකි. බැලූ බැලූ අත වෙරළේ අඩ ඇඳුමෙන් සැරසී සිටින සුදු ජාතික සංචාරකයෝ පවුල් පිටින් අව්ව තපිති.
නමුත් සමකය ආශි‍්‍රත රටවලින් මෙහි පැමිණි අප වැනි සංචාරකයින්ට නම් පතායා හි හිරු රශ්මිය මහත් හිසරදයකි. වෙහෙසකි.
ශ්‍රී ලාංකීය හා ඉන්දියානු සංචාරකයෝ බොහෝ පිරිස් අව් කණ්ණාඩි සහ හිස් වැසුම් පැළඳ හිරු රැසින් වැළකී වෙරළේ ඔබ මොබ යති.අපගේ සංචාරක මඟපෙන්වනිය වූ සුපාවන් පිහිමොන්පුන් නම් පතායා හි සැඩ හිරු එතරම් මායිම් නොකරයි. ඇය ඉතා ආචාර්යශීලී, චතුර කථිකත්වයකින් හෙබි රූමතියකි. අපට ඇයගේ නම කියා ඇමතීමට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදුවූයෙන් ඇය සිනාමුසුව අපට කැමති නමකින් ආමන්ත්‍රණය කරන්නැයි කීය.
![]() |
මිලියන් ඉයර්ස් ගල් උද්‍යානය |
සරා ඉන්පසුව අපව කැඳවාගෙන ගියේ පතායා වෙරළේ සිට කිලෝමීටර් 7 ක් පමණ දුරකින් පිහිටි වසර මිලියනයක් පමණ පැරැණි ගල් උද්‍යානයක් සහ කිඹුලන් අභිජනන මධ්‍යස්ථානයකට ය. එම උද්‍යානයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළට වූ අපට දැනුණේ ගතට සිසිලකි. පතායා නගරය මෙන් නොව ගහකොළ මලින් බරව ඇත. දිය සීරාව දෙපතුල සිප ගනී. උද්‍යානයේ විසල් තුරු ලතාවන් සැඩ හිරු සඟවාගෙනය.එකළ තායිලන්තයේ අලංකාර ස්වභාවික පරිසරය සහ වටිනා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට වෙහෙස වී ක්‍රියා කළ කුන් සුආන් නමැති ව්‍යාපාරිකයකු විසින් වසර මිලියනයක් පමණ පැරණි මේ ගල් උද්‍යානය සංරක්ෂණය කර කිඹුල් අභිජනන මධ්‍යස්ථානයක් ද ඊට යාබදව ඇති කළේය. ස්වභාව ධර්මයේ අශ්චර්යයෙන් ඉබේ ඇතිවූ දුර්ලබ හා අපූර්වත්වයෙන් හෙබි මේ ගල් ආකෘති ඔහු විසින් එක්රැස් කර ඊට වටිනාකමක් ලබා දුන්නේය. අද මෙලෙස මේ උද්‍යානය පවත්වාගෙන යාමට කුන් සුආන් වසර 30 ක කාලයක් වෙහෙස මහන්සි වී ඇත.
![]() |
ඉපැරණි ශෛලමය නිර්මාණ |
උද්‍යානය මෙලෙස කුන් සුආන් විසින් සැලසුම් කර ඇත්තේ ඔහුගේ පරිකල්පනය සහ ජීවිතයේ ලද අත්දැකීම් මත බව එහි තිබූ සුවිසල් ගල් පුවරුවේ සඳහන්ව ඇත. මේ ගල් ආකෘති තුළින් මිනිස් ජීවිතයේ යම් යම් අවධීන් නිරූපණ කිරීමට ස්වභාවධර්මයේ මැවුම්කරු සමත් වී ඇති බව එහි ගිය අපට දැකගන්නට ලැබුණි.
එම අසිරිමත් වූ ගල් ආකෘති දැකීමට තරම් වාසනාවන්ත වූ අප ඉන්පසු ගියේ ත්‍රාසජනක භීතිය ගෙන දෙන කිඹුල් සංදර්ශනයක් නැරඹීමටය.
![]() |
කිඹුල් තවාන |
අය කරනු ලැබේ. මෙහිදී සංදර්ශනකරු විසින් කිඹුලාගේ කට ඇර ඔළුව සහ අතපය ඒ තුළට දමා එළියට ගනී. කිඹුලන්ගේ ඇඟ උඩ නැඟ ස්පර්ශ කරමින් වැතිර සිටී. තවකෙකු කුඹුලන්ට කිචි කවා කිඹුලන් කුලප්පු කරයි. තවද එහි ඇති භයානකම ක්‍රියාව වන්නේ මස් කැබැල්ලක් අතින් ගෙන කිඹුලාගේ කට ඇර එය උදරය
![]() |
මරුවා සමඟ වාසේ |

![]() |
මරණය එනතුරු කෙළිදෙලෙන් |
![]() |
රසවත් අහරක් |
ඊට යාබදව ඇති කිඹුල් අභිජනන මධ්‍යස්ථානයේ කුඩා කිඹුල් පැටවුන් කෙළිදෙලෙන් ගතකරන අයුරු ද දැකගත හැකිය. දෛවය එහෙම තමයි මිතුරනේ.
ස්තූතිය
මදූෂ වරුසවිතාන මහතාට
නලින් දිල්රුක්ෂ සමඟ ආසිරි මල්ලවආරච්චි
තායිලන්ත සංචාරයකින් පසු...
නියම විස්තර ටිකක්....
ReplyDeleteඔබගේ දිරිමත් කිරීම මට ශක්තියක්. මගේ මිලඟ සංචාරය වියට්නාම් මං හිතනයා හොඳ ලිපි ටිකක් ලියන්න හැකිවෙයි
Deleteඔබේ අඩවියෙන් ලියවෙන පොස්ටු ඇත්තමයි මිනිස්සුන්ට වටිනවා..ස්තුතියි!
ReplyDeleteහිතාදර මල්ලී ඔබේ අදහස් මට රටක් වටිනවා.
Deleteඔහොම කිඹුල් අභිජනන මධ්‍යස්ථානයක් මුතුරාජවෙල ආශ්‍රිතව ඉදිකිරීමේ උත්සාහයක් පවතිනවා. පරිසරයට ගහකොළට සතාසීපාවට ආදරේ කරන කවුරුවත් ඔයවගේ තිරිසන් වැඩ වලට කැමති නෑ මම හිතන්නේ. ඔයා මට දාපු කොමෙන්ට් එක දිගේ තමයි මේ බ්ලොග් එකට ආවේ. මේ වගේ මාතෘකා ගැන ලියවෙන බ්ලොග් වලට මම හරි කැමතියි. ඔබ දකින දේවල් බොහොම සුන්දරව අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඔය යන රට රාජ්ජ වල සොබා සෞන්දර්යය ගැනත් තව ටිකක් වැඩිපුර ලියන්න. ඔන්න මම මේ බ්ලොග් එක ෆලෝ කළා. දිගටම මේ වගේ ලියන්න සුබපතනවා. ජයවේවා!
ReplyDeleteඔබේ සටහන මට යෝධ ශක්තියක්
Deleteනලීන්,
ReplyDeleteමගෙ සිංහල සයිට් එකේ කමෙන්ට් එක හරහා ආවෙ!
එතකොට මේ කිඹුලො හදන්න්නෙ හමටයි මසටයි නම් අපේ කුකුල් ෆාම් වගෙ තමයි නේ? එතකොට මසට හදන සත්තුමද අච්චර හීලෑ වෙලා ඉන්නෙ?
ඒවාගෙම අර ෆලෝවර්ස් ලිස්ට් එකේ ඉන්න ගාමිණී සුලෝහිතයෙක්. දන්නවත් ඇති සමහරවිට.
නලීන්, හිරුහිමාවී මල්ලියෙක් නෙවෙයි, නංගියෙක්. :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මසට තමයි හදන්නේ. ඒත් ඒ සත්තු වැඩෙනකම් සංචාරකයන්ට පෙන්නලා හම්බකරනවා කොහොමද වැඩේ.
Deleteඒ වගේම හිරු හිමාවී නංගියෝ මට සමාවෙන්න මට වැරදුනා.
අපේ රටේ කුකුල් ෆාම් වගේ අනික් රටවල බලු ෆාම්, බළල් ෆාම් පවා තිබෙන බව අහලා තියෙනවා. ඔබ නම් සමහර විට ඒවා දැකලාත් ඇති
ReplyDeleteතාම එහෙම තැනකට ගිහින් නෑ.
ReplyDeleteපුතා , ඔයා මගෙ බ්ලොග් එකේ කරපු කමෙන්ටුව දැකලා තමයි මේකට ආවේ. හරිම ලස්සනට මේක ලියාගෙන යනවා දැකලා හරි සතුටක් ආවා. මාත් කාලයක් රට රට වල ඇවිද්දා. දැනුත් ආසා උනාට විවිධ ප්‍රශ්ණ නිසා අතපසු වෙනවා. බොහොම ආසාවෙන් කියෙව්වා මමත් ඇවිදින්න රට වල් ගැන දැනගන්න කැමති නිසාම. ඔයාට මෙය දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා කියලා සෙනෙහසින් ආසිරි පතනවා.
ReplyDeleteඔබ මට සැබවින්ම ආශීර්වාදයකි
Deleteකිඹුල් සමින් කල සපත්තු පසුම්බි බඳපටි වලට මගේ තිබුණු ඇලුම් කම මේ පොස්ට් එක කියවීමෙන් පසු බොහෝ දුරට අඩුවූ බව මට හිතෙනවා තරමක් සංවේදී පොස්ටුවක්
ReplyDelete